ත්‍රීමාණිකත්වය සයමාණික කොට විශ්ව දැල හැකිලූ කලු දිය පොකුණ
අනුරාධපුරය කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ අටමස්ථානයන්ය. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ බුදුදහම රැගෙන ලංකාවට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සිටියේ මිහින්තලා කඳු මුදුන දැකබලා ගැනීම අනුරපුරයට පැමිණෙන කිසිවෙකු අමතක නොකරන කරුණකි.
එහෙත් මිහින්තලා පුදබිම ආසන්නයේම ඇති කලුදියපොකුණ වන්දනා කරුවන්ගේ වැඩි අවධානයකට ලක් නොවන තැනකි. අනුරාධපුර හොරොව්පතාන පාරේ කිලෝමීටරයක් පමණ දුර ගමන් කරන විට කලුදිය පොකුණ තපෝවනය යනුවෙන් සඳහන් කළ කුඩා දැන්වීම් පුවරුවක් දැකගත හැකිවේ. එතැන් සිට ශබ්ද නොනගා මීටර් 100ක පමණ දුරක් වනාන්තරය තුළින් මෙම ස්ථානය වෙත ගමන් කළ යුතුය. භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ-වසන කුටි අවට ඇති බැවින් නිහඬබව රැකීම අනිවාර්යයෙන් ම කළ යුතු කරුණකි.
පුරාවිද්‍යාත්මක ඉතිහාසයට අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු පළමු වස් වැසිම උදෙසා දේවානම්පියතිස්ස රජු විසින්රාජගිරි ලෙන ඇත්වෙහෙර කන්ද කලුදියපොකුණ කන්ද ආදී සීමාවට අයත් අක්කර 150ක පමණ භූමි පුරා පැතිරුණු සෙනසුනක් කරවා මෙහෙම මහරහතන් වහන්සේට පූජා කළ බව සඳහන් වෙයි.
මෙම භූමිය තුල පැවැති ස්වභාවික ලෙන් ගල් දොර ජනෙල් යොදවා සකස් කොට පූජා කොට ඇත. මෙම ලෙන් ශුන්‍යාගාර ලෙස හැඳින්වූ අතර එවන් ලෙන් තිස් අටක් මෙම භූමිය පුරා පැතිර පැවති බව සඳහන් වෙයි.
පොකුණ වටා භූමියෙහි ගොඩනැගිලි සංකීර්ණයක් පිහිටි බවට සාධක දැකගත හැකි වේ. ඒ අතර පොත්ගුල ක් කළුගල් අසුනක් ගාන්ඨාරයක් පහන් දැල්වීමට හෝ රාත්‍රියේ ආලෝකමත් කිරීමට යොදා ගන්නේ යැයි සිතිය හැකියි පහන් තැටි ආකාරයෙන් සැකසුම් කළුගල් සිදුරු කිහිපයක් දැකගත හැකිවේ. කලුදිය පොකුණ මැද සීමාමාලකයක් පැවති බවට සාධක දැකගත හැකි වේ.
කළු දිය පොකුණේ ජලය කළු පැහැ වීම පිළිබඳව විවිධ මත පවතී. එම මත අතර පොකුණ අඩි සිය ගණනක් ගැඹුරු වීම, අවට වනාන්තර වලින් යුතු විම , පතුල කළුගලකින් යුක්ත වීම වැනි කරුණු ප්‍රධාන වේ.
කලුදිය පොකුණ හා බැඳුණු ජනශ්‍රුතිද වෙයි. මෙම පොකුණ රාවණ රජුගේ පිටසක්වළන් රැගෙන එන සිරකරුවන් සිර කිරීම උදෙසා භාවිතා කළ සිර කුටියක් බවත් එය පොකුනේ පතුළ තුළ පිහිටා ඇති බවටත් යම් විශ්වාසයන් වේ.
ඇත්තෙන්ම මේ ස්ථානයේ සැඟවුණු කරුණු පවතී ද යන්න භාවනාව හරහා සොයා බැලීමට මා යොමු විය. එහිදී ලද තොරතුරු ල විද්‍යාත්මක තත්වය ගැඹුරින් අධ්‍යයනය කොට විමසා බැලීම ඒ පිළිබඳ දැනුම ඇත්තන්ගේ කාර්යයකි.
