සංචාරය

රන් මාල පැලදී ගල් යුගයේ මිනිසා සොයා ගිය ගමන

අද අපි යන්න හිතන් ඉන්නේ කනත්තක් බලන්න. කනත්තක් කියල කිව්වම නම් ටිකක් ඔක්කොටම අමුතු හැඟීමක් එනවා. ඇයි මේ කනත්තක් බලන්න යන්නේ…… මේ කනත්ත ලෝකයටම වැදගත් තැනක්….

අපේ ඉතිහාසය ඇරඹෙන්නේ වසර යට පන්සියයකින් උනාට අපේ පොළොවේ තියෙන කනත්තවලි නම් වසර ලක්ෂ ගණන් එහාට දිව යනවා. මෙයත් එවැන්නක්.

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දඹුල්ල නගරයට සැතපුම් 3 දුරින් ගලේවෙල ග්‍රාරාමය ආසන්නයේ පිහිටා ඇති මෙම සොහොන ඉබ්බන්කටුව මහාශිලා සොහොන ලෙස හඳුන්වනු ලබනවා.

පුරාවිද්‍යා කියවීමට අනුව පූර්ව ශිලා යුගයට අයත් මෙම සොහොන් ක්‍රිස්තු පූර්ව 770-350 අයත් බව කාල නිර්ණයන් මගින් හෙළිකොට ගෙන පවතී. පූර්ව ශිලා යුගය ලෙස හැඳින්වෙන්නේ දඩයම් කරමින් ජීවත් වූ මිනිසා කෘෂිකර්මය හා සත්ත්ව පාලනය කරමින් ජීවත් වන්නට හුරු වන මුල් යුගයි.

ඈත ප්‍රදේශයකින් රැගෙන ආ විශාල ගල් පතුරු හා පුවරු යොදා ගනිමින් සකස් කළ සොහොන් සියයක් පමණ දැනට ඉතිරිව ඇති හෙක්ටයාර 18ක භූමිය පුරා පැතිර පවතී.
මෙම සොහොන් වල සුසාන ගර්භ ශිලා මංජුසා හා බරණි සුසාන යනුවෙන් වර්ග කිහිපයක් දැකගත හැකිවේ.

සුසාන ගර්භ යනුවෙන් අදහස් කරන්නේ වර්තමානයේ අප සොහොන් ගෙවල් යනුවෙන් හඳුන්වනු ලබන බිත්ති හතරක් වහලයක් සහිත ව නිර්මාණය කරන ලද කුටි වලට ය. මෙම ඉබ්බන් කටුව සොහොන් භූමියේ ඉතා විශාල ගල් පතුරු යොදා ගනිමින් ගල් පියන් යොදා සකස් කළ සොහොන් ගෙවල් දැකගත හැකිවේ.ඒවා අතර කුටීර කිහිපයක් සිටින සේ නිර්මාණය කරන ලද සොහොන් ගෙවල් ද දැකගත හැකිවේ. මෙමගින් තේරුම් ගත හැකි වන්නේ යම් ප්‍රභූ පුද්ගලයින් සඳහා තනි සොහොන් ගෙවල් ද ඔහුගේ සේවකයින් උදෙසා පොකුරු සොහොන් ගෙවල් ද නිර්මාණය කොට ඇති බවයි.

මෙම සොහොන් ගෙවල්වල මරණයට පත් පුද්ගලයා භාවිතා කළ වටිනා කියන දේ තැන්පත් මැටි බරණි එම සොහොන් ගෙවල් තුළ ම තැන්පත් කැර ඇති ආකාරය දැකගත හැකිවේ. දැනට කැණීම් කළ සීමාවේ එවැනි මැටි බරණි එකසිය අසූවක් හා වළං කැබලි දාහතර දහසක් පමණ සොයාගෙන තිබීම තුළ එම මිනිසුන් සතුව පැවති යම් වටිනා කියන වස්තූන් ඔවුන් සමගම මිහිදන් කිරීමේ සම්ප්රදායක් එකල පැවති බව අවබෝධ කරගැනීමට හැකි සාධකයකි.

