සංචාරය

ලංකාවේ දිගම ලී පාලම හා මහා රාවණ මාලිගයේ බදුලු පිවිසුම සොයා යෑම

බදුල්ලේ සිට සැතපුම් දහතුනක් දුරින් නගරයෙන් බොහෝ ඈතට වන්නට පිහිටි බෝගොඩ පාලම දඹදෙණි යුගයේදී නිර්මාණය කරණ ලදැයි පුරාවිද්‍යාවෙන් පවසන  ලංකාවේ දැනට ඇති දිගම ලී පාලමයි.

මෙම පාලමේ සියලුම ලී පුරුද්දන ඇණ පවා නිර්මාණය කොට ඇත්තේ දැවයෙන්මය. ඈත අතීතයේදි බදුල්ල හා මහනුවර යා කල මාර්ගය මේ හරහා පැවති බැවින් මෙම පාලම නිර්මාණය කරන්නට ඇති බව සිතිය හැකියි. මෙම පාලමේ වහලය උලු වලින් සෙවිලි කර තිබීම තුළ හෙළයාගේ තාක්ෂණය මෙන්ම නිර්්මාණ කරණය මනාව මතුකඑනු ලබයි.

ගල්ලන්ද ඔය හරහා නිර්මාණය කර ඇති මෙම පාලම අද අයත් වන්නේ එහි ඇති රජමහා විහාර භූමියටයි. මෙම පාලමේ පිහිටීමේ පවතින විශේෂත්යක් දැකගත හැකි වෙයි. පාලමට ඉදිරියෙන් පසුකාලීනව ඉදිකල බුදු ගෙයක් දැකගත හැකි අතර බුදුගෙට පිටුපසින් විශාල උමං මාර්ගයක් පවතී. මෙම උමං මාර්ගය දෝව පන්සල හා සම්භන්ධ වන බවට විශ්වාසයක් පවතී.

මගේ මතය මෙය මහා මාලිගයේ තොවන පිවිසුම නැතහොත් මුතියංගනය දෙසින් වු පිවිසුමයි. මෙම බුදුගෙහිද විශේෂත්වයක් පවතී. විශාල සැතපෙන පිලිමමේ කෙලවර බිත්තියේ පසුපසට යොදා ඇති ජනේලයකින් බලා සිටින ලෙද නෙලා ඇති පැරණි දේව රූපයයි. මෙහිදී සිතිය හැකි සරල කරුණ වනුයේ පසුකාලිනව මෙහි වු ලෙන අවහිර කොට ඇති බවයි.

දීක්ෂ ගුරු
කාංචන මනමේන්ද‍්‍ර

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x