සංචාරය

මහලොකු දේවතාවිය සොයා මහාමේඝ වනයට

මහලොකු මෑණියන්ගේ පුරවරය තමයි මහියංගනය. වැදි ජනයාගේ නිරන්තර ගෞරවාදරයට ලක් වන මහා ලොකු කිරි අම්මා යනුවෙන් හැඳින්වෙන්නේ ද ඇයයි. සමන් දෙවියන්ගේ සොහොයුරිය ලෙසින් සැලකෙන මහබිය කුමරිය ලෙසින් හැඳින්වෙන්නේ ද ඇයයි.

වසර ගණනාවකට පෙර මහියංගන චෛත්‍යය අසල භාවනාවේ යෙදී සිටින විට තරමක් වෙනස් ආකාරයේ ඇඳුමකින් සැරසුණු කාන්තාවක් විලකට උඩින් බඳින ලද විශාල ඔන්චිල්ලාවක් පදිමින් සිටින ආකාරයක් දැකගත හැකිවිය. ඒත් ඒ කවුරුන්දැයි යන්න පිළිබඳ හැඟීමක් මසිත ඇති නොවුණි.

කොළඹ ආපසුවද එදා භාවනාවෙන් දුටු රුව යම් දෙවඟනකගේ විය යුතු බව සිත තදින් කියන්නට විය. මහියංගනයට ආවේණික දේවතාවියක් පිළිබඳ මා එතෙක් දැන සිටියේ නැත.

කාලය එසේ ගෙවී යද්දී එක් දිනක් 18 වංගුව අවසානයේ ගුරුළුපොත තානායම ට ඉදිරියෙන් වනාන්තරය තුළට වන්නට කිලෝමීටර් කිහිපයක් ඈතින් කන්දහේන නම් ග්‍රාමයේ ඇති ඉපැරණි මහා ලොකු මෑණියන්ගේ දෙවොල වෙත යෑමට අවස්ථාව උදාවිය.

මා වසරකට පෙර මහියංගණයේ දී දැක ඇත්තේ මහා ලොකු දේවතාවිය බව මා හට අවබෝධ වූයේ එහිදීය. බෝ මළුවේ භාවනාවේ යෙදී සිටී මට මහලොකු දේවතාවිය හා සන්නිවේදනය කරන්නට අවස්ථාව උදාවිය. එදා සිට අද දක්වා බොහෝ අවස්ථා ගණනාවකදී මහලොකු මෑණියන් හා සන්නිවේදනය කරමින් ඉතිහාස කරුණු බොහොමයක් මෙන්ම මහා ලොකු මෑණියන් උදෙසා වෙන්වු කදන්හේන පුදබිමේ සිදුකරන චාරිත්‍ර විධි සම්බන්ධයෙන්ද උපදෙස් ලබා දෙන්නට හැකි විය.

සමන් දෙවියන්ගේ සොහොයුරිය වූ මහබිය කුමරිය දේවත්වයට පත් වන්නට හේතුව වන්නේ කුමක්ද ?

ඉතිහාසයට අනුව බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේ ලංකාවේ දක්ෂිණ ලංකාව පාලනය කළ රජු වූයේ පනිත රජු ය. පනිත රජුගේ භාණ්ඩාගාරික තනතුර දරන ලද්දේ සබරගමුවේ උප රජකු ලෙස රජකම් කළ මහා සුමන නම් අයෙකි. මහබිය යනු ඇයගේ සොහොයුරියයි. මහබිය නමින් ඇය ප්‍රසිද්ධ වන්නට හේතුව වූයේ පනිත රජුගේ සේනාධිපතිනියක ලෙස කටයුතු කළ ඇය ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඇයගේ නම අසන්නන්ට පවා බියක් ඇති වූ නිසා යැයි කියැවේ.

මුල් කාලීනව මහබිය කුමරිය දක්ෂිණ දේශය මුල් කරගනිමින් කටයුතු කළ බව ට බොහෝ සාධක දැකගත හැකිවේ. කඩුවෙල කොරතොට ලෙන් විහාරයේ ඇති සෙල් පියක
සඳහන්ව ඇත්තේ එම ලෙන මහා බිය කුමරිය විසින් සංඝයාට පූජා කළ බවයි. එසේ නම් එදා බරගමු රාජ්‍ය කොරතොට දක්වාම පැතිර තිබූ බව සිතිය හැකිය.

බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය ට හේතු වූ මහවැලි ගඟේ ජලය බෙදා ගැනීම පිළිබඳ වූ අරගලය ජලය මුල් කරගත් ගැටලුවක් නොව දේශ සීමා පිළිබඳව ඇතිවූ ගැටලුවක් මෙන්ම බලය පිළිබඳ ඇති වූ ගැටළුවක් බව කිව යුතුය.