මෙම සොහොන් තුළින් හමුවන මැටි බරණි කපෝරුවක් ආධාරයෙන් ඉතා ක්‍රමානුකූලව සකස් කරන ලද ඒවාය. එසේම වර්ණ ගැන්වූ මැටි හා පිලස්සීම කරන ලද මැටි බරණිපැවතීම තුල මෙය ශිලා යුගය ලෙස සඳහන් කළ ද නොදියුණු තත්ත්වයක් පැවති යුගයක් යැයි සිතිය නොහැකිය. අප මහා ශිලා යුගය ලෙස දන්නා යුගය වනුයේ ප්‍රාථමික ගල් මෙවලම් භාවිතා කළ මිනිසුන් ජීවත් වූ යුගයකි. එහෙත් මේ ආසන්නයේ ගල් කඳු හෝ ගල් පතුරු ගලවා ගත් ස්ථානයක් අවම සැතපුම් තුනහතරක් තුළ නොමැතිව මෙතරම් විශාල ගල් පතුරු මේ භූමියට රැගෙන ආවේ කෙසේදැයි යන්න බොහෝ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නකි.

පුරාවිද්‍යාත්මක කියවීම තුළ මෙම ගල් අධි රස්නය හේතුවෙන් කඳු වලින් ගැලවී ගිය ගල් පතුරු වූ බවත් ඒවා ලීවර ක්‍රමයට මේ ස්ථානයට රැගෙන එන්නට ඇති බවත් පවසති. නොදියුණු ශිෂ්ටාචාරයක් තුළට එදා සිටි මිනිසා ඇතුළු කරන්නට දරන උත්සාහය තුළ එය එසේ යැයි සිතිය හැකිය. එහෙත්ය එහි සත්යතාවය නැවත නැවත සිතන්නට හේතු වන කරුණු කිහිපයක් මේ භූමිය තුළ හොඳින් නිරීක්ෂණය කරන්නේ නම් නිතැතින් මනසට නැගෙයි.

එහි පළමු වැන්න නම් පූර්ව ශිලා යුගයේ සකපෝරුවක් උපයෝගී කරගනිමින් වර්ණ ගැන්වූ හෝ පුච්චන ලද මැටි බරණි නිර්මාණය වූයේ කෙසේ ද යන්න ය.

දෙවැනි කරුණ වනුයේ මෙහි යම් මැටි බරණි වල යම් අක්ෂර වර්ගයක් යොදා ගනිමින් නාමකරණයක් සිදුකර තිබීමයි. බොහෝවිට අපට සිතිය හැක්කේ ඒ හිමිකරුවාගේ නම මෙසේ යොදන්නට ඇති බවය. ආසියාවේ ඉපැරණිම ශිලා යුගයේ භාවිතා වූ අක්ෂරයන් ලෙස සැලකෙන්නේ මෙම ඉබ්බන් කටුවෙන් හමු වූ අක්ෂර ය.

තුන්වන කරුණ වනුයේ මෙම සොහොන් වලින් හමුවූ බරණි තුළ කාන්තාවන් හා පිරිමින් පැළඳි ආභරණ හමුවීමයි
මෙම ආභරණ අතර ඉතා සියුම්ව සකස් කරන ලද කුඩා පළිගු කැබලි සිදුරු කර ගනිමින් එකිනෙක අමුණා සකස් කළ ගෙල මාල හා විවිධ වර්ණ භාවිතා කරමින් පුළස්සා සකස් කරන ලද මැටි පබළු මාල දැකගත හැකිවේ.

