සංචාරය

කුම්භකර්ණ දෙවියන්ගේ අඩවියේ කලුදිය පොකුණ

කළු දිය පොකුණ යැයි පැවසූ සැනින් අපේ සිහියට නැගෙන්නේ අනුරාධපුරය මිහින්තලා භූමියට ආසන්නයේ ඇති කලුදිය පොකුණ යි.

දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් 16 ක් පමණ දුරක් ගමන් කිරීමෙන් පසු මෙම පුරාවිද්‍යා භූමියට පිවිසිය හැකිය. කණ්ඩලම වැව ආසන්නයේ පිහිටා ඇති මෙම විහාර සංකීර්ණය වෙත ගමන් කල යුත්තේ කන්ඩලම වැව් බැම්ම හරහා ය.

මෙය පහසු මාර්ගයක් නොවේ නිරන්තර වන අලි ගැවසෙන වනාන්තර සීමාවක් ලෙස හැඳින්වෙන මෙම භූමිය හරහා පුරාවිද්‍යා භූමියට ගමන් කිරීමට ඇත්තේ ඉතා පටු මාර්ගයකි.

එසේම වසරක පමණ සිට කිලෝමීටරයකට දුරින් ඇති පාලම ගංවතුරට හසුවී කඩාගෙන යෑම නිසා එතනින් එහාට වාහනයකට යාමට නොහැකි තත්ත්වයක පවතී.

මෙම විහාර සංකීර්ණයේ පුරා විද්‍යාත්මක නාමය වනුයේ දකිණි ගිරි විහාරයයි. මෙහි දකින යනු දක්ෂිණ යන්න විය හැකිය. දකුණින් පිහිටි විහාරය යන්න මෙහි අර්ථය වන්නට ඇත.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සද්ධාතිස්ස රජු විසින් ඉදිකළ සේ සැලකෙන මෙම විහාර සංකීර්ණය පබ්බත විහාර සංකල්පය තුළ ඉදි වූවකි. මෙම විහාර සංකීර්ණය ලෙන් 47 කින් සමන්විත වේ. මෙම ලෙන්වල පවතින විශේෂත්වය වනුයේ බොහෝ ලෙන්වල සෙල්ලිපි දැකගත හැකි වීමයි.

චෛත්‍යය බෝධිඝරය ඇතුළු බොහෝ විහාර අංග ධාතුසේන රජු විසින් ඉදිකළ බව පුරා විද්‍යාත්මක මතයයි.

පුරාවිද්‍යාත්මක සාධකයන්ට අනුව මෙම භූමියේ රහතුන් වහන්සේලා පන්සිය නමක් වැඩ වාසය කර ඇත.

කලුදිය පොකුණ යන නම භාවිතා වන්නට හේතු වී ඇත්තේ මෙහි ඇති පොකුණක ජලය කළු පැහැයෙන් දිස් වීම හේතුකොට ගෙනය. පොකුණක ජලය කළු පැහැ වීමට එහි ගැඹුර හේතුවන බව අප දන්නා කරුණකි.

මෙම පොකුණට අමතරව මෙම විහාර සංකීර්ණය තුළ තවත් පොකුණක් තිබූ බව සඳහන් වේ. එහෙත් එය අපට දැකගැනීමට හැකිවූයේ නැත.

මෙම විහාර භූමියේ ඇති සෙල්ලිපියක සඳහන්ව ඇත්තේ එකොළොස් වැනි සේන රජුගේ යුගයේදී දළතා නම් පුද්ගලයකු විසින් මෙම විහාර භූමියේ වාසය කළ සංඝයා වහන්සේලාගේ ආහාර වියදම් වෙනුවෙන් කලං 23ක රත්තරං පූජා කොට ඇති බවයි.

මෙම ප්‍රදේශයේ සුදු පාලනය පැවතීමට පෙර හිමිකාරීත්වය පැවත ඇත්තේ කුඹුක්කඳන්වල රත්තරං ගෙදර පරම්පරාවටය. රත්තරන් ගෙදර යනු රන් නිෂ්පාදනය කරනු ලැබූ අතීත පරම්පරාවක් විය හැකිය.

මෙම කලුදිය පොකුණ විහාර සංකීර්ණ ආසන්නයේ විශාල කන්දක් දැකගත හැකිවන අතර එහි මුදුනේ බල ගලක් ආකාරයෙන් ස්ථාන ගත වූ ගල් කුලු දෙකක් දැකගත හැකිය.

මෙම විහාර සංකීර්ණයට පිවිසෙන මාර්ගයට වම් පසින් විශාල ගල් තලාවක් දැකගත හැකිවේ. අප යන කාලය තරමක් පැවිලි සහිත කාලයක් වූ බැවින් මෙම ගල්තලාවේ ජලය දැකගත නොහැකි විය.එසේ වුවත් මෙම කන්ද තුළින් ගලා එන ජලය මෙම ගල්තලාවේ මතුපිටින් සහ අභ්‍යන්තරයෙන් ගමන් කරන බව අවබෝධ වේ. මෙම ගල්තලාව ඉතා මටසිලිටු ආකාරයෙන් පැවතීම තුල අතීත භික්ෂූන් වහන්සේලා තම සිවුරු සෝදා පිරිසිදු කොට ගෙන ඇත්තේ මෙම ගල්තලාව මත බව සිතිය හැකිය. මෙම ගල් තලාව සළු ගල ලෙස හැඳින්වේ.

