සංචාරය

ශිව දෙවියන් රාවණ රජුට විශ්ව දහම කියාදුන් කෝණේෂ්වරම

අපි රාවණ ඉතිහාසය පිළිනොගත්තත් ඉන්දියනුවන් වගේම ශිව භක්තිකයන් දැඩි ලෙසම රාවණ රජුව පිළිගන්නවා……

එයට ප‍්‍රධානම හේතුව ශිව දෙවියන්ගේ හොදම බැතිමතා ලෙසින් පිලිගන්නේ රාවණ රජුවයි…..

ශිව දෙවියන් සමග මේසා බැදීමක් තිබු රාවණ රජු වරින් වර ගැටෙන්නේද ශිව දෙවියන් සමගමය. රාවණ රජු තමන්ගේ ඉල්ලීමක් දිනාගැනීමේ අරමුණින් ශිව දෙවියන්ගේ වාස භවන වන කෛලාෂකුටය සෙලව්වා කියන එක ප‍්‍රසිද්ධ කථාවක්… එ වගේම තමන්ගේ මැණියන් වෙනුවෙන් ශිව දෙවියන්ට කල ඉල්ලීමක් ඉටුනොවන විට එය මුල් කර ගනිමින් ඇතිවු ආවේගයක් හේතුවෙන් කොනේෂ්වරම් හී ශිව දෙවෙල පිහිටි ගල් කුල ගොඩබිමින් කැපීයන ලෙස තම කඩුවෙන් කපාදැමු බවටද ජනකථාවක් බවතී. අදත් එම ස්ථානය හදුන්වන්නේ රාවණ කැපුම යන නමිණි.

ශිව දෙවියන් මහා යෝගී කියන නමින් හදුන්වනවා…
එ කියන්නේ විශ්වයේ ඉන්න උග‍්‍ර යෝග ධර්ම රකින්නා ලෙසින් සැලකෙන්නේ ශිව දෙවියන්ව….

ඔවුන් දෙවි කෙනෙක්ගෙන් වරයක් ලබන්න ඉතා අපහසුයි…
මොකද තම ධ්‍යනයන්ගෙන් නැගිටින්න ඔහුන් කැමති නෑ……
රාවණ රජු ශිව දෙවියන්ව දිනන්න උපයෝගී කර ගන්නෙත්
ශිව දෙවියන්ගේ ගමන් මගමයි ……..

එය තමයි රුද්‍ර යෝග

යෝග ධර්ම හරහාම රාවණ දෙවියන් ශිව දෙවියන්ගේ
හොදම බැතිමතා බවට පත්වෙනවා…..
ඒ නිසාමයි ශිව දෙවියන් වෙතින් දෙවරක්ම ශිව ලිංගය ලබන්නට තරම්
රාවණ රජුට වාසනාව උදා වෙන්නේ

……………………………………………………………………….

මම භාවනාවෙදි අවස්ථා ගණනකදීම රාවණ දෙවියන් හා සම්භන්ධ වෙලා තියෙනවා…..
එත් කිසිම දිනක ඔලූ දහයක් තියෙන රාවණ කෙනෙක්ව දැකලා නෑ….
රාවණ රජුට ඇත්තටම ඔලූ දහයක් නොතිබුණු නිසා එය පිළිබදව විශේෂිත හැගීමක් ඇතිවුනේත් නෑ….

නමුත් බලාපොරොත්තු නොවු මොහොතක රාවණ රජුගේ දසිස් ස්වරූපය දකින්නට අවස්ථාවක් ලැබුණා….

ඒ කොනේෂ්වරම් වල ධ්‍යන වඩමින් ඉන්න අවස්ථාවක

එක් වරම මා ඉදිරියේ දසිස් රාවණ ස්වරූපය දර්ශණය වුණා….

