සංචාරය

සක්වල චක‍්‍රයේ සැගවුණු හෙලයේ යතුර

අනුරාධපුරයට යන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම බලන්න යන ස්ථානයක් තමයි රන්මසු උයන. මේ පිළිබඳව අපේ පුරාවිද්‍යාවෙන් නිශ්චිත හෙළි කිරීමක් නැහැ. විවිධ විද්වතුන් විවිධ අදහස් පළ කර තියෙනවා.

මම මේ ලිපිය ලියන්නේ මෙතෙක් කරන ලද අද්විතීයම සොයාගැනීමක සතුට අත්විදිමින්…. නමුත් ඒ සතුට සමස්තයටම දෙන්නට බැරිවේවි. මොකද හෙලිනොකල යුතුදේ හෙලිනොකල යුතුම නිසා… බොහොම සරලව කිව හැකි කොටස කිව්වොත් සක්වල චක‍්‍රය කියන්නේ තවමත් සක‍්‍රීය මට්ටමේ පවතින්නක් … ඉතිං අපේ මිනිස්සු කොච්චර බුද්ධිමත්ද කියන එක කවදාක හරි ඔබට තේරේවි…. මෙය සම්පුර්ණයෙන්ම මානසික ක‍්‍රීයාවලියක් ….

විශ‍්‍රවස් මුණි වරයාගේ රන්මසු උයනේ ගලක කොටා ඇති සක්වල චක‍්‍රය ලෝක අවධානයට ලක්වුවකි . මෙය සක්වල දොරටුවක්ය යන්න බටහිරයන්ගේ මතයයි. මම එකහෙලාම එයට විරුද්ද වෙන්නේ නැහැ. මොකද එය සක්වලටද ගමන් කල හැකි ක‍්‍රමයක් නමුත් මින් සිදුවන වෙනත්ම කාරණා බොහොමයක්ම පවතිනවා. එවා පිලිබදව අවධානය යොමු කරවීම මා උත්සහ දරණවා.

ද්පර යුගයටත් පෙරදී පැවතී ලෝකය අද අපට තේරුම් ගැනීමට තවමත් නොහැකි වෙලා තියෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. මහා පිරමීඩ ඉදිකල තාක්ෂණය පිරමීඩ ඇතුලේ ඇති ගුවන් යානා සිතුවම් මිණි කල්තබා ගැනීම මානසික අවි ආදීය විද්‍යාවටවත් තවමත් තේරුම් ගත නොහැකි දේවල්.

ඩී න් ඒ අනුවක් ක‍්‍රීයාකරන ආකාරය

රන්මසු උයනේ ඇති සක්වල චක‍්‍රයත් එවැන්නක්… 2014 දක්වාම මටත් මෙය දැනුනේ සක්වල චක‍්‍රයක් ලෙසම තමයි . නමුත් එහි ක‍්‍රීයාකාරීත්වය පිලිබදව යම් යම් තැන් වල තේරුම් ගත නොහැකි කරුණු පැවතියා. නමුත් මට තේරුම් ගියා මෙයත් හරියට ඞී එන් ඒ අනුවේ සිට මහා විශ්වය නිර්මාණය වීම දක්වාම එකම විව්‍යුහාකාර හැඩයක් හේතුවන්නා සේම මේ සක්වල චක‍්‍රයේත් ශූක්ෂම පිහිටීමක් මධ්‍ය පිහිටීමක් මහා පිහිටීමක් සක්වල පිහිටීමක් පවතින බව.

2018 අගෝස්තු 28 මේ සියල්ල පරමාත්මිය ශක්තිය විසින් පෙන්වා දෙනු ලැබුවා. මෙහි ගැඹුරු ක‍්‍රීයාකාරිත්වයක් තව තියේවි. නමුත් ශූක්ෂම ක‍්‍රීයාවලියත් මධ්‍ය ක‍්‍රීයාවලිත් සම්පුර්ණයෙන්ම අත්විද අවසානය.

කුන්ඩලීණි ශක්තිය ක‍්‍රීයාකරන ආකාරය

මෙහි සමස්ත ක‍්‍රීයාකාරීත්වය පවතිනුයේ මානසික ක‍්‍රීයාවලියක් තුළය. මෙහි ශූක්ෂම පිහිටීම යනු සක්වල චක‍්‍රය ගලේ කොටා ඇති ස්ථානයේ සිටම යම් මානසික ක‍්‍රයාවලියක් තුළින් එය ක‍්‍රීයාත්මක කරවීමයි. දෙවැන්න නැතහොත් මධ්‍ය පිහිටීම තුළින් මෙම චක‍්‍රය හෙල පොලව තුළ ස්ථානගත කරවීමත් එය මානසිකව බල ගැන්වීමත් සිදුවෙයි. තෙවැන්න

සමස්ත ලෝකයටද ඉන්පසු සක්වලයටද ස්ථානගත කිරීමක් සිදුවෙයි.

