තරු වළල්ල

වැහි දෙවියන් අමතකද ?

ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැලකෙන්නේ ඇසළ පෙරහරයි. ඇසළ පෙරහර නරඹන බොහෝ දෙනකුට එය තවත් එක් උත්සවයක් පමණි. එහි ඇති හරයන් හෝ සංස්කෘතිකමය වටිනාකම් පිළිබඳ කිසිදු හැඟීමක් හෝ බහුතරයකට නැත. එය පෙරහර බලන ජනී ජනයාගේ වරදකුදු නොවෙයි. වර්තමානය වන විට පෙරහර දිගින් දිගට කරගෙන යනු විනා පෙරහර කරවන්නෝ ද එහි කරුණු කාරණා නොදන්නවා විය හැකි ය.

කළිඟු දේශයට එල්ල වූ සතුරු ආක‍්‍රමණයෙන් දළදාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කලිඟු රජු තම ¥ කුමරිය වූ හේමමාලා හා බෑණා වූ දන්ත කුමරු අත දන්ත ධාතුව ලක්දිවට එවී ය. ඒ කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජු සමයේ දී ය.

(ක‍්‍රි.ව. 301-325* දන්ත ධාතූන් වහන්සේ බැති සිතින් පිළිගන්නා මේඝවර්ණ රජු අනුරාධපුරයේ මේඝගිරි විහාරයේ දේවානම් පියතිස්ස රජු විසින් ඉදි කර තිබූ ධම්ම චක්ක නම් ගෘහයේ පළිඟුමිණි කර`ඩුවක බහා නැන්පත් කර පුද පූජා සිදු කළේ ය. අපමණ පුද පූජා මෙන් ම දන්ත ධාතූන් වහන්සේ උදෙසා පෙරහර ද සිදු කළේ ය. දන්ත ධාතුව උදෙසා පෙරහරක් අරඹන්නට නම් ඒ වන විටත් ලංකාව තුළ පෙරහර පැවැත්වීමේ යම් ක‍්‍රමවේදයක් පැවැත ඇති බව තහවුරු වෙයි. සුර අසුර යුද්ධයෙන් පසු ඇසළ මාසයේ ‘අෂඞ්’ නම් උත්සවයක් ද දිගින් දිගට සිදු කර ඇත.

දළදා වහන්සේ පිදීම උදෙසා පැවැත් වූ පෙරහර ආගමික පෙරහරක් වූ අතර එහි සංස්කෘතික අංගයන්පැ වැත නැත. වර්තමානයේ පැවැත්වෙන ඇසළ පෙරහරට පදනම වැටෙන්නේ ගජබා රජු සමයෙනි.

(කි‍්‍ර.ව. 174-196* නීල මහා යෝධයා ප‍්‍රමුඛ ගජබා රජුගේ හමුදාව සෝලි දේශයට ගොස් සිදු කළ වික‍්‍රමයන් සිහි කරලීමටත්, සෝලි දේශයෙන් රැගෙන ආ ‘පත්තිනි දේවියගේ සළඹ පිදීම’ උදෙසාත් ඇසළ මාසයේ උත්සව පවත්වා ඇත. එකල ඇසළ උත්සවය පැවැත්වූයේ ඇසළ මාසයේ දීය. වර්තමානයේ දී මෙය පැවැත්වෙන්නේ නිකිනි මාසයේ දී ය. කල් යත්ම මෙම සංස්කෘතික උළෙලත් දළදා පිදීමේ චාරිත‍්‍රත් දෙක එකට එකතු කොට පැවැත්වීමට කටයුතු සැකැසුණි. එහි දී පෙරහරට එක් වූ අංගයන් සියල්ල හරහා ගම්‍ය වූයේ රජු යන තනතුරින් ජනයා අපේක්ෂා කළ කාර්යයේ සාර්ථකත්වයන් පවත්වාගෙන යෑමේ උපක‍්‍රම ය මෙම කියමන සරල කර ගත යුතු ව ඇත.

‘රජු’ යන පදවිය ඇති වූයේ ‘වස්සකාර’ කියන පදවියෙන් බව ලෝක වියතුන්ගේ අදහසයි. ‘වස්සකාර’ යනු ‘කලට වැසි ලබා දෙන්නා’ යන්නයි. පැරැණි රාජ්‍යවල රජුගේ ප‍්‍රධාන කාර්යය වූයේ වැසි ලබාදීමයි. පැරැුණි රජවරු සතුව තිබූ බලගතු දුනු, මුතු කුඩ, තාණ්ඩ ව බෙර, අලි ඇතුන් වැසි ලබාදීම සඳහා විවිධාකාර අයුරින් භාවිත කළ දේවල් විය.

