සායි සත් චරිතය

ශිව-පාර්වතී දේව බැල්ම ඇතිව උපත ලද භගවාන්් ශ‍්‍රී සත්‍ය සායි බාබා

ලෝකයේ වරින් වර ශේ‍්‍රෂ්ඨ මිනිසුන් පහළ වෙති. බුදුරජාණන්, ජේසුතුමන්, මහම්මද්තුමන් මෙන් ම දේව අවතාරයන් ආගමනයන් පිළිබඳ ව ද ඉතිහාසයේ සඳහන් වෙයි.

කලියුගයේ පෘථිවිය මත පහළ වූ අවසන් පූර්ණ දේව ආත්මය ලෙස සැලකෙන්නේ කි‍්‍රෂ්ණ දෙවිඳුන් ය. හේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයකැයි සැලකේ.

භගවාන් ශ‍්‍රී සත්‍ය සායි සමිඳුන් ද දේව ආත්මයක් ලෙස සැලකෙයි.

සායි තුමා පවසන පරිදි ශිව දෙවිඳුන්ගේ ආත්මය ශිර්දි සායි ලෙසත් ඉන්පසු ශිව හා පාර්වතීගේ ආත්මයන් හි එකතුවක් ලෙසින් සත්‍ය සායි ලෙසත්, තව වසරකිහිපයකින් පාර්වතී (ශක්ති* මෑණියන්ගේ ආත්මය පේ‍්‍රම සායි ලෙසත් මිහි මතට පැමිණෙයි.

සත්‍යවශයෙන් ම සත්‍යසායි යනු දෙවියන්ගේ ආගමනයක් ද ශිව දෙවියන්ගේ හා පාර්වතී මැණියන්ගේ සම්බන්ධයක් ඔහු හා පවතීද මෙය වෛදික ජ්‍යොතිෂවේදය හරහා අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

1926 නොවැම්බර් මස 23 වැනිදා ප‍්‍රට්ටපාර්ති හි ඉතා දිළිඳු පවුලක සත්‍ය නාරායන වෘශ්චික ලග්නයෙන් උපත ලබයි.

මෙම කේන්ද්‍රය තුළ කිසිදු සාමාන්‍ය මනුෂ්‍යයකුගේ කේන්ද්‍රයන් තුළ මෙන්ම විශ්ව කීර්තියට පත් මිනිසුන්ගේ ද කේන්ද්‍ර තුළ දක්නට නැති ප‍්‍රබල යෝග විශාල ප‍්‍රමාණයක් පවතියි.

ග‍්‍රහයන් නව දෙනාගෙන් හත් දෙනකු ම වෙන වෙනම ම ‘‘මහා යෝග’’ නම් ප‍්‍රබල යෝගයක් ඇති කර ගනිමින් සිටියි. මේ හරහා කේන්ද්‍රයේ පවතින සියලූ දුර්යෝගයන් භංග වී යයි.

ඒ කෙසේ වෙතත් දෙවියන්ට වුව ද තම කර්මයන්ට ද`ඩුවම් විඳීමට සිදුවන අවස්ථාවන් දැකගත හැකි වෙයි.

මෙම කේන්ද්‍රයේ ද බ‍්‍රාහ්මණ සාපයක් දැක ගත හැකි වෙයි. මේ හරහා දණහිස් හා අත්වල අප‍්‍රාණිකතා ඇති විය යුතු වෙයි. එතුමාගේ ශනි මහ දශාව ගෙවී යන අවසන් වසර වූ 1963 ජුනි 28 වනදා එතුමාගේ වම් අත සහ කකුල අප‍්‍රාණික විය. එහෙත් දින පහක් එතුමා බෙහෙත් ප‍්‍රතික්ෂේප කරන ලද අතර ඉන් පසු සුවය ලැබුණි.

එයට හේතුව ලෙස ප‍්‍රකාශ කළේ භරද්වාජ් නම් ඍෂිවරයාගෙන් පාර්වතී දේවියට ඇති වූ සාපයක් හේතුවෙන් තමාට මෙය විඳීමට සිදු වූ බව ය.

සායි බාබාතුමාගේ ආත්මකාරක ග‍්‍රහයා වනුයේ රාහු ය. එනම් දැඩි ආගමික පරිවර්තනයක් ඇති කිරීමට ඔහුට කේන්ද්‍රය තුළින් ම අවශ්‍ය ශක්තිය ලබා දී ඇති බව පෙනී යයි.

මෙයට අමතර ව ගෝත‍්‍ර සාපයක් 1963 හා 1980 කාලය තුළ කි‍්‍රයාත්මක වන අතර ඒ හරහා තම ක‍්‍රියාවන් සාක්ෂාත් කර ගැනීම උදෙසා සතුරන් වර්ධනය වෙයි.

මුල පිරීමට බාධා ඇති වෙයි. සත්‍ය වශයෙන් ම මෙම කාල වකවානුව තුළ දී එතුමාට එරෙහි වූ බලවේගයන් විසින් සතුරුකම් හා ¥ෂමාන චෝදනා දැඩි ලෙස එල්ල කළේ ය. ඉන්පසු කේතු හා ශුක‍්‍ර මහ දශා කාල තුළ දී එතුමාගේ අධ්‍යාත්මික ශක්තිය දැඩි ලෙසින් වර්ධනය වන අතර එතුමාගේ ශක්තිය පිළිබඳ විශ්වාසය ලොව පුරාම පැතිර යයි.