හෙලයේ යතුර ලෙස සැලකෙන්නේ මෙම දෙවන අවස්ථාවයි. සෑම නව සුර්ය යුගයක් ආරම්භයේදීම එම යුගයට ගැලපෙන ලෙස හෙල පොලව ක‍්‍රීයාත්මක කරවීම සිදුවන්නේ මෙම යතුර නිසි ස්ථානගත් කිරීමක් තුළින් මානසිකව එය බලගැන්වීමයි. මෙය සාමාන්‍ය මනසකට තේරුම් ගත නොහැකි තරම් සංකීර්ණ අදහසකි. මෙය මා සරල උදාහරණයකින් පැහැදිලි කිරීම වඩා සුදුසුයැයි හැගේ… යම් අක්කර ගණනක ඉඩමකට කර ඇති හුනියමක් එම භූමියට පයවත් නොතියා ගල් කැබැල්ලක් උපයෝගි කරගෙන කපා ඉවත් කරන්නට හැකිනම් එතන ඇත්තේ මානසික ක‍්‍රීයාවලියකි. සක්වල චක‍්‍රයේ ක‍්‍රීයාකාරීත්වය තුළ ඇත්තේද එවන්ම ක‍්‍රීයාත්මක වීමකි.

සෞරග‍්‍රහ මණ්ඩලය ගමන් කරන ආකාරය

2014 ජනවාරි යම් දිනක මා මෙය භාවනාවෙන් ලද ආනුභුතින්මත ලංකා සිතියම මත ස්ථානගත කරන්නට සැරසුණි. එහිදී මතුවු ප‍්‍රධානම ගැටලූව එහි පරිමාණය කෙසේ විය යුතුද යන්නය. එම ගැටලූවට විශ්වයෙන් මා හට දුන් මග පෙන්වීම නම් නාලන්දා ගෙඩිගෙය මධ්‍යලක්ෂය කොට එහි ඇති සක්වල චක‍්‍රය අනුරාධපුරයට ගැනීමෙන් ඇතිවන පරිමාණය මත ස්ථාපිත කල යුතුය යන්නය. මා එසේ සිදුකිරීමත් සමගම මෙතෙක් රහසක්ව පැවැති හෙලයේ බොහෝ දේ එකින් එක පෙනෙන්නට විය.

මෙසේ ස්ථානගත කිරීමෙන් පසු මෙහි නිර්මාණය වී ඇත්තේ හෙල රන්මසු උයන නැතහොත් විශ‍්‍රවස් මුණිවරයාගේ රාජධානිය තුළ පිහිටා තිබු සක්වල සබදතා අදාල ස්ථාන මාලිගා ගුවන් අංගන ගලිසි තොටුපලවල් ස්වාභාවික ඛණිජ නිධි ආදිය ආදිය පිලිබදව දැක්වෙන සිතියමක් යැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.

මෙය ස්ථාන ගත කිරීම මානසීක ක‍්‍රියාවලියක් බව මා කලිනුදු පැවසුවෙමි. හෙළයේ යතුර ලෙස මා එය නම් කරන්ට හේතුව මෙය ස්ථානගත කිරීමත් සමගම මෙම සක්වල චක‍්‍රයේ ඇති විශේෂිත සලකුණු යේදි ඇති ප‍්‍රදේශවල එකදිගට ගිණි ගැනීම් ඇති වීමයි. එවා කොතරම් අහඹු ගිනිගැනීම්ද යත් නවතා ඇති බස්රථ ගමන් කරන බස්රථ කඩ සාප්පු වනාන්තර ආදී සිතාගත නොහැකි ආකාරයේ ගිණි ගැනීම්ද එතුළ විය.

ස්විචයක් ක‍්‍රීයාත්මක කිරීමේදි ගින්දර ඇතිවන අයුරු අප දැක ඇත . අකුණක් පොලව හා ගැටීමේදි ගින්දර හටගන්නා අයුරු අප දැක ඇත . ගල්දෙකක් එකිනෙක ගැටෙන විට ගින්දර හටගන්නා බව අප දැක ඇත . එසේනම් අවකාශයේ ක‍්‍රීයාත්මක වන සක්වල චක‍්‍රය පොලව හා ගැටෙන බලකේන්ද්‍ර ගිණි ගැනීමද විය හැකි දෙයකි.

එතනින් එහා කාර්යයන් ඇත්තේ විශ්වයටය නැතිනම් නව සුර්ය යුගයටය. මෙතෙක් හෙල පොලවේ පැවති පරිසර පද්ධතිය වෙනස් වන බව 2014 සිට මා වරින් වර පෙන්වා දුන්නේ මේ යතුර සක‍්‍රීය වීම සිදුවු බව මා දන්නා හෙයිනි. නව ශක්ති කලාප බිහිවෙද්දි බටහිරයේ එම කලාප වල ඉඩම් මිලදී ගන්නා බවට අනාවැකි කියන්නේද එවා සත්‍ය වන්නේද එ සක‍්‍රය වීම තුළින්මය. ඉදිරියේ උදාවන සීත යුගයද එහි සක‍්‍රීය වීමේ ප‍්‍රථිඑලයකි.

මම මේක එදා පැහැදිලි කරද්දි කියපු දෙයක් තමයි මෙච්චරකල් අප කථාකරපු ඉතිහාසය වගේම සුද්ධා අපිට කියලා දීපු ඉතිහාසය මේ සොයාගැනීමත් සමගම අලූතින් ලියන්නට වෙයි කියන එක මේ වෙනවිට සිදුවෙමින් තියෙන්නේ අන්න ඒ දේයි.

