සංචාරය

11 වෙනි සෙන්පතියාගේ නිජබිම

කවුද මේ එකොලොස්වන සෙන්පතියාඑ එයා එයාව හදුන්වා දුන් විදිය 

මේ සිදුවීමත් අහම්භයක් ලෙස අපව රුගෙන ගිය ගමනක් … අපි මාතලේ ගිය වෙලාවක අපිට හිතුනා එතනින් දඹුගු යන්න ‘  එතනින් අනුරාධපුරයට  අනුරාධපුරේ නවාතැන් නොතිබුන්‍දා නිසා යලි දඹුල්ලට ඇවිත් නවාතැන් ගත්තා ‘ කොහොම හරි මේ ගමන දින 5 l 6 ගමනක්  පසුදා  කොළඹ යන්න පිටවුණා සැතපුම් දහයක් දොලහක් ගිහින් උදේට කෑම කන්න ගැමි කඩයක නතර කලා

කෑම කන කඬේ හිමිකාරිය කෑම සකසන ගමන් සිංහලයට ආවේණික චාරිත‍්‍ර ලෙසම මහත්තෙලා බැහැරක්ද ? යැයි විමසුවා

අපි අනුරාධපුරේ ගියා දැන් කොළඹ යන ගමන් යැයි මා සරලව උත්තර දුන්නා.
කොළඹ යනවනම් මහත්තෙ,d මෙහේ  ‘  @

දෙවන ප‍්‍රශ්ණයත් සමගම අපට තේරුණා පාර වැරදී ඇති බව … කොහෝම හරි එ වන විටත් අප වැරදි පාරක කිලෝමිටර් 20 විතර ඇවිත්

මහත්තෙලා මේ කඬේ අයිනෙන් තියෙන ගුරු පාරේ කොහෙවත් හැරෙන්නැතිව කෙලින්ම යන්න‘     හැතැප්ම හතර පහක් යද්දී කොළඹ පාරට වැටෙයි‘  නැත්තම් ආයිත් දඹුල්ලටම ගිහින් එන්න වෙනවා

ඇය අපිට පෙන්වු කෙටි පාරෙන් පැමිණෙන විට අපට දැනෙන්.නට වුණා අපව රුගෙන යන බව 

කොහොම හරි අවසානයේ අපි නතර වුනේ මැණික්දෙන ආරාම සංකිර්ණය අසලයි
පුරාවිද්‍යවට අනුවනම් මෙය ආරාම සංකිර්ණයකි. ආරාම සංකිර්ණයක් තුළ දක්නට ඇති පිලිම ගෙය උපෝසතාගාරය බෝධිගරය චෛත්‍යය ආදි අංගයන් මෙන්ම වෘක්ෂ උද්‍යානයක්ද පවතී 

ක‍්‍රී ව 8 වන සියවසට අයත් සෙනෙවියෙකුගේ බිරිදක් රංකළං පහක් වැය කර මිලට ගත් මහදෙන උලූ නම් කුඹුර බුත්ගමුව විහාරයට පුජාකල බව සදහන් සෙල් ලිපියක්ද මෙහි වෙයි

මාර්ගය වරද්දවා අපව රුගෙන ආවේ ආරාම සංකිර්ණයක් පෙන්වන්නට නොවන බව අප අද්දැකීමෙන් දන්නා කරුනකි

එය මෙන්ම අපට ඇති වු අනෙක් ගැටලූව වුයේ අප භූමියට ඇතුලූ වු මොහොතේ සිට නිරන්තරව අප ගමන් කරන ගමන් කරන තැනින් අප පසුපසින් පොල්කටු දෙකක් එකට ගැටෙන්නා හා සමාන හඩක් ඇසීමයි

එදා මෙහි ඉතිහාස විස්තර සොයා බැලූවේ ආශ‍්‍රමයේ අම්මා

මේක භාතිකාභය රජුගේ පියාගේ ප‍්‍රධාන සෙන්පතියෙක්ට අයත් භූමියක් ඔහු ඉතා දැහැමි සෙන්පතියෙක් ඔහුගේ නිවස පිහිටා තිබී ඇත්තේ ආරාම සංකිර්ණය පිටුපස ඇති කන්දෙයි   අදටත් එහි අවශේෂයන් පවතින බව ඔහු පැවසුවා‘    මේ ඔහුගේ බෙහෙත් වනය බව ඔහු පෙන්වා දුන්නා. ඔහුගේ කාර්යය යුද්දය නොවෙයි දැණුම ග‍්‍රන්ථාරූඩ කිරීම බවත් එම මෙහෙවර වෙනුවෙන් මෙම තොරතුරු හෙලි කල බවත් ඔහු පැවසුවා

ඔහුට අනුව නම් මෙහි ඉතිහාසය 6 වන සියවස දක්වා දිවයයි.

