රාවණ වංශිකයෝ

රාවණ දෙවියන්ගේ දේවත්වයේ නාමයෙන් මවිසින් පුද දුන් ගයාත‍්‍රී මංත‍්‍රය

යම් ශක්තියක් දේවත්වයට පත්වීමත් සමගම ගයාත‍්‍රී මන්ත‍්‍රයක් අනිවාර්යෙන්ම පැවතිය යුතුය.

ගයාත‍්‍රී මන්ත‍්‍රයක් යනු දෙවියන් හා මිනිසුන් යා කරන යතුරක් හා සම වූවක්.

එහෙත් දෙවියන් උදෙසාම ගයාත‍්‍රී මන්ත‍්‍රයක් තැනිය හැක්කේ දෙවියන් වෙතින් පූර්ණ ආශිර්වාදය ලබන සෘෂි වරයකුට පමණි.

මෑත යුගයේදී නිර්මාණය වු ගයාත‍්‍රී මන්ත‍්‍රයන් ඇත්තේ එකක් පමණි්. එය නම් භගවාන් ශ‍්‍රී සත්‍ය සායි ස්වාමි වෙනුවෙන්
නිර්මාණය වු ගයාත‍්‍රී මන්ත‍්‍රයයි.

රාවණ දෙවියන් උදෙසා ගයත‍්‍රී මන්ත‍්‍රයක් නිර්මාණය කිරීම පරපුරේ උරුමය ලෙසින් මා හට පැවරුණී.

භාවනාව තුලින් මා හට ලැබුණූ ආනුභූතීන් මතින් රාවණ දෙවියන් උදෙසා ගයත‍්‍රි මන්ත‍්‍රයක් නිර්මාණය කිරීමට හැකියාව
ලැබුණි.

රාවණ දේවත්වයේ නාමයෙන් මවිසින් පුද දුන් ගයාත‍්‍රී මංත‍්‍රය මෙයයි.

ඕම් දසිස් රාවණාය විද්මහේ
ලංකේෂ්වරාය ධීමහී
තන්නෝ විර: ප‍්‍රචෝදයාත්

ගයාත‍්‍රී මංත‍්‍රය තුළ ඇති එක් එක් වචනයක් තුළට ගැබ් වු මහා අර්ථයක් වෙයි. එය පැහැදිලි කර දීම වඩා උචිතය.

ඕම් දසිස් – හිස් දහයක් ඇත්තා නැතහොත් ශිල්පයන් දහයක් හී කෙළ පැමිණි යන අරුතයි.

රාවණ මහ රජු දස මහා විද්‍යාවන්හි නිපුණත්වයට පත් වු අයෙකි .වෛදික යුගයේදී සියළු විද්‍යාවන් නැතහොත් විශ්ව
නිර්මාණය දේවතාවියන් දහයකින් සිදු වු බවත් පිලිගැනේ. දස මහා විද්‍යාවන්හි නිපුණත්වයට පත් වීම යනු මේ දේවතාවියන්ගේ
ආශිර්වදය ලැබීමයි. එසේ ආශිර්වාද ලබන්නා විශ්වයේ ඇති සෑම විෂයක් තුළින්ම නිපුණ වෙයි.

රාවණ – සූර්්‍ය වංශයට අයත් වු යන අර්ථයයි.

මනු රජ පරපුරෙන් පැවත එන හෙළ රාජවංශය හෙළ පොළව වු කලී සුර්්‍යයාගේ භූමියයි. යැයි විස්වාස කළෝය. මේ
හේතුවෙන් හෙළ පොළවේ සැබෑ පාලකයා සුර්්‍ය වාංශිකයෙක් ලෙස පිලිගත්තේය.

විද්මහේ – භක්ති පුර්වකව මා වන්දනා කරමි යන්නයි

ලංකේශ්වර – ලංකාපුරයේ නිරු`දුන් මෙන්ම අසහාය පාලකයා යන අර්ථයයි.

දීමහී – මනස එක‍්‍රාග කිරීමත් මනසේ පවතින අදුරු ශක්තීන් බිද දමා මනසේ ශක්තිය වර්ධනය කර දෙන ලෙස කරන ඉල්ලීම

තන්නෝ – මා බුද්ධිමත්ව ඔබව මාගේ පරමාදර්ශය බවට පත්කර ගනිමි.

වීර – යගු කෞරාන මන්ඨක නැතහොත් සියල්ල සම්පූර්ණ කල යකුගේ රාජ්‍යත්වය තුලම ඇත්තේ වීරත්වයයි.
එම වීරත්වය මා වන්දනා කරමි.

ශිව දේවියන්ගේ වාස භවන සෙලවීමේ සිට තම නහර වලින් බ‍්‍රහ්ම දෙවියන්ට විණා තනා අමරණියත්වය වර ලැබීම
මෙන්ම තුන් ලොවම නතු කර ගැනීම තුලම ඇත්තේ වීරත්වයයි. එබැවින් රාවණ දෙවියන් පිදීමට සුදුසුම පදයද මෙයයි.

ප‍්‍රචෝදයාත් – මෙවන් උත්තරීතර වු දෙවියන්ට මම ගෞරව පුර්වකව වන්දනා කරමි.

රාවණ දෙවියන් උදෙසා ගයත‍්‍රී මන්ත‍්‍රයෙන් නිර්මාණය කරන්නට මාගේ මනසට දුන් සංකේතයන් මේවා විය. ඒ සියල්ල
මා එක්තැන් කලේය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close