සංචාරය

කිඹුල් වාහනයෙන් මැදගොඩට....

සීතාවක රාජසිංහ රජු අඟුලක නැගී කැලණි ගඟ දිගේ ඉහළට ගමන් කරමින් සිටින අවස්ථාවකද එය එක්වරම ගඟ මැද නතර විය. කොතරම් උත්සාහ කළත් අඟුල දශමයක් හෝ සෙලවීමට නොහැකි විය. සෙබළුන්ව ගඟට බස්සා අගුල නතරවීමට හේතුව සොයා බලන්නැයි නියම කළ ද කිසිදු හේතුවක් සොයා ගත නොහැකි විය. ඒ අතරතුර රජුට කැලෑව දෙසින් හේවිසි හඬක් ඇසුණි. රජු සෙබළුන්ව ඒ ඇසෙන ශබ්දය කුමක්දැයි සොයා බැලීම සඳහා පිටත් කර හැරියේය. සෙබළුන්ට සොයාගත හැකි වූයේ ගරාවැටුණු දේවාලයක් යැයි සිතිය හැකි ගොඩනැඟිල්ලකි. ඒ පිළිබඳ සොයා බැලූ කල එය පැරැණි පත්තිනි දෙවොල බව සොයා ගත හැකි විය.

මේ මැදගොඩ ඇල්ල පත්තිනි දේවාලයේ ආරම්භය පිළිබඳව ඇති ජනප්‍රවාදයන් ගෙන් එකකි.

මැදගොඩ ඇල්ල පත්තිනි දේවාලය වු කලී ප්‍රධාන පත්තිනි දේවාල අතරින් සුවිශේෂී දේවාලයකි. අවිස්සාවේල්ල පසුකර අමිතිරිගලට පැමිණ ගුරුගල්ල කැලණි පාලම පසු කළ විට වම්පස ඇති මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කළ විට මැදගොඩ ශ්‍රී සිද්ධ ගනේගොඩ දොළහ පත්තිනි දේවාලය හමුවේ.

මැදගොඩ ඇල්ල පත්තිනි දේවාලය පිහිටා ඇත්තේ රමණීය පරිසරයක ය. වනාන්තර පරිසරයක් මැද හුදකලා වූ මෙම දෙවොල ඉතා ගුප්ත බවකින් යුක්තය. අප මේ ස්ථානයට යන විට දේවාල බිමේ කිසිවකු හෝ නොවීය.

සුපුරුදු ලෙස බෝ ගස යට අප බුදුන් වදින්නට විය. ඒ අතරතුර දහවල් තේවාව සඳහා මිනිසුන් කිහිපදෙනෙක් පැමිණියේය. දේවාලයේ කපු මහතා ද ඒ අතර විය. කෙසේ හෝ අප වදිමින් සිටින අතරතුර දේවාලයේ තේවාව උදෙසා පැමිණෙන්න යැයි අපට අඬ ගැසීය. එහෙත් ආශ්‍රමය අම්මා එයට එකඟ වූයේ නැත මක්නිසාද යත් ඒ වන විට අප බුදුන් වැඳීම අවසන් කර නොතිබූ නිසාය. එයට උරණ වූ කපුමහතා තේවාව අවසන් කර පිටව ගියේය.

අප සුපුරුදු ලෙස බුදුන් වැඳ පත්තිනි මෑණියන්ට පින් අනුමෝදන් කළෙමු. ඒ අවස්ථාවේ ළා රෝස පැහැති මනරම් සාරියකින් සැරසුණු දේවතාවියක් බෝගස අසළ සිට අප දෙස බලා සිටින අයුරු මා දුටුවෙමි. ඒ අන් කිසිවෙකුත් නොව පත්තිනි මෑණියන් බව වටහා ගන්නට මට අපහසු වූයේ නැත.

මා අම්මටත් අප සමඟ ගිය අන් අයටත් අන්න පත්තිනි මෑණියෝ වැඩලා ඉන්නවා ළඟටම ගිහින් වැඳ ආශිර්වාද ගන්න යැයි පැවසීය. ඔවුන් එසේ සිදු කළේය.

එහිදී අම්මට හොඳ කතාවක් කියැවිණි. දෙවියන් සිටින්නේ අගුළු දැමූ දේවාලය තුළ නොව නිදහස් පරිසරයේය යන්න ය.

එහිදී පත්තිනි මෑණියන් විශේෂිත කරුණු දෙකක් සම්බන්ධයෙන් මා දැනුවත් කළේය. ඒ මා වෙත පැවරූ වගකීම දෙකකි. එදා ඒ පිළිබඳ මට එක් වනම නොතේරුණද අද වන විට එය කුමක්දැයි හොඳින් පැහැදිලිවේ.

