සංචාරය

උකුසු මිනිසුන්ගේ නිජබිම සොයා යෑම

පැරණි ලංකාවේ අංඟන තුනක් පැවතියේය. රාජාංගනය මහියංගනය හා මුතියංගන යනු එම අංඟන තුනයි. අනුරාධපුරයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි රාජාංගනය වඩා ප්‍රසිද්ධව ඇත්තේ එහි පිහිටි හත්ථිකුච්චි නම් වු පුරාවිද්‍යා බිම නිසාය.

ක්‍රිස්තු වර්ෂ 247 දී අනුරාධපුරයේ රජ කළ සිරිසඟබෝ රජු තම රාජ්‍ය අතහැර භාවනායෝගීව ගත කළ ස්ථානය හත්ථිකුච්චිය යැයි විශ්වාසයක් පවතී. සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය යැයි සලකා ඒ හා බැඳුණු නාමයන් මුල් කොට ගනිමින් නම් කරන ලද පුරාවිද්‍යාත්මක ස්ථානයන් මේ භූමිය පුරා දැකගත හැකිවේ.

මෙම පුරාවිද්‍යා භූමිය තුළ විශේෂිත ස්ථානයන් දෙකක් පවතී. පළමුවැන්න වනුයේ ඉර හඳ නොදුටු පොකුණයි. ඉතිහාසයේ සඳහන් වන පරිදි සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයේ ඉර හඳ නොදුටු පොකුණක් තිබූ බවට සදහන් වේ.
සිරිසඟබෝ රජුගේ හිස නැති කවන්ධය මිහිදන් කළ බව සැලකෙන චෛත්‍ය අසල ඇති ගල් කන්දේ ඉතා සියුම්ව ගල් ලෙනක් හා සමානව ආවරණය කොට සාදා ඇති පොකුණ මෙය යැයි සැලකේ. එයට හේතු වනුයේ එම පොකුණට සඳ එළිය හෝ හිරු එළිය නොවැටීමයි.

දෙවැන්න වනුයේ ගල් කන්දක් මත පිහිටි මා බල ගලක් යයි නම් කරනු ලබන ඉතා සියුම් ආකාරයෙන් සමබරව ස්ථානගත කොට ඇති බල ගලයි.

මා කවුරුත් දන්නා සිරිසඟබෝ ඉතිහාස කතාව නොලියා ඉතිහාසයේ සැඟව ගිය වෙනත් ඉමක් මතුකර දැක්වීම වඩා සුදුසු යැයි සිතමි.

හත්තිකුච්චි සංචාරය උදෙසා අප පෙළඹෙන්නේ ආශ්‍රමයේ අම්මාගේ ගජබා යුගය හා සබැඳි පෙර ආත්මයක තතු සොයා ඇයගේ පෙර මාලිගාවක් වූ කෛය මාලිගයට ගිය ගමනයි.

වසර පන්දහස් ගණනකට එහා අතීතයට දිවයන සිද්ධි දාමයන් රැසක අගමුල ලිහාගන්නටත් ඒ හා බැඳුණු ජනසෘති බොහොමයක කරුණු කාරණා හෙළි කර ගන්නටත් මේ හරහා අවස්ථාව උදා වුණී.

ගජබා රජු බරගමුවේ පාලනය තමන්ට නතු කර ගැනීම උදෙසා යක්ෂ ගෝත්‍රිකයින් සමූල ඝාතනය කළ බව මා පෙර ලිපියක සඳහන් කළා මතක ඇති… එහිදී ගජබා රජුගේ හමුදාවේ ප්‍රධාන කාර්යභාරයක් සිදු කරන්නේ හත්තිකුච්චිය මුල් කොට ගනිමින් ජීවත් වූ උකුසු මිනිසුන්ය.

