සංචාරය

දහඩිය මුතු බවට පත් වු මුතියංනය

මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං… යනුවෙන් අප සොළොස්මස්ථානයන් වන්දනා කරන විට සත්වනුවට අප වන්දනා කරන්නේ මුතියංගන මහ වෙහෙර යි.

බදුල්ල නගරයේ සිට මඩකලපු මාර්ගයේ තරමක් දුර යන විට නාගරික සීමාව තුළම මුතියංගන විහාරය පිහිටා ඇත.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අටවැනි මස එළඹි වෙසක් පුන් පොහෝ දින පන්සියයක් රහතුන් වහන්සේලා සමඟ කැලණි පුරයට වැඩම කළ අවස්ථාවේ දී නමුණුකුල කඳු වැටියට අධිපතිව සිටි ඉන්දක දෙවියන්ගේ ආරාධනාව මත එදා හෙළ පොලවේ පිහිටියා වූ ප්‍රධාන අංග තුන ලෙසින් මා පෙරදී පෙන්වාදුන් ස්ථානයන් අතරින් ගිරි රාජ්‍යයේ අංගනය වු මුතියංගනයට වැඩමවීය.

එසේ වැඩම වු බුදුරජාණන් වහන්සේ වර්තමානයේ මහා සෑ රදුන් පිහිටි බිමේ සමවත් සුවයෙන් වැඩ සිට ධර්මය දේශනා කළේ ය. එයින් පැහැදුණු ඉන්දක දෙවියන් ඇතුළු ගිරි යක්ෂ සේනාව බුදුරදුන් වහන්සේගේ මුතියංගන ගමනය
සිහි වීම උදෙසාත් වන්දනාමාන කිරීම උදෙසාත් පූජනීය යමක් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියෝය .

බුදුරජාණන් වහන්සේ ඉන්දක දෙවියන් වෙත මුක්තක ධාතුන් (දහඩිය ) හා කේශ ධාතූන් ලබා දුන් සේක. බුදුරජාණන් වහන්සේ විසින් තම මුක්තක ධාතූන් ඉන්දක දෙවියන් වෙත ලබාදෙන අවස්ථාවේදී ඒවා මුතු බවට පත්‍ර වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේ ලබාදුන් ධාතු නිදන්කොට මුතියංගන චෛත්‍යය රාජයා නිර්මාණය කරලීය.

මුතියංගන විහාරයේ රෝපණය කොට ඇති බෝධීන් වහන්සේ දෙතිස් ඵල බෝධියකි.හෙළ සම්ප්‍රදායන් තුළ වැස්සට අධිපති දෙවියන් ලෙස සැලකෙන්නේ ඉන්දක දෙවියන්ය. වැසි නොමැති කාලයේදී මෙම විහාරයේ ඇති අටවිසි බුදු රූ සිතුවම් කරන ලද පැරණි පෙතිකඩ සිතුවම පෙරහරකින් නමුණුකුල කන්දට රැගෙන යෑමෙන් වැසි වැටෙන බවට විශ්වාසයක් පවතී. මහා නියඟයක් ඇති වන කාලයේදී මෙම පෙරහර සම්ප්‍රදාය ඉටුකරනු ලබයි.

පැරණි හෙළය තුල ඇති අංගනය පිහිටි බිම සංකේතවත් කරන්නේද ඉහලට පියඹන උකසු ධජයකිනී. මෙම ධජයෙන් සංකේතවත් වූ ස්ථානයන් බොහොමයක් පැරණි හෙළය තුල දක්නට ලැබුණි. එයට හේතු වූයේ පැරණි හෙලයේ ගිරිරාජ්‍යය සීමාව ඉහලට පියඹන උකසු ධජයකින් සංකේතවත් වීමයි.

මුතියංගණ විහාරයට ඇතුල්වන ස්ථානයේ ඇති මකර තොරණේ මැද නිර්මාණය කර ඇත්තේ ඉන්දක දෙවියන්ගේ රුව යි.

අපිට මුතියංගණයට යෑමට අවස්ථාව ලැබුණේ තරමක් රාත්‍රිය ලැබීමත් සමගය. මෙම පින් බිමේ ඉතිහාසය පිළිබඳව භාවනාවෙන් තොරතුරු සොයා බලන විට බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය ලංකාවේ සිදුවී ද යන පැනයට ඉන්දක දෙවියන්ගෙන් ලද උත්තරය වූයේ එය එසේ වුවත් ඔබ එය කතා නොකළ යුතුය යන්නයි.

හෙළ ජාතියේ පැවැත්ම බිද වැටීමට හේතු වූ කරුණු කාරණා කිහිපයක්ම ඉන්දක දෙවියන් එහිදී පෙන්වා දුන්නේය. එහි ප්‍රධාන කරුණු දෙකක් විය. කඳුකරයේ මිනිසුන්ගේ ශක්තිය බිඳ දැමීම උදෙසා එන්නත සහ කන්දෙන් පහළ මිනිසුන්ගේ ශක්තිය බිඳ දැමීම උදෙසා පැණි බීම යොදාගත් බවයි. මෙම කියමනේ ගැඹුරු හරයක් ඇත.
එන්නත යනු බටහිර බෙහෙත් ය . පැණි බීම යන දරුවන් සහ වැඩිහිටියන් අසීමිතව හුරුවී ඇති බීම බෝතල් ය. අද වන විට පැණිබීම දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද ස්නායු පද්ධතිය බිඳ දමන බව වෛද්‍යවරුන් පවසා ඇත.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Blog Comments

හෙළ බිම බුදුන් උපන් දේශයයි…..

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close