එසේනම් මේ යතුරේ ඇති සංකේත මොනවාද යන්න ඔබේ මනසේ මුලින්ම මතුවන ගැටලූවයි. එබැවින් එම සංකේත එකින් එක අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

රවුම් සංකේත

මෙම රවුම් සංකේත තුළින් හෙළ ශිෂධාචාරයේ පාලන එකක හා හෙළ ශිෂ්ඨාචාරයේ පැවැත්මට වැදගත් ස්ථාන සංකේතවත් විය. මෙය රවුමක් තුළ ඇති කතිරයකින් සලකුණු කිරීමට හේතුවනම් පැරණි සෑම ශිෂ්ඨාචාරයකම ආධ්‍යාත්මිකත්වයට පිවිසුම සංකේතවත් කරනු ලබන්නේ කතිර කතිර සලකුණු

කතිර සලකුණු

සලකුණකණකින් වීමයි . සීගිරිය මැදිරිගිරිය වස්ගමුව මඩකලපුව උණුදිය උල්පත් උඩුපුස්සැල්ලාව කොත්මලේ ගිණිගත්හේන පේරාදෙණිය දෙගල්පෝරුව පොතුහැර ආදී තැන් මේ රවුම් තුලට වැටෙනවා. අද මේ නම් භාවිතා කලාට මේ ආසන්න ප‍්‍රදේශවල විශේෂිත තැන් පැවතියය යුතුයි.

 

මසුන් වලල්ල

මත්ස්‍ය සලකුණු

වටා ඇති වලල්ල හා මසුන්ගේ සලකුණු වලින් රන් මසු උයනේ නැතිනම් විශ‍්‍රවස් මුණිවරයාගේ බල ප‍්‍රදේශයේ පාලන සීමාව දැක්වෙයි. මෙහිදී මත්ස්‍ය සලකුණු පිහිටා ඇති තැන්වල පරිවාර ආරක්ෂකයන්ගේ ස්ථානගතවීම් පැවතුණි. පසුකාලීනව මේ තැන් වල රජමහ විහාර පිහිටුවීමත් බණ්ඩාර දෙවිවරුන්ගේ බලප‍්‍රදේශ ලෙස පිලිගැනීමත් සිදුවුණි. මෙම රවුමේ මසුන් පිහිනීම සිදුකරනුයේ එකම දිශාවකටය. මෙමගින් අදහස් කරන්නේ මෙම යතුර සිථානගත කිරීමේදි මසුන් පිහිනන දෙසට කැරකැවිය යුතු බවය.

 

සංනිවේදන පද්ධති

දෙපසින් ඇති මෙම සලකුණු දෙක ඉතාමත් වැදගත් සංකේත දෙකකි.

මේ දෙකින්ම කියවෙන්නේ විශ්වය හා ගණුදෙණු සංනිවේදන පද්ධති දෙකයි. මින් වම් පසින් ඇති සංනිවේදන පද්ධතිය පැරණි පද්ධතිය වන අතර නව සුර්ය යුගය එළඹිමත් සමගම දකුණු පස ඇති පද්ධතිය සක‍්‍රීය වීම සිදුවෙයි.

පසුගිය වසරේදි මෙම සංනිවේදන පද්ධතිය සක‍්‍රීය වු බවට මා අනාවැකියක් පැවසීීමත් සමගම රෝස් 128 නම් ග‍්‍රහලොවකින් ප‍්‍රතුවියට පණිවිඩයක් ලැබෙන්නට පටන් ගත්බවට බටහිරින් තොරතුරු හෙලිවිය.

ඇමරිකන් හඩ පිහිටා තිබුණේද මෙම වම් පස ඇති සංනිවේදන පද්ධතිය ආසන්නයේදිය. ඇමරිකන් හඩ පිටව යෑමට තීරණය කරන්නේද මෙම අක‍්‍රිය වීමත් සමගය.

නැගෙනහිර ඉඩම් දෙස බටහිරයන් බැල්ම හෙලන බවට මා අනාවැකි කියන්නේද මේ තුළිණි.

 

උණු වතුර ලිං

උණු වතුර ලිං

මේ තැන් දෙක නව සුර්ය යුගයට ඉතා වැදගත් තැන් දෙකක්. විශ්වය හා ගණුදෙනු කරන සංනිවේදන පද්ධතිය හා එයට නිරන්තරව බලය සපයන ස්වාභාවික බල කේන්ද්‍රයක්. උණුවතුර ලිං මම කලිනුත් මේ ගැන කිව්වා. මෙය වසර 14000 වඩා පැරණි පද්ධතියක්. උණු වතුර ලිං කියන්නේ නිර්මාණය කරන ලද්දක් ලෙයසි මා දකින්නේ . මේ පැත්තේ තියෙන පරිසර පද්ධතියයි . කලින් බිදවැටුණු සංනිවේදන පද්ධතිය පැවති ඉරණවිල පැත්තේ පරිසර පද්ධතියයි බොහෝ සමාණයි. තවත් මේ හරහා සිදුවන දෙයක් කියලා හිතෙන දෙයකුත් තියෙනවා . අපේ චක‍්‍රාවාටය තුලට ඇතුලූ වන යානා වලට බලය සැපයීම. බ්ලැක් නයිට් චන්ද්‍රිකාවට බලය සපයන එක් තැනක් ලෙස මෙය සැලකිය හැකියි.

සන්නිෙවිදන පද්ධති

මෙම කතිර සලකුණු මගින් දක්වා ඇත්තේ සන්නිෙවිදන පද්ධති දෙක පැවති තැන් දෙක එය රටේ බටහිර හා නැගෙනහිර. හැබැයි මේ තැන් දෙකේ පරිසර පද්ධතිය මෙන්ම තවත් විශේෂිත සමානකමක් පවතිනවා. ඒ ආසන්නයෙන් ඇති කලපුව. කලපුවක් කියන්නේ නොගැඹුරු ලවණ ජලය පිරි තටාකයක්. මෙයත් බලශක්ති නිශ්පදනය වෙනුවෙන් භාවිතා වන ක‍්‍රමවේදයක් විය යුතුයි.

