සංචාරය

පරාජිතයා ජයග්‍රහකයෙකු කල වෙස්සගිරිය

අනුරාධපුර පුත්තලම මාර්ගයේ ඉසුරුමුණිය පසුකර මද දුරක් යනවිට දකුණු පසින් ගිරි කුළු වලින් වටවූ ඉතා නිසංසල පෙදෙසක් හමුවේ. එය වූ කලී දේවානම්පියතිස්ස රජුගේ බෑනා වූ වෛශ්‍ය කුලයට අයත් අරිට්ඨ කුමරු ඇතුළු පන්සියයක් කුමාරවරු බුදුසසුන වැළද ගෙන බවුන් වැඩූ ස්ථානයයි.

වෙස්සගිරිය යනුවෙන් හඳුන්වනු ලබනමෙම පූජනීය භූමියට එම නම ලැබෙන්නට හේතුව වූයේ වෛශ්‍ය කුලයට අයත් මෙම කුමාරවරු ශාසනයට ඇතුළත් ව මෙම භූමියේ වන භාවනා යෝගීව ජීවත් වූ නිසා බව කියවේ.

දේවානම්පියතිස්ස රජු බුදුදහම වැලඳ ගැනීමෙන් පසු ලංකාවේ පළමු භික්ෂුත්වය වැළඳ ගත් පුද්ගලයා ලෙස සැලකෙන්නේ අරිට්ඨ කුමරු ය.

ඉතිහාසයේ ලියැවී ඇති කරුණු අනුව දේවානම්පියතිස්ස රජු මෙම භූමිය මනස්කාන්ත ව නිර්මාණය කොට සඟසතු කොට ඇත. එසේ වුවත් එහි මුල් උරුමය හිමිව ඇත්තේ වෙසමුණි ලෙසින් අපි හඳුන්වන වෛශ්‍රවණ රජුට ය. එසේත් නැතිනම් රාවණ රජුගේ සහෝදරයා වූ කුවේරටය. වෙසමුනි වෛශ්‍රවණ කුවේර යන සියලු නම් වලින්ම හඳුන්වන ලද්දේ විශ්‍රවස් මුනිවරයාගේ වැඩිමහල් පුත්‍රයාය.

සතරවරම් දෙවිවරුන්ගෙන් එක් එක් දෙවි කෙනෙක් වන වෛශ්‍රවණ උතුරු දිසාව භාර යක්ෂ සේනාධිපති කෙනෙකු ලෙස සැලකෙන අතර බුදුදහම තුළින් ප්‍රතික්ෂේප නො වූ යක්ෂ ගෝත්‍රික සෙන්පති කෙනෙකි.

විශ්‍රාවාස මුනිවරයා ගෙන් රාජ්‍ය උරුම වන්නේ වෛශ්‍රවණ නැතහොත් කුවේරට බව අපි දනිමු. එසේනම් මේ භූමියේ මුල් අයිතිය හිමිව පැවතියේ විශ්‍රවස් මුණි වරයාටය.

මසුන් පිරි ජල වලල්ල ….. මෙය අපිට හුරු සංකේතයකි. එය කුමක්ද ? විශ‍්‍රවස්මුණිගේ රාජධානි සිමාව හදුන්වන සංකේතය මෙය බව මා වසර කිහිපයකට පෙර පෙන්වා දුන් බව ඔබට මතක ඇති. රන් මසු උයන… මත්‍යස සංකේත මේ එකම පුද්ගලයෙකුට අයත් සිමාවක් පිලිබදව කල පැහැදිලි කිරීමකි. එසේනම් කුවේරට හිමි වන්නේ විශ්‍රවස් මුණි වරයා සතුව තිබූ අසුන් පිරිවෙන් සීමා වූ රාජ්‍ය යයි.

විශ්රවස්මුණිවරයා සතුව පැවති යකුන්ගේ ප්‍රධානියා යන තනතුරු වු වෙසමුණි යන තනතුර වෛශ්‍රවණ ට හිමි වන්නේ තම රාජ්‍යය තව දරුවාට පවරා දුන් පසුවය.

වෛශ්‍යවන රාජ්‍ය පාලනය වූ කලී මල අත දරා කළ පාලනයකි. එනම් සාමකාමී පාලනයකි. ආද්‍යාත්මික ශක්තිය සහ සොබා දහමේ බලය මුල් කොටගත් පාලන රටාවකි.. එහෙත් වැඩිකලක් ඔහුට තම රාජ්‍යය විචාරන්නට අවස්ථාව උදාවන්නේ නැත . රාවණ තම බලයෙන් දැණුමින් වෛශ්‍යවනගෙන් ලංකාපුරය තම යටතට ගනු ලබයි. මෙම පවුලේ බල අරගලය සාමකාමිව සිදුවන්නක් ලෙස අප දුටුවද එය එසේ සිදු වන්නක් නොවේ.

