සංචාරය

වාරියපොල දඩුමොනරය නැවැත්වුයේ කොතනද

වාරියපොල නැතහොත් වායුවෙන් ගමන් කරනා රිය නවතන ස්ථානය කියු සැණින් අපේ මතකයට එන්නේ රාවණ රජුය.

රාවණ රජුගේ දඩු මොණරය හෙළ ඉතිහාසයේ මායාවක් නොවු යථාර්ථයකි.
මෙම වායුවෙන් ගමන් කරනා රිය නැවැත්වු බොහෝ තැන් මුල්කර ගනිමින් ගම් වලට යෙදුණු නාමයන් අදටත් දැක ගත හැකි වෙයි.
වාරියපොළ කියන නමින් හැමෝම මේ තැන ගැන මධ්‍ය තුළ කථා කරත් හරියටම දඩුමොනරය නවත්වපු තැනක් නම් දන්නේ නෑ.

කොහොද මේ යනය නැවැත්තුවේ………..

කැබැල්ලෑ ලෙන කිව්වම අද ප‍්‍රසිද්ධ රජමහා විහාරයකට සහ ගම්භාර දෙවියන්ගේ මුල් ශක්තින් සහිත තැනක් ලෙසටයි. වාරියපොල නගරයේ සිට කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි මෙම විහාරය ගිරි විහාරයක්.

කි‍්‍රස්තු පුර්ව දෙවන සියවසේදි පමණ වට්ඨගාමිණි අභය රජු විසින් ඉදි කෙරුණු ඉදිකිරිම් අදටත් මේ ස්ථානයේ දක්නට ලැබෙනවා.

මේ ඉදිකරිම සිදුවන්නේ හිරණ කෂ්‍යප යුගයේ සිට සුමන සමන් හෙළ අධ්‍යාපන එකකයේ ප‍්‍රධානත්තව දරූ යුගය දක්වාම පැවති වායුවෙන් ගමන් කරනා රිය නවත්වන ලද ලෙන තුළයි……

අදටත් මෙහි යන කෙනෙක්ට බොහොම සරලව මේක තේරුම් ගන්න පුලූවන්……
සුලං ධාරා උපයෝගි කරගෙන ගමන් කරන යානයක් නැවැත්වීම හා යළි නැංවීම උදෙසා පහසුවන ලෙසින් මේ ස්ථානය කෘතිමව සකසා ඇති බව හොදින්ම අවබෝධ කර ගන්න පුලූවන්……

ඒ විතරක් නොවෙයි

රාත‍්‍රී කාලයට මෙහි පැමිණෙන යානය උදෙසා ලෙන හදුනා ගැනීම උදෙසා ආලෝක පද්ධතියක් පැවැති බව සිතිය හැකියි.

………………………………………………

මෙය සනාත කරවිය හැකි තවත් කාරණා දෙකක් තියෙනවා….
එකක් තමයි ගම්භාර දෙවියන් කියන්නේ බන්ඩාර දෙවි කෙනෙක් ඒ කියන්නේ එදා පරුමක වරයෙක්……

රජුගේ ගුවන්තොට රුකීම පරුමක වරයෙකුගේ පරම යුතුකමක් ….
ඒ එක්කම එදා රාවණ රජු නිරන්තරව පැමිණි ස්ථානයක් මේ අසල පවතිනවා…
විශ්වය සමගම සන්නිවේදනය කල හැකි සන්නිවේදන කුලූණ….
ඒ නිසා මේ ගවන් තොටට විශේෂිත ආරක්ෂාවක් සැළසුවා විය යුතුය….

දෙවන කරුණ වන්නේ කතරගම දෙවියන් සමග තරහා වන වල්ලි මැණියන් වැඩසිටි කන්දේ සිට කෙලින්ම පැමිණ කාලයක් නතරව සිටින්නේ කැබැල්ලෑ ලෙනෙහි ඇති වෙනක් ලෙනකය……

එනම් මෙය ඉතා දියුණු ගුවන් තොටකි……

අප වැඩසිටි කන්ද හා මොනර වාහනය ගැන අමුතුවෙන් කිවයුතු නැත ….
එසේනම් වල්ලි මැණියන් පැමිණ ඇත්තේද මොනර වාහනයෙන්ම විය යුතුය………
වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම ලෙන පිහිටි උස්මට්ටම ආසන්න ප‍්‍රදේශයේ ඉහලම ස්ථානය වීමය. එවන් තත්වයකදි යානයක් පැමිණිමෙදි කිසිදු භාධාවකින් තොරව ගොඩබෑමේ හැකියාව උදා වීමයි.

කෙනෙක්ට හිතෙන්න පුලූවන් අද භූමය මත ගුවන් අංගන ඉදිකරද්දී එදා ඇයි කදුමත ගුවන් තොටවල් ඉදිවුනේ කියලා…..

එකට හේතු තුනක් මම දකිනවා …
..
ප‍්‍රධානම දේ ආරක්ෂාව ….. ඉහලින් පැමිණ ඉහලම නැවැත්තුවම පහර දීමකට ඇති හැකියාව අවම වෙනවා…….

දෙවැන්න සුළං ධාරා ගමන් කරන මට්ටම තුළ මෙම නැවතුම් ඉදිකරාම යානාවේ ක‍්‍රීයාකාරිත්වය පහසු වෙනවා….. සරුංගල් ඇරපු අයට මේ ගැන සරල අදහසක් තියෙනවා……

අවසන් කරුණ තමයි පැරුන්නෝ උඩින් බිමට එන අයට අසීමිත භක්තියක් දැක්වුවා…. ඒ නිසයි උඩින් ආව අය දේවත්වයට පත්වෙන්නේ ….

ඒ නිසා හැම විටම රාවණ රජු ලෝකය පුරා ගමන් කරද්දී තම යානය නැවැත්තුවේ උස් මුදුන් සහිත තැන් වල ……

ගුවනින් ආ සිංහ මිනිසුන් වගේම රා දෙවියන් එකට සෑම ශිෂ්ඨාචාරයකම වන්දනාවට පත් වෙන්නේ ඒ නිසයි….

හිරණ්‍ය කශ්‍යප රජුව වෛදිකයෝ බ‍්‍රහ්මන් ලෙෂ දකින්නේ ඒ නිසාය….
දේවයානි කුමරියව ලොව පුරා මව් දෙවගන ලෙසින් වන්දනාවට පත්වන්නේ ඒ නිසාය…….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x