සංචාරය

මේඝ ගිරියේ පෙම්වතුන්ගේ පාරාදීසය

අනුරාධපුර නගරය තුල ඇති හෙළ ඉතිහාසය හා බැඳුණු ස්ථාන බොහොමයක් පිළිබඳව අප කතා කළා. අද යන්නෙත් අදහස් කරන්නේ දේවානම් පියතිස්ස රජු දවස අනුරාධපුර නගරයේ විසූ ඉසුරුමත් මිනිසුන් පන්සිය දෙනකු මිහිඳු මහ රහතන් වහන්සේ අභියසට පැමිණ පැවිදි වු හෙයින් ගොඩනගන ලද විහාරය යැයි සැලකෙන ඉසුරුමුණි විහාරය වෙත ය.

අනුරාධපුර නගරයට පිවිසෙන්න රන්මසු උයනට වම්පසින් ඉසුරුමුණිය පිහිටා තිබේ. ඉසුරුමුණි විහාරය සම්බන්ධයෙන් මත වාද කිහිපයක්ම පවතී. බුදුදහම පිහිට වීමත් සමගම දේවානම්පියතිස්ස රජු විසින් ලංකාව පුරා පිහිටවූ වෙහෙර විහාර අතර දක්ඛිණ මේඝගිරි විහාරය ලෙස ූලාශ්‍රවල සඳහන් ව ඇත්තේ මෙම විහාරය බව මෑතකලීනව විශ්වාස කරනු ලබයි. එසේම ඈත අතීතයේ මේඝගිරි විහාරය ලෙසත්වෙ කසුන් ගිරි වෙහෙර ලෙසත් ඉස්සරසමනාරාමය ලෙසත් හඳුන්වා ඇත.

ඉසුරුමුණි විහාරයේ ්‍රධාන ලෙන් විහාරය පර්වතය මධ්‍යයේ ඉහලින් සිටිනසේ වේදිකාවක් මත නිර්මාණය කොට ඇත. ලංකාවේ දක්නට ඇති බොහෝ ලෙන් විහාර වලට වඩා වෙනස් ආකාරයකින් මෙම විහාරය නිර්මාණය කොට ඇති ආකාරයක් දැකගත හැකිවේ. පිවිසුම් ද්වාරය හා එහි කැටයම් තනි කළු ගලින්ම නිර්මාණය කොට ඇති අතර ාමාන්‍ය ලෙන් විහාරයක් ඇති ආකාරයට වඩා ගොඩනැගිල්ලක් පිහිටන ආකාරයට විහාරගෙය කළුගල තුල නිර්මාණය කොට ඇති බව පෙනී යයි. දොර වටා ඇති තොරණේ කැටයම් ලී කැටයම් වලටත් වඩා ඉතා සියුම්ව නිර්මාණය කොට ඇත.

ගල් පර්වතය මත ර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට තනන ලද චෛත්‍යක් පවතී. එසේම පර්වතය මුදුනේ සිරිපා සලකුණ දක්නට ඇත. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසු මුලින්ම තැන්පත් කොට පැවැති බවට සඳහන් වන්නේ මෙම විහාරයේ ය. ලංකාවේ ඉදිකළ පළමු ප්‍රථිමා ගෘහය මෙය ලෙස සැලකේ.

ඉසුරුමුණි විහාරය ලෝක පතල ස්ථානයකි. එම ප්‍රසිද්ධියට හේතු වී ඇත්තේ ඉසුරුමුණි පෙම් යුවලයි. ඉතා සියුම් ආකාරයෙන් කළු ගලක නෙළන ලද පෙම්වතුන් යුවලකගේ කැටයම මෙන්ම අශ්ව හිස සහ මිනිසා යන කැටයම ද ෙම ජනප්‍රියතාවයට හේතු වී ඇත.