මම ඒ අවස්ථාවේ විමසුවා ඇයි දසිස් ස්වරූපයක් විද්‍යමාන කරන්නේ කියලා…..
එවිට මම මෙතෙක් නොදැන සිටි කරුණු කිහිපයක් දැන ගන්නට අවස්ථාව උදාවුණා…..
රාවණ දෙවියන් තම අධ්‍යාත්මික ශක්තිය යෝග බලයන් දිනා ගන්නේ පසුකාලිනව විශ්වයේ උපරිම දැණුම ඒ කියන්නේ

දසමහා විද්‍යාවන්ගෙන් ශක්තිමත් වෙන්න මුලික ශක්තිය ලබා ගන්නේ මේ ස්ථානයෙන්………

මෙය වඩා හොදින් පැහැදිලි කර දිය යුතුයි…

2010 වසර සිට හෙළ ඉතිහාසය වෙනස් කල රාවණ ලිපි පෙළට පාදක වුනේ මා භාවනාවෙන් ලද තොරතුරුයි….

රාවණ දෙවියන් සුර්ය නමස්කාරය කලේ කොනේෂ්වරම් හි දැනට නුගගසක් ඇති ස්ථානයට පහලින් මුහුද අයිනේ සිටය….

එදා එතනට ගමන් කරන්නට ගල මතුපිට සිට පහලට උමං පඩිපෙළක් තිබී ඇත . එය අදද ගල තුළ පවති.

එහෙත් එය පුරාවිද්‍යාවට තවම හමුවී නොමැතිද නැතහොත් ලංකාවේ සියලූ උමං වලට සිදුවු දෙයම මෙයටත් සිදුවීද යන්න පිළිබදවනම් අදහසක් නැත .
රාවණ දෙවියන් සුර්ය නමස්කාරය කරන්නට මේ ස්ථානය තෝරා ගන්නට පවතින විශේෂත හේතුව මම රාවණ දෙවියන්ගෙන් විමසුවා……

ලංකා පුරයට හිරු දෙවියන් උදාවෙද්දී මුලින්ම දර්ශණය වන ස්ථානයේ පිහිටි ශිව දේවොල තමයි තිරුකොනේෂ්වරම් කියලා කියන්නේ…..

එ නිසයි රාවණ දෙවියන් සුර්ය නමස්කාරයට තිරුකොනේෂ්වරම් තෝරගන්නේ ………

ශිව දෙවොලක සුර්ය නමස්කාරය කරීම මේක බහුතරයට නොතේරෙන කාරණයක් බව මම දන්නවා.ඒ නිසාම මෙය හැහැදිලි කළ යුතුයි.

හෙළයන් විශ්වයම පාලනය කළ බවට බොහෝ කථා තියෙනවනේ අපි පාලනය කලා කිව්ව ගමන් හිතන්නේ රටක් ලෝකයක් පාලනය කල රජෙක් පිළිබදවනේ….
නමුත් මෙතන තියෙන්නේ එයට වඩා බොහෝ ගැඹුරු කාරණයක්…..

ප‍්‍රත්‍යාදි දේවතා සංකල්පය නිර්මාණය වෙන්නේ හෙළ පොළවෙන් මොකද්ද මේ ප‍්‍රත්‍යාදි දේවතා සංකල්පය

මිනිසාගේ සෑම ක‍්‍රියාවකටම බලපෑම් ඇති කරන ඒ වගේම අපේ ග‍්‍රහ මණ්ඩලේ අපි සමග එකට ඉන්න ඉතා විශාල ප‍්‍රමාණයක ග‍්‍රහයන් උපග‍්‍රහයන් හා චන්ද්‍රයන් අපිට අවශ්‍ය විදියට අවනත කර ගැනීම…….

