සංචාරය

ගසින් පැනණැගි රුහින් පුදදුන් ඇම්බැක්කේ

ඇම්බැක්කේ කිව්ව ගමන් අපට මතක් වෙන්නේ හෙලයාගේ විශ්මිත ලී කැටයම් හා ගෘහ නිර්මාණ තාක්ෂණයයි. මේක වෙනම කතාවක්……

වසර කිහිපයකට කලින් විශේෂිත කාර්යයක් වෙනුවෙන් දලදා මාලිගයට ගියා. එතන භාවනා කරමින් ඉන්න විට නාථ දෙවියන් මෙන් මලක් අතින් ගත් දෙවි කෙනෙක් පෙනී සිට කිව්වා මා වාඩිවී සිටි දෙසට දකුණු දිශාව පෙන්වා දැන් කතරගම දෙවියන් හමුවට යන්න කියලා….

කොහොම හරි මාලිගයෙන් එලියට ආවම ඔය කතාව අමතක වෙලා ගියා. පොඩ්ඩට තේරෙන වයසෙදී ගිය ගමන හින්ද වගේම අපි පොඩිකාලේ ගියාට පස්සේ ගියේ නැති නිසා ගඩොලාදෙනිය ඇම්බැක්කෙත් බලාගෙනම යමු කියලා මාර්ගය වෙනස් කලා….

ගඩොලාදෙනියට ගිහින් ඇම්බැක්කෙට ආවට පස්සේ තමයි දන්නේ එතන කතරගම දෙවියන් වෙනුවෙන් වෙන්වුණු දෙවොලක් බව…

කැටයම් එහෙම බලලා භාවනාවට ගියේ මාලිගාවෙදි කතරගම දෙවියන් ලගට යන්න කියලා කිව්වේ ඇයි කියලා හොයා බලන්න..
එත් මට භාවනාවෙන් පෙන්වන්නේ ලස්සන දේවතාවියක්ව….
මම ඇයගෙන් ඇය කවුද කියලා ඇහුවා.
ඇය කිව්වා ඇය තමයි මෙතන හිමි කාරිය කියලා… එතනින් එහාට ඇය උත්තර දුන්නේ නැහැ…
මා පහලින් ඇති කඩමණ්ඩියේ සිටි යමක් කමක් දනීයැයි සිතිය හැකි සීයා කෙනෙකු සමග මේ ගැන විමසනු අටියෙන් කතාවට වැටුණා.
” මෙතනට කවුරු හරි කාන්තා දෙවි කෙනෙක්ගේ සම්බන්ධයක් තියෙනවද ?”
විමසුවා.
” ඇයි මහත්තයෝ එහෙම ඇහුවේ .. ?
” මම වදින කොට එහෙම කෙනෙක්ව දැක්කා. මේක කතරගම දෙවියන්ට අයත් තැනක්නම් මේ දේවතාවිය කවුද කියලා හිතාගන්න බැරි වුනා ”
වයසක පුද්ගලයා මගේ මුහුණ දෙස මද වෙලාවක් නිහඩව බලා හිටියා.
” මහත්තයෝ එ හෙනකද බිසෝ බණ්ඩාර දෙයි හාමුදුරුවෝ . මේ එ දෙයි හාමුදුරුවන්ගේ අඩවිය…. ”
” කතරගම දේවාලයත් එක්ක හෙනකද බිසෝ බණ්ඩාර දෙවියන්ගේ තියෙන සමිභන්දෙ මොකක්ද ?”
” මේ දේවාලේ හදලා තියෙන්නේ එතුමියගේ මල් උයනේ …. මල් උයනේ තිබ්බ කදුරු ගහක් කැපුවම නොනවත්වා රත් පැහැ රුධිරය ගලන්න වුනාලු. කලින් රංවල ගමේ බැතිමතෙක්ට දෙවියන් කලින් මේ ගැන කියා තිබුනලු… ඉතිං වික්‍රමභාහු රජුට මේ ගැන දැන්නුවට පස්සේ මෙතන කතරගම දෙවියන් වෙනුවෙන් ලස්සනට දේවාලයක් හදලා.. ”

දේවාලයට පසෙකින් ඇති වී ගෙය පැරණි ඉදිකිරීම් තාක්ෂණ පිලිබද හොදම සාක්ෂියකි. එසේම ඇම්බැක්කේ දේවාලය තුල තවත් විශේෂයන් දෙකක් දක්නට ඇත.

පලමු වැන්න නම් පෘතුගීසි සෙබලාගේ කැටයමයි.

දෙවන්න පරාල සියල්ලම තනි ඇණයෙන් සවිකල කැණිමඩලයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close