අශ්ව හිස හා මිනිසා සම්බන්ධයෙන් මත බොහොමයක් පවතී. ඒ අතර මෙහි දක්නට ඇත්තේ කපිල නම් ඍෂිවරයා හා ඔහුගේ අශ්වයා බව එක් අදහසකි. තවත් පිරිසක් පවසන්නේ මෙහි ඇත්තේ මහා ඇලෙක්සැන්ඩර් රජු භවය. සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වන්නේ වර්ෂාවට අධිපති පර්ජන්‍යය දෙවියන් හා ලග්නයට අධිපති දෙවියන් බවය. මිනිසාගෙන් වර්ෂාවට අධිපති දෙවියන් නියෝජනය වන බවත් අශ්වයා ගෙන් ආත්මීය නියෝජනය වන බවත් මෙම ස්ථානයේ වර්ෂාව ලබා ගැනීම උදෙසා පුද පූජා පවත්වන්නට ඇති බවත් ඔහු ප්‍රකාශ කොට ඇත. එහෙත් එය බුදුදහම පැමිණෙන්නට පෙර ද බුදුදහම පැමිණීමෙන් පසුව ද යන්න පිළිබඳ සඳහනක් දක්නට නොමැත.

බුදුදහම පැමිණීමෙන් පසු මේ ස්ථානයේ දෙවියන් උදෙසා යාගහෝම පැවැත්වුනා යයි සිතිය නොහැකිය. ගස් ගල් ඉර වර්ෂාව ආදි සොබාදහම් වන්දනය පැවතියේ බුදු දහම පැමිණීමට පෙර හෙළ යුගය තුළ දී ය.

අශ්ව හිස හා මිනිස් රූපය පහලින් දිය කෙලින හස්තීන් සිව්දෙනකු දැකගත හැකි වේ. ඒ අතර නෙළුම් පත්‍ර හා නෙලුම් මල් ඇති ආකාරය තුළින් කැටයම සජීවි බවක් ඇතිකරන්නට වෙහෙස දරා ඇති බවක් පෙනේ. පුරා විද්‍යාත්මක මතයට අනුව මෙම හස්තීන්ගෙන් ජලයට අධිපති ඉන්ද්‍ර දෙවියන්ගේ හස්තියාව ඓරාවණ නිරූපණය වේ.

මේ පිලිබඳ මාගේ අදහස මෙයට වඩා වෙනස් ය. අශ්ව හිස හා මිනිසා තුළින් විශ්‍රවස් මුණිවරයා හා ඔහුගේ රාජ්‍යය සංකේතය නිරූපණය වේ. දඹදෙණිය සංචාරය ලිපියෙදි අශ්වහිස සංකේත ලත් මිනිසා පිළිබඳ මා දීර්ඝ විග්‍රහයක යෙදුණු බව මතක ඇති. මෙහි දක්වා ඇත්තේ අශ්වහිස සංකේත ලත් මිනිසාගේ පරිපාලන ඒකකය පිහිටි ස්ථානයයි. රන්මසු යන ආශ්‍රිත පොකුණ වල ද මේ ආකාරයෙන්ම දිය කෙලිනා ඇතුන්ගේ කැටයම් දැකගත හැකි වේ. මෙහි නිරූපණය වූයේ ඓරාවණ නම් එක් ඇතෙකු පමණක් කැටයම් කිරීමට මැලි නොවනු ඇත. එහෙත් නෙලුම් මල් අතර ඇත් පන්තිය තුළින් එක් කරන්නට ඇත්තේ පොකුනේ සෞන්දර්යවාදී බව විය යුතුය.

ඉසුරුමුණි පෙම් යුවළ සම්බන්ධයෙන් ද මෙවැනිම මතවාදයන් කිහිපයක් පවතී. පුරාවිද්‍යාවට සම්බන්ධ එක් පිරිසක් පවසන්නේ මෙහි සිටින්නේ සියලු ශාස්ත්‍රයන්ට අධිපති මංජු ශ්‍රී නම් බෝධිසත්වයන් හා ඔහුගේ බිරිඳ බවයි. තවත් පිරිසකගේ අදහස නම් මෙහි ඇත්තේ සාලිය-අශෝකමාලා ය. මෙයට අමතරව කුවේර දෙවිඳුන් හා ඔහුගේ බිරිඳ සිද්ධාර්ථ කුමරු හා යශෝධරා ශිව දෙවියන් හා පාර්වතී ආදී විවිධ මත මෙම කැටයම හා බැඳී පවතී. කිසිදු විද්වතකුට මෙතෙක් අවසන් නිගමනයකට පැමිනෙන්නට පූර්ව සාධක හමු වී නොමැත.

