සංචාරය

චිත්‍රරාජ කාලවේල සොයා දිඹුලාගලට

කදුරුවෙල නගරයේ සිට පොලොන්නරුවේ මහියංගණ මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ ගමන් කිරීමෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ගමන් කළ හැකි වේ. දශක කිහිපයකට පෙර නම් දිඹුලාගලට යෑම එතරම් පහසු කටයුත්තක් නොවේ. එයට හේතුව නම් කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වරින් වර මේ ඉසව්ව දක්වා පැවතීමයි. එහෙත් දැන් එවැනි ගැටලුවක් නැති බැවින් හා මාර්ග ඉතා හොඳින් සකස් කොට තිබීම තුළ පොළොන්නරුවේ සිට විනාඩි ගණනාවකින් ආරණ්‍ය වෙත ළඟාවිය හැකි වේ.

ඈත අතීතයේදී මෙන්ම පොළොන්නරුවේ වාසය කළ ්‍රේෂ්ඨ රජවරුන්ගේ යුගවලද ද මෙම ආරණ්‍ය සේනාසනය උදෙසා හිමිවයේ විශේෂ ස්ථානයකි. එකල උදුම්බරගිර ,
දුම්රක්ගල පබ්බතය ආදී නම් වලින් මෙය හඳුන්වා ඇත.

පොලොන්නරු ප්‍රදේශය තුල ඇති විශාලතම කඳුවැටිය මෙයයි. එසේම දැඩි වනගහනයකින් යුත් දිඹුලාගල කඳු වැටිය ඈත අතීතයේ සිට වෙන්ව පැවතියේ වැදි ජනයාගේ නිජභූමියක් ලෙසය. මෙම කඳුවැටිය ආශ්‍රිතව පැරණි ලෙන් විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවායේ වැදිජනතාව පදිංචිව සිට ඇත.

ඉතිහාස කතා වලට අනුව විජය රජු ලංකාවට පැමිණෙන විට ලංකාවේ පැවති පාලන එකක අතරින් දිඹුලාගල පිහිටි යක්ෂ ගෝත්‍රික පාලන ඒකකයට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. එයට හේතුව පණ්ඩුකාභය කුමරුට රාජ්‍ය ලබා ගැනීම උදෙසා උපකාර කළ යක්ෂ ගෝත්‍රිකයින් ජීවත් වූයේ මෙම කඳුවැටිය ආශ්‍රිතව වීමයි . පණ්ඩුකාභය කුමරුගේ ජීවිතය බේරාගැනීමට හා පණ්ඩුකාභය කුමරුගේ පියාවු දීගගාමිණි කුමරුගේ ආදර සබඳතාවයට උපකාර කල චිත්‍රරාජ හා කාළවේල යන යක්ෂ ගෝත්‍රිකයින් දෙදෙනා ජීවත්වූ යක්කුරේ යන ගම පිහිටා තිබී ඇත්තේ ද මෙම කඳුවැටියේ ය.

කෙසේ වෙතත් වැදි ජනතාවගේ විශ්වාසය වනුයේ ඔවුන් ්ෂ්්ෂ්ෂ්් යක්ෂ ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්තියක් ය යන්නය.

මෙම විහාරය පිහිටා ඇත්තේ අතිශයින්ම සුන්දර පරිසරයක ය. ලෙන් විහාර හරහා කඳු වැටිය තරණය කොට අහස් මාලිගය වෙත පිවිසිය යුතුය. අහස් මාලිගයේ සිට පොලොන්නරුව වැලිකන්ද අවට ිශාල ප්‍රදේශයක් දැකගත හැකිවේ.

අහස් මාළිගය වෙත ගමන් කිරීම එතරම්ම පහසු හෝ අපහසුම ගමනක්ම නොවේ. මාර්ගය නිර්මාණය කොට ඇත්තේ පරිසරය විඳිමින් ගමන් කළ හැකි ආකාරයටය. ඈතින් පෙනෙන වැව වෙල්යාය මෙන්ම කඳුවැටිය එක්කරන්නේ මනස්කාන්ත දර්ශනයකි.

පොළොන්නරු යුගයේදී මලියදේව මහරහතන් හන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා දස දහසක් පමණ දිඹුලාගල ආශ්‍රිතව වැඩසිටි බවට ජනප්‍රවාදයන් පවතී.

මහා පරාක්‍රමබාහු රජුගේ සමයේ දී දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ලංකාවේ මෙන්ම ලෝක බුදුදහම තුළ ද තා ප්‍රසිද්ධියට පත් ස්ථානයකි. එයට හේතුවූ කරුණු ගණනාවක්ම වෙයි. එයට බලපෑ මූලිකම හේතු වූයේ එතෙක් පැවැත සංඝ සමාජය තුළ බොහෝ දුර්ගුණයන් පවතින බව අවබෝධ කොටගත් රාක්‍රමබාහු රජු විනය සංගායනාවක් සිදු කර සාසනය පිරිසිදු කිරීමේ වගකීම එවකට දිඹුලාගල විහාරයේ සංඝ නායකව සිටි මහාකාශ්‍යප හිමියන්ට පැවරීමයි. උන්වහන්සේ ගේ මැදිහත් වීමෙන් යළි සම්බුද්ධ ශාසනය පිරිසුදුබව කියවේ.