මෙහිදී හේතු කරුණු කිහිපයක් වේ. එකල්හි මහියංගනය ප්‍රදේශය ආශ්‍රිතව ාාාාාා නාග ගෝත්‍රික ජනතාව මෙන්ම යක්ෂ ගෝත්‍රික ජනතාවද ජීවත් ව සිටි අතර පාදාගොරියා නමින් වු නාග ගම්මානයක් පැවත ඇත. මෙම ගම්මානයද පාලනය වී ඇත්තේ අප අසා ඇති මහෝදර නම් නාග රජු යටතේ ම ය. කාලයක සිට ග ගෝත්‍රික පිරිස් සහ යක්ෂ ගෝත්‍රික පිරිස් අතර ගැටුම් පැවත ඇත.

පනිත රජුගේ යක්ෂ ගෝත්‍රික සේනාව මෙහෙයවා ඇත්තේ මහබිය කුමරියයි. කඳුකරයේ සිට පහළට පැමිණි යක්ෂ ගෝත්‍රික සේනාව කඳවුරු බැඳ ඇත්තේ වර්තමානයේ ගුරුළුපොත ආශ්‍රිතව ඇති කඳු මුදුන් 7 මුල්කොට ගනිමිනි. මෙය ගිරි දේශයේ අවසන් පාලන සීමාවයි. එදා මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ මහා මේඝ වනය ලෙසයි.

මහබිය කුමරිය වූ කලී අතිදක්ෂ රණශුරියකි. කෙටි අසිපතක් , කිරිච්චියක් හැමවිටම අත දරා සිටි ඇයගේ ප්‍රධාන ම ආයුධය වූයේ තල සතරක් සහිත භූමරංගයකි.

බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම වීමට හේතු වන්නේඑසේ වරින් වර ඇති වූ යුදමය තත්ත්වය මහා යුද්ධයක් ලෙස වර්ධනය වන්නට විය අවස්ථාවක යයි අපට සිතන්නට පිළිවන. පනිත රජු හා තම සොහොයුරා වූ මහා සුමන බුදුරජාණන් වහන්සේගේ මතය එක්වන ම පිළිගෙන යුද්ධය අතහැර දැමුවද මහබිය කුමරිය එක් වචනයෙන්ම මෙයට එකඟ නොවූ බවත් ඒ හේතුවෙන් පරපුරේ උරුමයක් ව පැවැති රාවණ රජුගේ දකුණු උරපත්ත හා ඊ කොපුව රැගෙන අයට හිතවත් සේනාවද සමග යළි මහියංගනයට ම පැවැණී බවත් කියවේ. එසේ රැගෙන පරපුරේ උරුමය යම් ප්‍රදේශයක නිධාන් කොට ඇත.

මෙම සිදුවීමට හේතු වන කාරණාව පිළිබඳ මගේ මතය නම් ඊට වඩා ටිකක් වෙනස්… මහාසුමන යනු එකල හෙළ දේව අධ්‍යාපන ක්‍රමයේ ඉහළම තනතුරු වු ශක්‍ර තනතුර දැරු ප්‍රධාන ගුරුවරයා යි. යම් ගුරුවරයෙකු තවත් ගුරුවරයෙකුගේ යටතට පත්වීම යනු තම අධ්‍යාපන ක්‍රමවේදය අතහැර දැමීම හා සමාන කාර්යයකි. හෙල අධ්‍යාපන ක්‍රමවේදය හරහා සිදුවූයේ පාලකයින් නැතහොත් දේවයන් තැනීම වු අතර ගුරු කුලය බිඳ වැටීමත් සමග දේව අධ්‍යාපන ක්‍රමවේදය බිඳ වැටුණි. මහබිය කුමරිය විරුද්ධ වූයේ මෙයට විය යුතුය.

කෙසේ හෝ අවසානයේ මහා සුමනගේ මැදිහත්වීම තුළ බුදුදහම පිළිගන්නා මහබිය කුමරිය මහලොකු මෑණියන් ලෙස මහියංගනයේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වේ. මහා සුමනා සබරගමු ප්‍රදේශයේ පාලකයා වූ අතර එවකට මහියංගණ ප්‍රදේශය භාර ව සිටියේ මහබිය කුමරිය වූ හෙයින් බුද්ධත්වයෙන් වසරක් ගත වන්නටත් පෙර ෝකෙ ඉදිකර පළමු චෛත්‍යය ඉදිකරන්නට ඇත්තේ මහබිය කුමරියගේ නැතහොත් මහලොකු මෑණියන්ගේ මුල්වීමෙන් යයි මතයක් පවතී. එය මහියංගනයේ පැරැන්නන්ගේ මතයයි. මහියංගණ පුදබිමේ සුමන සමන් දෙවියන්ගේ පිළිරුව සමග මහලොකු මෑණියන්ගේ පිළිරුවක් ඉදිකරන්නට නම් සුමන සමන් දෙවියන් තරම්ම මහලොකු මෑණියන්ටත් එදා විශේෂ ස්ථානයක් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. මහලොකු මෑණියන්ට විශේෂිත තැනක් පවතින්නට ඇතැයි සිතන්නට කරුණු දෙකක් ඇත. පළමුවැන්න නම් මහා ලොකු මෑණියන්ගේ සේවිකාව යැයි සිතිය හැකි කාන්තා රූපයක් මෙම පිළිම අසලම නිර්මාණය කොට තිබීමයි. දෙවැනි කරුණ මහලොකු මෑණියන් , මහලොකු කිරිඅම්මා , මහලොකු දේවතාවිය යන නම්වලින් වැදි ජනතාවගේ වන්දනාමානයන්ට ඇය ලක්වීමය. බුදු දහමට හා සමන් දෙවියන්ට වැදි ජනතාව ගරු කළ ද මහලොකු කිරි අම්මට දක්වන බැඳීම එයට වඩා වැඩි බව මතුපිටින් බැලූ විට පෙනෙන කරුණකි.

