සංචාරය

අසරුවාගෙන් උදව් ලද දඹුලු විහාරය

දඹුලුවිහාරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ… හැමෝම හොදින් දන්න තැනක්නේ

දඹුලු ලෙන් විහාරය වලගම්බා රජු විසින් ක්‍රි.ව. 43-17 කරවූ බව සඳහන් වේ. දඩයමේ ගිය සීතා නම් වැද්දෙකු මෙම ලෙන පිළිබඳව රජුට දැන් වූ බවත් රජු විසින් ලෙන්වල කටාරම් කොටවා ලෙන් විහාරය කරවු බව කියවෙනවා.
වළගම්බා රජු, නිශ්ශංක මල්ල රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු යන රජවරුන්ට අයත් ප්‍රතිමා තුනක් ද උපුල්වන්, තාරා දෙවඟන, නාථ විෂ්ණු යන දේව රූප 4ක් ද මෙහි ඉදිකර තිබීම මෙහි විශේෂත්වය ක්.

මගේ හැගීම මෙය හෙල පාලන එකකයක් පැවති ස්ථානයක් බවයි. මොකද වලගම්බා රජු පන්සල් ඉදිකල තැන් සියල්ලම යක්ෂ ගෝත්‍රිකයන්ට අයත්ව සගවා ගෙන ප්‍රවේසම් කරගත් ස්ථානයන්…

එ වගේම තමයි නව සුර්ය යුගයත් සමග බටහිරයන්ට මේ ස්ථානයේ වටිනාකම වැඩිවේවි. එයට හේතුව විශේෂිත සංඛ්‍යාත පරාසයක් මෙම ප්‍රදේශයට හසුවන බවට ඇති විශ්වාසය යි.

මට කියන්න අවශ්‍ය වුනේ වෙනත් කථාවක්…..

අපි දඹුල්ලට යන දවසේ අම්මගෙ කොන්දේ අමාරුවක් තිබුණා . එදා ටිකක් අමාරුවෙන් තමයි කන්ද නැග්ගේ … ඒ හින්දා අපි ලෙන්විහාර බලන වෙලාවේ දී අම්මා එතන බෝධිය යට භාවනා කර කර හිටියා . මේ වෙලාවෙදි අම්මට කලන්තේ ගතියක් ඇවිල්ල තියෙනවා. ඉතින් අම්මා විශ්ව ශක්තිය ඉල්ලලා ..ඒ. වෙලාවෙ අම්මට ඇහිලා තියෙනවා පිටිපස්සෙන් අස්සෙ කුර ගැටෙන සද්දයක්. අම්මා භාවනාවෙන්ම බලල…
අසරුවෙක් ඇවිල්ලා අම්මට කියලා දැන් නැගිටින්න , දැන් ඔබගේ ශරීරයේ රෝගී ගති අවසානයි , දැන් ඔබට නිරෝගිව යන්න පුළුවන් කියලා….

ඉතින් මං එනට ආවට පස්සෙ අම්මාඒ ගැන කිව්වා . අපි එතනින් බැහැල ඉන්පසු ගියේය අනුරාධපුරයට… .එතනට ගියාට පස්සේ අශ්ව හිස සහ මිනිසා කැටයම ලඟදි අම්මා කියනවා මම දැක්කෙ මෙන්න මේ මුහුණුවරමයි කියලා ….

මෙන්න මේකයි මට කියන්න ඕන වෙච්ච කාරණාව….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x