ආශ‍්‍රමයේ අම්මා මේ කරුණ එකවරම පිලිගන්න සුදානම් වුනේ නෑ

අපි කොහොමද මේක ඇත්ත කියලා පිලිගන්නේ

ඔබට එය සනාථ වෙයි

අපි ආරාම භූමියෙන් එලියට එද්දීම මෝටර් සයිකලයක පැමිණි තරුණයෙක් ආරාම මායිමේ එය නවතා භූමිය හරහා ගමන් කරන්නට වුණා

මල්ලි ටිකක් කථා කරන්න පුලූවන්ද 

ඇයි මහත්තයා

මෙතන ගැන මුකුත් විස්තර දන්නේ නැද්ද 

මේකනම් සෙන්පතියෙක්ට අයත් බෙහෙත් වනයක් මේක දැන් ආරාමයක් . එයාගේ දරුවෙක් මේ වැව තියෙන කුඹුර පන්සලට පුජා කරලා . දැන් එක වැවක් ‘   සෙන්පතිගේ මාලියය තියෙන්නේ අර කන්දේ එතන තාම ගල් ඇදක් ගල් පුටුවක් තියෙනවා

ඔහු කන්දට නැග නොපෙනී ගියා

අප වාහනයට නැගී ඉදිරියට ගමන් කලා සිදුවු සිදුවීම් වල කුහුල අප හිත තුලින් මැකී තිබුනේ නෑ. අප ආරාම භූමියට මායිම්ව වු නිවාස කිහිපයක මිනිසුන්ගෙන් ආරාම භූමියේ ඉතිහාසය පිලිබදව විමසුවෙමු

අනේ මහත්තයෝ අපේ සීයලා කාලේ ඉදන්ම අපි දන්නේ ඔක පන්සලක් කියලා.. වෙන කතාවක් ගැනනම් අපි දන්නෑ ‘  සෙන්පති කෙනෙක් ගැන අහලා නෑ’
ඔය කන්දට කවුරුත් යන්නේ නෑ ඔකේ යන මිනිස්සු එක එක දේවල් කියනවා ‘ ගමේ අය කියන්නේ මංමුලාවැල් පැගිලා පිස්සු කියවනවා කියලා”’

ඇයි ඔහුට එකොලොස්වන සෙන්පතියා කියා කියන්නේ වර්ථමානයේ අපට නොපෙනෙන තලයේ යුවරුජු මුල්කර ගත් අසුර පාලන එකකයේ එකොලොස්වන සෙන්පතියා ඔහුයි’

අපට භාවනාවෙන් කී දෙයම නැවත කියු ඔහු කවුරුද @ පැමිණි බයිසිකලය නවතා දමා මිනිසුන් නොයන කන්දට නැට ඔහු ගියේ කොහේද @ ගමේ වයසක මිනිසුන් නොදන්නා ඉතිහාසයක් ඔමු දන්නේ කෙසේද@

තවත් එක් කරුණක් පැවසිය යුතුයි. දින අය හතක මේ ගමන පිට වූ දින සිට අප ගමන් කළේ අධික සුළං පැවැති පරිසරයක් තුළයි .එ ලංකාවටම එකම ලෙස බලපෑම් ඇති කළේය. 11 වන සෙන්පතියා අපූරු කතාවක් පැවසීය.

“මේ හුලගින් නැගෙන මහා ශක්තිය මේ හෙළබිමට ඔබ පිළිගන්නා හෙළ ආත්මයන්ගේ ශබ්දයයි.”

සෑම ගමනක්ම රුගෙන යාමකි ””””””

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close