සංචාරය

මේඝ කුමරුට සහස්ග්‍රති යානය හිමිවු නාලන්දා ගෙඩිගේ

හෙළ ඉතිහාසය ගැන කතා කරන හැම කෙනෙක්ගෙම කටයුතු වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි නාලන්දා ගෙඩිගේ කියන්නේ….

නාලන්දා ගෙඩිගෙය ලංකාවේ මැද යැයි බොහෝ දෙනෙක්ගේ විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසය සනාථ කරමින් nasa ආයතනය විසින් ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට ලෙස ලංකාව තෝරා ගැනීමත් සමගම නාලන්දා ගෙඩිගේ සම්බන්ධයෙන් අලුත් මතයකුත් ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. එය තමයි ලෝකෙ මධ්‍ය ලක්ෂය නාලන්දා ගෙඩිගේ විය යුතු බවයි.

අද අපේ සංචාරය හෙළ ඉතිහාසයේ බොහෝ තොරතුරු සැඟවුණු නාලන්දා ගෙඩිගේ නැරඹීමටයි. දඹුල්ල සිට මාතලේ දෙසට කිලෝමීටර් 26 ක් පමණ ගමන් කලවිට නාලන්දා රෝහල හමුවේ. එතැනින් දකුණට හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කලවිට බෝවතැන්න ජලාශය අසල ඇති නාලන්දා ගෙඩිගේ පිහිටි පුරාවිද්‍යාත්මක භූමිය වෙත පිවිසිය හැකිය.

සාමාන්‍යයෙන් අපි පුරා විද්‍යා භූමියකට පිවිසෙන විට විශාල වපසරියක් පුරා පැතිරුණු නටබුන් දැකගත හැකිවේ. එහෙත් නාලන්දා ගෙඩිගේ යනු හුදකලා භූමියකි. ඒ ආසන්නයේ ඉදිකළ චෛත්‍යක් දැකගත හැකිවේ.

නාලන්දා ගෙඩිගේ ඉදිකිරීම සම්බන්ධයෙන් පුරා විද්‍යාත්මක මතය වනුයේ ක්‍රිස්තු වර්ෂ අටත් දහයත් අතර කාලය තුල මෙය ඉදි වන්නට ඇති බවයි. එසේ වුවත් එය ඉදි කළ රජකු පිළිබඳ හෝ යුගයක් පිළිබඳ නිශ්චිත සාධකයක් මෙතෙක් හමුවී නොමැත. කැණීම්වලදී හමුවූ සෙල් ලිපියක මෙම භූමියේ විහාරස්ථානයක් පැවති බව හා විහාරස්ථානයක් තුලට ඇතුල් කර ගත යුතු හා ඇතුල් කර නොගත යුතු පුද්ගලයින් සම්බන්ධව එම සෙල් ලිපියේ තොරතුරු අඩංගු වේ. එහෙත් එහි වෙන තැන්වලින් හමුවන සෙල්ලිපි මෙන් මෙහි ඉදිකිරීම් සම්බන්ධ ව තොරතුරු දක්නට නැත.

මෙය ක්‍රිස්තු වර්ෂ අටත් දහයත් අතර යුගයේ ඉදිවන්නට ඇතැයි යන්න සිතන්නට හේතු වූ තවත් කරුණක් වනුයේ ක්‍රිස්තු වර්ෂ හයෙන් පසු ඉන්දියාවේ පල්ලව සම්ප්‍රදාය තුළ ඉදි වූ මෙවන් ආකාරයේ ගොඩනැගිලි පැවතීමයි.එනම් පුරා විද්‍යාත්මක මතයට අනුව නාලන්දා ගෙඩිගේ පල්ලව සම්ප්‍රදාය තුළ ඉදිවුනු නිර්මාණයකි.

නාලන්දා ගෙඩිගේ ඉදිකිරීමේදී පල්ලව සම්ප්‍රදායන්ට අමතරව සඳකඩ පහණ කොරවක් ගල හා කුඩා මකර තොරණක් එක්කර ගනිමින් යම් දේශීය හුරුවක් ලබා දී ඇති බව පෙනී යනවා. මෙම ගොඩනැඟිල්ලේ වහලය තනි කළුගල් පතුරු යොදා ගනිමින් සකස් කර ඇති අතර ලංකාවේ මේ ආකාරයෙන් දක්නට ඇති එකම ගොඩනැගිල්ල මෙය වේ. මෙහි වහලය පවතින හැඩය ශිඛරාකාර යැයි හඳුන්වනු ලැබේ.

බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී නාලන්දා ගෙඩිගෙය ගලවා ස්ථානය වෙනසක් සිදුකළ බව සම්බන්ධයෙන් විවිධ මතවාදයන් පවතී. බෝවතැන්න ජලාශය ඉදි කොට එයට ජලය පිරවීමේදී මෙම පුරාවිද්‍යාත්මක ස්මාරකය යට වන බව අවබෝධ කොට ගත් එවකට සිටි අමාත්‍යවරයෙකුගේ ඉල්ලීම මත මෙහි පිහිටීම වෙනස් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළේය. ඒ අනුව ගොඩනැගිල්ලේ සියලුම ගල් අංක කරමින් කොටස්වලට ගලවා පාදම දක්වාම ඉවත් කොට පිහිටි ස්ථානය ම අඩි 23 ක් පස් යොදා පුරෝවා නැවත සවි කළ බව සඳහන්ව ඇත. පුරාවිද්යා මතයට අනුව සම්පූර්ණ ගොඩනැගිල්ලක් ගලවා යළි සවි කළ එකම පුරාවිද්‍යාත්මක ස්මාරක මෙයයි.

