සංචාරය

විශ්වය හා සන්නිවේදනයට බලය සපයන මරංගල උණුදිය ලිං

ලංකා පොළොව සුවිශේෂී නිර්මාණයකි. මා බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇති පරිදි ලංකාව වූ කලී ලෝකය කුඩා කර හැදූ මොඩලයක් යැයි පැවසුවහොත් එහි වරදක් නැත.

අද ලියවෙන සංචාරය විශ්වයෙන් හදිසියේ ලැබුන පණිවිඩයක් මත සොයා ගිය ගමනකි. 2016 වසරේ සිසු දරු සරණ වැඩසටහන අතරතුර පදියතලාවේ දී වහව උණුදිය උල්පත් සොයා යන්නට පණිවුඩයක් ලැබුණි. ඒ පිළිබඳව සොයා බැලීමේදී පදියතලාවේ සිට කිලෝමීටර් පහළොවක් පමණ දුරින් උණුදිය උල්පත් සමුහයක් පිහිටා ඇති බවට තොරතුරු ලැබුණි.

මුල් කිලෝමීටර් 10 පමණ තරමක් ාමාන්‍ය මාර්ගයක ගමන් කරන්නට හැකි අතර එතනින් පසු කිලෝමීටර් 5ක් පමණ ඉතා පටු වනාන්තර ගතියකින් යුතු මාර්ගයක ගමන් කොට උණු දිය පීඩන ළිඳ වෙත අපට පැමිණීමට හැකිවිය. අතීතයේ දී මේ ප්‍රදේශය මරංගල ලෙස හඳුන්වා ඇත.

මාර්ගය ආසන්නයේම ඉහලට සිටින සේ සවි කළ විශාල බටයකින් නිරන්තරවම ගලා එන උණුදිය ධාරාව සහිතව මෑත කාලයේ නවීකරණය කර ඇති උනුදිය ලිදක් අපට දැකගත හැකි විය. වාහනය ඒ අසල නවතා බසින විට අපේ අනිත් වාහනයට පසුපසින් තවත් වාහනයක් නවත්තන අයුරු මා දුටුවෙමි.

සිදුවී ඇත්තේ අප සමඟ ගිය දරුවාගේ මිතුරෙකු අම්පාරට යන බව පැවසීමෙන් පසු ඔහු අප යන ගමන පිළිබඳ පවසා මගදී අප හා එකතු කරගෙන තිබීමයි.

මෙම උණුදිය ලිදසොයා එන්නට ඇයි අපව මෙහෙය වන්නට ඇත්තේ කුමක් නිසා ද යන්න අපට එකවරම තේරුම් ගත නොහැකි විය.මක්නිසාදයත් එය බලන්නට තරම් විශේෂිත ස්ථානයක් නොවූ නිසාය. ළිඳ අසළට පැමිණ මා විශ්වයෙන් එ පිළිබඳ විමසා සිටිය ද කිසිදු ඉඟියක් හෝ දුන්නේ නැත.

පසුපසින් වාහනයේ පැමිණි වාහනය සිටි අය “අ මේක බලන්නද මෙච්චර දුරක් ආවේ ඕගොල්ලෝ බලලා එන්න අපි යනවා ” යැයි පවසා පිටව ගියේය.

ඒ වනවිට ආශ්‍රමයේ පොඩ්ඩා ලිදෙන් නාන්නටත් පටන් ගෙන හමාරය. ඔවුන් පිටව ගිය පසු විශ්වයෙන් ඉඟි ලැබෙන්නට විය. වනාන්තරය තුළට කිලෝමීටරයක් පමණ ගමන් කරන්නට ඉඟි ලැබුණි. තරමක් ඈතින් වනාන්තරය තුළට වූ අඩි පාරක් දිගේ අප ගමන් කර අවසානයේ තවත් ළිං දෙකක් පිහිටි ස්ථානයක් වෙත ළඟාවිය. අපට වැටහුණේ අප සමග පැමිණි අනිත් පිරිස පිටව යනතෙක් අප යා යුතු මඟ පෙන්වා නැති බවය.