ලංව පිහිටි වළලු

පිටසක්වල යානා පැමිණිමේ ගමන් මාර්ගය හා රන්මසු උයනේ අතුලූ නගරය නැතිනම් සක්වල චක‍්‍රය හා නුවර වැවේ මැටි වළලු වෙනත් තලයක පිහිටි නගරයකට ඇති ප‍්‍රධාන පිවිසුම් මාර්ගය මින් සංකේතවත් වෙයි. ඉහලින් ඇති වලලූ මගින් සක්වල චක‍්‍රය සංකේතවත් කරනු ලබයි. පොදුවේ මෙය අනුරාධපුරයට ස්ථානගත වන බව තේරුම් ගත හැකි තවත් කරුණක් වෙයි. මෙම යතුර ස්ථානගත කිරීමත් සමගම අනුරපුර නුවර වැව සිදී ඒ මැදින් මැටි පතුරු වලින් සැකසු මේ ආකාරයේම වලලූ රටාවක් මතුවීමය.

 

 

කිදුරු රුව

ජලාශි‍්‍රත ශිෂ්ඨාචාරයකට පිවිසුමක් මේ ස්ථානයේ පවතින බව දිය කිදුරාගෙන් සංකේතවත් විණි. නාග ලෝකයට ඇති දොරටුව ඇත්තේ දිය යටින් වීම තුළින් වීමත් ඔහුන් දෙලොව තුළම වාසය කිරීමත් තුළ මෙම සංකේතය යොදා ගන්නට ඇත .

මෙතනදි හිතන්නට තවත් කාරණයක් තියෙනවා. දඹගිරියේ පාලන එකකය පිහිටි කාලයේත් නාග සම්බවයක් ඇති අය හෙල භූමියේ පාලන එකක පවත්වාගෙන ගිය බව මා කියා තියෙනවා. සුමාලි චන්ද්‍ර නාග ගෝත‍්‍රයට අයත් කියන එකයි මගේ විශ්වාසය. පසුකාලීනව නාගයෝ කියන්නේ නාවුකයෝ කියලා කිව්වනේ.. කොහොම වුණත් වර්ථමානයේ කිමිදුම් කරුවන් හදුන්වන්න යොදන සංකේතයයි මේ කිදුරු රුවෙයි සමාන කම ොදින් බලන්න. එහෙනම් මේ කියන්නේ ජලය හරහා ගමන් කල යුතු තැනක් ගැනයි.

මෙහි මසුන් හා දිය කිදුරන් පිහිනන්නේ ඔරලෝසුවේ කටු කැරකේන දිශාවට. හදුනා නොගත් සතුන් දෙදෙනා පමණක් අනෙක් දිශාවට පිහිනනවා…. මෙය තමයි මේ යතුර නිවැරදි ආකාරයටම හෙළ පොලව මත ස්ථානගතකීරීමට පාර කියන්නේ. එහි තේරුම කුමක්ද ? ලංකා පොලව මත මේ සිතියම ස්ථාන ගත කල යුතු ඇලය පෙන්වන්නේ මෙම

කලියුගයේ පෘතුවි ඇලය

සලකුණු දෙකින් . මම ඇදපු රතුපාට රේඛාව දෙස හොදින් බලන්න. මධ්‍යලක්ෂයන් කැපී යන ආකාරයෙන් මෙන්ම ඉතා සියුම් ලෙස දෙපසින් ඇති රවුම් වල මධ්‍යයෙන්ද ඇතින් ඇති රවුම් වල ගැවෙමින්ද එම රේඛාව ගමන් කරන ආකාරය දැකගත හැකි වෙයි. මෙය පෘතුවි ඇලයට සාපේෂව පිහිටවිය යුතු ආකාරය ලෙස සැලකුවද එහි වරදක් නැත . හැබැයි මේ අද පෘතුවි ඇලය නොවෙයි. ද්වාපර යුගයේදි පෘතුවි ඇලය. අද එදා සිට අංශක 12 කින් පමණ ඇලය වෙනස් වෙලා. මෙම සලකුණ තුළම පෘතුවි ඇලයේ කලි යුගයේදි විය යුතු ඇලය පිලිබදවත් සදහන් වෙනවා. අද අංශක 24 ඇලය පිහිටිය යුත්තේ ඉබ්බා හා පිහිනන සංඛය අතරයි. මෙතනදිනම් තරමක ගැටලූවක් මතුවන තැනක් තියෙනවා. මේ සිතියම ගොඩනැගීම වසර 6000 විතර ආසන්න කාලයේ වුවක් කියලයි මට හිතෙන්නේ. මගේ හැගීම අනුව වසර 2500 යකට සැරයක් අංශක එකකින් පමණ තමයි පෘතුවිය ඇල විය යුත්තේ නමුත් මේ පිහිටීමට අනුව අංශක හතරකින් පමණ පෘතුවි ඇලය වෙනස් වී තියෙනවා. එය නැවත සිතියය ුතු දෙයක්….

 

අනුරපුරේ ගලිසි තොටුපල හා නවක්කන්නි ලිද

මෙම කොටු සලකුණින් හැදින්වෙන්නේ අනුරාධපුරයේ පැවති ගලිසි තොටුපලයි. ගලිසි තොටුපලක් යනු උතුර දකුණ යා කල අභ්‍යන්තර ජල උමං පද්ධතිය හරහා ක‍්‍රීයාත්මක වු ජලයානාවලින් පොළව මතුපිටට පැමිණිමට පැවති පිවිසුමකි.