ලංකාවේ රජවරුන් සතු ව පැවැති වැසි වැස්සවිය හැකි වස්තුව වූයේ දළදාවයි. දළදා පෙරහරේ ආරම්භය සිදුවනුයේ චාරිත‍්‍රානුකූල ව සිදුකෙරෙන කප්සි ටුවීමෙනි. ‘කප’ යනු කණුවයි. යටිය නැතහොත් යෂ්ටිය යන වචනෙන් ද මෙය විග‍්‍රහ කළ හැකි ය. පෙරහර ආරම්භක සමයේ දී පෙරහරේ ප‍්‍රධාන අංගයක්බ වට පත් ව ඇත්තේ ඇතා පිට මෙම ‘කප’ ගෙනයෑමයි. නමුත් වර්තමානයේ කප සිටවයි. එයටත් හේතු වූ පුරාණ සිදුවීමක් පවතී. ඉන්දියාවේ ‘වසු’ නම් රජු රාජ්‍යය හැරදා තපස් රැකීමට ගිය විට ඉන්ද්‍ර දෙවියන් පැමිණ තපස අතහැර රාජ්‍යය කරන්නේ නම් අහසින් යා හැකි විමානයකුත් නොමැලවෙන මල් මාලාවක්හා යෂ්ටියක් ලබාදීමට පොරොන්දු වෙයි. රජු යළි රාජ්‍යය බාර ගනී. දෙවියන්රට සරුසාර කර නිසිකලට වැසි වස්සවයි. රජු දෙවියන් ගැන පැහැදී ‘යෂ්ටිය’ පොළොවේ සිටවා මලින් සරසා ඒ වටා නටමින් උත්සව පවත්වයි. ‘ඉන්ද්‍ර’ නැතහොත් වැස්සට අධිපති දෙවියන් උදෙසා ‘යෂ්ටි ප‍්‍රවේෂය’ නම් උත්සවය කපක් සිටවා (කප (යෂ්ටිය* මඟින් ඉන්ද්‍ර දෙවියන් හඟවයි* අද ද ඉන්දියාවේ පවත්වයි.

ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් සතර මහා දේවාලයට අයත් පිරිස සමඟ නැකැත් මොහොට්ටාල ආවරණය කළ ඵල නොදරනා පුරුෂ කොස්ගසක් අසලට ගොස් පුජා පවත්වා ඒ ගසින් අත්තක් කපයි. ඉන් කොටස් හතරක් වෙන් කර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයට ලබා දෙයි. පසුදා පෙරහරින් පැමිණ දේවාල භූමියේ ‘කප’ සිටුවයි. දළදා මාලිගයේ කප් සිටුවීමක් සිදු නොවෙයි.

කප් සිටුවීමෙන් පසු කප වටා දින පහක් පෙරහරවල් පැවැත්වෙයි. දේව ආභරණ මෙම පෙරහරේ රැුගෙන යයි. මේවා සිදු කෙරෙන්නේ දේවාල භූමි තුළ පමණකි. යෂ්ටි ප‍්‍රවේශ උත්සවයේ යෂ්ටිය වටා නැටීම හා පුද පූජා හා කප සිටුවා ඒ වටා පෙරහර ම වෙයි. ඉන් පසු ව කුඹල් පෙරහර ඇරැුඹෙයි. කුඹල් පෙරහර යනු දේව ආභරණ දේවාලවලින් පිටත නගරයට රැුගෙන ඒමයි. දින පහක් දේව ආභරණ විථි පූජා සංචාරය කරවයි. කුඹල් පෙරහර යනුවෙන් මෙය හඳුන්වන්නේ වළං කඳක් ගත් අයෙක් පෙරහරේ ගමන් කිරීම නිසා යැයි වර්තමානයේ අදහසකි. එයට ගැලපෙන ලෙස පෙරහරේ මුලින් ම කද කාරයකු ද ගමන් කරයි.

‘කුඹ’ යනු කප යන්නට සමාන පදයකි. ‘අළේ’ යනු ගෙනගිය යන අර්ථයයි. කුඹඅළ = කුඹළ කප නැතහොත් කුඹය ගෙන ගිය පෙරහර කුඹල් පෙරහරයි. වර්තමානයේ පෙරහරේ ‘කප’ ගෙන නොයති. ඒ වෙනුවට කුඹල්කරුවකු පෙරහරේ ගෙන යයි. පැරැුණි යුගවල පෙරහරේ කප ගෙන ගිය බව සඳහන් වෙයි.

