සංචාරය

සුමාලිගෙන් මයදානට උරුම වු රජත ලෙන

අපි සූර්ය වංශිකයන් ගැන බොහෝ ලිපි මේ වෙනකොට පල කර තියෙනවා. හෙළ ඉතිහාසය ගැන කතා කරන බොහෝ දෙනා කතා කරන්නේ සූර්ය වංශිකයන් ගැන… එසේ වුවත් හෙළ ඉතිහාසය තුල චන්ද්‍ර වංශිකයන්ටද හිමිවනුයේ විශේෂිත ස්ථානයකි.
අද අපේ සංචාරය හෙළ ශිෂ්ටාචාරයේ චන්ද්‍ර වංශික රාජධානියක් සොයා යන්නට ය. කුරුණෑගල කරඳගොල්ල මාර්ගයේ කිලෝ මීටර් විස්සක් පමණ ගමන් කලවිට රිදීගම හමුවේ එහි ඓතිහාසික විහාරයක් පවතී. එය රිදීවිහාර යයි නැතහොත් වරකා කෑ විහාරයයි.

මෙම විහාරය සම්බන්ධව මහා වංසයේ සඳහන්ව ඇති ඓතිහාසික නාමය වනුයේ රජත ලෙන යන්නයි. එම නාමය ලබන්නට හේතු වූයේ දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය ගොඩනගන්නට මුදල් නොමැතිව පසුවන අවධියක සාසන අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්ද්‍රගුප්ත නම් රහතන් වහන්සේ නමක් මේ ස්ථානයේ ඇති රිදී පිළිබඳව රජුට තොරතුරු පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ. දුටුගැමුණු රජු ගැල් වලින් පැමිණ මෙම දෙන තිබූ රෙදි රැගෙන ගිය බවත් එම ගැල් එරුනු ස්ථානය දැනටත් එම නමින්ම මෙම ප්‍රදේශය තුළ පවතී.

මෙම ලෙන තුළ පැවැති රිදී යොදාගනිමින් රුවන්වැලි මහා සෑය ගොඩනැංවූ අතර ඒ උදෙසා කෘතගුණ සැලකීමක් ලෙස දහ අටරියන් දඹ රන් බුදු පිළිමයක් මෙම ලෙන තුළ ස්ථාපිත කොට මෙම විහාරය ගොඩනැංවූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

පසුකාලීනව මෙම විහාරය වඩා වර්ධනයට ලක්වන්නේය කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මැදිහත්වීමෙනි.

දුටුගැමුණු කුමාරයාට රහතන් වහන්සේ විසින් දන්වා සිටින්නට ඇත්තේ රිදී ගබඩා කර තිබූ ලෙනක් පිළිබඳව විය යුතුය. එසේ නම් මෙම ලෙනට රිදී පැමිණියේ කොහෙන්ද ?

එය ඉතා සරල කරුණකි. රජත ලෙන යනු හෙළ ඉතිහාසයේ විශිෂ්ටතම නිර්මාණ ශිල්පියා වු මයදානගේ මාලිගාව බිම පිහිටි ස්ථානයයි.

මය කියන්නේ තනතුරක් මිස රජ කෙනෙක් නොවෙයි. මය කියන්නේ අද අර්ථ දැක්වීමෙන් කියනවනම් ප‍්‍රධාන ඉන්ජිනේරුවා කියන තනතුරයි. මය නම් අසුරයා තමයි සීගිරිය නිර්මාණය කරන්නේ…. පිරමීඩ බාස් කියලා කුරුලූ මුහුනක් දාලා වැහුවෙත් මය කියන අසුර තනතුරයි. එක මගේ මතය.

