රාවණ වංශිකයෝ

රාවණ පිළිම ගැන කියනා ගජබින්න?

ලෝකයේ ඉපැරැුණිම රාවණ පිළිමය ලෙසින් දැනට සැලකෙන්නේ 1818දී සුදු පාලක ඩොයිලි විසින් මරගලකන්දේ පිහිටි රහස් රාවණ දෙවොලෙන් පැහැරගෙන ගිය පිළිමයයි. අද එය එංගලන්තයේ කෞතුකාගාරයක තැන්පත්ව ඇත්තේ ඉන්දියාවෙන් ලැබුණු වීර රාවණ ප‍්‍රතිමාවක් ලෙසිනි. මෙම පිළිමය ලොව පළමු ත‍්‍රිමාණ පිළිමය ලෙසින් පිළිගනියි.
කෙසේ වෙතත් පසුගිය සතියේදී ලංකාවෙන් පළමුවරට සොයාගත් රාවණ පිළිමයක් පිළිබඳ කතාවක් ලාංකේය සමාජය පුරා වේගයෙන් පැතිර ගියේය. මෙය සත්‍යයක්ද? මෙසේ හමුවූ පිළිමය සොයාගනු ලැබුවේ කොතැනින්ද? මෙය ඉහත කී පුවත වාර්තා කර තිබූ ලෙසම මෙරටදී සොයාගත් බව කියන රාවණ පිළිමය අවුරුදු 500ක් තරම් ඉපැරැුණි එකක් නම් එය තවමත් පුරාවිද්‍යා බලධාරින්ගේ භාරයට නොගන්නේ
ඇයි? මන්ද එවැන්නක් පෞද්ගලිකව ළඟ තබා ගැනීම පුරාවිද්‍යා පනත පවා උල්ලංඝනය කරන්නක් වන නිසාය. අනෙක් අතට මේ ආකාරයෙන් පිළිමයක් සොයාගනු ලැබුවා නම් එය ප‍්‍රවෘත්තියේ සඳහන් වන කුමන හෝ දේවාලයකට ගෙන ගොස් තැන්පත් කළ හැකිද නොවේ. මන්ද එයම පවා නැවතත් මෙරට නීතිය උල්ලංඝනය කරවූවක් වන නිසාය. එපමණක් නොව සැලකිය යුතු කාලයක පටන් කුමන හෝ ගජබින්නයක් මිනිසුන් අතරට යවා ජනප‍්‍රිය කරවීමේ ප‍්‍රවණතාවක්ද සමහර මාධ්‍ය වෙතින් දිස්වෙමින් පවතී. එහෙයින් පළමුව මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අපි තීරණය කළෙමු.
මේ සොයාගත්තා යැයි කියන එහෙත් පින්තූර මිස විද්‍යාත්මකව ඔප්පු නොකරන
ලද තවමත් සොයාගත් ස්ථානයේ නම, ගම, ලිපින සඟවා මනඃකල්පිත මේ ප‍්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව හා තහවුරු කරගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය මූලිකම තොරතුරු ගවේෂණය කොට ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළෙමු.

ඉන්දියානුවන් දුටු රාවණ රජු

වාල්මිකී විසින් රචිත ඉන්දියානු රාමායනයේ සඳහන් වන ආකාරයට රාවණ රජු හිස් දහයකින් හා අත් විස්සකින් සමන්විත අසහාය බලපරාක‍්‍රමයක් සහිත රජෙකි. තුන් ලොවටම ව්‍යාප්ත වූ බලපරාක‍්‍රමයක් සහිත රාවණ රජුට අභියෝග කළ හැක්කකු මිහිපිට නොවීය. සුර ලොව, අසුර ලොව පමණක් නොව පාතාල ලෝකයද පාලනය කළ ඔහු අමරණීයත්වයට පත්වූවකු විය. රාවණ රජුගේ රාජධානිය වූයේ ලංකාපුරයයි. යක්ඛ, රක්ඛ, නාග හා දේව යන ගෝත‍්‍ර හතරක සංකලනයෙන් සෑදුණු අසුර පාලනය ගුවන්, නාවික, ගොඩබිම් මෙන්ම ආධ්‍යාත්මික බලයන් අතින්ද ආඪ්‍යවී ඇතැයි පැවසේ. රාවණ රජු මහා බ‍්‍රහ්මයාගෙන් වරම් ලබන්නට තම අතේ නහරවලින් වීණා වාදනය කළ බවත් තවත් වරෙක තම හිස දසවරක් කපා පූජා කළ බවත් රාමායනයේ සඳහන් වේ. රාමායනයේ රාමගේ විරුද්ධවාදියා වූ හෙයින්ම රාවණ රජු දුෂ්ටයකු බවට පත්කරන්නට වාල්මිකී උත්සහ කළද එය ඔහුගේ කෘතිය තුළම බිඳවැටෙන අයුරු දැකගත හැකිවෙයි.

