රාවණ වංශිකයෝ

අපේ දේ සුලගට ගසාගෙන යන්නට ඉඩ නොදෙන්න


KANCHANA GEETHA MANAMENDRA·WEDNESDAY, AUGUST 9, 2017·

ඈත අතීතයේ සිට එක් කලෙක පෙරදිග බලවත් වන අතර තවත් කලෙක අපරදිග බලවත් වීම සිදුවුණි.

පස්වැනි සූර්ය යුගයේ අවසන් කාලයේදී බලය පැවතියේ අපරදිග ජාතීන් අතය.

විශ්ව නියමයට අනුව අපරදිග පාලනය රඳාපවතිනුයේ වසර පන්දහස් එකසියයකි.

කාල ගණනය කිරීම්වල යම් යම් අඩුපාඩු සිදුවිය හැකිය.

එයටද හේතු ඇත.

සෑම වසර දෙදහස් පන්සිය ගණනකට වරක්ම පෘථිවි භ්‍රමණ වේගයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් කාල පරාසයන්හි වෙනස්කම් සිදුවීම ස්වභාවිකය.

අපරදිග බලයේ පොදු සංකේතය වූ විෂ්ණු ශක්තිය තුළින් උපද්දවන ලද රාම-ක්‍රිෂ්ණ ආදී වූ දේව සංකල්ප ඔස්සේ මෙම යුගයේ පාලනය පවත්වාගෙන යන්නට අපරදිග ජාතීහු උත්සහ දැරූහ. එහෙත් ඒ සියල්ල රඳාපවතිනුයේ වසර 5100ක කාලයක් බව ඔවුහු දැන සිටියහ.

රාම-රාවණ යුද්ධයෙන් පසු හෙළ දිවයින යළි ලෝකය අභියස නැගී සිටියේ නැත. අප කොතරම් ආඩම්බරයෙන් ඌන පූර්ණ එක් කළද හිරණ්‍ය කාශ්‍යප, දේවයාණි හා රාවණ යුගවලදී මෙන් පෘථිවිය පුරා අපේ දැනුම බෙදා දෙමින් ලෝකයෙන් ගරු බුහුමන් ලබන්නට හැකි වූයේ නැත.

එයට හේතු වනුයේ ද්වාපර යුගයෙන් පසු හෙළ අසුර පාලනය අපරදිග ශක්තීන් ග්‍රහණය කරගැනීමයි.

නව සූර්ය යුගය එළඹීමත් සමගම සිදුවනුයේ මෙතෙක් පැවති අපරදිග පාලනය ගිලිහී ගොස් පෙරදිග ශක්තිය නැගී සිටීමය.

අප රාවණ ශක්තිය ලෙස පෙන්වා දෙනුයේ මෙම ශක්තියයි.

මේ හරහා වසර පන්දහසක් පුරා පොළෝ තලය තුළ සැඟව තිබූ හෙළ යුගය මතුව එනු ඇත. මා මෙතෙක් කල් හෙළ යුගය පිළිබඳ වගකීමෙන් යුතුව පැවසූ අනාවැකි සියල්ලම සත්‍ය වෙමින් ඉතිහාසගත සාධක මතුවෙමින් පවතී.

රාවණ රජුගේ අභ්‍යන්තර උමං මාර්ගවල හරස්කඩක රූප සටහනක් මඟින් පෙන්නා දුන් ආකාරයේම අභ්‍යන්තර ගංගා සහිත උමං මාර්ග සොයාගත හැකි විය.

ජල උමං මා සඳහන් කළ තැන්වලින්ම හමුවිය.

හෙළයන්ගේ නැගීසිටීම කිසිවකුට හෝ පාලනය කළ නොහැකිවනු ඇත.

මක්නිසාදයත් එය ස්වභාවිකවම සිදුවන නැගීසිටීමක් වන හෙයිනි. තවත් එක් දෙයක් කියන්නට ඇත.

අපට විරුද්ධවාදීහුද නැතැයි නොසිතිය යුතුය.

එය පැහැදිලිව තේරුම් ගතහොත් හයවැනි සූර්ය වර්ෂයේ පාලනය අප සතුවීම තුළින්ම අප ලෝකය අභියස දෙපයින් සිට ගනු ඇත .

දැන් උදාවී ඇත්තේ දෙඇස්වලින් නොව මනසින් ලෝකය දෙස බැලිය යුතු කාලයයි.

මක්නිසාද යත් හයවැනි සූර්ය යුගය යනු මනසින් වැඩ ගන්නා යුගයයි. ලෝකයෙන්ම ගුරුත්ව බලය අඩුම රට වූ ලංකාවේ මිනිසුන්ට මෙයින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකිය. ඒ ගුරුත්ව බලය අඩුවත්ම මනසේ ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසාය.

අද ඒ යුගයේ පාලනය අතට ගන්නට බොහෝ බටහිර ජාතිහු අපේ මව් පොළව කැබලි කොට බොදා ගන්නට වෙර දරති.

බොහෝ අයට නොතේරෙන එකාබද්ද වු අපරදිග ආක‍්‍රමණයකට අප ලක්වෙමින් පවතිී. ඒ ආක‍්‍රමණය වු කලි ශක්තිය සොරා ගැනීම උදෙසා වු ආක‍්‍රමණයකි.

මෙය නිදහසින් පසු යුගයේ සිටම සිදුවෙමින් පැවතියද අද වනවිට එය අති වේගයෙන් සිදු වෙමින් පවතී.

සුදු අධිරාජ්‍යවාදින් අපගේ ශක්ති කලාප වසා දැමුවා විනා එවා සොරා ගන්නට උත්සහ දැරුවේ නැත . එහෙත් අද සිදු වෙන්නේ අපේ දෙයින් අපරදිග ජාතිහු සවිමත් වීමයි.

එදා සුද්දාට බිද හෙලන්නට වුයේ අපේ මිනිසුන්ගේ ශක්තියයි. ඒ උදෙසා පිටරටින් දෙල් රුගෙන විත් අපේ පොළවේ සිටුවන්නට තරම් ඔහුන්ගේ සැලසුම් ශූක්ෂම විය.

අදවන විට බිදවැටෙන්නට තරම් විශේෂ ශක්තියක් මිනිසුන් තුළ ඉතිරිව නැත. එකිනෙකා අතර බැදීමක්ද නැත. ජාතිය භූමිය නමින් එක්වීමක්ද නැත.

එවන් වු පරිසරයක් තුළ නිදහසේ අපේ දේ කොල්ල කන්නට අපරදිගයන්ට හැකිවී ඇත.

මුල් සිද ගත් සිහල යැයි සිතා සිටින්නෝද අපේ භූමිය බන්දේසියක තබා දන්දෙමින් සිටිති .

මෙය තේරුම් ගත හොත් අපේ දේ රුකගන්නට අපට හැකි වනු ඇත .

නැතහොත් යලිදු තවත් වසර පන්දහස් ගණනකට අප දණ ගැසු ජාතියක් වනු ඇත .

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close