එම උමං මාර්ගයේම ඊලගට ඇති පිවිසුම නැතිනම් ගලිසි තොටුපල තමයි යාපනයේ නවක්කන්නි ලිද . නවක්කන්නි ලිදේ තියෙන්නේ මාතලේ සුදු ගගේ ඇති ජලයමයි කියා සොයාගෙන තියෙනවා.

 

මධ්‍ය ලක්ෂයේ ඇති වලලූ

සිතියමේ මධ්‍ය ලක්ෂය පිහිටුවීමට යොදාගත යුතු සාධකයන් මෙමගින් අදහස් කරනවා.

මෙහිදි මධ්‍ය ලක්ෂයේ ඇති වලලූ ඇයි නාලන්දා ගෙඩිගෙය මතට ස්ථානගත කරන්නේ

ගුවන් විදුලි තරංග සංකේතය

කියන ගැටලූව ඕනම කෙනෙක්ට මතුවන දෙයක්. නාලන්දා ගෙඩිගෙය ගුවන් විදුලි තරංග සංපේෂණය සිදුකල ස්ථානයක් ලෙසයි අප පිලිගන්නේ මෙම වලලූ වලින් නිරුපණය වන්නේ එම තරංග වල ශක්තියත් බවයි.

එමගින් සදෙව් ලෝක නැතිනම් චක‍්‍රාවාට හතකට සන්නිවේදනය කල හැකියි.වලලූ හතින් කියන්නේ එයයි.

මෙම වළලු පිහිටීම දෙස හොදින් බැලුව හොත් මුල් වලලු ලංව පිහිටන අතර එපිටට යත්ම වළලු වල පරතරය දුරස්වීම සිදුවෙයි. එය තරංගයක සමාන්‍ය ස්වාභාවයයි.

මෙහිදී කිවයුතු ප‍්‍රධානම කරුණක්ද ඇත මෙම වළලු හත ලංකාව ස්ථාන ගත කල විට පැරණි ශක්ති කලාපයන් හා රජමහා විහාරයන් ජේදනට වීමක් සිදුවේ.

එපමණක්ද නොව පලමු වළලු කිහිපය තුළ එක පොකුරට මෙම ඓතිහාසික ස්ථාන පවතින අතර පහලට එත්ම ක‍්‍රමයෙන් වලලු ආකාරයටම දුරස් වීම සිදුවෙයි.

නාලන්දා ගෙඩිගෙය අප දන්නා පරිදි ඉන්ද්‍රජිත් විශ්වය සමග සන්නිවේදනය කල ස්ථානයයි. වර්ථමානයේදිද ගුවන් විදුලි තරංග හැදින්වීමට මෙම සංකේතය යොදා ගනු ලබයි.

අසුර දොරටුව

හෙළ පාලකයින් චක‍්‍රාවාට හතක් දක්වා සන්නිවේදනයන් සිදුකලද වඩා සමීප සබදතාවයක් හා නිරන්තර ගමන් කිරීමක් පැවතියේ අසුර ලෝකයත් සමගය. අසුර ලෝකයට ගමන් තරන දොරටුව පිහිටීයේ නාලන්දාවේ තරංග පරාසය තුළම වු කලා වැව ආසන්නයේය.

මහා පිරමීඩයේ පිවිසුම

2013 වසරේදී පමණ කලා වැවට ඉහලින් අද්භුත යානාවක් ජායාරූපයට නැගුණු සිදුවීම ඔබට මතක ඇති.

මෙය විශේෂිත පිවිසුමක් හදුන්වන සංකේතයක්.

මිසරයේ මහා පිරමීඩයේ පිවිසුමට ඉහලින් මෙම සංකේතය යොදා තියෙනවා. මෙම සංකේතය මගින් හදුන්වන්නේ විශේෂිත පිවිසුමක් මෙහි පවතින බවයි.

මෙම සංකේතයෙන් පණිවිඩයක් දෙනවා හෙලයන්ට විශේෂිතම පිවිසුම තියෙන්නේ මෙතනයි කියලා. මෙම සංකේතය මගින් හදුන්වන්නේ විශේෂිත පිවිසුමක් මෙහි පවතින බවයි.

 

ඉබි සලකුණු

පිටින් තියෙන රවුම තුළ ඉබ්බන් දෙන්නෙක් දක්නට ලැබෙනවා. එක්කෙනෙක් කැලණි ගගේ පුගොඩ තොටුපල ආසන්නයේ ඉන්නවා. අනෙක් කෙනා වාකරේට කිට්ටුව ඉන්නවා.

මේ තැන්දෙකින් පෙන්වන්නේ අපිට ඉතා වැදගත් කුමන ඛණිජ හෝ වෙනත් වටිනා සම්පත් ඇති තැන් දෙකක්.

මම 2012 දි අනාවැකියක් කියනවා ඉදිරියේදි අපේ පොලවෙන් රත්තරං ලැබෙනවා කියලා. මේ සංකේතයේ කිදුරියගේ කකුල ඉබ්බා අල්ලන්නේ පුගොඩදියි .

ඉතිං හැමෝම දන්නවා කැලණි ගගේ පුගොඩ ආසන්න ප‍්‍රදේශයෙන් රත්තරං ලැබුණු බව. මම හිතන්නේ ඒ ලැබුනේ බොහොම ස්වල්පයක් පමණයි. මෙය නිධියකින් හෝ ගබඩාවකින් සේදි ආ ටිකක් විතරයි.