ලෝකයේ සෑම රටකම එතුමාගේ මධ්‍යස්ථාන පිහිටුවා ගනිමින් බැතිමතුන් එතුමා වටා වැඩි වශයෙන් රොක් වන්නේ ද මේ කාලය තුළ දී ය.

තම පියාගේ අහිමිවීමත් සමඟ ම කේන්ද්‍රය තුළ ඇති විපරීත රාජ යෝගය ක‍්‍රියාත්මක වන අතර නිපුණ යෝගය හරහා වේද ශාස්ත‍්‍රයේ නිපුණයකු බවට පත් වීම ද සිදු වෙයි.

‘‘අධි යෝග’’ නම් යෝගය හරහා නිත්‍ය වශයෙන් ම රජකු බවට පත්වීමේ වාසනාව එතුමාට පැවැතුණි. රටක රජකු නොවුණ ද ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාවක ගේ රජකු වන්නට එතුමාට හැකි වූයේ එබැවිනි.

කේදාර, සංඛ, හර්ෂ වැනි අති ප‍්‍රබල යෝග හරහා එතුමාගේ බලය ශක්තිය ජනප‍්‍රියත්වය දිගින් දිගට ම වර්ධනය වූ අතර ඉන්දියාවේ අති ප‍්‍රබල සංවර්ධන කාර්යයකට එතුමා මැදිහත් වී කි‍්‍රයා කළේය.

අති දැවැන්ත ජල ව්‍යාපෘති, ගුවන් තොටුපළවල්, මාර්ග පද්ධති, සුපිරි රෝහල් එතුමා අතින් ඉදිවුණි. ඒ සඳහා එතුමා තම බැතිමතුන්ගෙන් කිසිදු ආකාරයකින් අරමුදල් ඉල්ලා නොසිටියේ ය.

අඩුම තරමින් පින් කැටයක්වත් එතුමාගේ ආශ‍්‍රමයේ නොතිබිණි.

එතුමාගේ කර්මය නැතහොත් එතුමා විසින් පෘථිවිය තුළ දී කරනු ලබන්නේ කුමක් ද යන්න අවබෝධ කර ගනු ලබන්නේ කේන්ද්‍රය තුළ ඇති දශාංශ චක‍්‍රය විග‍්‍රහ කිරීම හරහා ය. ඒ අනුව බලන කල සායි බාබාතුමාගේ ප‍්‍රධාන කාර්යය වනුයේ යෝගී බවයි.

එහි දී දැඩි පාරිශුද්ධභාවය, නිවැරැුදි දැක්ම, ආගමානුකූලභාවය එතුමා තුළ ක‍්‍රියාත්මක වෙයි. මේ සඳහා ශිව දෙවියන්ගේ මඟ පෙන්වීම, කේන්ද්‍රය හරහා ම එතුමාට ලැබෙයි. එසේ බලන කල එතුමා සත්‍ය ලෙස ම යෝගියෙකි.

ඉන්පසු ශිව හා පාර්වතී ගේ සම්බන්ධයක් සායිතුමාට පවතීද යන්න පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සහ දරමු. එතුමාගේ නවාංශකය සිංහ වන අතර ඉෂ්ට දේවතාවුන් දෙදෙනකුගේ සම්බන්ධයක් එතුමාගේ නවාංශකය හරහා දිස්වෙයි. ඔවුන් වනුයේ ශිව හා පාර්වතී ය.

ඉෂ්ට දේවතාවා විසින් සිදු කරනුයේජන්මියාව මෝක්ෂ මාර්ගයේ ගෙන යාමයි. ශිව දෙවියන් හා පාර්වතී දේවිය විසින් ජන්මියාව මෙහෙයවීමත්, එතුමා එම දෙවිවරු දෙදෙනාගේ ආත්මයන් දෙකේ එකතුවක් බව පැවසීමත් අතර ඒ අනුව සම්බන්ධයක් පැවතිය හැකි ය.

භගවාන් ශ‍්‍රී සත්‍ය සායි සමිඳුන්ගේ අභාවය සිදුවන්නේ රවි මහා දශාව තුළ දී ය. බුධ අතුරු දශාවේ ශනි සූක්ෂ්ම දශාවේ දී මෙම අභාවය සිදුවෙයි. ඒ අවස්ථාවේ එතුමාගේ පූර්ව ආත්මීයව පීතෘ සාපයක් ක‍්‍රියාත්මක වෙමින් පවතියි.

එසේ ම මාන්දි නම් උප ග‍්‍රහයා උපතේ දී අට වැන්නේ තැන්පත් ව ඇති බැවින් හදිසි රෝගී තත්ත්ව මගින් ජීවිතක්ෂයට පත් වීමේ අවදානමක් ද පවතියි.

දෙවියන් හෝ තම අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගත් උතුමන්ලා සොබා දහම හෝ සොබාදහමේ රීතීන් අභිබවා නොයති. බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ මෙන්ම කි‍්‍රෂ්ණ ද තම මරණය පාලනය කළේ නැත. එසේ ම භගවාන් ශ‍්‍රී සත්‍ය සායි සමිඳුන් ද උපන්නෝ මිය යන්නෝ ය යන නියමය මත භෞතික ශරීරය හැරදා ගියේ ය. එහෙත් එතුමාගේ ආත්මය බැතිමතුන් සමඟ ම රැඳී සිටී.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close