සංචාරය

මහා මාලිගයේ දෙවන පිවිසුම වු රාවණ රජමහා විහාරය

බණ්ඩාරවෙල සිට ඇල්ල නගරය පසුකර කිලෝමීටරයක් පමණ ඇල්ල වැල්ලවාය දෙසට ගමන් කරන විට දකුණු පසට දැඩි නැග්මක් සහිත පටු මාර්ගයක් හමුවෙයි එය රාවණ විහාරය දක්වා වූ මාර්ගය යි. වාහන දෙකක් මාරු විය නොහැකියි දැඩි අවදානම් සහිත මෙම මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කළ යුතුය.

පුරාවිද්‍යාත්මක කියවීමට අනුව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී වලගම්බා රජු විසින් මෙම ලෙන් විහාරය ඉදිකොට ඇත.

ජනප්‍රවාදයට අනුව රාවණ රජු සීතා කුමරිය රැගෙන ඒමෙන් අනතුරුව මේ ස්ථානයේ හා මේ ආසන්නයේ ඇති රාවණ ලෙන තුළ සඟවා තබා ඇත.

ඉතා සුපරීක්ෂාකාරීව බැලූ විට පෙනී යන්නේ ලංකාව පුරා පැවැති උමං මාර්ග වලගම්බා රජු ආරක්ෂා වීම උදෙසා භාවිතා කොට ඉන් අනතුරුව එම මාර්ගය වසා දමා රජ මහා විහාර ඉදිකර ඇති බවයි. මේ ස්ථානයේ ද පැරණි විහාරය ඉදිකර ඇත්තේ ස්වභාවික ලෙනක් මැදි කරගෙනය.

එසේම විහාරයට ඉහළින් ගල්කන්ද තුළ ගල් පියන තබා වසා දැමූ දොරටුවක් ආකාරයේ ස්ථානයක් දැකගත හැකිවේ.

රාවණ රජුගේ ප්‍රධාන මාලිගාව පිහිටා තිබී ඇත්තේ වර්තමානයේ රාවණ ඇල්ල පිහිටා ඇති ස්ථානයට ඉදිරියෙන් ඇති මහා ආවාටය තුළ ය. එම ආවාටය නිර්මාණය වන්නේ රාම රාවණ යුද්ධය ආරම්භයේ දීම එම යුද්ධය සැලසුම් කරනු ලබන මිසරයේ ආධ්‍යාත්මික රැජිණගේ සැමියා විසින් මෙහෙයවනු ලබන කිඹුල් හා වඳුරු මිනිසුන්ගේ සහයෙන් මාලිගය තුළට ම රැගෙන ආ විශාල බෝම්බ තුනක් පුපුරා හැරීම හේතුවෙනි.

සරලව ගතහොත් මෙය පරමාණු බෝම්බ තුනක් පිපිරීම හා සමානය. අවට කඳුවැටි නිර්මාණය වීම හා රාවණ ඇල්ල ඉදිරිපිට ඇති මහා සානුව රාවණ ඇල්ල මේ සියල්ල නිර්මාණය වන්නේ මේ පිපිරීම හරහා ය. අවට කඳු වල මුදුන් හොඳින් නිරීක්ෂණය කරන්නේ නම් යම් අධි තාප යකඩ ලක්වීම හේතුවෙන් උණුවී ගිය ආකාරයට සැකසුණු කළුගල් හා විවිධ පාෂාණ ස්ථරයන් දැකගත හැකිවේ.

වත්මන් රාවණ රජ මහා විහාරය යනු එකල මහා මාලිගාවට පිවිසීම උදෙසා පැවැති පිවිසුම් කිහිපයෙන් එකකි. මෙම මහා මාලිගාවට පිවිසීමට ගොඩබිම් මාර්ගයෙන් වූ බවට තවමත් සාධක ලැබී නොමැති අතර එයට පිවිසීමට උමං මාර්ග කිහිපයක් යොදාගෙන පැවතියේ ආරක්ෂාව උදෙසා විය යුතුය.

ඒ ඒ දිශගතව පැවැති උමං මාර්ග විවිධ ගෝත්‍ර උදෙසා වෙන්කර පැවති බව මෙයට පෙර අවස්ථාවකදී භාවනාවෙන් තොරතුරු ලැබී තිබුණි.

පටු සීමාවක් තුළ සිර නොවී ලෝකයේ අන් රටවල මෙන් පුරාවෘත අධ්‍යනයක් හරහා හෙළයේ සැබෑ ඉතිහාසය මතුකර ගනිමින් හෙළයින්ගේ ප්‍රෞඪත්වය ලෝකයට රැගෙන යායුතු කාලය එළඹෙමින් පවතී. එය වූ කලී නව සූර්ය යුගයේ රාවණ අවදිවීම නම් වනු ඇත.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close