වාකරේ කිට්ටුව තමයි ත‍්‍රීකොණ මඩු රක්ෂිතය පවතින්නේ . රක්ෂිත ඇතිකලේ අපේ උරුමය සගවන්න කියන එක අපි දන්න දෙයක්නේ.

සංඛ නාථය

සංඛ නාථය

මෙම සටහනේ සංඛ දෙකක් තියෙනවා. මෙතන තමයි එක සංඛයක් තියෙන්නේ. අනෙක එයටම කෙලින් වම් පැත්තේ..

මෙය ඉතා විශේෂ තැනක් මට මෙය අද ලියාගෙන යද්දීයි මේ සිදුවීම එක් විටම මතකයට නැගුනේ. 2016 දී අප කිහිප දෙනෙක් මහියන්ගනය ආසන්නයේ ඇති ගුරුලූපොතට යනවා. සංඛයට කෙලින්ම ඇති රවුම තමයි ගුරුලූ පොත .

එතනදී මට සංඛ නාථ කියලා හෙල දෙවි කෙනෙක් සම්බන්ධ වෙනවා. සම්භන්ධවෙලා මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ තැන පැරණි නම සංඛනාථය කියලා. ඒ වගේම මෙතන විශාල සංඛ දෙකක් හැඩයට කැරකැවෙන උපකරණ දෙකක් පැවති බවත් එමගින් ගුවන් යානා සමග පණිවිඩ හුවමාරු කරගැනීම උසෙසා යම් තරංගයක් නිකුත් කල බවත් පැවසුවා.

වැදගත්ම කරුණ තමයි මේ කෙලින්ම මුහුදු වෙරලේ දුන්නක හැඩය ඇති තැනක් පවතින බවත් එය ආසන්නයේ ප‍්‍රධාන සන්නිවේදන මධ්‍යස්ථානය පැවති බවත් පැවසුවා. මේ වෙලාවේ ලග සිටි කෙනෙක් තම අතේ වු පරිගණකයකින් එවන් ස්ථානයක් ඇත්දැයි බැලූවා ඇත්තටම අපට කෙලින් වෙරල පිහිටියේ ඒ ආකාරයෙනුයි.

 

සැගවුණු මිනිස් රුව

මෙය මම 2011 වසරේදි කල හෙලිදරව්වක්.. සක්වල චක‍්‍රය පිටපත් කිරීමේදි ගිලිහී ගිය මිනස් රුව. සක්වල චක‍්‍රයේ යටම පිහිටි කොටුවේ කුඩාවට සටහන් කල මිනිසු රුවක්

දක්නට තියෙනවා. මගේ හෙල යතුරේ පිහිටුවීමට අදාලව මෙය පතිත වෙන්නේ සමනල අඩවියට. මෙමගින් කියන්නට උත්සහ දරන්නේ මා පෙර ලිපියකින් පෙන්වා දුන් සමාන්තර ලෝක දොරටුව විය හැකියි.

එ කියන්නේ ජපන් සාම චෛත‍්‍රය අසලින් ඇති පස්වන මානයේ එරා ලෝකයට යන දොරටුව මෙමගින් හැදින්වුවාද විය හැකියි.

ඒ වගේම අපේ හෙල ශිෂ්ධාචාරයේ ප‍්‍රධානම ගුරුවරයා නැතිනම් පසු යුගයේදි දේවයන්ගේ ප‍්‍රධානියා ලෙස හැදින්වු ශක‍්‍රගේ වාසභවන වුයේ මේ අඩවියයි.

එඅර්ථයෙන් ගත්තත් මෙම ස්ථානය ඉතා වැදගත් කොට දක්වන්නට මෙම මිනිසු රුව ගොඩනගන්නට ඇති.

 

නාලන්දා හා ශ‍්‍රී යන්ත‍්‍රය

නාලන්දා හා ශ‍්‍රී යන්ත‍්‍රය

නාලන්දා ගෙඩිගෙය නිර්මාණය කර ඇති හැඩයෙයි ශ‍්‍රී යන්ත‍්‍රයෙය් ආකෘතිමය වශයෙන් සමාන කමක් තියෙනවා. ශ‍්‍රී යන්ත‍්‍රය හෙල නිර්මාණයක් වුවත් අද එහි අයිතිය හින්දුන් සතුයි .

විශ්වයේ ඇති උපරිම බලය සහිත එකම ත‍්‍රීමාන යන්ත‍්‍රය ලෙෂ සැලකෙන්නේ මෙයයි .

ශ‍්‍රී යන්ත‍්‍රය අත දරන්නාට ඉහලින් ඇති ලෝක හතකින් හා පහලින් ඇති ලෝක හතකින් දැණුම ලැබෙන බව පැවසෙනවා . නාලන්දා ගෙඩිගෙය තුළිනිත් ලෝක හතකට සන්නිවේදනයන් කලහැකියි. මා නලන්දා ගෙඩිගෙය දකින්නේ ශ‍්‍රී යන්ත‍්‍රයේ භෞතික නිර්මාණයක් විදිහටය.

ශ‍්‍රී යන්ත‍්‍රය යන්න මේරු යන්ත‍්‍රය ලෙසද හදුන්වනු ලබනවා. මේරු යන්තය යනු මහා මේරුවේ සංකේතයක් ලෙසද පිළි ගනු ලබනවා.