දියුණු ශිෂ්ඨාචාරයක හා නොදියුණු ශිෂ්ටාචාරයක පරතරය මැන බැලීම උදෙසා මෙම පළිඟු මාල ප්‍රධාන සාධකයකි. පුරාවිද්‍යාත්මක කියවීම තුළ මෙම පබලු මාල සුවඳවිලවුන්ස් ස් වර්ණ ගන්වන කුළු රක්ෂා නළල් පට ආදී දියුණු සමාජ තත්වයක් තුළ ජීවත් වූ ප්‍රභූ පන්තියක සොහොන් ගෙවල් ද මෙහි තිබී හමුවී ඇත.

ඔවුන්ගේ මතය වනුයේ මෙම රූපලාවණ්‍ය උපකරණ හා මාල පබළු වැනි දෑ එකල පැවති යම් විදේශීය හුවමාරු හෝ වෙළඳාම් ක්‍රමවේදයක් මත ලබා ගන්නට ඇති බවය.

සිවුවන කරුණ වනුයේ මෙවන් විශාල ආකාරය සොහොන් බිමක් නිර්මාණය කිරීම උදෙසා මෙතනට රැගෙන ආ ගල් පතුරු පහසුවෙන් රැගෙන ආ යැයි සිතිය නොහැකිය. එය අපට තේරුම් ගත නොහැකි වූ ම් තාක්ෂණික ක්‍රමවේදයක් මත මේ භූමියට රැගෙන නොආවේ නම් මෙතරම් විශාල සොහොන් බිමක් නිර්මාණය වේයැයි සිතිය නොහැකිය.දැනට තහවුරු කරගෙන ඇති ආකාරයට මෙහි ඇති ගල් පතුරු හා වෙනත් ඛනිජමය කොටස් මේ ආසන්නයේ නොමැති අතර එම කොටස් බොහෝදුරට සමාන වන්නේ නකල්ස් කඳු වැටියේ පිහිටි ඛනිජ වර්ගයන් සමග වීම තුල මෙය තවත් සංකීර්ණ ගැටළුවක් බවට පත්වෙයි.

දැනට තහවුරු කොට ගෙන ඇති පරිදි මෙම භූමියේ පුද්ගලයින් 300කගේ පමණ මිනී භූමදාන කොට ඇත. එතරම් මිනී ප්‍රමාණයක් භූමදානය කරන්නට නම් මෙය දියුණු ජනාවාසයක් විය යුතුය. එසේම ප්‍රභූ පන්තියක් හා ඔහුට සේවය කළ වෙනම පිරිසක් සිටීම තුළ මෙය යම් ග්‍රාමීය සමාජයක් නොව දියුණු වෙළෙඳ ප්‍රජාවක් ජීවත් වූ සමාජයක් බව සිතිය හැකිවේ. එය තේරුම් ගැනීමට ඇති හොඳම සාධකය විදෙස් වලින් ගෙන්වන ලදැයි සලකන ආභරණයි.

මෙම ශිලා සොහොන් ආසන්නම ඇති වැව පූර්ව ශිලා යුගයේ දී ම ඉදි කරන ලද්දක් යයි විශ්වාස කරති. එවන් පසුබිමක් තුළ ගල් යුගයේ මිනිසා තුළ වාරි තාක්ෂණය පිළිබඳ දැනුමක් පැවතියේ කෙසේද කියා අපට නැවත සිතන්නට සිදුවේ.

ඉබ්බංකටුව සොහොන් තුළින් හෙළිවන ඉතිහාසය බොහෝ දියුණු යුගයක් වුවද අපට මවා පෙන්වන්නට උත්සාහ දරන්නේ අමුඩෙ කැටියක් ඇඳගත් ගල් පතුරක් අතේ තියාගත්ල් ල් යුගයේ මිනිසෙක් පිළිබඳ චිත්‍රයකි. එය එසේ වන්නේ ඇයි දැයි කියා ළි යළිත් ප්‍රශ්න කළ යුතුව ඇත.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close