පිළිම නැත්තේ ඇයි?

රාම, රාවණ කතාව හරහා රාම ඉන්දියාවේ ඇදහීමක් බවට පත්වීමත් උග‍්‍ර ශිව භක්තියේ සංකේතය ලෙස රාවණ යොදාගැනීමත් හරහා ඉන්දියාවේ කෝවිල්වල රාවණ පිළිම නිර්මාණය වීම අද දක්වාම සිදුවෙමින් පවතී. මරගලකන්දේ පිහිටි ශ‍්‍රී රාවණ පිළිමය හැර ලංකාව තුළ රාවණ පිළිම නොපැවතීමට හේතුව වූයේ එම පිළිමය ජීවමාන රජකු සේ යක්ඛ ගෝත‍්‍රිකයන් විශ්වාස කිරීමයි. මේ හේතුව මත රට පුරා පිළිම ඉදිකිරීමක් සිදුවූයේ නැත.
අනෙක් කාරණය නම් සුදු අධිරාජ්‍යයන් රාවණ පිළිමය සොරකම් කිරීමත් සමගම එම පරපුර අභාවයට යාමය. ඒ කෙසේ වෙතත් යටත්විජිත පාලනය තුළ අලූතින් එක්වූ කිසිදු පිළිමයක් අප රට තුළ දැකගත නොහැකි වීම තුළම පිළිම කලාවේ බිඳවැටීම මෙයට බලපාන්නට ඇතැයි සිතිය හැකිවේ.

මරගල පිළිමය හා අලූත් රාවණ

මරගලකන්දේ සඟවා තිබී සොරාගත් පිළිමයේ ඇඳුම් ආයිත්තම්වල දැක ගත හැකිවනුයේ සබරගමු නර්තන සම්ප‍්‍රදායේ අද ද දැකගත හැකි ඇඳුම් ආයිත්තම්ය. එසේ වුවත් වර්තමානයේ සොයාගත් පිළිමයේ ඇඳුම් ආයිත්තම් ඉන්දියානු කේරළ සාම්ප‍්‍රදායික සොල්දාදු ඇඳුම් ආයිත්තම් බව පැහැදිලිය.
මෙහි වන දෙවැනි කාරණය නම් දකුණු ඉන්දියානු ප‍්‍රාදේශීය දෙවි කෙනකු ලෙස
පිළිගැනෙන අයියනර් නැතහොත් රාවණ රජුගේ අවතාරයක් සේ සලකා අදහන අයියනර් දෙවියන් ඔවුන් නිර්මාණය කිරීම සිදුකරන්නේ ඔවුනගේ දකුණු ඉන්දියානු සාම්ප‍්‍රදායික ස්වරූපය වූ විශාල ඇස්, උඩට කැරකැවූ රැුවුල සහිතවය යන්නයි.
දැනට ලංකාවෙන් හමුවූ බව කියන රාවණ රූපයේ සම්පූර්ණයෙන්ම දැකගත හැකිවනුයේ මෙම දකුණු ඉන්දියානු සාම්ප‍්‍රදායික ස්වරූපයයි. මෙම පිළිමය කේරළයේ දශනාරා උත්සවයේදී ගොඩනගන රාවණ පිළිමවල මුහුණුවරට සමානව පවතී.
මෙම රූපයේ වර්ණ ගැන්වීම උදෙසා භාවිත කර ඇති ගුරු පැහැය ප‍්‍රධාන ලෙසම භාවිත කරනුයේ දකුණු ඉන්දියානු පිළිම කර්මාන්තය උදෙසා වීම තුළම ලංකාවෙන් මතුවූවා යැයි කියන පිළිමයේ සම්භවය පිළිබඳ ගැටලූවක් මතුවේ. අනෙක් කාරණය නම් ලාංකේය කැටයම් කලාව තුළ පිළිම නෙළීම උදෙසා කොහොඹ ලී යොදා ගැනීම සිදුවනුයේ පත්තිනි දේවිය වෙනුවෙන් නිර්මාණය වන පිළිම උදෙසා පමණක් වීමයි. එහෙත් ඉන්දියාවේ පූජනීය වෘක්ෂයක් ලෙස සැලකෙන කොහොඹ වෘක්ෂය බහුල ලෙස දේව රූප නෙළීම උදෙසා භාවිත කරනු ලබයි. එලෙසින් බැලූවද මෙම පිළිමය ඉන්දියානු ශිව දේවාලයක තිබූ පිළිමයක් සේ සිතීමට බොහෝ හේතු සාධක පවතී.