කොන් සතර

මෙම චක‍්‍රයට අදාලව මුලික තිරස් හා සිරසි අක්ෂයන් දෙක දික්කර බැලූ විට ප‍්‍රධාන ස්ථාන හතරක් දැකගත හැකි වෙයි . වෙහෙර බැදි ගල හා කුෂ්ඨ රාජගල තිරස් රේඛාවේද මුන්දලම විහාරය හා පුලූකුණාව විහාරය තිරස් රේථාවේද පිහිටා ඇත .

මෙම චක‍්‍රය තුල ඇති කතිර සලකුණු වලින් සංකේතවත් කරන ලද රවුම් වැඩි ප‍්‍රමාණයක් තුළ වර්ථමානයේදි දක්නට ඇත්තේ රජ මහා විහාරයන්ය. බුදුදහම පැමිණිමෙන් පසු රජ මහා විහාර පිහිටවනු ලබන්නේ අපේ බල කේන්ද්‍රයන් හා පැරණි පාලන එකකයන් පැවති බිම් තුළය. උමං මාර්ග සහිත ලෙන් විහාර බොහොමයක් මේ රවුම් ආශි‍්‍රතව දැකගත හැකිවෙයි. එසේම ලෙන් වසා දමා එවාට ඉදිරියෙන් බුදු පිලිම නිර්මාණය කර ඇතැයි සිතිය හැකි ස්ථානයන්ද මේ අතර වෙයි. මෙය ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් විය හැකිය.

මහා පිහිටීම

මහා පිහිටීම

මෙම චක‍්‍රයේ මහා පිහිටීමක්ද පවතින බව මා මුලින් සදහන් කලෙමි. මේ එම පිහිටීමයි. මහා පිහිටීම යනු සමස්ත ලෝකය මතට මෙම චක‍්‍රය පිහිටීමයි .

ලෝකය යනු ද්විමාන වුවක් නොවන බැවින් අප මෙහිදි මෙහි ඇති සලකුණු වෘර්ථාකාරව පිහිටුවා ගත යුතු වෙයි. මෙහිදි මුලිකම කරුණ වනුයේ මා 2012 දි පෙන්වා දුන් ප‍්‍රති ගුරුත්ව න්‍යායට අනුව මධ්‍යයට ගැනෙන ලංකාවේ අඩු ගුරුත්වයත් ග‍්‍රීන්ලන්තයේ වැඩි ගුරුත්වයත් පැවතීමයි. හෙල පෙලවට ඉහලින් පෘතුවියට එන යානා ග‍්‍රීන්ලන්තය කරා ගමන් ගරන මගද මෙහි දැක්වෙයි.

වසර කිපිපයකට පෙර නාසා ආයතනය මගින් ලෝකයේ ගුරුත්ව බලය පිළිබදව සිතියමක් ඉදිකිපත් කිරීමත් සමගම මෙම පිහිටීම සියයට සියයකින් නිවැරදි බව සනාථ වෙයි. එම සනාථ වීමට හේතුව වනුයේ ලංකාව ගුරුත්ව බලයෙන් අඩුම ස්ථානය ලෙසත් ග‍්‍රීන්ලන්තය ගුරුත්ව බලයෙන් වැඩිම ස්ථානය ලෙසත් නාසා ආයතනය මගින් පෙන්වා දීමයි.

සක්වල පිහිටීම

සක්වල පිහිටීම

මෙම චක‍්‍රයේ සක්වල පිහීටීම මෙයයි.

ක්ෂිරඵථයේ මධ්‍යය කොට ගනිමින් ගුවන් මාර්ගය ඉහලින් ඇති වලලූ සෞරග‍්‍රහ මණ්ඩලය තුළට යෙදීමෙන් පසු මෙම පිහිටීම ස්ථානගත කලහැකි වෙයි. මෙහිදි අපට තේරුම් ගත හැකි වන්නේ පෘතුවියට ජීවය පැමිණි මාර්ගයයි.

අපගේ මන්දාකිණිය තුළම ජීවය සහිත ලෝක විශාල ගණනක් පවතින බව මෙමගින් අපට තේරුම් ගත හැකි වනවා.

ගල් අසුන්

රන්මසු උයනේ ඇති ශූක්ෂම චක‍්‍රයට ඉදිරියෙන් ගලේ අසුන් කිහිපයක් වෙනස් කල නොහැකි ලෙෂ කපා තියෙනවා. ඒ කියන්නේ කෝණය වෙනස් කල නොහැකි ලෙස.. මම කලින් කිව්වා කතිර සලකුණින් ආධ්‍යාත්මිකත්වය සංකේතවත් කෙරෙනවා කියලා.

ඒ කියන්නේ මේන්න මේ ශූක්ෂම චක‍්‍රය තුළින් එහි ඉදිරියේ වාඩිවන පුද්ගලයාට කතිර සලකුණු ඇති ස්ථානයන් හා සන්නිවේදනය කිරීමේ හැකියාවක් පවතිනවා.

මෙය මානසීකව මෙන්ම රූපමය වශයෙනුත් පුලූවන් කියන එකයි මගේ විශ්වාසය. එය පුද්ගලයාගේ මානසික හැකියාව මත සිදුවන දෙයක් . එදා සිටියේ සෘෂිවරු මුණිවරු අදවගේ සින්තටික් මිනිසුන් නොවෙයි. මොකද මනස දියුණු කල අයෙක්ට කාල තරණය කල හැකි ක‍්‍රම කිහිපයක් පිලිබදව මගේ අත්දැකීම් පවතිනවා.