කොහොම හරි විශ‍්‍රවස් මුණි වරයගේ කාලයේ හිටපු මය ප‍්‍රාදේශිය පාලකයෙක් වගේම රටට අවශ්‍ය ප‍්‍රධාන රන් රිදී නිශ්පාදනය භාරව සිටියා. විශ‍්‍රවස් මුණිවරයාගේ ප‍්‍රධාන මාලිගය වු දඹ ගිරිය ආසන්නයේම මයගේ මාලිගය පිහිටා තිබුණා. මොකක්ද ඉතින් මේ මාලිගය නාගපෙණයකින් සංකේතවත්වු වත්මන් රිදී විහාරය. මේක තමයි මන්දෝදරියගේ මුල් නිවහන. ඒ කියන්නේ මයදාන කියන්නේ මන්දෝදරිය ගේ පියා.

රිදී විහාරයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි පැරණි හෙළ ශිෂ්ටාචාරයේ පැවති උපුල්වන් දෙවොල… සමහරු මෙය සූර්ය දේවල් කියා මතයක සිටිනවා. එහි වරදකුත් නැහැ. රිදී විහාරයේ ඇති වරකා කෑ විහාරය ලෙස නම් කරන තනි කළු ගලින් කරන ලද ඉතා අලංකාර කැටයමින් යුත් ස්ථානය මෙයයි.
මෙම ස්ථානයට වරකා කෑ විහාරය යන නම ලැබී ඇත්තේ ගැල් කරුවන් පිරිසක් මේ අසලින් ගමන් කරන අවස්ථාවකදී අසල වරකා ගසකින් ගෙඩි කඩාගෙන විත් මෙම විහාරයේ තබා ගෙන කෑ නිසා යැයි මතයක් පවතී.

මේ තැන වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. මා කලින් කියු චෛත්‍ය සමග බැදුණු….

තවත් විශේෂිත කාරණා කිහිපයක් තියෙනවා. මං ඒ ටික සංක්ෂිප්තව පෙන්වන්නම්….

ගැමුණු රජුගේ මව නාග ගෝත්‍රික කාන්තාවක්නේ.. රැවන්වැලිසෑය හදන්න ලෑස්තිවෙනවිට මෙතන ගුහාවෙන් එක්වරම රිදී මතුවෙනවා… ඒ රීදි අරගෙන එතන අඩි දහයක පමණ දඹ රන් බුදු පිලිමයක් තියලා… එය රැගෙන එන විට මඩේ එරැනම පිලිමය ගුවනින් ඇවිත් මෙතක රිදී ලැබුන තැන සවිවෙලා…

1. රිදී රැගෙන රත්තරං දීම….
2. රිදී සමුවීම
3. මවගේ නාග සම්බන්දය
4. පිලිමය ගුවනින් පැමිණීම
5. රිදී මතුවු තැන වැසෙන ලෙස පිලිමය තැබීම
6. රැවන්වැලිසෑය විවෘත කරන විට විවිධ ලෝක වල සිට පැමිණි දෙවිවරැ රජු සමග සම අසුන්ගෙන වාඩී වී සිටීම.

පිලිමය උඩින් එන්න ඇති ඒ ගැන හිතන්න සරල දෙයෙක් තියෙනවා….. දුටුගැමුණු රජුගේ රැවන්වැලිසෑය විවෘත කරන උත්සවයට විවිධාකාරයේ දෙවියන් පැමිණි බව මහවංශයේම තියෙනවා.. සම අසුන් වල ඒ අය හිටියලු….
ඇත්තටම මේ දෙවියන් විය නොහැකියිනේ…
එහෙනම් මේ පිටසකවලයින්…. එතකොට රැවන්වැලිසෑය හදන්න ඔහුන් උදව් කරනවා… එ ඇයි….පැරණි චෛත්‍යය අට යලි අලුත් වැඩියා කරන්න…

