සොභාදහම දනීනම් ලීයද නොදිරයි.
කාෂඨ නෙතාභජ්‍යතෙ කී ෙටෙය_
පක්‍ෂං ධෘතං ජලෙ
කෘෂණපෙක්‍ෂ ජෙදනකු වන
ශූකෙල තාරයෙ බුධඃ
ඕනෑම ලියක් දීරීමට ලක්වෙයි.
එහෙත් පැරණි පන්සල් වල පැරණි නිවාසවල වසර 400/500 ගතවු නොදිරන ලද බාල්ක ලී කණු අපට දක්නට ඇත .
මෙයට හේතුවක් ඇත .
පැරුන්නෝ නොදිරන්නට ලී කපන අයුරු දැනසිටියේය.
නොදිරන්නනටනම් ගසක් කැපිය යුත්තේ අදුරේය. නැතහොත් රාත‍්‍රී කාලයේදීය.
එසේ කපන ගස පහලොස් තිථියක් ( දල ලෙස දින 15 ක්…. ) ජලයේ ගිල්වා තබන්නේ නම් එම ගස කෘමින්ගේ හානියට ලක් නොවෙයි.
අනෙක් කාරණය තමයි පැරුන්නෝ ඉතා දිර්ග කාලයක් ලී දිරා යෑමට ලක්නොවී පවත්වා ගැනීම උදෙසා ලී ජලයේ ගිල්වා තැබීම හා කුඹුරරේ මඩ තුළ ගිල්වා තැබීම සිදුකරණු ලැබුවා.
මෙමගින් ලී සවිමත් වීමද සිදුවන බව මා අත්දැකීමන් දැක ඇත.
වර්ථමානයේ කුමනාකාරයේ දැව ආරක්‍ෂක යෙදුවද ලී දිරායන අයුරු අපට දැක ගත හැකි වුවත් නුතන භෞතික වාදියා නුගත්යැයි සිතන පැරුන්නා දැවයෙන්ම තැනු ඇම්බැක්කේ වැනි නිර්මාණ අදටත් එලෙසම පවතී.
තම නිවස තුළ පවතින බොහෝ ගැටලූ ඇතිවනුයේ සොබාදහම නොතේරෙන අය විසින් කරන ලද වාස්තු ගැලපීම් නිසා බව ඔබ නොදන්නවා විය යුතුය .
නමුත් මගේ අත්දැකීම් තුළ මා දුටු දෙයද එයයි .
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74