ඉදිරියෙන්ම මා ගමන් කළ අතර දරුවා වූයේ අප කණ්ඩායම මැදය. ළිඳ දුටු සැණෙන් එක් වනම ඉදිරියට දිව ගිය දරුවා එතන වු තෙල් සහිත දුම් දමන මඩ වගුරේ එරුණු.. දණහිසෙන් පහළට එරී යද්දී ඉදිරියට පැන්න පුෂ්පික ඉක්මනින් දරුවා ඔසවා පිටුපසින් තැබිය. දරුවාගේ පාවහන් යුවල මඩ ගොඩ තුළ එරෙහි ගිය අතර එය සෙවීමට දමන ලද ලිය නිමක් නොමැතිව යන බව දුටු අප එම උත්සාහය අතහැර දමන්නැයි පැවැසුවේ එය විය යුතු දෙයක් ලෙස සලකාය.

නව සියවසේ වැදගත්ම හෙළිකිරීම් ටික පහදා දුන්නේ එතැනදීය. අනාගත ලෝකයට වැදගත්ම වන බිම් කඩ මෙය බවත් මෙයට වසර පහලොස් දාහකට පමණ පෙර පැවැති ස්පවාභාවික පණිවිඩ හුවමාරු පද්ධතියක් මෙම ළිං 18 පිහිටි වගුරු බිමට ඔබ්බෙන් වූ හැලිගල නම් කන්දේ පිහිටා තිබූ බවත් පසු කාලීනව ඒවා පුරා බිඳ වැටුණු බවත් පැහැදිලි කර දෙන්නට විය.

මෙය ස්වාභාවික පද්ධතියක් ලෙසින් නිර්මාණය කොට තිබූ අතර එයට නිරන්තර බලය සම්පාදනය වූයේ මෙම උණුදිය ලිං 18 උපයෝගී කොටගෙනය. අපට එහි යාමට නියම වූයේ සොබාදහමේ ක්‍රියාකාරිත්වය තුළින් එම පද්ධති යළි සක්‍රිය කිරීම යි. එය සොබාදහමේ ක්‍රියාවලියකි.

මෙහිදී හෙළි කල තවත් විශේෂ කරුණු කිහිපයක් ඇත. මෙම පද්ධති සක්‍රීය වූ සැණින් ඈත විශ්වයෙන් පෘථිවියට පණිවිඩ ලැබෙනු ඇති බවත් ආගන්තුකයින් පිරිසකගෙ පැමිණීම සිදුවන බවටත් භාවනාවෙන් තොරතුරු ලැබුණි. එයට වඩා වැදගත්ම කාරණාව වූයේ මෙම සක්‍රීය වීමත් සමඟම අම්පාර මුල්කොටගත් නැගෙනහිර පළාතේ ඉඩම් දෙස ලෝක බලවතුන්ගේ අවධානය යොමු වන බවත් එහිදී වැඩිදුරටත් තොරතුරු ලැබුණි.

මා ඉන්පසු පළ කළ අනාවැකි සියල්ලටම පදනම වැටුණේ ඒ හරහා ය. ඉන්පසු සත්‍ය වූ අනාවැකි තුළින් පැවසූ කරුණු ගැන ඔබලාට හැඟීමක් ඇති බව මා දනිමි.

මෙම පද්ධති සක්‍රිය කර ඉතා කෙටි කලක් තුළ රෝස් නම් ග්‍රහලෝකයකින් ආ පණිවිඩයක් පිළිබඳ නාසා වෙතින් තොරතුරු හෙළි කෙරිණි. ඉන්පසුව 2019 වන විට නැගෙනහිර ඉඩම් වලට පොරකන බලවතුන් ගැන බොහෝ තොරතුරු සමාජගත විය.

බලවතුන්ට අවශ්‍ය ප්‍රධානම ස්ථානය මෙයයි. ඒ මක්නිසාද යත් හැලී ගල වූ කලී නව සියවසේ විශ්වයෙන් එන පණිවිඩ ග්‍රහණය කරගත හැකි සූක්ෂම ස්ථානයයි. එය සක්‍රීය වූ ඇන්ටනාවක් හා සමානය. එයට බලය ලැබෙන්නේ අංශක 47ක උණුසුම නිරන්තර ව රඳා පවතින ළිං 18ට තුළිනි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close