මේ පෘතුවි යාන්ත්‍රණය පවත්වාගෙන යෑමට…
ගල් මැණික් රිදි ලැබෙන්නේ එකයි…
ඉතිං පිලිමය උඩින් එන්න පුලුවන්නේ….
මොකද රැවන්වැලිසෑයට අවශ්‍ය ගඩොල් ඒ ආසන්නයේ කැලෑවකින් සමුවෙනවා… එතරම් විශාල චෛත්‍යයක් කලින් එ අසල තිබිලා…. අනික පාදම හත් වරක් ගිලෙනවා…අපි දන්නවා නියමිත භුමිය තෝරා නොගෙන චෛත්‍යයක් හදන්න මුල පුරන්නේ නැහැ කියලා… මෙය සංකේතයක්…පැරණි පදෙමි හතක් මතයි මෙය ඉදිවෙන්නේ… එ කියන්නේ මෙය වරින් වර අලුත් වැඩියා කෙරිලා තියෙනවා.

දැන් තමයි ඊළඟට සුවිශේෂීම කාරණාව එලිවෙන්නේ… මෙහි සැඟවුණු කැටයමක් තියෙනවා. පුලස්ති පිළිමෙ පෙනුමට සමාන ඍෂිවරයෙක් සොබාදහම තුළ යෝග වඩන ආකාරය දැක්වෙන ගලෙහි කරන ලද කැටයමක්….. මෙය ලංකාවේ කිසිම තැනක මට මෙතෙක් හමුවී නැහැ. සොබා දහමේ බලය ලබාගත හැකි ආකාරය ගැන ඉඟියක් මෙහි තියෙන්නේ… මයදාන කියන්නේ නිර්මාණ ශිල්පියෙක් සොබා දහමේ බලය ප්‍රයෝජනයට ගත්තේ නව නිර්මාණ වෙනුවෙන්… ඔහු නිර්මාණ කළා මිසක් බලය ලබාගැනීම පිළිබඳ වෙහෙසුණු බව ඉතිහාසයේ සඳහන් ව නැහැ.

එහෙත් සොබා දහමේ බලය පිළිබඳව වැඩි අවධානයක් යොමුකර පුද්ගලයා වෙන්නේ මයදාන ට පෙර මෙහි සිටි නාග සංකේත ලත් පාලකයා යි. ඔහු අන් කවරෙක්වත් නොව රාවණ රජුගේ සීයා වූ සුමාලි ය. සුමාලි යනු රාවණ රජුගේ මව වු පුෂ්පෝත්කටා ගේ පියා ය. සුමාලි විසින් තම දියණිය වූ පුෂ්පෝත්කටා ව විශ්‍රවස් මුණි වරයා වෙත යවන්නේ තුන් ලොවම ජය ගත හැකි දරුවෙකු සාදා ගන්නා අටියෙනි.

සුමාලි රජ්ජුරුවෝ දේවයානි කුමරියගේ දරුවන්ට කදිර සේනාව හා සටන් කිරීමටත් විශාල උපකාරයක් කළ රජෙක් සේ සැලකේ. කදිර ගේ ගොඩබිම් හමුදාව සමග මුහුණට මුහුණලා සටන් කිරීම සිදු කළේය. සුමාලිගේ හමුදාව විසින් ය. කදිර විසින් සුමාලිගේ හමුදාව පරාජයට පත් කලේය.

සුමාලි ගෙන් පසුව මෙම මාළිගා සංකීර්ණය උරුම වූයේ මයදාන ගේ පරපුර වෙත ය.

මෙම විහාරය අති විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු ලෙන් සංකීර්ණයකි. දඹ රන්් පිළිමය සහිත ්‍රධාන ලෙන එක් පසෙකින් කළු ගලින් කරන ලද ගල් යොදා වසා දමා ඇති ආකාරය පැහැදිලිවම දක්නට ඇත. එනම් පෙර දවස මෙම ලෙන තවත් දුරට පවතින්නට ඇති බවට පැහැදිලි සාධකයකි.

මෙම විහාරය තුළ ඇත්දත්වලින් නිම වන ලදපංචනාරි ගැටය ම හෙළ කලාකරුවාගේ අද්විතීය දක්ෂතාවය මොනවට පැහැදිලි වන්නකි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close