උකුසු මිනිසුන්ගේ මුල් සම්භවය මිසර ශිෂ්ටාචාරය දක්වා දිවයයි. මිසරයේ ආධ්‍යාත්මික රුජින හා ඇයගේ සැමියා පාලන බලය වෙනුවෙන් එකිනෙකා හා සටන් කළ බවත් එහිදී රාවණ රජු ආධ්‍යාත්මික රැජිනට උපකාර කොට ඇයට මිසරයේ සිහසුන උරුම කර දුන් බවත් මා වරින් වර ලියූ ලිපි වල සඳහන් වු බව මතක ඇති. මෙලෙස රාවණ රජු උකුසු මිනිසුන් ලෙස භාවිතා කල හමුදාව වුයේ තම මවගේ පියා වු සුමාලියගේ හමුදාවයි. දේවයානී කුමරියට ලෝක ශිෂ්ටාචාරයන් තමා යටතට නතු කර ගැනීමට උපකාර කළ එක් භට කණ්ඩායමක් ලෙස ද උකුසු හමුදාව දක්වාලිය හැකිය. මෙය පිරමීඩ මිනිසුන් හා හෙළ යක්ෂ ගෝත්‍රික සම්මිශ්‍රණයක් සහිත ව නිර්මාණය වුණු අති විශේෂ බලඇණියකි.

මිසරයේ පාලක පන්තීන්ට සම්බන්ධ රැජිණියන් කිහිප දෙනෙකුම උකුසු පියාපත් සහිතව හෝ රනින් තනන ලද උකුස්සකු යෙදු ඔටුනු පළඳින බව දැකගත හැකිවේ.

ගජබා රජුට දරුවෙකු නොවු නිසා මරණාසන්න මොහොතේ ඔහුගේ රාජධානිය බිසවගේ පියා වු නා රජුට පැවරීය. නාම මාත්‍රිකව මහලු නා රජු ලෙස සිටියද කෛය රාජ්‍යයේ පාලනය පැවරී තිබුනේ පවරා නම් කුමරියකටයි.
ගජබා රජුගේ මරණයෙන් පසු කාලයේ දී කෛය මාලිගයට යළිත් යක්ෂ ගෝත්‍රිකයන්ගේ රහසිගත පහරදීමක් සිදුවන අතර එමගින් රජ පවුලම මරණයට පත් වේ.
( කෛය රාජධානියේ බිද වැටීම හා පවරාගේ භූමිකාව ඉදිරි ලිපියකින් සවිස්තරාත්මකව ලියවේ )

කෛය රාජධානියේ පාලනය ගිලිහීමත් සමගම එම මාලිගය තුල පැවති උකුසු මිනිසුන්ගේ පාලන සංකේතයක් වු අසිපතක් යලි ලබාගැනීම උදෙසා හත්ථිකුච්චියෙන් උකුසු බලඇණියක් පැමිණියේය . අවාසනාවකට උකුසු බලඇණිය පැමිණෙන විට කෛය රාජ්‍යය යක්ෂ ගෝත්‍රිකයන් අතට පත්ව අවසානය. ගිරි දුර්ග පිලිබදව නොදත් උකුසු බලඇණියට බලාපොරොත්තු වු අයුරින් පවරාගෙන් උපකාර නොලැබිම හේතුවෙන් යක්ෂ ගෝත්‍රිකයින් අතින් මරණයට පත්වන්නට සිදු වන අතර එසේ මියගිය ආත්ම එම කඳු වළල්ලේ සිරවිය.

අප එම භූමියට ගොස් කෛය මාලිගයේ සිරව ඇති රජ පවුලේ ආත්ම නිදහස් කිරීමෙන් පසු උකුසු මිනිසුන්ගේ ඉල්ලීම වූයේ ඔවුන්ගේ ආත්මද නිදහස් කර ඔවුනගේ නිජ බිම් කරා රැගෙන යන ලෙසයි. එසේ නොවෙන්නේ නම් එම ආත්ම වලට මිදීමක් ලැබිය නොහැකි යැයි ඔවුන්ගේ අදහස විය.