ප්‍රධාන පිවිසුම හරහා ගොඩනැගිල්ලට පිවිසි විට කළුගල් කුළුණු අටක් දැකගත හැකිවේ. ගොඩනැඟිල්ලෙහි ඉදිරී කොටස තුළ ද ශිලාමය වහලයක් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. ප්‍රධාන ගුහය තුළ බුදු පිළිමයක් ගණදෙවි පිළිමයක් හා අවලෝකිතේශ්වර පිළිමයක් දැකගත හැකිවේ.

කළුගල් කුට්ටි ඉතා සියුම්ව එකිනෙක පුරුද්දා මින් නිර්මාණය කොට ඇති නාලන්දා ගෙඩි ගෙය වටා තැනින් තැන වාමන මුහුණ යැයි හඳුන්වන මුහුණු විශේෂයක් දැක ගත හැකිවේ. වාමන යන නමින් මේවා හැදුන්වුවද ඉතා සංයමයෙන් ඒවා දෙස බැලීමේදී එකකට එකක් වෙනස් වූ මිනිස් සුවරූප හා අප විවිධ ලෝක වල ජීවත් වේ යැයි සිතන ආගන්තුකයන්ගේ සුවරූප මේ තුළ ඇති බව පෙනී යයි.

බුදු රුව ඇති කුටියට පිවිසෙන ස්ථානයේ දොරටුවට ඉහළිනි පල්ලව සම්ප්‍රදාය තුළ ඉදිකළේ යැයි සිතිය හැකි ගජ ලක්ෂ්මී රූපය වේ. එයට අමතරව විශේෂිත රූප කිහිපයක් එයට ඉහළින් දක්නට ඇත. එයධ්‍යාන වඩන්නෙකු ගේ රූපයක් හා එයට ඉහළින් විමාන කිහිපයක රූපසටහන් ය.

රාමායණය තුළ රාවණ පුත් ඉන්ද්‍රජිත් බ්‍රහ්ම දෙවියන් උදෙසා විශේෂිත හෝම පූජා සිදු කළ ස්ථානයක් පැවති බවත් එම හෝම පූජා තුළින් ඔහුට අවශ්‍ය මොහොතේ දී බ්‍රහ්ම දෙවියන්ගෙන් සහස්ග්‍රති නම් යානය ලබා ගන්නා බවත් කියවේ. එම යානයෙන් සතුටු හමුදාව වෙත එකවර දහස් ගණනින් ඊතල පිටකල හැකි බවත් නාග ශර යවමින් සතුරා විනාශ කළ හැකි බවත් රාමායනේ දක්වා ඇත.

මෙම රූප සටහන තුල ධ්‍යාන වැඩීම හරහා විමාන ලබාගත හැකි බව සටහන්ව ඇති බව සිතිය හැකිය. සරලව පැවසුවහොත් බ්‍රහ්ම ලෙස දක්වා ඇත්තේ වෙනත් පිටසක්වළ ජීවීන් පිරිසක් නම් ඔවුන් හා සන්නිවේදනය කළ හැක්කේ මනස දියුණු කිරීමෙන් බව මෙහි චිත්‍රණය කොට ඇත. සරල වචනයෙන් කිවහොත් ටෙලිපති තාක්ෂණය හරහා මේ ස්ථානයේ සිට රාවණ පුත් ඉන්ද්‍රජිත් පිටසක්වලයන් හා සන්නිවේදනය කොට ඇති බව සිතිය හැකිය.

වාමන රූප වලින් දක්වා ඇත්තේ ඒ ඒ ලෝක වල සිටින මිනිසුන්ගේ රූපකායන් විය හැකිය.

නාලන්දා ගෙඩිගේ එක්ක ස්ථානය කර සමූහ මෛථුන කැටයමක් දැකගත හැකිවේ. මෙම රූපය ලංකාවේ මෙතෙක් ලැබී ඇති මේ ආකාරයේ එකම රූපයයි. මෙය බෞද්ධ විහාර සම්ප්‍රදායට අයත් භූමියක් යැයි නොසිතිය හැකි කාරණාවක් ලෙස මෙම රූපය සිතිය හැකිය. ඉන්දියාවේ පල්ලව සම්ප්‍රදාය තුළ ගොඩනැගුණු යම් ගොඩනැගිලි තුළ මේ ආකාරයේ ලිංගික ඉරියව්ව විදහා පෑ ඉදිකිරීම් දැකගත හැකිවේ.
මෙම කැටයම මගින් නිරූපණය කර ඇත්තේ කාම භෝගී ජීවීන් ජීවත්වන ලෝකයක් ද නැතහොත් කුණ්ඩලීනී ශක්තිය අවදි කර ගත හැකි යැයි පැරැන්නන් විශ්වාස කල කාමභෝගී බව ද යන්න පිළිබඳව තරමක් ගැඹුරින් සිතිය යුතුය. මෙම කරුණු දෙකම නොසලකා හැරිය හැකි කරුණු දෙකකි.

