සංචාරය

සුර්ය පුත් මනු ආ කාල උමග

පිටවලපතන නැතිනම් රිවස්ටන් කියලා කියන්නේ බොහෝ සිදුවීම් සඟවාගත් ප්‍රදේශයක් බව මා මෙයට පෙර කළ රූපවාහිනී වැඩසටහන් වලදී පෙන්වා දුන්නා මතක ඇති…

රිවස්ටන් සංචාරය කරන හැමදෙනාටම දක්නට ලැබෙන කඳුවැටියක් වනුයේ මානිගල කඳු වැටියයි. පුංචි ලෝකාන්තයට ඉදිරියෙන් ඇති මෙම කඳුවැටිය නැරඹීමට යන පිරිස නම් ඉතා අල්පය. එයට හේතුවනුයේ මාතලේ සිට රත්තොට මාර්ගයේ රිවස්ටන් හරහා පුංචි ලෝකාන්තය ආසන්නයෙන්ම ඇති හරස් මගකින් මානිගලට ගමන් කළ යුතු වෙයි. රිවස්ටන් හි පවතින සීතල මීදුමෙන් වැසී ගිය පරිසරයට හාත්පසින්ම වෙනස් වූ වියළි කාලගුණික පරිසර පද්ධතියක් මානිගල පිවිසුමේ සිට ම දැකගත හැකි වෙයි.

එය සිතා ගැනීමටවත් නොහැකි තරමේ පරිසර පද්ධති වල වෙනස්වීම කි. මානිගල දක්වා යන ගමනේ දී අන්තිමටම හමුවන ගම වනුයේ ඇටන්වල යි. ඇටන්වල ගම දක්වා ගමන් කරන විට සුදුගළ කන්දෙන් ඇරඹෙන තෙල්ගමු ඔය හමුවේ. මෙම ඔයේ පවතින එක් විශේෂත්වයක් තුල මෙය දිය නෑම උදෙසා නම් නිර්දේශ කළ නොහැකි ඔයකි. එයට හේතුව මෙම ඔයේ ජල පහර වරින්වර වැඩිවීමයි. එයට හේතුව වනුයේ ප්‍රදේශයේ පවතින ආර්දතාවය සහ කඳු අතර සිදුවන වැස්ස බව මාගේ හැඟීමයි. එසේ වුවත් ගැමියන් මෙම සිදුවීම් හා මෙම ප්‍රදේශයේ පවතින ගුප්ත බව අතර සහ සම්බන්ධතාවක් ඇතැයි විශ්වාස කරති.

මානිගල යන නම ලැබීමට නම් හේතු පාදක වූ කරුණ ලෙස ජනප්‍රවාදයේ පවතින්නේ සුදු පාලකයන්ගේ කාලවකවානුවේදී වතු වැඩ උදෙසා රැගෙන ආ දමිළ කම්කරුවන් වේලවහඳුනා ගැනීම උදෙසා මෙම කන්දේ මැද ඇති හතරැස් කොටුව උපයෝගී කොට ගත් හෙයින් ඒ නම භාවිතා වූ බවයි. දමිල භාෂාවෙන් ” මනිය ” යනු වේලාව යන අර්ථය දුන් පදයකි. 16.30 වනවිට මෙම ගල මැදට සූර්යාලෝකය පතිත වන බවත් ඒ අවස්ථාවේ දමිළ සේවකයින් තම සේවා මුරය අවසන් කළ බවත් ජනප්‍රවාදයේ පවතී.

එහෙත් මෙහෙ නොගැලපෙන තැනක් ද ඇත.ලංකාවේ සෑම තැනකම දමිළ හුරුව තුළ ඇති වූ නාමයන් විග්‍රහ කොට බලන කල කඳු මුල්කොටගෙන ඇතිවූ හැම නමක්ම අවසානයට ” මලේ ” යන පදය එක්වී ඇති බව පෙනී යයි. සාමිමලේ, නාච්චිමලේ. ආදී නම් බොහොමයක් ලංකාව පුරා දැක ගත හැකිවේ. එහෙත් දමිළ හුරුව තුළ ” මානිමලේ ” ලෙස විවහාර වූයේ නැත. එය හැඳින්වූයේ මානිගල ලෙසයි. එය විය නොහැක්කකි. ගල යනු සිංහල වචනයකි.

එසේනම් මෙහි සත්‍ය කතාව කුමක්ද ?

මනු ආ ගල manigala ලෙසින් ව්‍යවහාර වන්නට විය. මනු යනු සූර්ය දෙවියන්ගේ පුත්‍රයා ය. හෙළ ඉතිහාසයේ පළමු රජු ලෙසින් සැලකෙන්නේ සුර්ය පුත් මනු ය. මහා සම්මතය තුළ හෙළ පොළොව පාලනය කරන්නට සුදුස්සකු සොයන කළ මාතලේ සිට පැමිණි මනු නම් පුද්ගලයකු හෝ එයට ඉදිරිපත් වූ බවත් ඔහු සියලු දක්ෂතා වලින් පිරි පුද්ගලයෙකු බවත් ඒ නිසාම ඔහු පළමු මහා සම්මත පාලකයා බවට තේරී පත්වූ බවත් ජනශ්‍රුතියේ සඳහන් වේ.

