තරු වළල්ල

දසිස් රාවණගේ දස විදු ශාන්තිය

විශ්වයේ සකලවිධ ශක්තීන් දසමහා විද්‍යාවන් තුළට ඒකරාශීකොට දැක්වීමට හෙළයෝ සමත් වූහ. මෙම දසමහා විද්‍යාවන් හරහා උපරිම ලෙස වැඩගත් හෙළ නිරිඳු ලෙස සැලකෙන්නේ මහා රාවණ රජුය. ඔහු ‘දසිස් රාවණ’ නම් වූයේද එබැවිනි.
තම අරමුණු ඉටුකර ගැනීමටත් භූමි, දේශ මෙන් බරපතළ රෝගාබාධවලින් මිදීමටත් තමන්ටම සිදුකර ගතහැකි ශාන්තිකර්ම හෙළ ජ්‍යොතිෂ්‍යය තුළ දැකගත හැකිය. දස විද්‍යා ශාන්තියද එවැන්නකි.
මෙම ශාන්තිකර්මයේදී කිසිදු පූජාවක් උදෙසා
දබරැුඟිල්ල භාවිත නොකළ යුතුය. පූජා භාණ්ඩ තැබීමේදී එම ඇඟිල්ල නවාගෙන අනෙක් ඇඟිලි භාවිත කරන්න.

සූර්ය සටහන

අදාළ ජන්මියාගේ කේන්ද්‍ර සටහන මේෂය මුල්කර ගනිමින් කහ (ගුරු* පැහැති රෙද්දක රතු පැහැයෙන් ඇඳගන්න.
රූප සටහන ඇත
අවශ්‍ය ද්‍රව්‍ය:

1. සුදු හඳුන් කුඩු (පූජා කුඩු*
2. සින්දූර් (රතු*
3. ළිං ජලය

ප‍්‍රථමයෙන්ම කේන්ද්‍ර සටහන මැද ‘ ඕම්’ අක්‍ෂරය යොදන්න.

සුදු හඳුන් කුඩු හා සින්දූර් ළිං ජලය ස්වල්පය බැගින් දමා වෙන වෙනම තරමක් දියකරගන්න.
කේන්ද්‍රය සටහන් කරගත් රෙද්ද පොළොවෙන් අඟල් කිහිපයක් උසින් තබා ජන්මියා ඒ අසළ වාඩිවෙන්න.
ඉන්පසු පූජාව ඇරැුඹිය හැකිය.
‘ ඕම්’ කොටුව තුළට සුදු හඳුන් තිතක් තබා ඒ මත සින්දූර් තිතක් තබන්න.
‘ ඕම්’ යනු බ‍්‍රහ්ම ශබ්දයි. විශ්වයේ ආරම්භයට පූජා පැවැත්වීම මෙමගින් සිදුවෙයි.
ඉන්පසු ග‍්‍රහයන් උදෙසා රවිගේ සිට පිළිවෙළින් ඔවුන් තැන්පත් ස්ථාන සඳහා සුදු හඳුන් හා සින්දූර් තබමින් ග‍්‍රහයාට අදාළ මන්ත‍්‍ර පැවසිය යුතුය.
සූර්යඃ චන්ද්‍රඃ කුජඃ බුධඃ ගුරුඃ
ශුකඃ ශනිඃ රාහුඃ කේතුඃ
විශ්වයේ උපරිම ශක්තිය යැයි සැලකෙන ජ්‍යෙතිෂ්‍යය ලිංගම් නැමදීම උදෙසා මේෂයේ සිට පිළිවෙළින් රාශි 12ට අදාළ මන්ත‍්‍ර පවසමින් සුදුහඳුන් හා සින්දූර් තබන්න.

මේෂ ඃ වෘෂභඃ මිථුනඃ කටකඃ සිංහඃ
කන්‍යාඃ තුලාඃ වෘශ්චිකඃ ධනුඃ මකරඃ
කුම්භ ඃ මීනඃ

ජන්මියා ආරක්‍ෂාකර ගැනීමේ කටයුතු ඉන්පසු ඇරඹෙයි.
ශිව දෙවියන්ට අදාළ ‘හ’ අකාරය මුල්කර ගනිමින් මේෂයේ සිට සුදු හඳුන් පමණක් තබන්න.

හම් හාම් හිම් හීම් හුම් හූම්
හෙම් හෙයිම් හොම් ෙහෙවුම්
හම් හඃ

ශක්ති දේවිය නැතහොත් පාර්වතිය උදෙසා ‘ස’ මුල්කර ගත් මන්ත‍්‍ර සමගින් මේෂයේ සිට සින්දූර් පමණක් තබන්න.

සම් සාම් සිම් සීම් සුම් සූම්
සෙම් ෙසෙයිම් සොම්
සම් සඃ සෟවුම්

ඉහත මන්ත‍්‍රය අවසානයේ ‘හම් සඃ’ යනුවෙන් පැවසිය යුතුය. එමගින් ශිව ශක්ති වන්දනය එකට එක කිරීමක් සිදුවෙයි.
ළිඳකින් ලබාගත් ජලය අතට ගෙන

‘අම්රිතා වර්චසේ ස්වාහඃ’

යනුවෙන් පවසා බීමට දිය යුතුය.
රෙදි කඩ අවසානයේ ගලා යන ජලයට එක්කළ යුතුයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x