Arrival of Alien

ලෝකයේ සියලූ පිරමීඩ බල ගන්වන ශක්ති මුලය ......

May 17, 2016

මේක ලෝකයටම අලූත් හෙලි කිරීමක්……..

එත් දියුණු ජාතින් මෙය දන්නවා ඇති ඒ නිසයි ඒ අය ලංකාවට මෙච්චර ආදරේ…..

ඉදිරියේදි ලංකාවේ පොළවේ බොහෝ ගැඹුරින් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පැමිණියොත් ඒ ගැන පුදුම වෙන්න එපා. අපේ පොළවට ඒ අය ඒ තරමටම ආදරෙයි….

මොකක් ගැනද මේ කියන්න හදන්නේ…..

ලංකාව කියන්නේ ස්වාභාවික නිර්මාණයක් නොවෙයි කියලයි…

එත් එක අද කවුරුත් පිලි නොගනීවි…. එකට කමක් නෑ….

පිටසක්වලයෝ ලංකාව හදුන්වන්නේ යතුර යන අර්ථයෙන් . ඔහුන් ඇයි අපේ රටට යතුර නැතහොත් Key කියලා කියන්නේ…..

මම මුලින් හිතුවේ ලෝකයට පිටසක්වල යානා එන මාර්ගය අපේ පොළවට ඉහලින් පිහිටීම නිසා මේහෙම කියනවා ඇති කියලයි…..

නමුත් මේ  මේ යතුරේ රහස අවබෝධ කරගන්නට පුලූවන් වුණා….

ලෝකය පුරා ඇති තවමත් සක‍්‍රීය මට්ටමේ පිරමීඩ සියල්ල එකම ජාලයකට සම්භන්ධයි.

මේ සියල්ල උදෙසා බලය සපයන පිරමීඩය තියෙන්නේ අපේ භූමියට යටින් ….. අන්න එ නිසයි මම කිව්වේ අපේ පොළව නිර්මාණයක් කියන එක…..

බොහෝ දෙනෙක් කියාවි එය කල නොහැකි දෙයක් කියලා…. නැ එය බොහොම සරල දෙයක් ….

ගැඹුරුම මුහුදු පතුලේ පලිගු වලින් පිරමීඩයක් හදලා ඒ තුළින් ජලය වෙනත් තැනකට ගමන් කරවන්න තරම් දියුණු නිර්මාණයක් කරවන්න සමත් තාක්ෂණයක් තිබුණ යමෙක්ට පිරමීඩයක් දුපතක ආකෘතියකින් වහන එක මහදෙයක් කියලා මම හිතන්නේ නෑ….

පෘතුවිය පුරා ඇති පිරමීඩ කියාත්මක වීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ මේ මහා පිරමීඩයෙන් ……..

මතක මකන දැලට අවශ්‍ය බලය සැපයෙන්නෙත් මෙමගින්මයි.

ඒ තුළ විශේෂිත ශක්ති නිපදවීමේ ක‍්‍රමවේදයක් පවතිනවා…… එය අධි ශක්තියක් ….

එම ශක්තිය ක‍්‍රීයාත්මක කරවන්නේ වසරකට අවස්ථා දෙකකදි හෝ තුනකදි පමණයි………..

මෙන්න මේ අධි ශක්තිය ක‍්‍රීයාත්මක වෙද්දී අවට වාතය ප‍්‍රසාරණය වෙනවා…. එ හරහායි වැස්ස නිර්මාණය වෙන්නේ ….

එත් මම දකින්නේ මේ අධි ශක්තිය පොළවට දරාගන්න අවශ්‍ය තත්වය නිර්මාණය කරන්නයි පොළව බෙරි වෙනකන් වහින්නේ….

මේ ශක්ති ප‍්‍රභවය ඉතා විශාලයි… එය රන් පැහැති චක‍්‍රාවාටයක් වගේයි…

මෙන්න මේ නිසා තමයි අපිට දින හතරක් එක දිගට වහින්නේ….

නාසා එකෙන් ලෝකයේ අඩුම ගුරුත්ව බලය ඇත්තේ ලංකාව තුළ කියන එක සොයාගන්න කලින් මම ලංකාවේ පවතින ප‍්‍රථිගුරුත්ව න්‍යාය පිළිබදව මා කියා දුන්නා.

පිරමීඩයකින් ගුරුත්ව බලය බිදවැටයනවා කියන එක සාමාන්‍ය සිද්ධාන්තයක්.. අතිවිශාල පිරමීඩයක් භූමිය තුළ ඇතිනම් කොහොමත් එහි ගුරුත්ව බලය හැරවිය හැකියි.

පිටසක්වලයෝ අපේ භූමියට යතුර නැත්තම් key යනුවෙන් නම් කරන්න හේතුව ඔන්න ඔකයි. යතුර නැත්තම් සියල්ල ඉවරයි. ඒ නිසයි හැමදාම යතුර නොනැසි තියාගන්න ඒ අයට අවශ්‍ය.

විද්‍යාත්මක හේතු බොහෝ දෙනා කියාවි….

එත් ඒ සුද්දා ඇත්ත කියලා දෙනකන් විතරයි….. අපි ඒ දිනය එනකන් බලා ඉමු.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

4.2 6 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x