සංචාරය

යකුන් පලවා හැරි ගිරි දිවයින දෑසින් දැකීම

බුදු රදුන් ලංකාවට වැඩම කල අවස්ථා කිහිපයෙන් අවස්ථා දෙකකදීම හේතුවෙන්නේ හෙළයන් අතර ඇතිවෙන්න ගිය යුද්ධයන්ය.

යක්ඛ ගෝත‍්‍රය දෙකට බෙදිලා ජලය බෙදා ගැනීම වෙනුවෙන් ඇති වෙන්න ගිය යුද්ධයක් නිවන්නට බුදු රදුන් මහියංගනයට වැඩම කරනවා.

එවගේම නාග හෙළයේ ප‍්‍රධාන පාලන එකක දෙක වු දක්ඛිණ නාග හෙළයේ කැළණියේ හා උත්තර නාග හෙළයේ නාග දීපයේ රජ කම් කල නාග රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක අයිතිය වෙනුවෙන් ඇති වෙන්න ගිය යුද්ධයක් නිවන්නට බුදු රදුන් කැළණියට වැඩම කරනවා.

මෙතනදී තේරුම් ගන්න පුලූවන් සරල කාරණයක් තියෙනවා.

බුදු රදුන් තමන්ගේම පරපුර යුද්ධයෙන් විනාශවෙන බව දැනගෙනත් එය බේරන්නට නොගොස් නාගයන් අතරත් යක්ඛයන් අතරත් ඇති වෙන්නට ගිය යුද්ධය නවතන්න මැදි වෙනවා. එයට ප‍්‍රධාන හේතුවක් තියෙනවා.

සුර අසුර යුද්ධයේදීත් රාම රාවණ යුද්ධයෙදීත් සමස්ත විශ්වයටම ඇති වෙච්ච හානිය බුදු රදුන් දුටුව නිසා මෙසේ මැදිහත් වෙන්න ඇති….

බෞද්ධ සාහිත්‍යයේ ගිරි යකුන් දමනය ගැන හරි අපුරුවට ලියවිලා තියෙනවා.

යක්ෂ සමාගමක් පැවත්වෙන බව දැනගත් බුදු රජානන් වහන්සේ නාග වනයට වැඩම කරලා සෘර්ධි ප‍්‍රාථිහාර්ය පෙන්වනවා. එ කියන්නේ එක් වරම මහා අදුරක් මවලා ඉන්පසු බුදුධ ශරිරයේ එක් පසෙකින් ජලයත් අනෙක් පසින් ගින්දරත් විදින්න පටන් ගන්නවා. ඉතිං යක්කු ටික හොදින්ම බය වෙනවා. බය වෙච්ච යතුන්ගෙන් තමන්ට වාඩිවෙන්න පලගක් එලා ගන්න ඉඩක් ඉල්ලනවා.

යකුන් ඉඩ දෙනවා.

බුදු රජානන් වහන්සේ තම බුද්ධ බලයෙන් ඒ පලග ලොකු කරනවා. යකුුන් බියවී දුවනවා. වෙරල දක්වාම ලොකු කරනවා. යක්කු වෙරල ලගට කියාම ඈත විශ්වයේ තිබුණු ගිරි දිවයින වෙරල ලගට ගේනවා . යක්කු ටික ඒකට පනිනවා. බුදු හාමුදුරුවෝ ඒ දුපත ඈත විශ්වයට යවනවා.

ඉන් පසුවයි යහපක් මිනිසුන්ට ඉන්න පුලුවන් වෙන්නේ….

……………………………………………………………………………………

මට කියන්න අවශ්‍ය වෙනත් කාරණයක්.

ගිරි දිවයින කියන්නේ කොහේටද…..

එක බොහෝම සරල කාරණයක්…

මහියංගනයට යන අයට මේක ගැන හිතෙන්නේ නැහැ.

නමුත් මහියංගනයෙන් සැතපුම් කිහිපයක් එහාට ගිහින් මහියන්ගනය දෙස හැරී බැලූවොත් ගිරි දිවයින කියන්නේ කුමක්ද කියන එක පේන්න පටන් ගන්නවා…..

මහියන්ගනයට එපිටින් ඇරබේන කදුකරය…..

ඒ විතරක් නොවෙයි. ගිරි දිවයින හා උත්තර යක් හෙළය වෙන් වෙන්නේ මහවැලි ගගෙන් පසුකාලිනව මහවැලි ගගේ ගමන් මග වෙනස් වුනත් මෙය හෙළ නිර්මාණයක්…….

