සංචාරය

කෛය රාජ්‍යයේ සැඟවුණු පවරාගේ උරුමය සොයා ගිය ගමන

හෙළ ඉතිහාසය තුල අපෙන් සැඟව ගිය රාජධානි බොහොමයක් පවතී. එසේම මහාවංශය තුලින් නිසි ඇගයීමක් නොලත් රජවරු ද බොහොමයක් සිටිති. ඒ අතුරින් හෙල දිවයින ලෝකය අභියස අභිමානයට ලක් කළ රජ කෙනකු වු ගජබා රජුද මහාවංශයේ අඩු සැලකිලි ලත් රජ කෙනෙකි. එයට හේතු වන්නට ඇත්තේ මහාවංශය මහාවිහාරික භික්ෂූන් මුල් කොටගෙන රචනා වීමත් ගජබා රජු අභයගිරි පාර්ශවය පිළිගෙන කටයුතු කිරීම විය හැකිය. මෙම කතා පුවතත් ගජබා යුගය හා සබැඳි ඉතිහාසයෙන් මැකී ගිය තවත් එක් සිදුවීමකි.

ආශ්‍රමයේ අම්මාගේ පෙර ආත්මයක් පිළිබඳ තොරතුරු භාවනාවෙන් සොයා යන අතරතුර කුකුලේ ගඟ ආසන්නයේ ඇති කුකුළු කන්ද සොයා ගන්නා ලෙස උපදෙස් ලැබුණි. ඒ වූ කලී දෙවන සියවසට ආසන්න කාලයේ පවරා නම් රාජකීය උරුමයක් හා බැඳුනු සිදුවීම් පෙළක් එම කඳුවැටිය හා වෙලී පැවතීම යි.

එම කඳු මුදුනේ පැවති මාලිගා බිමක් පිළිබඳ යම් ඉඟි භාවනාව තුලින් ලබා දුන්නද එහි සියලු තොරතුරු ලබාගන්නට එකී කඳූමුදුනට යා යුතු විය.

ඇගල්ඔය සිට කෙලින්කන්ද අවරගිර හරහා කිලෝමීටර් 35 ක් පමණ දුර ගෙවා කුකුළුවා කන්ද පා මුලට පැමිණ එතැන් සිට කිලෝමීටර් දෙකක් පමණ කැලෑව මැදින් කඳු මුදුනට යා යුතුය. අධික කූඩලු සපාකෑම් මධ්‍යයේ කිලෝමීටරයකට ආසන්න දුරක් පැමිණියද දිගින් දිගටම යම් ආත්මයන් කීපයක් විසින් අපට බාධා ඇති කරන බව අපට වැටහෙන්නට විය. මදකට නතරවී ඒ පිළිබඳ සොයා බැලූ පසු ප්‍රබල සෙන්පති ආත්මයක් සහ යම් කාන්තා ආත්මයක් අප එම භූමියට ඇතුල් වීම වලකමින් කටයුතු කරන ආකාරය අපට දැකගන්නට හැකිවිය.

එතනින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දරන විට ගමන් කළ නොහැකි ආකාරයෙන් දින කිහිපයකට පෙර මාර්ගය සම්පූර්ණයෙන්ම නාය යෑමකට ලක්ව ඇති බව දක්නට ලැබුණි. ඒ සමගම විශාල අඳුරු වලාවකින් කන්ද වැසී යන්නට වූ බැවින් පරාජය භාරගෙන පල්ලම් බසින්නට අප තීරණය කලෙමු.

දෙවන වර උත්සාහයද තෙවන වර මෙන්ම සිව්වන වර උත්සාහයද ඒ ආකාරයෙන්ම අතරමග අතහැර දමා යළි ආශ්‍රමයට එන්නට අපට සිදුවිය.

පස්වන වර අප පයින් යන මාර්ගය වෙනුවට කැළෑව තුලින් වු අතිදුෂ්කර ෆෝවීල් වාහනයක් පමණක් ගමන් කල හැකි මාර්ගයක් තුළින් ගමන් කිරීමට තීරණය කළෙමු.