දේවාල කොටස් විකිණීම

ලංකාවේ බොහෝ ස්ථානවල ඉන්දියාවෙන් හා ලංකාවේ උතුරු ප‍්‍රදේශවලින් ගෙන්වා අලෙවි කරන පැරැුණි උළුවහු, ජනේල මෙන්ම පැරැුණි දේවාලවලින් ගලවන ලද පිළිම ආදිය බහුල ලෙස දැකගත හැකිවෙයි. මේවා අතර බහුල ලෙස දකුණු ඉන්දීය සම්භවයක් සහිත පිළිම දැකගත හැකිවේ. මෙම රාවණ පිළිමයද එසේ ලංකාවට ගෙන්වන ලද ශිව දේවාලයක තිබූ පිළිමයක් වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතියි.
අනෙක් කාරණය වනුයේ සෑම ශිව කෝවිලකම දොරටුව ඉහළින් ඉදිකරන රාවණ පිළිමයේ අත්වල මිනී ඔළුව හා අත සවිකළ රාවණ හත්ත නම් වාදන භාණ්ඩය දැකගත හැකිවෙයි. මෙය දකුණු ඉන්දියාවේ වර්තමාන සම්ප‍්‍රදායයි.
මෙවන් කාරණා මත මෙම හමුවූවා යැයි කියන පිළිමයේ සම්පූර්ණ ලෙසම දැකගත හැකිවනුයේ කේරළ සම්භවයකි. එය බොහෝදුරට පසුකාලීනව කෝවිලකට නිර්මාණය කරන ලද පිළිමයකැයි අවබෝධ කරගත හැකිවෙයි.

ගවේෂකයන්ගේ ඇස් වැසීම

හෙළ රාවණ ගවේෂණය තුළ විද්‍යාත්මක ක‍්‍රමවේද මෙන්ම අධිමානසික ශක්තීන් උපයෝගි කරගන්නා පිරිස්ද බහුල ලෙස සිටිති. එහෙත් මේ කිසිදු පුද්ගලයකුට මෙම පිළිමය සොයාගත්තකු, සොයාගත් ස්ථානයක් හෝ සොයාගත් ක‍්‍රමවේදයක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබීම පසුපසම මෙය රහස් අවශ්‍යතාවක් උදෙසා පැතිර වූ කතාවක්ය යන සැකය තීව‍්‍ර කරයි.
රාවණ පර්යේෂණ ආයතනයේ ජලිත අමරසිංහ, ආචාර්ය සූරිය ගුණසේකර ආදී ගවේෂකයන්ගෙන් මේ පිළිබඳ කළ විමසීම්වලදීද මතුවූ එකම කාරණය වූයේ මෙය පිළිබඳ මාධ්‍ය තොරතුරු හැර කිසිදු තොරතුරක් නොමැති බවය. මෙසේ තොරතුරු වසන් කිරීමට පැහැදිලි හේතුවක් නොමැත.
එහෙත් අපට හැෙඟන ලෙස නම් එහි පැහැදිලි හේතුවක් ඇත. දේවාලයක් නිමකර මෙම පිළිමය තැන්පත් කිරීමට පෙර මෙය තියෙන තැනක් හෙළිකළහොත් එය පිළිබඳ සත්‍ය තොරතුරු සොයා බැලීමට රාවණ ගවේෂකයන්ට අවස්ථාව උදාවේ. ඒ හරහා එහි සත්‍ය අසත්‍යභාවය හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ තක්සේරු කරගත හැකිවේ.
එහෙත් දේවාලයක් තුළ තැන්පත් කළ පිළිමයක් පිළිබඳ සොයා බැලීමට අවස්ථාව උදාවන්නේ නැත. එවිට සාමාන්‍ය සමාජය තුළින් සියල්ල වසා දැමීමට හැකිවනු ඇත.

