විශ්ව පිළියම්

නින්ද නොයෑම සරලව හිතන්න එපා

මනෝ උපදේශනයට අදාල ගෲප් වල වගේම පෞද්ගලිකව දරුවන් අහන ප්‍රශ්න අතර වැඩිපුරම අහන දෙයක් තමයි , ” නින්ද නොයෑම ” හා බැඳුණු ප්‍රශ්ණ ….
මේ තියෙන්නේ එවැනි උපුටා ගැනීමක් …

” මට රෑට නින්ද යන්නේ නෑ.. ඇස් දෙක පියාගත්තත් මං ඉන්නේ නින්දේ නෙවේ.. රෑ එළි වෙනකන්ම නින්දක් නෑ.. දවසේ උනු දේවල්,කලින් වෙච්ච දේවල් , ඉස්සරහට වෙයි කියලා හිතන දේවල් මගේ ඔළුව පුරා දුවනවා.. ඒක නවත්තගන්න හැදුවත් ඒක කරන්න අමාරුයි .. විටෙන් විට ඔළුවට එන්නෙමම ඒ දේවල්..මොනා කරන්නද කියල්ලා හිතාගන්න බෑ.. මාසෙකට දවස් හතර පහක් එහෙම වෙනවා.. දැන් මාස තුනක ඉදන් වගේ එහෙම වෙන්නේ.. ඇයි ඒ.. ?? මට මේකට විසදුමක් දෙන්නකෝ .. මට මේක මානසික වදයක්?? “

කාලයක් තිස්සේ රාත්‍රී නින්ද නැතිවීමට හේතුව වෙන්නේ නොයෑමම පමණක් නොවෙයි . ඒ උදෙසා මූලිකවම බලපාන්නේ දීර්ඝ කාලීනව මනසේ ඇතිවන පීඩනය .
විවිධ හේතූන් මුල් කරගෙන සිතේ ඇතිවන පීඩාකාරී හැඟීම්, දවසේ සිදුවීම් වල මතකයන් , අනාගතය පිළිබඳ ඇති බිය, කනස්සල්ල , සබඳතා තුර ඇතිවුණ බලාපොරොත්තු නොවන බිඳවැටී ආදී බොහෝ සිදුවීම් මුල් කරගෙන සිතේ ඇතිවන බිධ වැටීම නින්දට බලපානවා …

නින්ද නොයාම කියලා කියන්නේ එවැනි බිඳවැටීමක ඍජු ප්‍රතිඵලයක් නොවෙයි . මානසික බිඳ වැටීම් රටාවක ප්‍රතිඵලයක් විතරයි . මෙම බිඳවැටීමේ ප්‍රතිඵලයක් විදියට නින්ද නොයෑම තවත් ගැටලු බොහොමයක් නිර්මාණය කිරීමට හේතු වෙනව .

ඒ කියන්නේ නින්ද නොයෑමෙන් මනසට සිදුවන ව්‍යාකූලතා ඉතා ඉහලයි . ප්‍රධානම ගැටලුව තමයි , ශරීරය යහපත්ව නිරෝගීව පවත්වාගෙන යෑමට අවශ්‍ය හෝමෝන අසමබර වීම . මේ හරහා ශරීරයේ බොහෝ ලෙඩ නිර්මාණය කරනවා . ආවේගශීලී බව වැඩිවීම . නින්ද නැති රාත්‍රී කිහිපයකින් පසු ධෛර්යය අඩුවීම , බිය සහ කනස්සල්ල ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීම .
මේ සරලව තේරුම් ගත යුතු දෙයක් ….

මනසට ඇතිවන යම් බලපෑමක් මුල් කරගෙන ඇතිවන මනසේ බිදවැටීමේ ප්‍රතිඵලයක් ලෙස පමණයි නින්ද නොයාම ඇතිවෙන්නේ … හැබැයි එසේ ඇතිවන නින්ද නොයෑම යලි ඔබේ සමස්ථ පද්ධතියට බාධා ඇති කරනවා.

ඒ නිසා “මට මේකෙන් බේරෙන්න ඕනේ” කියන තීරණය ගන්න එක තමයි මේ ගැටලුවෙන් මිදීමේ පළවෙනි පියවර …
එ කියන්නේ ? මුල් විසඳුම – නින්ද නොවෙයි සන්සුන් භාවය . ඇස් වසාගෙන මොහොතක් හිතන්න…

මට අහිමි වුණේ නින්ද නෙවෙයි —
මගේ මනස සන්සුන් වීමේ හැකියාවයි.
එය නැවත නැවත හිතන්න .

? ඔබේ මනස නිවී යන විට නින්දද ඒ සමඟ පැමිණේ… ඔබ තවදුරටත් පීඩා විය යුතු නැහැ. මෙය “මානසික රෝගයක්” නොවෙයි.
මෙය සන්සුන් වීමේ අහිමිකමක් පමණයි.

උපදේශනය තුළින් ඔබේ මනසේ හිරවී තියෙන ගැටළු ටික ලිහාගන්න .. එසේත් නැතිනම් ලෝකයේ දියුණු මෝහන ක්‍රමවේද හරහා ඔබේ මනසේ පීඩාව එළියට ඇද දමන්න …
ඒ තුළින් ඔබේ නින්ද පමණක් නොවෙයි ජීවිතේම සුවපත් වේවි …..

?? මගේ inbox එකට ලියන්න නැතිනම් 0764030952 WhatsApp අංකයට පණිවිඩයක් යොදන්න.

මෝහනවේදී
අයුෂ්මාන්‍ය මනමේන්ද්‍ර
( පොඩි ගුරුතුමා)

error: Content is protected !!