එහෙත් තරමක් දුර ගමන් කල අපට කලාතුරකින් මුණ ගැසූනු කන්දේ වවන්නන් දෙතුන් දෙනෙක්ම ඒ වෙලාවේ කදු මුදුනට ගමන් කිරීම අනතුරැදායක බවත් රාත්‍රිය එලඹෙන්නට පෙර යලිත් පෙරලා පැමිණීමට නොහැක වන බවත් කඳු මූදුනට රාත්‍රියේදී දිවියන් පැමිණීනෙන බැවින් මේ මොහොතේ කන්දට යාම අහිතකර බවත් පුන පුනා කීම නිසා අප සමග සිටි අනෙක් දරුවන් ගේ ජීවිත අවධානම සැලකූ අම්මා එදිනද යලි පැරදුම පිලිගෙන හැරිණි.

යලි කදු පාමුලට පැමීනි අපි , රථය නවතා මදක් වෙහෙස නිවද්දී. අපට හුරැ පුරැදු නොවන නමකින් කදු වලල්ලම දෙදුරැම් කමින් අම්මාගේ හඩ අපට එක් වනම ඇසුනේ අපෙන් හුදකලාවය……

එකම එක වචනයක් වු ඒ හඩින් කදු වලල්ලම දෙදරන්නට විය…..

අනපේක්ෂිත සිදුවීමෙන් අප සියලු දෙනා තුෂ්නිම්භූත වුවද සියල්ලෝම නිහඩවම ප්‍රශ්නාර්ථ කාරී උනා මිස,
සිදුවුයේ කුමක්ද ?
ඒ නාමය කාගේද ?
ඉන් අඩගැසුවේ කාටද?
අවම වශයෙන් මා වත් අම්මාගෙන් නොඇසීය

සියල්ලෝම නිහඩව තම තම වාහන වලට වෙන් වෙන්ව නැග යලි කොළඹ බලා පිටත්විය.

සය වන දිනය කදු තරණයට යොදා ගත්තේය

බොහෝ බාධා මැද එදින ද අපි ආශ්‍රමයෙන් පිටවීමු.

විශාල ගල් තලා දියපහරල් හරහා ඉතා අසීරු ගමන් මඟක් ඔස්සේ කඳුමුදුනින් සැතපුම් භාගයක් පමණ ආසන්නයට පැමිණීමට අපට හැකිවිය. එය කිසිසේත්ම ලෙහෙසි ගමන් මාර්ගයක් හෝ ගමනක් නොවේ.

කඳු මුදුනට පැමිණීමෙන් පසු ඉතා මනස්කාන්ත පරිසරය කින් යුත් කුකුළුවා විහාරය දැකගත හැකිවිය. වර්තමානයේ එහි පවතින නිස්කලංක භාවය සහ සැඟවුණු ස්වභාවය මත වසර දහස් ගණනකට පෙර මේ ස්ථානය කෙසේ පවතින්නට ඇත්දැයි අමුතුවෙන් කිව යුතු නැත.

මෙම විහාරය පිළිබඳව ජනප්‍රවාදයන් දෙකක් පවතී. එකක් නම් ගාමිණි අභය රජු සටනින් පැරදී සැඟවී සිටි ගල්ලෙනක් පසු කාලයේ විහාරයක් බවට පත් කරන ලදැයි යන්න ය. දෙවැන්න වනුයේ සංඝයා වහන්සේලා සමඟ උරණ වුණු සීතාවක රාජසිංහ රජුගෙන් බේරීමට සිවුරු අතහැර ඒ වෙනුවට කහ නූලක් පමණක් පැළද ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් බවයි.

විහාර භූමියට පිවිසීමෙන් පසුව ඉතිහාසයේ සැඟව ගිය තවත් එක් කාල පරිච්ඡේදයක් පිළිබඳ අපූරු තොරතුරු පෙළක් සොයා ගන්නට අපට හැකිවිය.

මෙය වු කලී කෛය රාජ්‍යයයි.

