රාවණ වංශිකයෝ

පණ පොවන්නත් ජලයමයි....


යකඩ කියන්නේ පොලවෙන් ගන්න දෙයක් තමයි.

යකඩ කියන්නේ තරමක් නම්‍ය ශිලී බවින් යුත් ලෝහයක්….

අපේ පැරුන්නෝ මේ යකඩයට පණ පොවණ විදිය දැන සිටියා.

ටිකක් හිතන්න යපස් ටික අධි උශ්ණත්වයකට ලක්කරලා යකඩ නිපදවන විදිය හොයා ගත්තට වඩා වැදගත් රහසක් තමයි යකඩ වලට පණ දීපු විදිය…

පණ දෙනවා කියන්නේ කුමක්ද …

යකඩයක් කියන්නේ තැලෙන නැවෙන දෙයක්… නමුත් එය පණ ගැන්නුවාම යකඩයක් උවුත් කපා දැමිය හැකි තරම් සවිමත් වෙනවා…

කොහොමද මෙය කලේ එක ඉතා සරලයි…

අපි හිතමු කඩුවක් හැදුවා කියලා.. එහි මුවහත ලා රත් පැහැයක් වන තුරු රත්කර මුවහත පමණක් යන්තන් පිරිසිදු ජලයේ ඔබනවා….

ඔබලා මුවහත දෙස හොදින් බලා හිටියම තත්පර ගණනක් තුළ මුවහතේ පාට වේගයෙන් වෙනස් වෙන්වා..

රන් පැහැය කහ පැහිය දුඹුරුපැහැය දම්පැහැය අදී විදියට වේගයෙන් වෙනස් වෙනවා…

තද නිල් පැහැයට වර්ණය වෙනස් වුණු සැණින් කඩුවම ජලයට දමනවා. ඉන්පසු ඒ මුවහතේ නිල් පැහැය වෙනස් වෙන්නේ නෑ..
එයට තමයි පණ පොවණවා කියන්නේ….

පණ පෙවන්න රත් කරන්න කලින් හොදට පීරි ගාලා මුවහත් කරගන්න ඔනේ…අවසන් පීරී ගැමෙන් පසු කිසිම විදියකින් මුවහතට ඇගිල්ල නොතැබීය යුතුයි. එසේ වුවහොත් පණ බාලවෙන බවට පැරුන්නන්ගේ විස්වාසයයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close