අපට වෙස්සගිරිය තුළ කළ සංචාරයේදී අප මෙතෙක් ඉතිහාසය තුළ නොදත් කරුණු රැසක් භාවනාව හරහා දැනගන්නට හැකිවිය. රාවණ රජු වෛශ්‍රවණගෙන් ඔහුගේ රාජ්‍යය පැහැර ගනු ලබන්නේ වෛශ්‍රවණ ගේ ප්‍රියතම ආහාරය කාමරංකා කැබැල්ලකට විස එක් කිරීම හරහා ය. ඔහුව දුර්වල කොට ඔහුගේ රාජ්‍යය සියතට ගැනීමෙන් පසු ඔහුව රටෙන් නෙරපා හැර ඇත.

වෛශ්‍රවණ ගේ රාජධානිය ඉදිකිරීම් අතර මගදි නතර වූ බව සිතිය හැකිය. ඉතා දිගට ඇති ගල්වැටිය හොඳින් නිරීක්ෂණය කරන්නේ නම් එය කෘතිම නිර්මාණයක් යැයි සිතිය හැකිය. එහි ස්වරූපය මාලිගා බිමක් වටා ඉදිකරන ආරක්ෂිත බැම්මක් හා සමානය. එසේ නම් එය ඉදිකර ඇත්තේ ස්වභාවික ගල් හා පෙනුම සමාන වන ලෙස ඉදිකිරීම් සිදුකිරීමට පැවැති තාක්ෂණයක් තුළිනි .
මෙම ආරක්ෂිත බැම්ම හරහා ගමන් කිරීමට ස්ථාන දෙකකින් සකස් කළ කපොලු දෙකක් ඇත. මෙය ඉතා ප්‍රබල ආරක්ෂක ක්‍රමවේදයකි. දැම්ම දෙපසින්ම ආරක්ෂක කුටි හා සමානව නිර්මාණය වූ ශිලාමය ලෙන් දැකගත හැකිවේ.පසුකාලීනව මේවා රහතුන් වහන්සේලාගේ භාවනා කුටි ලෙස පරිවර්තනය කරන්නට ඇත.

වෛශ්‍රවණ ගේ රාජධානියේ ඉදිකිරීම අතරමග නවතා දමන්නට ඇතැයි යනුවෙන් මා පැවසුවේ රාවණ රජු ඔහුගේ රාජධානිය පැහැර ගැනීමත් සමග මෙම ඉදිකිරීම් අතරමඟ නැවතුණ ස්වභාවයක් දක්නට ලැබීමයි. පසුකාලීනව වසා දමන ලද විශාල උමං මාර්ගයක් මෙහි පැවතීම තුල මෙය භික්ෂූන් අරබයා නිර්මාණය කරන ලද්දක් නොවන බව සිතීමට ඇති හොඳම සාක්ෂියකි.

මෙම භූමිය හා බද්ධ වන තවත් සුවිසේෂි කාරණාවක් පවතී. සුමාලි රජු දේවයානී කුමරියගේ ගොඩබිම් හමුදාව බාරව සිටි ප්‍රධාන සෙන්පති වරයෙකු බව මා රිදී විහාරය හා සම්බන්ධ ලිපියෙදි පැවසු බව මතක ඇති. සුමාලි රජු තම දියණියව විශ්‍රවස් මුණි වරයා වෙත යවන්නේ තුන්ලෝකයම දිනාගතහැකි දරුවෙකු නිර්මාණය කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ඒ බලාපොරොත්තුව තුළ උපත ලබන්නේ රාවණා යි.

රාවණ රජුට රාජ්‍යය උරුම නොවීම තුළ මූලික ලෙසම සුමාලි රජුගේ නැහැ අපේක්ෂාව බිඳ වැටෙන බව නොරහසකි. රාවණ රජු ෛශ්‍රවණ ට විරුද්ධ ව මෙහෙය වීම පිටුපස සුමාලි රජු නොමැති යැයි සිතිය නොහැකිය. මල අත දරා කළ පාලන ක්‍රමවේදය බිඳ දැමීම හා අසිපත අත දරා රාජ්‍ය පාලනය කිරීම යන යුග පරිවර්තනය උදෙසා මූලික කරුණු නිර්මාණය වීම සිදුවන්නේ වෙස්සගිරිය මුල්කොට ගනිමිනි.

වෙස්සගිරියේදි ආශ්‍රමයේ අම්මා පෙර ඇගේ එක් ආත්මයක් පිලිබදව විමසු පැනයකට පිලිතුර සොයා ගන්න නම් විසදීමට ප්රස්ථා පිරුලක් ලැබුණි.

” පරාජිතයා ජයග්‍රහකයෙකු කල හැක්කේ
ජයග්‍රහකයා පරාජිතයෙකු කිරීමෙනි ”

එ විසදීම තුල ඉතිහාසයේ සැගවුණු ඉමක් මතුවෙමින් පවතී.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close