මුතියංගණ විහාර බිමේ සිට ගුරුළුපොත දක්වා වූ උමං මාර්ගයක් පැවත ඇත. මෙම මාර්ග වෙන් වී පැවතියේ පාලක පන්තීන් උදෙසා පමණක් වූ අතර ගුරුළුපොත ආශ්‍රිතව කඳවුරු බැඳ ගැනීමට හේතු වී ඇත්තේද මෙම මාර්ගය ආරක්ෂා කර ගැනීම ය.

මහලොකු මෑණියන් සරබූ මහරහතන් වහන්සේගේ මව යැයි ද ජනප්‍රවාදයක් වේ.
එම කරුණ කෙසේවෙතත් මහලොකු මෑණියන් හා බුද්ධෝත්පත්තිය අතර බොහෝ ලඟ සබඳතාවක් පවතින බව අවසන් ගමනේ දේ අවබෝධ කර ගන්නට හැකි වුණි.

මහලොකු මෑණියන් මුල්කරගනිමින් වැදි ජනතාව විසින් පවත්වනු ලබන ිශේෂිතම පූජා විධි ක්‍රමය වනුයේ හැත්මේ ශාන්තිකර්මයයි. මහියංගණ මහා දේවාලයේ පෙරහර පැවැත්වීමට පෙර මහලොකු මෑණියන් උදෙසා පුද පූජා පවත්වා අවසන් කළ යුතු යැයි වැදි ජනතාව තුළ මතයක් පවතී. එබැවින්ග ාග හා යක්ෂ ගෝත්‍රික වැදි ජනයා එකට එක්ව ඉතා ගෞරව සම්ප්‍රයුක්තව රැයක් පුරා මෙම පුද පූජා පවත්වනු ලබයි. මෙම ශාන්තිකර්මය විශේෂත්වය වනුයේ තා සෞම්‍ය වූ වාදනයන් නර්තනය තුළ පැවතීමයි.

දේවත්වයට පත් මහලොකු මෑණියන්ගේ රූපකාය අප දකින රූපයට වඩා වෙනස් වේ. ඇය ඇඳ සිටින්නේ රන් පැහැයෙන් වැඩ දැමූ සුදු සේලයක් හා හැට්ටයකි. ඇයගේ අත සුදු නෙළුමක් දැකගත හැකිවේ. ආයුධ කිසිවක් ඇය අත දරණ ස්වභාවයක් දක්නට නැත.

කදන්හේන මහලොකු මෑණියන් උදෙසා ගැන්වූ භූමිය ඉතා බලගතු ගුප්ත භූමියකි. විනෝදාස්වාදය උදෙසා හා විශ්වාසයකින් තොරව මෙම භූමිය උදෙසා ගමන් කළ නොහැකිය. එසේ ගිය අයට අත් දකින්නට වූ සිදුවීම් පිළිබඳව බොහෝ කතන්දර ඇත.

එක් දිනක් හමුදා නිලධාරියෙක් හා ඔහුගේ බිරිඳ මෙම භූමියට පැමිණ ඇත. එක්විටම හමුදා නිලධාරියාගේ බිරිඳ එහි වූ විශාල තුඹස දෙස බලා බියවී මහා හඬින් කෑ ගසන්නට වී ඇත. ඒ ඇයව ගිලීමට අති විශාල නාගයෙක් පැමිණෙන බවත් දැන් ඇයව ගිලින බවත් අන් අයට ඉක්මනින් පිටව යන ලෙසත් පවසමින් ඇය කෑ ගසා ඇත. අන් කිසිවෙකුට එතන නාගයෙක් සිටිනා බවක් දැකගන්නට ලැබී නැත. අවසානයේ පැමිණි පිරිස කෙසේ හෝ ඇයව රැගෙන ඉක්මනින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

එසේම සර්පයන්ගෙන් හා අලින්ගෙන් බාධා කරදර පැමිණි බොහෝ මිනිසුන් ගැන එවන් කතා බොහොමයක් පවතී.

පසු සටහන…

මහලොකු මෑණියන්ගේ ඉල්ලීම මත ඇය ජීවමානව වැඩසිටින කදන්හේන විහාරස්ථාන භූමිය උදෙසා බොහෝ අවශ්‍යතා සම්පාදනය කර දෙන්නට අපට හැකිවිය. අප ලත් මහත් වූ භාග්‍යය එයයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close