සූර්යයාගේ පුත්‍රයා යනු අපේ පොළොවට පිටින් ආ පුද්ගලයෙකු සරලව හැඳින්විය හැකි විදියයි. මනු පැමිණි මාතලේ පිහිටි ස්ථානය අන් කිසි තැනක් නොව මනු ආ ගලයි. මනු මේ ගල හරහා පැමිණෙන්නට නමි මෙහි යම් විශේෂිත ක්‍රමවේදයක් පැවතිය යුතුය.

මගේ විශ්වාසය මෙන්ම මා ලත් අත්දැකීම් තුළින් මෙය වූ කලී විශ්වයත් ලෝකය පුරා ඇති පැරණි සමකාලීන ශිෂ්ටාචාරයන් අතර අන්තර් ගමන උදෙසා නිර්මාණය වූ කාල උමගක් මේ තුළ පවතී.

මෙය මෙසේ පැවසූ සැනින් මෙසේ පවසන්නට පදනම කුමක් දැයි යමෙක් අසනු ඇත. එයට මා ලත් එක් අත්දැකීමක් සඳහන් කිරීම වඩා ප්‍රයෝජනවත් වනු ඇත.

රන්මසු උයනේ ඇති තරු දොරටුවටවිග්‍රහ කිරීමේදී එය තත්ත්ව තුනක් යටතේ විග්‍රහ කළ හැකි බව මා පෙන්වා දුන්නා ඔබට මතක ඇති… එහි ගැඹුරු ක්‍රියාකාරීත්වය පිළිබඳව විශ්වයෙන් මා හට ලබාදුන් අනුභූතීන් තුළ එය තවමත් සක්‍රිය මට්ටමේ කාල උමගක් බව මා හට අවබෝධකොට ගන්නට හැකි විය. සූක්ෂම ශරීර එය තුලින් ගමන් කරවීම ඒ හරහා කළ හැකි සරල ක්‍රමවේදයකි.

මා මෙය පිළිබඳව කිසිවක් නොකියා ආශ්‍රමය අම්මට තරු දොරටුවේ වෙනස් කළ යුතු සංඛ්‍යාතයන් පිළිබඳ පවසා එසේ කිරීමෙන් අත්විඳින්නේ කුමක්දැයි බලා සිටින ලෙස පැවසීය. ඇය එසේ කළාය. ඇය නිහඬව ඒ දෙස බලා සිටින විට මා ඇයට යළි හැරී පැමිණෙන්නයැයි අණ කලෙමි. ඉන්පසු සිදුවූයේ කුමක්දැයි කියා මා අම්මාගෙන් විමසුවෙමි.

” ඒක වෙනස් කළා විතරයි මාව සීගිරියේ උඩින් ඇදිලා ගියා. මම පහලින් සීගිරිය තියෙනවා හොඳින්ම දැක්කා. මාව එළියට ආවේ අර රිවස්ටන් වල තියෙන ලොකු ගල් කඳ ඇතුලෙන්… මම එහෙම්මම තැන්න උඩින් ඉහලට නැගුනා … එතකොටම තමයි මට කතා කරන්න සද්දේ ඇහුනේ… යලි මාව ඇදිලා ආවා ”

රන්සු මසු උයනේ වූ තරු දොරටුවේ ක්‍රියාකාරීත්වය මා අවබෝධ කොටගත් බව අම්මට පැවසුවේද ඉන්පසුවය.

ජනප්‍රවාදයට අනුව රාවණ රජුගේ ගුවන් යානා නවතා ඇත්තේ ඉදිරියෙන් ඇති භූමි ප්‍රදේශය තුළ ය. එය කෙසේ වෙතත් රාම රාවණ යුද්ධයේදී රාවණගේ දුනුවායන් මානිගල කඳු වැටියේ උඩ සිට රාම හමුදාවට පහර දුන් බව සඳහන් වේ.

මානිගල කන්ද මත මිනිසුන් නොයන ඉසව්වේ අතිවිශේෂ පැළෑටියක් ඇති බව ගම්මුන් පවසති. ඒ වූ කලී රත් පැහැති බෝධියකි. ගමේ මිනිසුන් විශේෂිත අවස්ථාවන් වලදී මෙම රතු බෝධිය වන්දනාමාන කරන බව එහි පැරැන්නෙක් මා හා පැවසීය.

මෙය තවත් එක් කල්පිතයක් පමණක් යැයි සිතා බැහැර කළ හැකිය. එහෙත් අද වනවිට විද්‍යාව යනු මිත්‍යාවක් බව ලෝකයටම ඔප්පු වී අවසානය. හෙළ පොලවේ සැඟවුණු බලය හෙළයාගේ දක්ෂතා හෙළයාගේ මනසේ දියුණුව ටිකින් ටික කරළියට එමින් පවතී.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close