ගජබා රජු තම රාජ්‍ය අවසන් කාලයේ පරාක්‍රමබාහු රජු සමඟ නිරන්තර යුද ගැටුම් පැවති බව ඉතිහාසයේ ලියැවුණු තොරතුරකි. එහිදී යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය හිමි වූයේ පරාක්‍රමබාහු රජුට ය. හත්ථිකුච්චියේ වූ උකුසු මිනිසුන්ගේ සහය හිමිවූයේ ගජබා රජුට ය. ගජබා රජු යුද්ධයෙන් පැරදුණත් සංඝයා වහන්සේලාගේ මැදිහත් වීම මත යළි මිය යනතෙක් රාජ්‍යය පවරා පරාක්‍රමබාහු රජු පසුබැස ගිය බව ගලක කෙටූ පොරොන්දු පත්‍රයක දැකගත හැකිවේ. එසේ වුවත් ගජබා රජු හා පරාක්‍රමබාහු රජු අතර අති ප්‍රබල සටන් එකසිය තිස් ගණනක් සිදු වූ බව ඉතිහාසයේ ලියැවී ඇත. එසේම අවස්ථා කිහිපයකදීම සීතාවක යක්ෂ ගෝත්‍රිකයින් උදෙසා සිදු කළ ප්‍රබල පහරදීම් හා සමූලඝාතනයන්ද හේතුවෙන් ගජබා රජු කෙරෙහි යක්ෂ ගෝත්‍රිකයන්ගේ පැවතියේ වෛරයකි.

ගජබා රජු මියයන මොහොතේ තමන්ට දරුවන් නොසිටි බැවින් තම රාජ්‍යය තම බිරිඳගේ පියා වූ මහලු නා රජුට පැවරූ අතර කෛය මාලිගය යනු මහලු නාරජුගේ මාලිගාවයි. මෙහි පාලනය පැවරී තිබුණේ පවරා නම් කුමරියක ටය.

පවරා යනු කඩු ශිල්පයේ හා සටන් ශිල්පයේ අති දස්කම් දැක්වූ කුමරියකි. එසේම ආත්මීය සබඳතා හරහා ලබන මානසික බලයක් ද ඇය තුළ විය. මෙම මාලිගාව පිහිටි බිම ස්වභාවික ඔයකින් ජල දුර්ගයක් ලෙසින් ආරක්ෂා වී තිබූ අතර එක් පසකින් ප්‍රබල ගිරි දුර්ගයකින් ආරක්ෂා වී තිබුණි. කඳුමුදුන් කිහිපයකින් වටවු තැන්නක් මැදි කරගනිමින් විශාල ලෙන් ගණනාවක් උපයෝගී කරගනිමින් මෙම මාලිගාව ගොඩ නංවා තිබුණි.

ගජබා රජුත්, මහළු නා රජුත්, පවරාත් පමණක් දත් රහස් උමං මාර්ගයක් දුර්ගය හරහා වැටී තිබුණි. කෛයිය රාජධානිය පිහිටි වනාන්තරයේ යෝගියෙකු බවුන් වඩමින් සිටියේය. පවරා තම ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා උපදෙස් ගැනීම සඳහා හොර රහසේ මෙම මාර්ගයෙන් පැමිණෙයි.

මාලිගාවට පහර දීම උදෙසා සැලසුම් සකස් කිරීමේදි යක්ෂ ගෝත්‍රිකයින් අවබෝධ කරගත් දෙය වූයේ පවරාගේ යුධමය බලය හමුවේ මෙය පහරදීමකින් බිඳහෙළීමට වඩා යම් ප්‍රයෝගයකින් බිඳ හෙළීම වඩා පහසු බවයි.

ඒ උදෙසා යොදා ගත් ක්‍රමවේදය වූයේ පවරා කුමරිය යෝගියා වෙතට පැමිණෙන ගමන් මග මැදදී යක්ෂ ගෝත්‍රික තරුණයෙකු යොදවා කුමරිය හා කුළුපග කිරීමයි.

එකී දැලේ පවරා පැටලුනද ඒවන තෙක් ඇය ලබා සිටි ආද්‍යාත්මික බලය මගින් හෝ යෝගීවරයා හරහා පවරා මෙය උගුලක් බව නෙදත්තාය

ඊට හේතුව මෙතැනදී ක්‍රියාත්මක වන්නේ පවරාගේද ඒ තරැණයාගේද ඔහුගේ ගෝත්‍රයේද පෙර ආත්මයක ගැටලුවක් උදෙසා තරැණයාත් ගෝත්‍රයත් පවරාගෙන් කරන ආත්මීය පලිගැනීමක් නිසාය.

