සංචාරය

පරුමකවරුන්ගේ සුදු මල් දෙණිය

මහ වනය තුලින්ප ඇසෙන රුමකදිය පහරේ හඩත් සියෙතුන්ගේ රාවයත් අසමින් පටු මාවත දිගේ අප ඉදිරියට ඇදුනෙමු. මෙය වෙනස්ම අද්දැකීමකි.

සිංහරාජය ට ආවේණික පරිසර පද්දතියක් තුල සැගවුණු හෙල පාලකයෙකුගේ භූමියක් සොයා පිය මනින්නට විය.

මාතර පිටබැද්දර වරුසිට සැතපුම් පහක් පමණ දුරින් එලමල්දෙණිය මහා විහාරය පිහිටා තිබේ. එතැන් සිට සැතපුමක් පමණ වන මැදින් ගමන් කල විට වත්මන් රජ්ජුරු බණ්ඩාර දේවාලයට ගමන් කල හැකිය.
රජ්ජුරු බණ්ඩාර යනු හෙල බිමේ බස්නාහිර ප්‍රදේශය භාරව සිටි පාලකයෙකි.

බුදු දහම ලංකාවට පැමිණිමට පෙර අපේ රටේ පැවති හෙල පාලන එකකයේ ප්‍රාදේශිය පාලකයින් හැදින්වු නාමය වුයේ පරුමක වරු යන්නයි. ඔහුන්ව මරණින් පසු බොහෝ ප්‍රදේශ වල දේවත්වයෙන් අදහති. එයට හේතු වනුයේ ඔහුන් තුල පැවති ආධ්‍යාත්මික ශක්තියයි.
ක්‍රිස්තු පූර්ව 150 ට ආසන්න කාලයේදී සද්ධාතිස්ස රජු විසින් මේ ප්‍රදේශය සුදු මලින් ගහණව පවතින බව දැක මෙහි මහා විහාරයක් ඉදිකරන්නට නියෝග කර ඇත. එක් දිනක් රජු පැමිණ සිටින විටක උත්තුං දේහධාරී පුද්ගලයෙකු රජු හමුවට පැමිණ ඇත. රජු ඔහු කවුදැයි ඇසු විට ඔහු මේ වනාන්තරයේ ආරක්ෂකයා තමන් යැයි පවසා ඇත.

රජු විසින් බුදුගෙය තුල බුදු සිරසට පිටුපසින්ඉ දිකරන ලද්දේ එසේ පැමිණි රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ පිලිරුවයි.

අවට ප්‍රදේශය තුල රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වෙන්වුණු දේවාල 16  පවතින අතර එවා අතරින් මෙම පුදබිම විශේෂ තැනක් ගනු ලබයි.

අක්කර තුනක පමණ ප්‍රදේශයක පැතිර ගිය මහා ගල් තලාවක එක් පසෙකින් පියස්සක් සහිතව කපා සකසන්නට ඇතැයි සිතිය හැකි විශාල ලෙනක බුදු ගෙය සකසා ඇත. එහි දහ අට රියන් සැතපෙන පිළිමයක් හා සමාධි බුදු පිළිමයක් පවතී. එසේම දැවයෙන් නිර්මාණය කරන ලද හිටි පිළිමයක් ද බුදු ගෙය තුල දැක ගත හැකි වෙයි.

චෛත්‍යය පිහිටා ඇත්තේ කදු මුදුනේය. එසේම කිසිදා නොසිදෙන දිය උල්පතක් ගල් තලාව පාමුල පවතී.

මාගේ විශ්වාසය මෙය හෙල පරුමක වරුන්ගේ තවත් පාලන එකකයක් පැවති ස්ථානයක් බවය. සීගිරිය හා සමාන ගල් කැපුම් මෙහි පවතින බව ඉතා සියුම්ව අධ්‍යනය කරන්නේ නම් පෙනී යනු ඇත.
මෙය පාලනය කර පිහිට වීම උදෙසා ඉතා සාර්ථක පිහිටීමකි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close