ඉසුරුමුණි පෙම් යුවළ සම්බන්ධයෙන් මා දරන මතය වනුයේ මෙහි සිටිනුයේ හිරු කුමරු හා ඔහුගේ බිරිදයි. අශ්වහිස සංකේත ලත් මිනිසා විශ්‍රවස් මුණි නම් මෙහි සිටින්නේ සූර්ය වංශයේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ විශ්‍රවස් මුනිවරයාගේ පුත්‍රයා වූ රාවණ කුමාරයා හා ඔහුගේ බිරිඳ වූ මන්දෝදරි යයි. තම පියාගේ රාජ්‍යය උරුමයෙන් හිමි වූයේ කුවේරට බව ප්‍රසිද්ධ කාරණාවකි. රාවණ කුමරු කුවේරගෙන් පාලන බලය ලබාගන්නේ බලහත්කාරයෙනි. ඉන්පසු අශ්ව හිස වෙනුවට සූර්ය සලකුණ යොදාගනු ලැබූ බව මා මෙයට පෙර ලිපි කිහිපයක සඳහන් කළේය.

ඉසුරුමුණි පෙම් යුවල ගේ කැටයම තුළ සිටින ස්ත්‍රී රූපය මන්දෝදරිය බව පවසන්නට තවත් එක් හේතුවක් වෙයි. ඇය ඇඳ සිටින සෙලයක දිගු ආකාරයෙන් ඇඳ තිබීම තුළ ඇයගේ සංයමය මතුකර පෙන්වීමට කැටයම් කරුවා උත්සාහ දරා ඇති බව තේරුම්ගත යුතුව ඇත. මා මන්දෝදරිය හඳුන්වනු ලබන්නේ නුවර පත්තිනි ලෙසය. ඒ ඇයගේ ජීවිතය තුළ ඇති සංයමය හේතුකොටගෙනය.

මෙහි දක්නට ඇති අනෙක් සුවිශේෂී කැටයම වනුයේ රජ පවුලයි. මෙම රූපය තුළ යම් මුනිවරයෙක් ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනෙකු හා සේවිකාවක් යැයි සිතිය හැකි අයෙක් දැකගත හැකිවේ.

මෙය දුටුගැමුණු රජුගේ පවුල බව පිරිසකගේ මතයයි. තවත් පිරිසක් මෙය බෝධිසත්වවරයෙකුගේ පවුලක් යැයි විශ්වාස කරති.

අශ්ව හිස සහ මිනිසා රූපයේ සිටින මිනිසාගේ උරය හරහා ඇති පූන නූල මෙම රූපයේ ්‍රධාන පුද්ගලයාගේ උර හරහා ද දැකගත හැකි වේ. එසේම ඉසුරුමුණි පෙම් යුවල ලෙස නම්කල රූපයේ පිරිමියාගේ කොන්ඩෙ හි ඇති බොකුටු ගතිය මෙහි කුඩා දරුවාගේ හිසෙහි දැකගත හැකි වේ. අප දන්නා පරිදි විශ්‍රවස් මුනිවරයාගේ පළමු දරුවන් දෙදෙනා සහ බිසව ෙලෙස චිත්‍රණය කරන්නට ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

ඉසුරුමුණියෙන් හමුවූ කැටයම් අතර තවත් එක් සුවිශේෂී කැටයමක් දැකගත හැකි වේ. එය නම් පක්ෂියකුගේ පාද සහිත කිඳුරු රුවයි. රන්මසු උයනේ දක්නට ඇති සක්වල චක්‍රය තුළ ඇති කිඳුරු රූප හා මෙම කැටයම් අතර සම්බන්ධයක් පවතිනවා විය යුතුය.

මෙම සියලු කාරණාවන් මෙන්ම මා දකින තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් වෙයි. මෙම විහාරය පිහිටි ගල්කුළු වල කැපුම් ලක්ෂණ හා සමාන පිහිටීමක් දඹදෙණිය කඳු මුදුනේ ද දැකගත හැකි වේ. එහි මේ ආකාරයෙන් විහාරයක් නොපවතින අතර එහි ලෙන් දොරක් හා සමාන පිවිසුමක් දැකගත හැකිවේ. ඒ පිළිබඳ ගවේෂණයකට ලක්වී ඇද්දැයි කියා මා නොදනිමි. එසේම පේරූ ඇති සක්වල දොරටුව යැයි පිළිගන්නා ස්ථානයෙනි ගලෙහි ඇති පෙනුම තරම ක් මෙහි පෙනුමට සමාන යැයි සිතෙයි. වෙනස මෙය කුඩා ආකෘතියක් වීමයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close