මෙම පලි ගැනීම එදා කෛයිය රාජ්‍යය විනාශයෙන්ද නොනැවති වර්ථමාන භවය දක්වාම පැමිණ ඇත

මෙසේ ටික කලක් යනවිට රහස් උමං මඟ පිළිබඳ තොරතුරු පවරා කුමරියගෙන් ලබා ගන්නා ඔවුන් කුමරිය මාළිගාවෙන් තරැණයා මාර්ගයෙන් එළියට කැදවා අරාජික වු මාලිගාව ට රහස් මාර්ගයෙන් පිවිස යුද්ධයකින් තොරවම රජ පවුලේ සියලු දෙනාම ඝාතනය කරනු ලබයි. මෙය යුද්ධයකින් තොරව මාලිගාව තුළදීම සිදුවන ඝාතනයකි.

සියලු දෙනාම ඝාතනය කිරීමෙන් පසු යක්ෂ ගෝත්‍රිකයන් පලා යන අතර කුමරිය යළි මාළිගයට පැමිණෙන විට සියළු දෙනාගෙම ඉරණම විසඳී තිබුණි. සිදුවු දෙය පවරා වටහා ගන්නේ එවිටය .

තම වගකීම වූ මාලිගය රැක ගැනීම තමන්ට කල නොහැකි වූ හෙයින් තම වගකීම පැහැර යැවීම නිසා තමා පිළිබඳව ම තමන් තුල ඇති වන දැඩි කල කිරීමෙන් මාළිගයෙන් පිටවන පවරා කුකුලේ ගග ආසන්නයේ වු ගල්තලාවක් මතට පැමිණ කිතුල් රෑනක් වන් තම කෙස්වැටිය අසිපතෙන් සිඳ කෙස් වැටිය හා අසිපත යන දෙකම බුදුන්ට පූජාකොට රාජ සළුපිළි ඉවත්කොට එහි වූ ලෙනක බවුන් දම් වඩමින් කල්ගත කළ බව එහිදී භාවනාවෙන් දැනගත හැකිවිය.

පළමු ගමන් කිහිපයේදීම අපට බාධා කර තිබෙන්නේ එහි පවරා කුමරියට පහලින් රජුගේ ආරක්ෂාවට සිටි නීල නම් සෙනෙවියාය. පවරා කුමරිය තම වගකීම ඉටු නොකළ හෙයින් රජුට මෙම ඉරණම අත්වී යැයි නීල සෙනෙවි තුළ වෛරයක් ඇති වී තිබුණි.

පවරාගේ බල පරාක්‍රමය හමුවේ ඇයට දෙවනි වී තනතුරැ දරන්නට වීම නිසා ඊට පෙර සිට පවරා කරෙහි ඔහුගේ ඊර්ෂ්‍යාව ක් ද පැවතිනි.
මෙය වගකීම පැහැර හැරීම හේතුවෙන් පවරා ගැන වෛරයක් බවට පෙරලා ගන්නට නීල සෙනවිට උවමනා විය.

ආත්මයක් ලෙසින් උවද මහළු නා රජු තුල පවරා පිලිබද තරහක් ඇති කරවන්නට නීල සෙනවි සුක්ෂම විය.

මේ අතර යලිත් පවරා තම රාජ්‍යය කරා පැමිණීම නීල සෙනවිගේ නොකැමත්තට හේතු විය.ඒ යලිත් තමනට පවරා යටතේ නිලතල දරන්නට වේ යැයි හැගුන නිසාය.

එනිසා පවරාගේ පැමිණීම නවතාලීමට නීල සෙනවි සූක්ෂමව කටයුතු කලේය

ඒ සදහා රජුගේ හිතේ උදහස ඇතිකොට පවරාගේ පැමිණීම නවතන ලෙස රජු ලවා නියෝගයක් තමනට ලබන තැනට නීල සෙනවි කටයුතු කලේය..

මේ නිසා අවස්ථා පහක්ම පරාජය බාර ගත් අම්මා පස්වන දින නැවත හැරී එන්නේ හයවන දින සියලු බැදීම් හැර තනිවම කදු මුදුන තරණය කරනවා යන අදහසිනි.

නමුත් අප කාගෙන්වත් ඊට ඉඩක් නොලැබෙන තැන භාවනාවෙන් මීට උපදෙස් පතන අම්මාට
නීල සෙනවිගේ මෙකී උපක්‍රම වලින් මිදී කදු මුදුනට පැමිණීමට නම් සුදු තොප්පියක් හෝ සුදු රෙද්දකින් හිස ගැටගසාගෙන පැමිණෙන්නැයි පැවසූ අතර එහි අර්ථය කුමක්දැයි අපට වැටහුණේ මෙම තොරතුරු හෙළි වීමත් සමග ය.