ඉතිහාස පොතේ පිටු තුනක් කඩල අයින් කරලා ඒක හොයන්න. ඒ පළමු වගකීමයි.

දෙවැන්න තරමක් සංකීර්ණ වූවකි. හඳුන් ගොඩ සැබෑ ඉතිහාසය හොයාගන්න.

ඉතිහාස පොත යන කුමක්ද ?

ඒ පත්තිනි ඉතිහාසය මිස අන් කිසිවක් නොවිය යුතුය.

නවගමුවේ සිට පත්තිනි මෑණියන් ඇලි කිඹුල් වාහනයේ නැගී මැදගොඩ ඇල්ලට පැමිණෙන බවට විශ්වාසයක් පවතී.

මෙය තුළ සැඟව ඇත්තේ වෙනස්ම කතාවකි. ඒ කඩා ඉවත් කළ එක් පිටුවක ලියවුණු පරිච්ඡේදයකි.

වරංගලින් දේව සීමාවට පිවිසි දේවයානි කුමරිය ඉන්පසු ගමන් කළේ නවගමුව ටයි. මක්නිසාදයත් කෛලාෂකූටය පිහිටියේ නවගමු ආසන්නේ වීමයි. එතැන් සිට දිය මතුපිටින් ගමන් ගන්නා කිඹුලෙක් හැඩය ගත් වාහනයට නැගී මැදගොඩ දක්වා පැමිණියේය. ඒ ඇයගේ එක් නැවතුම් පොළක් මැදගොඩ පිහිටා තිබූ බැවිනි.

එම යුගයේදී දිය මතුපිටින් ගමන් ගන්නා කිඹුල් හැඩති වාහන පැවති බවට හොඳම සාක්ෂියක් වනුයේ මෑතකදී මායා ශිෂ්ඨාචාරයේ හොයාගත් කිඹුල් වාහන ආකෘතිය. එසේනම් පත්තිනි මෑණියන් සත්‍ය වශයෙන්ම පැමිණ ඇත්තේ කිඹුලෙක් පිට නොව කිඹුලෙකු හැඩයේ වහනයක ය.

මැදගොඩ ඇල්ලට පැමිණ නතර වන්නට හේතු වූයේ බදුල්ලට ගමන් කිරීම උදෙසා පහසු මාර්ගයක් මේ හරහා පැවතීම හා එකල ප්‍රධාන ගමන් මාර්ග ගඟ හරහා වැටී පැවතීම නිසා විය යුතුය.

සීතාවක රාජසිංහ රජු භාවිතා කළ කොටන තුවක්කුවක් අදටත් මෙම දේවාලය තුළ දැකගත හැකි වෙයි.

දේවාල භූමිය නිර්මාණය කළ ඇත්තේ ටැම්පිට දේවාලයක් ලෙසිනි. දේවාල භූමියේ ඇති ඉඹුල් ගස වසර දහස් ගණනක් පැරණි බව එය දෙස බලන්නෙකුට පැහැදිලිව තේරුම් ගත හැකි වේ. එය එතරම් විශාලය. සීතාවක රාජසිංහ රජු විසින් දේවාලයට පවරාදුන් භූමිය සතර අතින් ඇලවල් සතරකින් සීමාවේ.

සීතාවක රාජසිංහ රජුගේ මරණයට හේතු වූ උණ කටුව ඇනීම හා සම්බන්ධයක් මෙම දේවාලයට අදාල සිදුවීමක් හා බැඳී පවතින බවටද ජනසෘතියක් පවතී. රාජසිංහ රජුගේ කුමාරයා හා සබඳකමක් පැවැත්වූ දොඩම්පේ ගණිතයාගේ දියණිය වූ මල්වතී කුමරිය පිළිබඳ ව සිත් පහළ කරගත් රාජසිංහ රජු ඇයව මාලිගයට රැගෙනවිත් බිසෝ තනතුරෙහි තබා ගත්තේය. ටික කලකින් ඇය මරණයට පත්විය. මල්වතී කුමරියගෙ මරණය පිළිබඳ ශෝකයෙන් පත්තිනි දෙවොල ප්‍රතිසංස්කරණය කර කරන්නට යෙදුණු බව එක් මතයකි. රාජසිංහ රජුගේ කකුලේ උණ කටුව ඇනුණු විට එයට විස වැඩිවන ලෙස මතුරා ඇත්තේ දොඩම්පේ ගණිතයාය. ඒ තම දුවට කළ අපරාධයට පළිගැනීමටය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close