පුරාවිμාවෙන් සැ`ගවීම

පුරාවිμා දෙපාර්තමේනතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා
මහතාගෙන් මේ පිළිබ`ද කළ විමසීමේදී ඔහු කියාසිටියේ රාවණ පිළිමයක් පිළිබ`ද හෝ එවැනි සොයාගැනීමක් පිළිබ`ද තම ආයතනය නොදන්නා බවය. මෙවන් පසුබිමක් තුළ මෙහි ඓතිහාසික සත්‍යතාව පිළිබ`ද කිසිදු නිල වටිනාකමක් ඇති නොවේ.
අභියෝගය
මේ සියල්ල යටින් ඉන්දියානු සංස්කෘතික ව්‍යාප්තවාදයේ අඳුරු සෙවණැලිද පතිත වී ඇතැයි යන නිගමනයද අපට මෙහිදී ප‍්‍රතික්ෂේප කළ නොහැකි අයුරින් විද්‍යමාන වේ. විශේෂයෙන්ම එය මිනී කන නොදියුණු ශිෂ්ටාචාරයක් ලෙස හෙළ ඉතිහාසය පෙන්වීම හා රාම කෝවිල් හැටහතරක් ලංකාව පුරා ඉදිකිරීමේ සැලැස්මේ තවත් එක් ජවනිකාවක් ලෙස මෙය හැඳින්වුවහොත් එහිද වරදක් නොවනු ඇත.
රාවණ රජුගේ පිළිමයක් පිහිටුවීම යුග මෙහෙවරකි. එහෙත් ඒ රාවණ විකුණන් කෑමට නොව හෙළ ප්‍රෞඪත්වය ලෝකයට කියාපෑම උදෙසාය. සිවු හෙළයේ අභිමානය උදෙසාය.

හෙළයේ නිර්මාණයක් නොවෙයි
ජලිත අමරසිංහ
රාවණ පර්යේෂණ ආයතනය

ශ‍්‍රී රාවණ නැතහොත් යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂ පති කියන්නෙ අපේ හෙළ ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයෙක්. ඒ පාලකයාව ඇදහීම නැතහොත් අපේ ඇදහිය යුතු පැරැුණි විරුවන් ඇදහීම හොඳ කාරණාවක්. නමුත් දැනට මතුව ඇතැයි කියන රාවණ රජුගේ පිළිමය කිසි ලෙසකවත් හෙළ රාවණ රජු වෙනුවෙන් හෙළ පොළොව තුළ නිර්මාණය වූ පිළිමයක් නොවෙයි.
මේ පසුපස විශාල කුමන්ත‍්‍රණයක් පවතිනවා. මෙය එකහෙළාම ත‍්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිලේ මෑතකාලීනව ඉදිකළ ඉන්දියානු සම්භවයක් සහිත රූපයට බොහෝසෙයින් සමානයි. එහි වර්ණ ගැන්වීම් පවා ඊට බොහෝ සමානයි. ලංකාවේ මතුවෙමින් පවතින රාවණ ශක්තිය නැතහොත් හෙළ ඉතිහාසය ඉතා සූක්ෂ්ම ලෙස විනාශ කර දැමීමේ ඉන්දියානු රෝ සංවිධානයේ තවත් කුමන්ත‍්‍රණයක් ලෙසයි අප මෙය දකින්නේ. මේ සමානම පිළිමයක් මෙයට පෙර අවස්ථාවකදීත් ලංකාවට එවන්න උත්සහ කළා. නමුත් අප ඒ පිළිබඳ දැනගත් නිසා එය වැළකී ගියා. ඉන්දියාවෙන් එන අය සීතා හිටි තැන් කියා ගල් ගුහා පෙන්වන්නේ ඔවුන්ගේ පටු පරමාර්ථයක් ස`දහාය ඒ තැන් ඔවුන්ගේ අයිතියට ගැනීමට උත්සහ දරනවා. මෙවන් පිළිමයක් අප රට තුළ ස්ථාපිත කිරීම හරහා ඔවුන්ගේ රාම වෘතාන්තය සත්‍ය කරගැනීම මෙන්ම ද්‍රවිඩ නිජබිම් සංකල්පය මතු කිරීමේ ඉතා සූක්ෂ්ම ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා කියන්න පුළුවන්.