ඉතිං සුර්යයා නැත්නම් හිරුගේ ප‍්‍රත්‍යාදි දේවතාවා වන්නේ ශිව දෙවියන්

හිරුගේ පාලකයා ශිව නම් ශිවගේ හොදම බැතිමතාට ශිවදෙවියන්ගෙන් ලැබෙන දෙයටත් වඩා දෙයක් සුර්ය දේවියන්ගෙන් ලැබෙනවා…..
එක බොහොම සාමාන්‍ය කාරණයක්……

කෝනේශ්වරම් කෝවිලේ දී තවත් දෙන කලත් අත්දැකීමක් තියෙනවා. මහ දිගු වෙලාවක් තියාන වඩමින් සිට ශිව දෙවියන් ගේ දර්ශනයක් බලාපොරොත්තුවෙන් ශිව දෙවියන්ට කතා කළා. නමුත් මට දර්ශනය වනුයේ සොබාදහමේ ඇති ගස් ගල් මුහුද ආදී දේ පමණයි. මා නැවත නැවත ශිව දෙවියන් ගේ දර්ශනයක් බලාපොරොත්තුවෙන් ශිව දෙවියන්ට කතා කරා. එහෙත් නැවත නැවත මා දකින්නේ පෙර දුටු සොබාදහම් දර්ශනය පමණි.

මට මෙය විශාල ගැටලුවක් ඇති කරන්නට වුණා. වෙනත් දිනවලදී යන වඩන් අවස්ථාවන්වලදී විවිධ කරුණු සම්බන්ධයෙන් ශිව දෙවියන් මා හට උපදෙස් ලබාදෙනනු ලබනවා. එසේනම් කෝනේශ්වරම් දෙවොල තුළ දී මහ දෙවියන්ගේ දර්ශනය නොවන්නේ ඇයිදැයි යන්න මා මනස සංකීර්න ගැටලුවකට මැදි කරන්නට විය.

ටික වේලාවකට පසු ශිව දෙවියන් වෙතින් මා ලද අද්විතීයම පරමාත්මය පාඩම උගත්තේය. දෙවියන්ගේ සර්වව්‍යාපී බව නැතහොත් සෑම දෙයක් තුළම දෙවියන් ජීවත් වේ යන්න ඒ පාඩමයි. මහාභාරතය යුද්ධයේදී එක්වරක් විෂ්ණු දෙවියන් විසින් අර්ජුනට විෂ්ණු දෙවියන්ගේ සර්වව්‍යාපී බව පෙන්වා වූ බව මහා භාරතය තුළ ලියැවී ඇත. ශිව දෙවියන්ගේ සර්වව්‍යාපී බව පිළිබඳව මා හට දැනුවත් බවක් පැවතියේ නැත. ශිව දෙවියන්ට අවශ්‍ය වූයේ සොබාදහමේ ඇති සෑම දෙයක්ම තුළ සිව දෙවියන්ගේ ශක්තිය ගැබ්ව ඇති බව මා හට අවබෝධ කර දීමයි.

මේ දර්ශනයෙන් පසු මා නැගිට කෝවිල වටේ ගමන් කරද්දී බිත්තියක ඇඳ ඇති එක් අපූරු සිතුවමක් දක්නට ලැබුණි. ඒ සිතුවම මා මෙතෙක් භාවනාවෙන් ලද පාඩම සනාථ කරන්නට හේතු විය. ඒ සිතුවම තුළ වූයේ ශිව දෙවියන්ගේ සර්වව්‍යාපී බව මෙයට පෙර එක් අවස්ථාවකදී හනුමාන් දෙවියන්ට පෙන්වා ඇති බවයි.

හනුමාන් දෙවියන්ට පසු ශිව දෙවියන්ගේ සර්වව්‍යාපී බව දකින්නට තරම් මා ආශීර්වාද ලද්දෙකු වීම පිළිබඳව මට ඇත්තේ අප්‍රමාණ සතුටකි.

අපි දකින දෙයට වඩා බොහෝ දේ මේ විශ්වය තුල සැඟව පවතින බව අප අවබෝධ කොට ගත යුතුය……

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Blog Comments

Useful Web Site

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close