සංචාරය

බඹරගල ඇල්ලේ සැගව ගිය රාවණ ගලිසි තොටුපළ

බණ්ඩාරවෙල සිට ඇල්ල නගරය පසුකොට කිලෝමීටර් කිහිපයක් ඉදිරියට ගමන් කරන විට සුප්‍රසිද්ධ රාවණ ඇල්ල නමින් ප්‍රකට දිය ඇල්ල දැකගත හැකිවේ. එය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගය ආසන්නයේම බැවින් වැල්ලවාය බණ්ඩාරවෙල මාර්ගය ගමන් කරන ඕනෑම අයෙකුට මෙම ඇල්ල දැකගත හැකිවීම විශේෂත්වයකි.

මෙම දිය ඇල්ලේ සත්‍ය නාමය වන්නේ බඹරගල ඇල්ල යන්නයි. එය අඩි 82 උසකින් යුක්තය. සුකාලීනව මෙම දිය ඇල්ල රාවණා ඇල්ල නමින් මිනිසුන් අතර ප්‍රසිද්ධියට පත් වී ඇත. එයට හේතුව වන්නට ඇත්තේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව රාවණ ඉතිහාසය හා බැඳුණු බොහෝ ස්ථාන පැවතීම විය හැකිය.

රාම රාවණ කථාපුවත හා බැඳුණු රාවණ ඇල්ල මෙය නොවේ. රාවණා රජවරු සීතාව රැගෙන ඒමෙන් පසු නතර කර තැබූ ගල් ලෙනක් රාවණ ඇල්ල සමීපයේ වූ බවත් සීතා දේවිය දියනෑම උදෙසා මෙම දිය ඇල්ලට පැමිණි බවත් කියවේ.
මෙම රාවනා ඇල්ලට ඉහලින් උඩු රාවණ ඇල්ල / ඉහළ රාවන් ඇල්ල යනුවෙන් හැඳින්වෙන දිය ඇල්ලක් පවතී. එය වනාන්තරය හරහා ගමන් කලයුතු මාර්ගය කින් යුක්ත වේ. මාර්ගයේ සිට දැක ගත හැකි වනුයේ එහි දෙවන කොටසයි. උඩුරාවණ ඇල්ලේ දිය පාර තුළම අඩි දහයක් පමණ උසකින් හා අඩි දහයක් පමණ පළලකින් යුතු ලෙනක් පවතින බව පැවසේ.

පහල රාවන් ඇල්ල ස්ථර කිහිපයකට බෙදෙමින් පහළට කඩා වැටෙන අතර එක් එක් එක් ස්ථරයේදී ඇල්ල විශාල වෙමින් පැතිරෙන ආකාරයක් දැකගත හැකිවේ. වසරේ වැඩි කාලයක් සාමාන්‍ය දියපහරක් ලෙසින් පවතින රාවණ ඇල්ල ප්‍රචණ්ඩ බවට පත් වන්නේ නිරිත දිග මෝසමේ මාස කිහිපයක් තුල පමණි. එම කාලය තුළ අතිවිශාල ජලකඳක් ඇල්ලෙන් පහළට කඩා හැලෙන බව දැකගත හැකිවේ.මෙසේ කඩා හැලෙනා දියපහර කිරිඳිඔය දක්වා ගලා යයි.

හෙළ යුගයේදී රාවණා ඇල්ලෙන් කඩා හැලෙන ජලය වත්මන් රාවණ ඇල්ල පිහිටි ස්ථානය උමගක් තුලින් කුඹුක්කන් ඔය දක්වා ගලා ගොස් ඇත. එලෙසම උතුර දකුණ යා කළ අභ්‍යන්තර ජල උමං පද්ධතියේ ප්‍රධාන පිවිසුමක් ලෙස පැවතියේ රාවණ ඇල්ල පිහිටි ස්ථානයේ වු ගලිසි තොටුපලයි. රාම රාවණ සටනේ ආරම්භයේදීම මහා මාලිගය පුපුරවා හැරීම උදෙසා සිදුකරන අභ්‍යන්තර පිපිරුමේ දී මෙම දිය ඇල්ල නිර්මාණය වූ බව සිතිය හැකිය.

2012 දී රාවණ රජු දේවත්වයට පත් කරලීමෙන් පසුව රාවණා සොහොයුරු කුම්භකර්ණයන්ව එතෙක් සිර වී සිටි බන්ධනයන්ගෙන් මිදවීම උදෙසා පිළියමක් කරන්නට සිදුවිය. එම පිළියම වූයේ මල් හා ඖෂධ විශාල ප්‍රමාණයක් රාවණ ඇල්ල මුදුනෙන් රාවණ ඇල්ල වෙත දැමීමයි. එසේ දමන එක මලක් රාවණ ඇල්ලේ ඇති වැසීගිය ගලිසි මාර්ගය තුළින් ඇතුළු වී කුඹුක්කන් ඔය මුහුදට ගසාගෙන ගිය හොත් මෙම ආත්මය නිදහස් වේය යන්නයි. දැඩි කැපවීමක් තුළ මෙම පිළියම ඉටු කරන්නට හැකිවිය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කුම්බකරණයන්ගේ ආත්මය එතෙක් සිර වි තිබූ බන්ධනයන් ගෙන් මිදීමය. පසුගිය වසරේදී එතුමන්ට දේවත්වයට පත් වන්නට හැකි වන්නේ එදා ඒ කළ ශාන්තිකර්මයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙයින් අපට සිතන්නට තවත් කරුණක් ඇත. එනම් රාවණ ගලිසි තොටුපළ මතුපිටින් වැසී ගියද තවමත් අභ්‍යන්තරව හා මතුපිටින් ඇති පැල්මවල් තුළින් ජල උමග තුළ ජලය ගමන් කරන බවයි. යාපනයේ නාවක්කන්නි ලිදෙන් මාතලේ සුදු ගඟේ ජලය ලැබෙනුයේ මෙම අභ්‍යන්තර ජල උමඟ තවමත් සක්‍රීයව පවතින නිසා ය.

තවත් එක් පැහැදිලි කිරීමක් කලයුතුව ඇත මහා මාලිගය පුරවන්නට රැගෙන ආ වර්තමානයේ කුඩා සබ්මැරීනයක පෙනුම ඇති විශාල පරමාණු බෝම්බ 3 රැගෙන එන්නට ඇත්තේ මාලිගාව තුළම වූ මෙම ගලිසි තොටුපොළ තුලිණි.

රාවණ රජුගේ ගමනාගමන කටයුතු උදෙසා යොදා ගත් ගුවන් තාක්ෂණයට අමතරව ප්‍රධානම මාර්ගය බවට පත් වූවා යැයි සිතිය හැක්කේ උතුර දකුණ යා කළ මෙම අභ්‍යන්තර ජල උමං පද්ධතියයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close