අප හත්තිකුච්චි යන්නේ එම ඉල්ලීම ඉටු කරනු සඳහාය.

ලෝකයේ බොහෝ ප්‍රදේශ තම බලයට යටත් කොට ගත් මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව දක්වා සටන් කරමින් පැමිණ එතැනින් පහලට පැමිණීමට සැලසුම් සකස් කරමින් සිටියේය. එ අවස්ථාවේදි රජුගේ සටන් වලට ප්‍රභලව දායකත්වය දැක්වූ පිරිසක් ඇලෙක්සැන්ඩර් රජු හැර යෑම හේතුවෙන් සටන් නවතා යළි හැරී යෑමට සිදුවූ බවත් එම ගමනේදී රජු රෝගාතුරව මරණයට පත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ රජයේ සලකුණ ඉහලට පියාඹන උකුස්සාය.

මෙහිදී අපට සිතීමට ඇති එක් කරුණක් ඇත. ඉන්දියාව තම ග්‍රහණයට ගැනීමෙන් පසු මහා ඇලෙක්සැන්ඩර් රජු ඊළඟ සැලසුම සකසන්නට ඇත්තේ හෙළ පොළොව තම ග්‍රහණයට ගැනීම උදෙසා විය යුතුය. එහෙත් උකුසු මිනිසුන් එයට එකඟ වූයේ නැත. ඒ තම භූමිය වෙනත් රජකුගේ යටතට පත් කරන්නට ඔවුන් අකැමැති වූ නිසා විය යුතුය. අැලෙක්සැන්ඩර් රජු ට එතැනින් පසු යළි හැරී යන්නට සිදු වනුයේ උකුසු මිනිසුන් නොමැතිව ජයග්‍රහණයක් ලබන්නට නොහැකි බව ඔහු අවබෝධ කොටගෙන සිටි බැවින් විය යුතුය.

මා මුලින්ම මේ ස්ථානයේ දක්නට ඇති බල ගලක් පිළිබඳව සඳහන් කළෙමි. ලෝකයේ බොහෝ පැරණි ශිෂ්ඨාචාරයන් වල මෙම බල ගල් දැකගත හැකි වේ. මෙම බල ගල් හරහා අකුණු උපයෝගී කරගනිමින් යම් ශක්ති විශේෂයක් නිර්මාණය කොට ගබඩා කර ගැනීමේ හැකියාව පවතී. එම ශිෂ්ටාචාරවල බල අවශ්‍යතා උදෙසා යොදා ගනු ලබන්නේ මෙසේ ගබඩා කරගනු ලබන ශක්තියයි.

මෙය කියවන බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් ඇත. වර්තමානයේ දී උකුසු මිනිසුන් යනු මිනිසුන් කොටසක් ද නැතහොත් මළගිය ආත්මයන් කොටසක්ද යන්නයි. එකල්හි උකුසු මිනිසුන් ලෙස ජීවත් වූ මිනිස්සුන්ගේ නැවත ඉපදීම් මෙන්ම පරම්පරා ව්‍යාප්තින්ද වර්තමානය දක්වාම පවතී. එහෙත් මා මෙහිදී උකුසු මිනිසුන් ලෙස අදහස් කරනුයේ එදා සක්‍රීය ලෙස මිනිසුන් ලෙසින්ම ජීවත් වූ මිනිසුන්ගේ ශක්තිමත් ආත්මයන් ය. ඔවුන් වු කලී අප දන්නා මළගිය ආත්මයන්ට වඩා ප්‍රබල හැකියාවන් සහිත යම් ජීවී විශේෂයකි. එය ඔවුන්ගේ හැකියාවන් හා ඔහුන් ගොඩනගාගත් බලයන් මත ඇතිවන්නක්ය යන්න මාගේ හැගීමයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close