මෙම සිදුවීම් වලින් පසුව මාළිගයේ පැවැති උකුසු මිනිස්සුන්ගේ රාජ්‍ය සංකේතයක් වූ අසිපතක් ලබා ගැනීම උදෙසා උකුසු බලඇණියක් මෙම රාජ්‍යයට පැමිණෙන අතර ඒ වන විට පවරා සිය මාලිගය හැර දමා බවුන් වඩන්නට පිටවී අවසන්ය .

එහෙත් ප්‍රදේශයේ පවතින ගිරි දුර්ග ජල දුර්ග පිළිබඳ ඔවුන් තුළ වූ නොදැනුවත්කම හේතුවෙන් පවරා කුමරියගේන් උදවු ඉල්ලූ මුත් කළ කිරීම තුළ ඒ වන විටත් සියල්ල අතහැර දමා තිබූ හෙයින් පවරාගේ උදව් නොලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ යක්ෂ ගෝත්‍රිකයන් අතින් උකුසු බල ඇණිය සමූල ඝාතනයකට ලක් වීමයි.

අදවන විට කෛය රාජ්‍යය හා බැඳුණු නිරිඇල්ල රජවත්ත කොඩිප්පිලි කන්ද ගවර ගිර ආදී නම් පමණක් ඉතිරි කර ඉතිහාසයෙන් මැකී ගොස් ඇත.

විහාරය අසලම වූයේ මාලිගාතැන්න හා නැටුම් වල ලෙසින් නම් ඔව් ස්ථාන දෙකක් පැවතියත් ඒවා කාලයත් සමග එහි කිසිත් පුරාවිද්‍යාත්මක සාධකයක් දැකගත නොහැකි අයුරින් කැලයෙන් වැසී ගොසිනි.

මාලිගා භුමිය රජමහ කුකුළුවා විහාරය ලෙසත්ප පවරා කුමරිය බවුන් වඩන ලද ස්ථානය අද වන විට සුමන ගල් ලෙන් විහාරය ලෙසත් සාසනය සතු භුමියක්ව ඉතිරි සියල්ල ඉතිහාසයෙන් වසා දමා ඇත. ඒ එතනටද වලගම්බා ලේබලය ඇලවීමෙනි

කුකුළුවා විහාරය නිර්මාණය වී ඇත්තේ පැරැණි ලෙන් කිහිපයක් උපයෝගී කොට ගනිමිනි. මෙම පැරැණි ලෙන් දෙකෙහිම ගල් අතුලට වු ගමන් මගවල් වසා දමා ඇති බව හොඳින්ම පෙනී යයි. මෙම විහාරයේ සිට රත්නපුර පොත්ගුල් විහාරය දක්වා උමං මගක් පැවති බවට ජනප්‍රවාදයක් වේ. බුදු ගෙය තුළ හා දේවාලය තුළ නිදන හොරුන් විසින් උමං මඟ විවර කොට එහි සඟවා තිබූ දේ පිළිබඳ සොයා බලා ඇති බව අප යන විටද දැකගත හැකිවිය.

පලවන රාජසිංහ රජු විසින් මේ නිරිඇල්ලේ
තිස් මදය නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේට ප්‍රදානය කල නින්දගම ක සීමාව ලෙස මෙම විහාරය නම් කොට ඇත්තේ කනත්තේ ගල්ලෙන් විහාරය යන නමිනි. කනත්ත යන නමින් මේ ස්ථානය ව්‍යවහාර වන්නට හේතු වූයේ රජ පවුලම එම භූමියේ මියයෑම හේතුවෙන් වන්නට ඇත.

ගමනේ විටින් විට මුණ ගැසුණු ගැමියන් හා යතිවරැන් වෙතින් මෙය වළගම්බා රජූගේ භූමියක් යැයි කියවෙද්දී විටක උපහාසාත්මක සිනාවෙන්ද තවත් විටක දෑසෙහි හිරවුනු කදුලකින්ද තම උරැමය වලගම්බාටම ලියා දෙන හෙලය දෙස අම්මාද පවරාද බලා සිටිනු දුටුවෙමි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close