ගෙඩි ගෙහි ඉහළින්ම කකුල පහලට යොමාගෙන පහසු ඉරියව්වකින් වාඩි වී සිටින මලක් අතින් ගත් පුද්ගලයෙකු ගේ රූපයක් දැක ගත හැකිවේ. පුරාවිද්‍යා කියවීම තුල මෙය කුවේරගේ විය හැකි යැයි මතයක් වේ. එසේ වුවත් ජනශ්‍රැතියට අනුව නාලන්දා ගෙඩිගෙය බැඳී පවතින්නේ රාවණ පුත් ඉන්ද්‍රජිත් සමගය. එසේනම් එහි සිටිය යුත්තේ රාවණ පුත් ඉන්ද්‍රජිත් නැතහොත් මේග නාදය.

මෙහි ප්‍රධාන ගෘහය තුළ ඇති අවලෝකිතේශ්වර පිළිමය එය මුරගලක් යැයි වැරදියට වටහා ගෙන ගොඩනැඟිල්ල යළි සැකසීමේදී පිවිසුමේ සවිකොට තිබී යළි පසු කාලයේදී මෙය බෝධිසත්ව පිළිමයක් යැයි අවබෝධ කොට ගෙන යළි ප්‍රධාන ගෘහය තුළම සවිකොට ඇත. මේ හරහා අපට තේරුම් ගත හැකි වන්නේ අවලෝකිතේශ්වර පිළිමය සම්බන්ධයෙන් යම් මත ගැටුම් පවතින බවය.

නාලන්දා ගෙඩිගෙය ලංකාවේ මධ්‍ය ලක්ෂය වීම හා හෙළ ඉතිහාසය හා බැඳුණු තැනක් යැයි බොහෝ දෙනා පැවසුවේ ද මෙහි වැදගත්කම පිළිබඳ හැඟීමක් හෝ දැනීමක් නොමැතිබව හොඳින්ම පෙනී යන කරුණකි. ඇත්තෙන්ම මෙහි ඇති වැදගත්කම කුමක්ද ?

මෙය වූ කලී මධ්‍ය කේන්ද්‍රිය බලය එක්තැන් කොට ගත හැකි ස්ථානයකි. මෙතැන් සිට ලංකාව පුරා විසිරුණු බල කේන්ද්‍රයන් වෙත එම ශක්තීන් ගමන් කරවීම සිදුවේ. අප බල කේන්ද්‍ර ලෙස පවසන ස්ථාන නිර්මාණය වන්නේ නාලන්දා ගෙඩිගෙය මධ්‍ය ලක්ෂය කොට ගනිමිනි. විශ්වයෙන් ලැබෙන මෙම ශක්තීන් නොකැඩී ගමන් කරවිය හැකි නිශ්චිත දුරක් වෙයි. එම දුර අනුව ශක්ති පරාවර්තක නිර්මාණය කොට ඇත. පසු කාලයේ රජමහා විහාරය නිර්මාණය වන්නේ මෙම බල කේන්ද්‍ර තුළ ය. සමස්ත ලංකාව පුරාම ඒකාකාරී ලෙස මෙම මධ්‍ය ලක්ෂයට ලැබෙන බලය ගමන් කරවීම තුළ ලංකාව බලවත් භූමියක් බවට පත් වීම සිදුවුණි.

මෙම ශක්තිය ගමන් කිරීම සිදු වන්නේ වළලු ආකාරයෙන්. වළලු ගණනාවක් ඈතට ඈතට නිර්මාණය වීම සිදුවනවා. එකෙක් වළල්ල තුළ ඇති බල කේන්ද්‍ර තුළින් අනෙක් බල කේන්ද්‍රයට ශක්තිය මාරුවීම සිදුවනවා.
වර්තමානයේ දිත් මෙම බල සැපයුම ක්‍රියාත්මකව පවතින බව පෙනී යයි. එහෙත් යම් යම් ස්ථාන වලින් මෙම ශක්තිය ධාරා බිඳවැටීම හේතුවෙන් නිවැරදි ආකාරයෙන් සමස්ත බිම පුරාම ඒකාකාරී ලෙස ශක්ති ගමන් කිරීම සිදුනොවේ.

නාලන්දා ගෙඩිගේ පිහිටි භූමියට පිවිසෙන මාර්ගය දෙපස හා කෞතුකාගාරය පිහිටි භූමියේ දක්නට ඇති කළුගල් කොටස් ිශාල ප්‍රමාණය දෙස බැලීමේදී සිතිය හැකිද රුණක් වනුයේ අතීතයේදී මෙම ගොඩනැගිල්ල මෙයට වඩා විශාලව හෝ ව්යා ප්තව පැවති බවය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close