කුඹල් පෙරහර අවසන් වීමත් සමඟ ම රන්දෝලි පෙරහර ඇරැුඹෙයි. ‘රන්දෝලි’ පෙරහර යනු සතර මහ දේවාලයේ දේව ආභරණ සහිත පෙරහර සතරත් දළදා මාලිගයේ දළදාව සංකේතවත් කරමින් කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද ධාතූන් වහන්සේලා දෙතිස් නමක් තැන්පත් කළ කර`ඩුවත් සහිත අලි ඇතුන්ගෙන් සහ තූර්ය වාදනයන්, ආලෝක, කස සහිත ඉතා අලංකාරවත් වූ පෙරහරකි. එය වීදි සංචාරය කරවයි.

අප පෙර පැවසූ රජුගෙන් මිනිසුන් බලාපොරොත්තු වන වර්ෂාව ලබා දෙන්නාගේ කාර්යය ඉටුකරවා ගැනීමේ සංකල්පය මෙම පෙරහර තුළින් ඉස්මතු වෙයි. ඈත අතීතයේ සිට ම වැස්ස ගෙනෙන්නේ වළාකුළු මඟින් බව පැරැන්නෝ දැන සිටියහ. වැස්ස ලබා ගැනීම උදෙසා අහසේ වර්ෂාව වෙනුවෙන් සිදුවන විපර්යාසය පොළොව තුළ අනුකරණය කිරීම සිදු විය. පෙරහර යනු එයයි.
ඇතා යනු ‘වැහි වළාකුලේ’ සංකේතයක් ලෙස ඈත අතීතයේ සිට සලකනු ලැබීය. ඈත අතීතයේ දී රන්දෝලි පෙරහරට අලි ඇතුන් ඉතා විශාල ප‍්‍රමාණයක් උපයෝගී කරගෙන ඇත්තේ දිගින් දිගට පැමිණෙන වැහි වළාකුළු නිරූපණය කිරීම සඳහායි.

‘කස හ`ඩ’ අහසේ ගිගුරුමයි. පන්දම් එළි විදුලියයි. කප, වර්ෂාව දේව සංකල්පයයි. දිය කැපීම යනු ඉන්ද්‍ර දෙවියන් වෘත නාගරාජයා විනාශ කර ජලයේ ගලා යෑමට පැවැති බාධා විනාශ කිරීමයි. කතරගම දෙවිඳුගේ මොනරා මඟින්ද නිරූපණය වන්නේ වර්ෂාවයි. අත ඇති වේලායුධයෙන් අග්නිය නිරූපණය වෙයි. මුහුණු සයෙන් ඍතු හය පෙන්වයි.

අත් දොළොසෙන් මාස දොළහ නිරූපණය වෙයි. මේ සියල්ල හරහා ගොවිතැනට අවශ්‍ය වර්ෂාව, ගින්දර වැනි දෑ නිරූපණය වෙයි. ඇසළ පෙරහර පැවැත්වීමෙන් පසු වර්ෂාව ලැබෙන බවට අතීතයේ සිට ම පැවැත එන මතයට හේතු වී ඇත්තේ ද මෙයයි.

එකල රන්දෝලි පෙරහරේ දළදා වහන්සේ වැඩම වූ නමුත් වර්තමානයේ එහි අනුරුව පමණක් රැුගෙන යති. වර්තමාන පෙරහරේ මුලින් ම ආරක්ෂක රථයක් ගමන් කරන අතර ඉන්පසු පිළිවෙළින් කසකරුවන්, කොප්පරා කරත්ත, ගිනිබෝල කරකවන්නෝ, බෞද්ධ කොඩි ගෙනයන්නෝ, දිසා කොඩි ගෙනයන්නෝ, කඩු ගෙනයන්නෝ පෙරමුණේ රාළ, හේවිසිකරුවෝ, ගජනායක නිලමේ, පන්තේරුකරුවෝ, බෞද්ධ කොඩි සහිත අලියා, නයියන්ඩි කණ්ඩායම, සේසත් රැගත් අලි, ළී කෙළි, රබන් කණ්ඩායම, උඩැක්කිකරුවෝ, සවරංකරුවෝ, මුතුකුඩ පලස් සහිත අලි, වෙස් පන්තේරු, කාරියකරවන කෝරාළ, නාගසිංහම්,දෑලේ ඇතුන් සහිත කර`ඩුව වැඩමවන ඇතා, කවිකාර මඩුව, වෙස් පන්තේරු, දියවඩන නිලමේ, මුරායුධකරුවන්, ගම් දහයේ විදානේවරු, සතර දේවාලවල පෙරහර, සතර මහා දේවාලවල දේවාභරණ රැුගත් රන්දෝලි පිළිවෙළින් පෙරහරේ ගමන් කරයි. රන්දෝලි පෙරහර යන නම ලැබී ඇත්තේ ද පෙරහර අවසානයේ ගෙන යන රන්දෝලි හේතුවෙනි.

