සමාජ සත්කාර

සිසු දරු සරණ 2017 - බෝගමුයාය ප‍්‍රාථමික විද්‍යාලය

පුතේ හදිසියෙවත් ගමට කොටි ආවොත් ඔය ගොල්ලෝ මොකද්ද කරන්නේ ? ගරුතුමාගේ හිතට ආ සිතුවිල්ලක් නිසා දරුවන්ගෙන් එහෙම ඇහුවා.. හමුදාවේ මාමලා කියලා තියෙන්නේ රූට දෙරවල් අරින්න එපා කියලා. අපි දෙරවල් වහගෙන ඉන්නවා.. දරුවන් නික්ම ගියේය… රාත‍්‍රීයේ ගම දෙමින් එක දිගට වෙඩි හඩද බෝම්බ පිපිරෙන හඩද විලාප හඩද අල්ලපු ගමේ සිටි ගුරුතුමාට ඇසුණු… පසුදා හිමිදිරියේම හමුදාවද සමග ගමට දිවගිය ගුරුතුමාට දකින්නට ලැබුනේ මුලු ගමම කපා කොටා ගෙවල්ද ගිණිතබා ඇති අයුරුය…. පෙරදා උදයේ පැමිණි නම් පොත සලකුණු කොට පිටව ගිය දරුයන්ගේ නිසල සිැරුරු එකම පාසල් ශාලාවේ පේලියට තබන්නට සිදුවිය… මාස ගණනක් යනතුරු නම් පොත පෙරලන්නට තරම් සිතක් ඒ පාසලේ ගුරුවරුන්ට නොවීය. එදා ඒ ගුරුවරයා අද ඒ පාසලේම විදුහල්පතිය. අද කොලඹ අපටනම් තිස්වසරක යුද්දයක් තිබුණු බවට මතකයක්ද නැත… අප සමග ගිය සිවු දෙනාම හඩවා ලු එක් සිදුවීමක් පමණි මෙය…..

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x