මෙම කඳු මුදුනේ සිට සීගිරියට ඇති දුර හා දඹුල්ල ලෙන් විහාරයට ඇති දුර යම් තරමකින් සමාන වේ.

මෙම පොකුණ අතීතයේදී ලංකාවේ හැඩයට පැවති බව ට යම් මතයක් පවතී. එසේ වුවත් වර්තමානයේ එවැනි හැඩයක් දැක ගැනීම අපහසුය.

අප මේ භූමියට ගමන් කිරීමට හේතු වූ කරුණ අහඹු සිදුවීමකි. කුම්භකර්ණ දෙවියන් තමන් උදෙසා යම් විශේෂිත ආයුධයක් පූජා කරන්න යැයි පැවසූ අවස්ථාවකදී එය උදෙසා ැසි විශේෂිත ලී වර්ගය සොයා බලන විට එය සොයා ගැනීමට හැකිවූයේ මේ ආශ්‍රිත ප්‍රදේශය කිනි. අප එය ලබාගැනීම උදෙසා පැමිණි අවස්ථාවේ ෙම භූමි කුම්භකර්ණ දෙවියන්ට අයත් බව භාවනාවෙන් තොරතුරු ලැබුණේ ඒ ඔස්සේ සොයා බලන විට මෙම ප්‍රදේශයේ සැඟවී ගිය කලුදිය පොකුණ නම් ස්ථානයක් ඇති බව දැනගන්නට ලැබුණි.

මෙම සිදුවීම් හා සම්බන්ධ වන තවත් එක් කාරණාවක් පවතී. පළමුවැන්න වනුයේ මෙම භූමි ප්‍රදේශය මුල්කලීනව කුඹුක්කඳන්වල යන ග්‍රාම නාමයෙන් හැඳින්වීම ය. කුඹුක්කන් ඔය යන නාමය සකස් වී ඇත්තේ කුම්භකර්ණ යන නාමය මුල් කොටගෙන බව සඳහන් වේ. එසේම රත්තරන් ගෙදර යනු අතීතයේ රන් නිෂ්පාදනය හා සම්බන්ධ වූ පිරිසක් ජීවත් වූ ්‍රදේශයක් බව තේරුම් ගත හැකිය. කුම්භකර්ණ හා හෙළ තාක්ෂණය බැඳී පැවතීම තුල මෙම ප්‍රදේශය කුම්බකර්ණට අයත් ප්‍රදේශයක් සේ සැලකිය හැකිය.

තවත් එක් විශේෂ සිදුවීමක් එදින සිදුවිය. ආශ්‍රමය අම්මා තද කොන්දේ අමාරුවකින් පසු වු එදින කිලෝමීටර් කිහිපයක් පයින් යෑමට නොහැකි තත්වයකින් පසු විය. පාලම කැඩී තිබූ නිසා එතනින් එහාට වාහනය ගමන් කිරීමටත් නොහැකි වූ අතර එකදු පුද්ගලයෙක් හෝ ප්‍රදේශයේම නොමැති වූ හෙයින් අම්මව වනාන්තරය තුළ දමා අපට පමණක් යෑමටද නොහැකි තත්ත්වයක් මතුවිය. එයට ප්‍රධානම බලපෑ හේතු වූයේ මෙම ප්‍රදේශය වන අලි ගැවසෙන සීමාවක් වීමයි.

අප පාලම අසලට යන විට ම එක්වරම තරුණයෙක් හා තරුණියක් මෝටර් සයිකලය කින් එතැනට පැමිණියේය. අම්මා අසීරුවෙන් යන බව දැක ඔහු කලුදියපොකුණ භූමිය තුළ තරුණිය නවතා පැමිණ අම්මව බයිසිකලයේ නග්ඟාගෙන රැගෙන ගියේය. යළි පැමිණෙන විටද එලෙසම බයිසිකලයෙන් අම්මව වාහනය අසලට රැගෙන ආවේ කලින් තරුණියව රැගෙනවිත් වාහනය අසල නවතා යමිණි.

අප අවසානයේ තීරණය කලේ අප පැමිණියේ කුම්බකරණ දෙවියන්ගේ අවශ්‍යතාවය ක් පූර්ණය කිරීම උදෙසාය. කුම්භකර්ණ දෙවියන් ඒ මොහොත තුළ අප රැගෙන යා යුතු තැනට යෑමට වූ බාධාව ඉවත් කළ ආකාරය එය බවයි.

වසර කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ ශිලා ලිපි කිහිපයක් විනාශ කොට ඇති බවත් ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට පවා ලක්නොවූ සෙල්ලිපි බවත් දැනගන්නට ලැබුණි. මෙම ප්‍රදේශයේ තවමත් පුරාවිද්‍යා අවධානයට ලක් නොවූ ිශාල භූමි ප්‍රදේශයක් පවතින අතර නාන්තරය තුළ ලෙන් බොහෝ ප්‍රමාණයක් ඇති බවද ගැමියෝ පවසති.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x