එකක් තමයි යම් තැනක් ඉලක්ක කර මනස ගමන් කරවීම.

දෙවැන්න ගැඹුරු එකාත්මික වීමක් තුළින් මනෝකාය අතීතයට අනාගතයට යැවීම. මේ ක‍්‍රම දෙක පිලිබදව පැහැදිලි අත්දැකීම් මට තියෙනවා. මේ ක‍්‍රම දෙක තුළින්ම සංනිවේදනය කල හැකියි.

තෙවන ක‍්‍රමය අංශූ විභේදනය තුළින් පුද්ගල ශරිරය ගමන් කරවීම. මෙම ක‍්‍රමය තමයි කාල උමං හරහා ගමන් කිරීමේදි උපයෝගී වෙන්නේ.. පුද්ගල ශරීරයක් සම්පුර්ණයෙන්ම අංශූ විභේදනය කිරීම පිලිබදවනම් මගේ අත්දැකීම් නැහැ. නමුත් පුද්ගල අවයව සම්භන්ධයෙන්නම් අංශූ විභේදනය කොට ඉවත් කිරීමත් යලි ස්ථාපිත කිරීමත් ගැන අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. ඒ නිසා මෙය ප‍්‍රායෝගික ක‍්‍රමවේදයක් ලෙස මා පිලිගන්නවා.

මේ පැහැදිලි කිරීම් අවසානයේ යම් යම් අයට ගැටලූ මතුවේවි. මෙය ලෝකයට ආදේශ කිරීමයි වඩා සාර්ථක නැතිනම් විශ්වයට ආදේශ කිරීමයි වඩා සාර්ථක කියලා. වසර අටක් තිස්සේ මම ටිකින් ටික මෙය අධ්‍යනය කරා ඒ අධ්‍යනය නිසාමයි අවසානයේ මෙහි අවසන් පැහැදිලි කිරීම කල යුතුයි කියලා තීරණය කරන්නේ…

හෙළ පොලව කියන්නේ ආදේශකයක් ඒ කියන්නේ පිටසක්වලයින් ලෝකය නිර්මාණය කිරීමේදි හදපු මොඩලය තමයි හෙල පොලව..

හෙල පොලවට ආදේශ කරන්නේ විශ්ව ක‍්‍රීයාකාරීත්වය ඒ මගේ දැක්ම… එතකොට ඇයි මෙය සමස්ථ ලංකාවටම ආදේශ නොකර එක කොටසකට පමණක් ආදේශ කලේ . රන් මසු උයන….. විශ‍්‍රවස් මුණි වරයාගේ උයන … මෙන්න මේක තමයි ලොකුම සංකේතය මේ සක්වල චක‍්‍රයේ වටේට පිහිනන්නේ මසුන්. එහෙනම් විශ‍්‍රවස් මුණිවරයාගේ බල ප‍්‍රදේශය ගැන තමයි මේ කියන්නේ..

හෙල පොලවට ආදේශ කරපු දේවල් තමයි ලෝකයේ ව්‍යාප්ත කරවන්නේ…

ඉතින් මේ සිතියම මම මුලින්ම කිව්වා වගේ තත්ව හතරක් යටතේ විග‍්‍රහ කල හැකියි.

එය තමයි අපට වඩා මනස දියුණු කල මිනිසුන්ගේ සැලසුම් වල තියෙන විශේෂත්වය..

ඒ අය පරමාත්මිය ශක්තිය ජීවාත්මයටත් ලෝකයටක් ගැලපුවා මිසක් ජීවාත්මය තුළින් පරමාත්මය ගොඩනගන්න හැදුවේ නෑ.

තවත් විශේෂයෙන් කිවයුතු කාරණාවක් පවතිනවා මේ වලළ හරහා පිටසක්වලයින් සමග සන්නිවේදනය කල හැකි බව ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර සියල්ලේම සටහන් කර තියෙනවා.

මේ සාධක දෙකක් පමණයි . මෙවැනි සටහන් සියගණනක් ඉදිරිපත් කල හැකියි. මේ රූප වසර 3500 වඩා පැරණ බව කාළනිර්ණය කර තියෙනවා.

වසර 3500 පෙර කියන්නේ පුර්ව ශිලා යුගය. ඉතින් පර්ව ශිලා යුගයේ මිනිස්සු එකම සටහනක් කොහොමද ලෝකය පුරාම අදින්නේ… එ විතරක් නොවෙයි. මේ වලළ වලින් එන මිනිස්සු විතරක් නොවෙයි යානා ඇදපු තැනුත් කියෙනවා.

එවා හිතලා ඇන්දනම් පුර්ව ශිලා යුගයේ මිනිස්සු බුද්ධිමත් නෑ කියන එක බොරුවක් වෙනවි. එනිසා සරලව හිතන්න තියෙන දෙය තමයි බුද්ධිමත් ජීවින් පිරිසක් රූප වලින් පමණක් සියල්ල තේරුම් ගන්න අනාගත ලෝකය වෙනුවෙන් මේවා ඇද තැබුවා කියන එකයි.

මෙය විවිධ වෙබ් අඩවි හෝ පිටු වල තමන්ගේ කරුණු ලෙස අගමුල මාරුකරමින් ඵල නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද‍්‍ර

4.3 11 votes
Article Rating
guest

1 Comment
Inline Feedbacks
View all comments
WBNU
WBNU
August 21, 2022 10:09 pm

හෙළ දේශයට ජයවේවා !!!

Translate »

You cannot copy content of this page

1
0
Would love your thoughts, please comment.x
()
x