සංචාරය

ලංකාවේ පලමු සුර්ය දෙවොල මුන්නේෂ්වරම්

හෙළ යුගයේදී ලංකාව වටා සුර්ය දේවොල් පහක් පැවැති අතර පසුකාලීනව ඒවා ඊශ්වර කොවිල් බවට පත්විය. පංච ඊශ්වරන් යනුවෙන් හඳුන්වනු ලැබුවේ එම ඊශ්වර කෝවිල් වේ.

හලාවත කුරුණෑගල මාර්ග ඒ හලාවත සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි පැරණි ඊශ්වර කෝවිලද මෙම පංච ඊස්වරම් කෝවිල් වලින් එකකි.

පෘතුගීසීන් විසින් කඩා බිඳ දැමූ මෙම සුර්ය දේවාලය යළි ලන්දේසි යුගයේදී ඊශ්වර කෝවිල ලෙස ප්‍රතිසංස්කරණය කෙරුණු බව ඉතිහාසයේ සඳහන් වේ. එය කෙසේ වෙතත් හෙළ යුගය තුළ සූර්යයාගේ ප්‍රත්‍යාදි දේවතාවා ලෙස ශිව දෙවියන් හා ඊශ්වර දෙවියන් වන්දනා කිරීම පැවති බව දැකගත හැකි වන කරුණකි.

ලංකාවේ පිහිටවූ පළමු ඊශ්වර කෝවිල ලෙස සැලකෙන්නේ මුන්නේශ්වරම් හි පිහිටි මෙම කෝවිලයි. මුන්නේශ්වරම් යන්නෙහි අර්ථය ද පළමු ඊශ්වර කෝවිල යන්නයි.

රාමායණය තුළ සඳහන් වන පරිදි රාවණ රජු ශිව දෙවියන්ගෙන් පිහිට ඉල්ලා ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වූ ස්ථානය ලෙස මෙම කෝවිල පිළිබඳ සඳහන් වේ. එබැවින් හින්දු භක්තිකයින් තුළ මෙන්ම සිංහල ජනතාව තුළ ද මෙම ඊශ්වර කෝවිල පිළිබඳ විශාල ගෞරව භක්තියක් පවතී.

හෙළ රාජාවලිය තුළ ප්‍රබල රාජ්‍ය පාලකයන් ලෙස සිටී 6 වන පරාක්‍රමබාහු රජු හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ගම්වර ප්‍රදානය කරමින් මෙම කෝවිල පවත්වාගෙන යෑමට අනුබල දුන් බව පෙනී යයි. එයට ප්‍රධාන ලෙසම හේතුවී ඇත්තේ මෙම ඊශ්වර කෝවිල සතුව පැවැති දේව බලය බව සිතිය හැකිය.
හයවන පරාක්‍රමබාහු රජුගේ දරුවකු තුළ පැවැති රෝගයක් සුව කර දෙන මෙන් ඊශ්වර කෝවිලට පැමිණ බාරයක් වූ බවත් එය සුව වීමෙන් පසු රජු විසින් කෝවිලට ගම්වර පූජා කළ බවත් කියවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි ගම්වර හැට හතරක් කෝවිලට පූජා කොට ඇති බව සඳහන් වේ.

වෙහෙර විහාර උදෙසා ගම්වර පූජා කල සිංහල රජවරුන් අතරින් කෝවිලක් වෙනුවෙන් මෙතරම් ගම්වර පූජා කළ ස්ථානය මෙය විය හැකි බව මගේ අදහසයි.

එක් අවස්ථාවකදී මා කෝවිල තුළ භාවනා කරමින් සිටින විට විශාල ඇතෙකු පිට නැගුණු රජෙකු මා ඉදිරියට පැමිණි අතර ඒ රජු ගේ පැමිණීමත් සමගම එම ස්ථානයේ සිටී අසරුවන් කිහිපදෙනෙකු වේගයෙන් පලා ගිය ආකාරය මා භාවනාවෙන් දුටිමි.

පෘතුග්‍රීසීන් විසින් මෙම දේවාලය තුළ වූ ඉපැරණි පිළිම බොහොමයක් විනාශ කර දැමූ අතර ඉන් ඉතිරි වූ කිහිපයක් ප්‍රතිසංස්කරණය කොට වර්තමානයේ දී ද දැකගත හැකි වේ. මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන් ගේ පාලනයට නතු වීමත් සමගම මෙම ගොඩනැගිලි ඔහුනගේ ආගමික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

අප මෙය හින්දු කෝවිලක් ලෙසින් වර්තමානයේ කතා කළ ද මෙය අතීත හෙලයාගේ උරුමයක් යැයි අමතක නොකළ යුතුය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close