එ එක්කම සරලම කාරණය තමයි….

සුමන දේවයන් අවසන් වරට සිටි ශක‍්‍ර බව මම කලින් කියා තියෙනවා.

ශක‍්‍ර කියලා කියන්නේ හෙළ අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රධානියාට…..

එ කියන්නේ දේවයන් නැතහොත් පාලකයන් තනන ක‍්‍රමවේදයේ ප‍්‍රධානියා…. ඔහුගේ නිවහන නැතහොත් ශක‍්‍රයාගේ ගුරු ගෙදර පිහිටියේ සමනල ගිර තුළයි……

කොහොම වුනත් මේ ජල ප‍්‍රශ්ණයට සමන් දේවයන් සෘජුවම මැදිවෙනවා.

මම දකින්නේ මේක සීමා මායිම් පිළිබද ප‍්‍රශ්ණයක් ….

මහා ලොකු මැණියන් කල විශේෂිත හෙලි කිරීමකුත් මෙතනදී කිව යුතුයි.

සුමන සමන් දෙවියන් බුදුන් සරණ යෑම මුල් අවස්ථාවේදි මහා ලොකු මැණියන් නැතිනම් මහා බිය කුමරිය අනුමත කරන්නේ නැහැ.එ නිසා ඇය පවුලේ උරුමයක් වෙච්ච රාවණ දෙවියන්ගේ දකුණු උර පත්ත හා ඊ කොපුව රුගෙන මහියන්ගනයට පැමිණෙනවා. මේ ගැටුම් වලට හේතුවන එක් කරුණක් තමයි ඔක….

මහ ලොකු මැණියන් පැමිණ කදවුරු බදින්නේ බිම්තැන්න නිමවී ගිරි දිවයින ඇරඹෙන අවසන් කදු පන්ති හතෙයි. එහි අදටත් මහා ලොකු මැණියන් සිටි ලෙන තියෙනවා.

කොහොම හරි මහියංගනයේ නිල් මැණික් වලින් චෛත්‍යක් කරවන්න සුමන දේවයාට බලයක් තියෙනවා…. එ බුදුන්ගේ කේෂධාතු තමන්ගේ භූමියේ චෛත්‍යයක් කරලා තැම්පත් නොකර අනුන්ගේ භූමියක කිසිවෙක් තැම්පත් කරන්නේ නැහැ….

මහියනගනයේම මෙම කේෂ ධාතු තැම්පත් කරන්නේ ඒ භූමියත් තම යටතේම පැවති භූමියක් නිසයි……

………………………………………………………………….

ඒ කියන්නේ යකුන් ගිරි දිවයිනට එලෙව්වේ නැහැ…..

ලග්ගලින් නමුණුකුලෙන් සමනලගිරෙන් ආපු යක්කු බොහොම සාමකාමීව නිල් මැණික් වලින් චෛත්‍යයකුත් හදලා යළි කදුකරයටම ගියා…..

…………………………………………………………………………..

ඉතිහාසය පුරා යක්ඛ ගෝත‍්‍රය මතවාදීව සංකල්පමය වශයෙන් මෙන්ම පුද්ගල වශයෙනුත් දැඩි සමුලඝාතනවකට ලක් වුනා…..

මම දකින්නේ හෙළ පොළව තුළ වැඩිම පිඩාවකට ලක් වු ජන කොටස ඔහුන් කියලයි……

රාම රාවණ යුද්දයේදීත් බුදු දහම පැමිණිමෙනුත් බුදු සසුන තුළදීත් විතරක් නොවෙයි . සුදු පාලකයිනුත් දිගින් දිගටම යක්ඛ ගොත‍්‍රය දැඩි සමුල ඝාතනයක්ට ලක් කලා…..

අභය භූමි පිහිටවන්න ප‍්‍රධානම හේතුව වුනේ යක්ඛ ගෝත‍්‍රීක නිජ බිම් නැතහොත් ශක්ති කලාප ඔහුනට අහිමි කර දැමීම…..

ඒ හරහා මුතුන් මිත්තන්ගෙන් ශක්තිය ලැබු යක්ඛ ගෝත‍්‍රය අභාවයට යනවා….

ඔහුනගේ පසු පරම්පරාවල් පැරණි සම්ප‍්‍රධායන් තුළින් දුරස් වෙනවා….

අදටත් මෙය එලෙසින්ම සිදු වෙමින් පවතිනවා.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද‍්‍ර

5 1 vote
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x