රාවණ දෙවොල් 15ක් තිබෙනවා
මහාචාර්ය පී. ඒ. වික‍්‍රමතුංග
නිර්මාතෘ හෙළ සවිය ව්‍යාපෘතිය

ලංකාව තුළ මේ වනවිට රාවණ රජු වෙනුවෙන් පුද සත්කාර සිදුවන දේවාල හා පුදබිම් පහළොවක් පමණ තියෙනවා. එයට අමතරව ඈත අතීතයේ සිට පරම්පරාවෙන් උරුම වූ රහසේ පවත්වාගෙන යන දේවාල හතරකුත් ලංකාවේ තියෙනවා.
ඒ සෑම දේවාලයකම රාවණ රජුගේ පිළිම තැන්පත් කර තිබෙනවා. අලූතින් සොයාගත් පිළිමය තැන්පත් කර සාදන දේවාලය ලංකාවේ පළමු රාවණ දේවාලය ලෙස ප‍්‍රසිද්ධ කිරීමට උත්සහ දරනවා. ඒ හරහාම හොඳින්ම පේනවා මෙය වාණිජ අරමුණක් පෙරදැරි කරගෙන රාවණ ශ‍්‍රී නාමය භාවිත කිරීමට දරන උත්සහයක් බව.
මෙය මතුකර සමාජගත කිරීමට උත්සහ දරන්නේ ‘රාවණා අපියි සමාජගත කළේ’ කියලා කියාගන්නා පත්තරයකින්. ඔවුන් මෙය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ගත්තේ ‘රන්දිව’ පුවත්පත මෙන්ම හෙළ සවිය හා ස්වාධීන කණ්ඩායම් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ රාවණ ඉතිහාසය සමාජගත කිරීමේ සමාජ මෙහෙවරක යෙදී සිටින අවස්ථාවකයි.
අර කිව්ව පුවත්පත බොහෝ අවස්ථාවල රාවණ ඉතිහාසය පරස්පර තැන්වලට ගෙන ගියා. මෙයත් එහි දිගුවක් නැතිනම් තවත් එවැනිම අවස්ථාවක් ලෙසයි අපට හැෙඟන්නෙ. දකුණු ඉන්දියාවේ පහළ ප‍්‍රදේශවල අදහන ප‍්‍රාදේශීය දෙවි කෙනෙක් වන අයියනර් දෙවියන්ගේ එරට ඇති පිළිමවල පෙනුමට මෙම රූපය බොහෝ සෙයින් සමානයි. රාවණ රජුගේ පෙනුම එයට සම්පූර්ණයෙන් වෙනස්.

රාවණ බලයට අභියෝගයක්
ජානක කුමාර පතිරණ
වත්මන් භාරකරු ශ‍්‍රී රාවණ අසපුව

අප පරම්පරාගතව රාවණ දෙවියන් උදෙසා පුදපූජා පවත්වනවා. සෑම ඉරිදාවකම නානුමුර මංගල්‍යයන් වගේම රාවණ පූජාවන් අප සිදුකරනවා. ශ‍්‍රී රාවණ රජු කියන්නෙ නිර්මාංශ රජ කෙනෙක්. රාවණ දෙවියන් උදෙසා හරි විදිහට පුදපූජා තියන කෙනෙක්. මස් මාංශ පාවිච්චි කරන්නෙ නෑ.
එවන් රජ කෙනෙක්ගේ හෝ දෙවි කෙනෙක්ගේ අතේ මිනී ඔළුවක්, කපා දමපු අතක් සවිකරපු වාදන භාණ්ඩයක් තියෙන්න බෑ. එය හෙළයන් කියන්නේ මිනී කන යකුන් කියන සංකල්පය ඇතිවන විදිහටයි ඉන්දියානුවන් රාවණ රජුව නිර්මාණය කළේ. හෙළ පිළිම එහෙම නිර්මාණය කළේ නෑ. ඔවුන් කළේ හෙළ රජෙකුව නිර්මාණය කරන තේජාන්විත බව සහිතවයි.
අනෙක් කරුණ එම පිළිමය පිළිබඳ පුවත පළකළ පුවත්පතේ රාවණ රජුගේ දේහය තැන්පත් කර ඇති බවත් සඳහන් වෙනවා. රාවණ කියන්නෙ තනතුරක් මිසක් එක දේහයක් විතරක් නොවෙයි. ඒ තනතුර දරපු අය ගොඩක් හිටියා. මේක ගොඩක් අය පටලවාගෙන තියෙන්නෙ.
අනෙක් අතට හැමදේටම ඉදිරියට එන රාවණ බලකාය වගේ සංවිධාන මේ පිළිබ`ද නිහ`ඩ පිළිවෙතක සිටිනවා. අපි ඔවුනට
බල කරනවා ඔවුන් රාවණ රජුගේ ශ‍්‍රී නාමය නමින් පෙනී සිටිනවා නම් මෙම පිළිමය පිළිබ`ද ගැටලූවේදී එයට මැදිහත් වී සත්‍ය ඔප්පු කරන්න කියලා.

කාංචන ගීත මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x