සංචාරය

ලෝක ශිෂ්ඨාචාරයේ ඉපැරණිම සාක්ෂිය බටදොඹලෙන

අපේ ඉතිහාසය වසර 2500 කට සීමා වෙච්ච ඉතිහාසයක් ලෙසයි බොහෝ දෙනා හිතන්නේ..ඒත් ඇත්තටම වසර 37000 සාක්ෂි සහිත ඉතිහාසයක් අපිට තියෙනවා කිව්වොත් ගොඩක් අයට මේක විහිළුවක් වගේ.. බටදොඹලෙන මේකට හොඳම සාක්ෂියක්..

බටදොබ ලෙනෙහි කරන ලද පුරාවිද්‍යා කැනීම් වලින් වසර 37000 ඉතිහාසයක් මතුකර ගැනීමට පුරාවිද්‍යාවට හැකිවෙලා තියෙනවා. මෙහි වැදගත්ම කාරණාව තමයි වසර 37000 ට පෙර සිටි මානවයා තමන්ගේ ඥාතීන් මියගිය පසු ඔවුන්ව වලක් කපල එහි හිස බටහිරට සිටින සේ භූමදාන කරන්නට තරම් දියුණු ජාතියක් වීම.

අප බටදොබ ලෙන සොයා යන්නට හේතු වුණේ විශේෂ කාරණාවක්. පෙර අවස්ථාවකදී අපෙන් ගිලිහුණු ගජබා යුගය සොයා යන ගමනේදී සබරගමුවේ ගජබා මාලිගය පිහිටි කෛය රාජ්‍ය පිළිබඳව මා යම් තොරතුරු හෙළි කරා.. එම රාජ්‍යය මායිම නැත්නම් ඒ මාලිගයේ ආරක්ෂිත ස්ථානයක් ලෙස තමයි බටදොඹලෙන අපට දැක ගන්නට හැකි වුණේ.

සියොතුන්ගෙ නාදය ජල පහරේ ශබ්දය වනාන්තරය මේ අතරින් බටදොබලෙන දක්වා කිලෝමීටරයක පමණ දුරක් යා යුතුයි. මේ ගමනේ දී අපට කූඩැල්ලන්ගෙන් ඇති වූ බාධාව නං ඉතා විශාලයි.

බටදොඹ ලෙනෙහි බිත්ති එහෙම නැත්තන් ලෙන තුළ කළු ගල දිහා හොඳින් නිරීක්ෂණය කළහොත් මෙය මිනිස් වාසය උදෙසාම සොබාදහමේන්නිර්මා වූ ලෙනක් පමණක් ම යැයි අපට කිව නොහැකියි.එයට හේතුව මේ ලෙන් බිත්ති තුළ විශේෂිත ඛනිජ මූලයන් බොහොමයක් දැකගත හැකි වීමයි. ඈත අතීතයේදී දියුණු ශිෂ්ඨාචාරයන් තුල මෙම කළුගල් තුළ පැවැති ඛනිජ මූලයන් යම් ක්‍රමවේදයකට උකහා ගැනීම උදෙසා හාරා ඉවත් කරන ලද පසුව ලෙන් බවට පත් වූ ස්ථානය යැයි අපිට මේවා සිතිය හැකිය.

මේ සියලු ලෙන්වල පවතින එක් විශේෂ තත්ත්වයක් වනුයේ සුළං ප්‍රවාහය සමඟ ගමන්කල හැකි යම් යානාවකට කිසිදු බාධාවකින් තොරව මෙම ලෙන් තුළට ම ගමන් කිරීමේ හැකියාව පැවතීමයි. අතීතයේදී අපි නොහිතන ආකාරයේ යම් ශිෂ්ටාචාරයක් මේලෙන් මුල්කරගනිමින් පවතින්නට ඇතැයි යන්න එක් වනම බැහැර කළ නොහැකි තර්කයකි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x