සංචාරය

විශ්‍රවස් මුණිවරයාගේ දඹ ගිරිය

හෙළ ජාතිය බිහිවීම පිළිබඳව විවිධ අදහස් පවතී මේ අතර ඉරෙන් ආ කුමරෙක් හා හදෙන් ආ කුමරියක් දඹගිරි පව්වේදී එකිනෙක හමු වීම තුළ හෙල ජාතිය බිහි වී යැයි මතය ප්‍රධානය.
ඉරෙන් ආ කුමරු යනු සූර්ය වංශික කුමාරයෙකි. හදෙන් ආ කුමරිය යනු චන්ද්‍ර වංශික කුමරියකි. එසේනම් මේ කියන්නේ විවාහයක් පිළිබඳවය. සූර්ය වංශයේ හා චන්ද්‍ර වංශයේ එක් වීම පිළිබඳවය.
සරලව ගතහොත් සූර්ය වාංශික රාවණ කුමරුගේ හා චන්ද්‍ර වාංශික මන්දෝදරිය ගෙ විවාහයයි.
අපගේ ඊළඟ සංචාරය වූයේ අශ්වහිස සංකේත ලත් මිනිසාගේ දඹ ගිරිය සොයා යෑමයි.
දඹදිව යනු ඉන්දියාව බවත් හිමාලයේ ඇති මහා දඹ ගසක් මුල් කොට ගනිමින් ඉන්දියාවට දඹදිව යැයි පවසන බවටත් යම් මතවාදයන් ඇත. එහෙත් දඹගස ලංකාවට ආවේණික ඒක දේශික ශාකයකි. අනෙක් කරුණ වන්නේ හිමාලය වැනි සීත පරිසරයක දඹ ශාකය වැවෙන්නේ නැත.

අපගේ පැරණි ශිෂ්ඨාචාරයන් වල එම සිස්ටාචාරයේ සංකේතය ගලින් නිමකර ඇති අවස්ථාවට හමුවේ. සිංහ මුහුණ නාග පෙනය ඉහලට පියාබන සංකේත ගලින් නිම කළ ලෙන් මෙන්ම පර්වත යන් අපට දැකගත හැකිවෙයි.

එසේ නම් අනිවාර්යෙන්ම අශ්වහිස සංකේත ලත් විශ්‍රවස් මුනිවරයාගේ රාජ්‍යය තුළ අශ්වහිස ගලින් නිමකරන ලද ස්ථානයක් පැවතීම අනිවාර්ය සාධකයකි. අනුරාධපුරේ අප එවන් තැනක් පිළිබඳ දනිමු. නමුත් අපිට අවශ්‍ය වනුයේ ගල් කන්දක් මත කර කරන ලද රාජධානියකි.

දඹදෙණි රාජධානියේ වනාන්තරයේ සැඟවුණු අශ්ව හිස හා ඒ ආසන්න වූ උමං මග අපට සොයා ගන්නට හැකිවිම තවත් එක් රැගෙන යෑමකි.

හෙල පාලනය තුළ අශ්වහිස සංකේත ලත් පාලකයන් දෙදෙනෙකු විය. ඒ පියා සහ පුතා ය. පියා නම් පුලස්ති සෘෂිවරයාය. එසේනම් පුතා යනු අන් කවරෙකුත් නොව විශ්‍රවස් මුණි වරයාය. අනුරාධපුරේ අශ්ව හිස සහ මිනිසා නිර්මාණය මෙන්ම පොළොන්නරුවේ පුලස්ති පිලිමය අසලද අශ්ව හිසට සමාන සලකුණක් දැකගත හැකිවෙයි.

වත්මන් ඉතිහාසයට අනුව නම් දඹදෙනිය අග නගරය බවට පත්වූයේ කිස්තු වර්ෂ 1232 දී ය. ඒ විජයබාහු රජතුමාගේ සමයේ දී ය. එය විය හැකි අප දන්නා පමණින් අපේ භූමිය තුළ වරින්වර රාජ්‍ය පාලනය අනුරාධපුරයෙන් පොළොන්නරුවට දඹදෙණිය ටත් සබරගමුවටත් කෝට්ටේ ටත් ව්‍යාප්ත වූ බව කවුරුත් දන්නා කරුණකි. එකම භූමියක අලුත් පාලකයෙකු අලුත් රාජධානියක් බිහි වීම සාමාන්‍ය කරුණකි. අප මේ කතා කරන්නේ වසර පන්දහස් ගණනකට පෙර පැවති ඉතිහාසයක් පිළිබඳවය.

අසුර රාජ්‍යය තුළ දවල අස්සයා ගෙන් නිරූපණය කෙරුනේ දේව ප්‍රධානියා යන අර්ථය යි. පසු කාලීනව බොහෝ බණ්ඩාර දෙවිවරුන්ගේ වාහනය ලෙස දක්නට ඇත්තේ ද අස්සයා ය. උපුල්වන් දෙවියන්ගේ පමණක් කළු අස්සයෙක් දැකගත හැකිවේ. එයට හේතුව වන්නේ තම පුත්‍රයාට තම රාජ්‍ය බාර දීමයි. එවිට ධවල අස්සයාගේ හිමිකාරීත්වය විශ්‍රවස් මුනිවරයාට හිමිවුණි.

මේ ලියන්නෙ රාවණ ඉතිහාසයේ මෙන්ම තවත් අලුත් පරිච්ඡේදයක්……

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close