කලුදිය පොකුණවූ කලී රාවණ ඉතිහාසයටත් එහා ඉතිහාසයක් සහිත ස්ථානයකි. මෙම පොකුණ උපයෝගී කොටගෙන ත්‍රිමානික තත්ත්වය සය මානික කොට විශ්ව දැල හැකිලවිය හැකි බව එහිදී පෙන්වා දුන්නේය. මෙය වූ කලී ඉතා සංකීර්ණ විෂය පථයකි. මා මෙය සිදු වන්නේ කෙලෙසදැයි විමසුවෙමි. යම් පරිසර සාධකයන් කෘතිමව නිර්මාණය කළ කල්හි පොකුණට ඉදිරියෙන් ඇති ස්වභාවික පිරමීඩයේ සෙවනැල්ල ජලය මතට ගෙන එය පරාවර්තනය කිරීම හරහා සය මානික තත්වයක් නිර්මානය කරනු ලබයි.
මෙහි කෘතිම පාරිසරික තත්ත්වයන් යනුවෙන් අදහස් කරනු ලැබුවේ සූර්ය ආලෝකය හා මිහිදුම එක හා සමාන ව පැවතිය යුතු වීමයි. එහෙත් ප්‍රායෝගිකව එය සිදු වන්නක් ද යන්න මා හට ගැටළුවක් මතුවිය. එය අවබෝධ කර දෙන්නට මෙන් එක් පසකින් සූර්යාලෝකය පවතින අතරම පොකුණට මද වැස්සක් වසින්නට විය. එවිට විල මතින් මිහිදුම් ඇතිවන අයුරු අපට දැකගත හැකි විය. අතීතයේදී විලමැද සවිකර පැවැත්වුණු වතුරමල් හරහා නිරන්තරව මෙම ස්වභාවය පැවතිබව සිතිය හැකිය.
මෙම පැහැදිලි කිරීමෙන් පසු පොකුණට ඉදිරියෙන් ඇති කන්ද දෙස හොඳින් නිරීක්ෂණය කළ විට එය ඉතා පැහැදිලි ලෙසම ස්වභාවික පිරමීඩාකාර හැඩයකින් යුතු වේ. ඉර නැගෙන අවස්ථාවේ දී එම කන්දේ සෙවනැල්ල පොකුණට වැටෙන බවද දැකගත හැකිවේ.
මෙසේ ඇතිවන සය මානික තත්ත්වය හරහා විශ්ව දැල අපට අවශ්‍ය ආකාරයෙන් හැකිළ විය හැකි බව පෙන්වා දුන්නේය. මේ හරහා විශ්ව තරණය පහසුවෙන් කළ හැකි වෙයි.
රාවණ රජු තම පුත්‍රයා උපන් අවස්ථාවේ ග්‍රහ මණ්ඩලයම එක්තැනකට ගත් බව ජනශ්‍රුතියේ වෙයි. මෙවන් තාක්ෂණික ක්‍රමවේදයක් පැවතියේනම් එවන් කාර්යයක් කිරීමේ හැකියාව පැවතුණා විය යුතුය.
පොකුණ අසල ඇති විශේෂිත ඉදිකිරීමක් ලෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන එක් කරුණක් නම් නූතන ගුවන්යානා වලට නැගීමට භාවිතා කරන ඉනිමග හා මෙය සම වන බවයි. එම ගල්තලාවේ පටු බව මත ගොඩනැඟිල්ලක් සකස් කළ නොහැකි තත්වයක් මත එතරම් ගල් පඩි යොදා ඉදිකිරීමක් කර ඇත්තේ ඇයිදැයි යන්න විමසීම වටී.
කලුදිය පොකුණේ අභ්‍යන්තරය කළුගලකින් සකස් කොට ඇති බව සත්‍යයකි. එසේනම් මෙම පොකුණ කෘතිම ව ම නිර්මාණය වූ පොකුණක් නිසා ස්වාභාවිකව නිර්මාණය වූවක් නොවන බව තේරුම්ගත යුතුය. කළු ගල් භාවිතා කිරීමට ප්‍රධානම හේතුව ප්‍රබල ශක්තියක් දරාගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම විය යුතුය.
ඉතිහාසගත කරුණු කුමක් වුවත් කළුදිය පොකුණ ආරණ්‍ය සේනාසනය ඉතා නිස්කලංක මෙන්ම අතීත ප්‍රෞඩත්වය තවමත් නොනැසී පවතින ස්ථානයක් යැයි පැවසිය හැකිය. මෙම භූමිය වූ කලී නිදහසේ විඳිය යුතු භූමියකි. මක්නිසාදයත් ඒ තුළ ඇස් දෙකෙන් දකින දෙයට එහා ගිය මහා ඉතිහාසයක් සැඟව පවතින භූමියක් බැවිනි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
[…] ත්‍රීමාණිකත්වය සයමාණික කොට විශ්ව දැල… […]