පරාක්‍රමබාහු රජ සමයේ දී භාෂා දහඅටක් ඉගැන්වූ ෝෝෝෝෝෝ ලෝක ප්‍රකට පිරිවෙනක් ව පැවති බවත් දැනුමෙන් පරිපූර්ණ වූ මහා කාශ්‍යප හිමියන් , ප්‍රසිද්ධ පඬුරුවනක් වු ගුරුළුගෝමිහු හා තව බොහෝ පඬිවරුන් යටතේ ගිහි පැවිදි බොහෝ පිරිසකට මෙමගින් ශාස්ත්‍රිය ඥානය හිමිවූ බවට ලිඛිත සාධක පවතී.

කඳුපාමුල ම විශාල ලෙන් විහාරයක් දැකගත හැකි ව. මෙම බුදුගෙය ඉදිකිරීම සම්බන්ධයෙන් මතවාදයන් කිහිපයක් පවතී. විජයබාහු රජුගේ සුන්දර මහා දේවිය නම් බිසව විසිනි මෙය ඉදි කළ බවටත් එසේම ගජබා රජුගේ බිසව විසින් මෙය ඉදි කළ බවටත් ආදී ලෙසින් මත කිහිපයක් පවතී. කෙසේවෙතත් බුදුදහම පැමිණීමට පෙර යුගයේ සිතමා ිබුලාගල ආශ්‍රිතව ජනාවාස පැවති බවට හා බුදුදහම පැමිණීමෙන් පසු මෙහි භික්ෂූන් වහන්සේලා සිටි බවට ඒ ඒ යුගයේදී ඉදිකළ සෙල්ලිපි ිශාල ප්‍රමාණයක් මෙහි පවතී. බුදු දහම පෝෂණය කළ බොහෝ රජවරු දිඹුලාගල හා සබඳතා පවත්වා ඇති බව එම සෙල් ලිපි හරහා සනාථ වෙයි. එසේ වූ එක් සෙල්ලිපියක ඉන්දියාවෙන් ගල්වඩුවන් පන්සියයක් ගෙන් වා දැන් පන්සියයක් කටාරම් කොටවා සකස්කර සංඝයා වෙත පූජා කළ බව සඳහන් වේ. එසේනම් අපට සිතන්නට ඇත්තේ මේ වනාන්තරයෙන් වැසීගිය සීමාවේ තවත් මතු කර නොගත් බොහෝ ලෙන් පැවතිය යුතු බවයි.

පසුකාලීනව ෙම ආරණ්‍ය සේනාසනය යළි භික්ෂු ශාසනය වෙතින් ගිලිහෙන අතර කාලයාගේ ඇවෑමෙන් වැදි ජනතාවටම උරුම වි ඇත. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මියගිය ිඹුලාගල හාමුදුරුවෝ ලෙස ප්‍රසිද්ධ වූ සීලාලංකාර හිමියන් යලි දැඩි කැපවීම තුළින් රණ්‍ය සේනාසනයක් බවට පත් කරලීය.

මෙම ආරණ්‍ය සේනාසනයේ වනාන්තරයට වන්නට මාර වීදිය ඖෂධ පොකුණ පස් බුදුලෙන ඉස්වටේ පැරණි ගල්ලෙන , කොස්ගහ උල්පත ආදී ස්ථානයන් බොහොමයක් පවතී. මේ සියල්ලම සොයාගැනීම පිටිපස දිඹුලාගල නාහිමියන් අත්දුටු අපූරු සිදුවීම් බොහොමයක් පිළිබඳ තොරතුරු ගැමියෝ පවසති. සරලව පවසන්නේ නම් මෙම වනාන්තරය තුළ ජීවත් වන දෙවි දේවතාවුන් හෝ පැරණි ආත්මයන් විසින් උන්වහන්සේව රැගෙන ගොස් මේ තැන් සියල්ල පෙන්වා ඇති බව උන්වහන්සේ විසින්ම පවසා ඇති බව ගැමියෝ පවසති.

වර්තමානයේ දිඹුලාගල විහාරයේ නායකත්වය දරන හිමිපාණන් සම්බන්ධයෙන්ද විශේෂිත සිදුවීමක් වෙයි. උන්වහන්සේ වැදි ගෝත්‍රික දරුවකු ලෙස දිඹුලාගල කඳුවටියේ ලෙනක උපදින අතර ඉන්පසු ළමා වියේදීම දිඹුලාගල විහාරයේ පැවිදි වෙයි. වර්තමානයේ තම උපන් බිමේම නායකත්වය දරන්නට තරම් උන්වහන්සේට භාග්‍යයක් හිමිවී ඇත.

දිඹුලාගල කඳු වැටිය ආශ්‍රිතව අත්භූත එළි ආ බොහෝ අද්ත සිදුවීම් සිදුවන බව
වරින් වර තොරතුරු හෙළිවේ. රාත්‍රී කාලයේ අහස් මාලිගාව හා කඳු මදුන් ආශ්‍රිතව ඉතා විශාල අද්භූත එළි කැරකුණු බට තොරතුරු පවතී. ගැමියන්ගේ අදහස ඒවා දේවතා එලි බවයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close