රන්දෝලි පෙරහරෙන් පසු දියකැපීම සිදු වන අතර මේ සඳහා සතර මහා දේවාලයේ පෙරහර ගැටඹේ මහවැලි ගංතෙරට පැමිණෙයි. දළදා මාලිගයේ පෙරහර මෙයට සහභාගි නොවෙයි. දිය කැපීම යනු දෙවියන් හා ජලය මුල්කරගත් සංකල්පයකි. සතර දේවාලයේ කපු මහතුන් ආවරණය කළ ඔරුවක නැඟී ගඟ මැදට ගොස් රන් කඩුවකින් දිය වටයක් අදියි. ඉන්පසු පෙර වසරේ ගෙන ගිය ජලය ඉවත් කර රන් කඩුවකින් දිය කපා කෙණ්ඩියට ජලය පුරවා ගනියි. ඉන්පසු කප් කණු සතර ජලයේ පා කර හරියි.

දිය කැපීමට මුල් වන්නේ ද වැස්සට අධිපති ඉන්ද්‍ර දෙවියන් පිළිබඳ සංකල්පයකි. ඉන්ද්‍ර ව හඳුන්වනුයේ ‘වෘත ඝාතකයා’ යනුවෙනි. වෘත යනු අහසින් වැටෙන දිය ගලා යා නොදී හරස් කරගෙන සිටි මහා නාගයෙකි. රන් කඩුවෙන් දිය කැපීම හරහා සංකේතවත් කරනුයේ ගංගාවල ජලය නිදහසේ ගලා යෑමට පවතින බාධා කපා ඉවත් කිරීමයි.

දිය කැපීමෙන් පසු දහවල් පෙරහර ඇරැුඹෙන අතර සතර මහා දේවාල පෙරහර සමඟ දළදා මාලිගාවේ පෙරහර එක් වී මාලිගා චතුරශ‍්‍රය වටා වට තුනක් ගමන් කර යළි ඒ ඒ පෙරහර දේවාල හා මාලිගාව වෙත ගමන් කිරීමෙන් මහා සංස්කෘතික මංගල්‍යය අවසන් වෙයි. අවසන් අවස්ථාව වනුයේ සාම්ප‍්‍රදායානුකූලව දියවඩන නිලමේ ප‍්‍රමුඛ දේවාලවල නිලමේවරු කුඩා පෙරහරකින් පැමිණ රාජ්‍ය නායකයා බැහැ දැක පෙරහර සාර්ථක ව පැවැත් වූ බවට දැනුම් දීමයි.

ඉන්පසු මහනුවර විෂ්ණු දේවාලයේ පුරා දින හතක් ‘වලියක් මංගල්‍යය’ නම් දේව පූජාවක් පවත්වා පෙරහරට සහභාගි වූ මිනිසුන් සහ අලි ඇතුන්ට සෙත්පැතීම සිදුකරති. ඇසළ පෙරහර යනු වර්ෂාව ලබා ගැනීම උදෙසා දෙවියන් පිදීමත් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් වූ ශ‍්‍රී දළදාව උදෙසා පැවැත්වූ පුද පූජාත් එකට එක් වූ කලා මංගල්‍යයක් ලෙස දක්වාලිය හැකි ය.

පසු සටහන

සොබා දහම වන්දනා කිරීම යනු ගස් ගල් වැදීමම නොවන බව තෝරුම් ගත යුතු කරුණකි. සොබා දහම තේරුම් ගත් යුගයක ඇරඹි මෙම මුල් වැහිදෙවියන් පිදීම පසු කාලයේ වෙනස් වුවද මෙහි ගැඹුරු හරයක් පවතින බව තේරුම් ගත යුතු කරුණකි.
මෙහි තවත් කිවයුතු දෙයක් ඇත. පැරණි වැහි දෙවියන් පිදුමෙන් පසු වැව් බැදි රාජ්‍යයට වැසි වැටුණි. අර්ථය තේරුම් ගන්නේ නම් ලංකාවට නිසි කලට වැසි වසිණු ඇත.

දීක්ෂා ගුරු
වෛදීක ජ්‍යොතිෂවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close