සංචාරය

මායා ඇස වසා ධර්ම චක්‍රය ලෙළ වු මිහින්තලය

ඈත අතීතයේ සූර්ය වන්දනාව තුළින් සොබාදහමේ ශක්තිය උකහා ගත් අප මහින්දාගමනයත් සමඟම බෞද්ධයන් බවට පත්වීමු. වර්තමානය වන විට ලංකාව යනු බුදු දහම මුල් කොටගත් රාජ්‍යයකි. මෙහි ආරම්භය මිහිඳු මාහිමිගේ ලංකාගමනය දක්වා දිවයයි.

බුදු දහමේ ආරම්භය මිහිඳු හිමිගේ ලංකා ගමනය ආදී වචන ඇසෙත්ම නිතැතින් සිහියට නැගෙන්නේ මිහින්තලා කඳු මුදුනයි.

මිහිඳු මාහිමියන් කල් යල් බලා බුදුදහම තේරුම් ගත හැකි පාලකයකු බිහිවූ පසු ලක්දිවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. තුන්වන ධර්ම සංගායනාවෙන් පසු බුදු දහමේ පැවැත්ම රැඳී පවතින්නේ ලංකා පොළවේ බව අවබෝධ කොට ගන්නා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ බුදුදහම ලංකාවේ ස්ථාපිත කිරීමේ වගකීම මිහිඳු හිමියන් හට පවරා ඇත. ලංකාවට බුදු දහම රැගෙන ආ යුත්තේ කෙසේද යන්න රහත් මනසෙන් මිහිඳු හිමියන් විමසා බලන විට පෙනී යන්නේ මේ මොහොත තුළ මහලු මුටසීව රජු රාජ්‍ය විචාරණ බවත් බුදුදහම වැනි ගැඹුරු දහමක් තේරුම් ගත හැකි තිස්ස කුමරු ඉන්පසු රජ වන බවත් අවබෝධකොට ගත්තේ ය.

එසේ සිතා අදාල කාලයේදී තිස්ස රජු තමන් අබිමුවට පැමිණෙත් වා යි කියා අධිෂ්ඨානයක් කළ බව සඳහන් වෙයි.

මිහිඳු හිමියන්ගේ ලංකාගමනයත් සමග ම තිස්ස කුමරුව මිහින්තලය කඳු පාමුලට රැගෙන ආවේ මිහිඳු හිමියන්ගේ අධිෂ්ඨාන බලය තුල ක්‍රියාත්මක වූ මිහින්තලාවට අධිපති දෙවියන් යෑයි ඉතිහාසයේ සඳහන් වේ .

බුදුදහම පිළිගන්නා තිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පිරිවර තිසරණ සරණ ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු බුදුසසුන වැළඳගන්නා අරිට්ඨ කුමාරයා ඇතුළු සංඝයා වහන්සේලා 68 දෙනෙකු රහත් භාවයට පත්වීම මාසයක කාලයක් තුළ සිදු වූ බවත් එම රහතන් වහන්සේලා 68 නම මිහින්තලය මහා විහාරය අවට ලෙන් 68 ක භාවනායෝගීව වැඩ විසූ බවත් කියවේ. ඒවා අට සැට ලෙන් යනුවෙන් හැඳින්වේ.

මිහින්තලා කන්දට ඉදිරියෙන් මිහිඳු ගුහාව නම් ගුහාවක් පවතී. එය මිහිඳු හිමියන් වැඩසිටි ගුහාව යැයි පවසති. එයට පිටුපසින් තරමක් ඉහළින් ගඩොල් වලින් පමණක් දැකගත හැකියි පැරණි චෛත්‍යයක් වේයි. එය වූ කලී මිහිඳු චෛත්‍යයයි. මිහිඳු හිමියන් පිරිනිවනින් පසු මිහිඳු හිමියන්ගේ ධාතු තැම්පත්කොට ෙෙෙෙම චෛත්‍යය ඉදි කොට ඇත.
මිහිඳු චෛත්‍යය අසල සිට අවට බැලූ විට කැලෙන් වැසීගිය එවැනිම මුදුන් නොමැති ෛත්‍ය දෙකක් දැකගත හැකිවෙයි.

මිහින්තලයට ඉදිරියෙන් රජ ලෙන කන්ද පිහිටා ඇති අතර එහි සැඟවුණු මායා ඇසේ සංකේතයක් දැකගත හැකි වෙයි. හෙළ පාලනය ඒකකයන් තුළ මායා ඇසෙන් සංකේතවත් කළේ දේව අධ්‍යාපනය ඒකකයයි. එනම් අධ්‍යාපනය ලබාදෙන ගුරුකුලය පිහිටා තිබූ ස්ථානයයි.

මිහින්තලය අවට පසු කාලීන සංරක්ෂණයන් කිරීමේදී ගල් පඩි හා ගල් බැමි සංරක්ෂණය කිරීමේ දී ඒවායේ පැවැති සංකේත පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට නොමැති බව පෙනී යයි. පහල සිට ගල් පඩි පිළිබඳ හොඳින් අධ්‍යයනය කිරීමේදී බොහෝ රූප සටහන් දැකගත හැකිවේ.

එසේම මායා ඉන්කා ශිෂ්ඨාචාරයන් තුල වැඩි උනන්දුවෙන් කතා කරනු ලබන ඉතා සියුම් ගල් පිරිද්දුම් තාක්ෂණයන් මිහින්තලය අවට බැමි වල දැකගත හැකි වේ.

මිහිඳු හිමියන් බුදුදහම රැගෙන පැමිණීමට මිහින්තලය තෝරාගැනීමත් එසේම පිරිනිවන දක්වා මිහින්තලය කලුදිය පොකුණ ආවට වු තපෝ වනය තුළ ජීවත්වීමත් තුළ මෙම භූමියේ ඇති සුවිශේෂී බව අවබෝධ කොට ගත හැකි වෙයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close