සංචාරය

රුවන්වැලි දාගැබ සොයා පොලොන්නරු යෑම

අනුරාධපුරයට පසු වැඩිම රජවරු පිරිසකගේ දායකත්වය තුළ ගොඩනැගුණු රාජධානිය වන්නේ පොළොන්නරුවයි. ක්‍රිස්තු වර්ෂ 1070 දී පමණක් ප්‍රථමයෙන්ම චෝල ආක්‍රමණයකින් විසින් පොලොන්නරුව තම පාලන ඒකකය බවට පත්කර ගන්නා ලදී. චෝල ආක්‍රමණිකයින් පරාජයට පත්කල විජයබාහු රජු විජයරාජපුර නමයෙන් පළමු සිංහල රාජධානිය එහි පිහිට වීය.
ලංකා ඉතිහාසයේ සිටි රජවරු අතරින්්ව් පොලොන්නරුව පාලන ඒකකය බවට පත් කරගත් ශ්‍රේෂ්ඨඨ ම රජු ලෙස සැලකෙන්නේ පලමුවැනි පරාක්‍රමබාහු රජුය.

පොලොන්නරුව රාජධානියේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන පලවෙනි පරාක්‍රමබාහු රජුගේ පාලන යුගය තුළ රටේ සෑම ක්ෂේත්‍රයක්ම ඉතා දියුණු මට්ටමකට පත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
රට සහලින් ස්වයංපෝෂිතව පැවති යුගය ලෙස සැලකෙන්නේ ද එම යුගය යි. අහසින් වැටෙන එක දිය බිදක් වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යා නොදිය යුතුයි යන මතය මුල් කොට ගනිමින් පරාක්‍රම සමුද්‍රය ඉදිකොට ඒ හා බැඳුණු දියුණු වාරි සැලසුමක් එකල පැවති බව පැවසේ.
විජයබාහු රජුගෙන් පසු ගජබා රජු පොළොන්නරුවේ රජු වශයෙන් පත්වී සාර්ථක පාලනයක් ගෙන ගිය බවත් එකල්හි සොළී දේශය ආක්‍රමණය කොට ලංකාවෙන් සිරකරුවන් ලෙසින් රැගෙන ගිය පිරිස හා එයට සමාන සිරකරුවන් පිරිසක් සොළී දේශය යළි රැගෙන ආ බවටත් ජනසෘතිය පවතී. එහෙත් ගජබා රාජ යුගය පිළිබඳ මහාවංශය තුල පැහැදිලි විස්තරයක් සඳහන්ව නැත.එයට හේතුව ලෙසින් සලකනුයේ ගජබා රජු අභයගිරි පාර්ශවය මුල් කොට ගනිමින් කටයුතු කිරීම යැයි පවසති.

ගජබා රජු සමග කළ යුද්ධයකින් පසු පරාක්‍රමබාහු රජු ජයග්‍රහණය ලබන අතර එහෙත් සංඝයා වහන්සේලාගේ මැදිහත් වීම තුළ ගජබා රජුට පොළොන්නරුවේ රාජ්‍ය පාලනය පැවරූ බව ඉතිහාසයයේ සඳහන් වෙයි. පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ පාලනයට පැමිණෙන්නේ ගජබා රජුගේ මරණයෙන් පසුවය.

චෝල හා මාඝ පාලන යුගය සමග සිංහල රජවරු 18 දෙනෙකු පොළොන්නරු රාජධානිය තුළ රජකම් කොට ඇත. විජයබා ගජබා පරාක්‍රමබාහු යන රජවරු තිදෙනාට අමතරව තරමක් හෝ සාර්ථක පාලකයෙකු බවට පත්වී යැයි ඉතිහාසයේ සඳහන් වන්නේ නිශ්ශංකමල්ල රජු පමණි. නිශ්ශංකමල්ල රජු සාර්ථක පාලකයකුට වඩා අන් අයගේ නිර්මාණ අබියස තම නම යොදාගත් පාලකයෙකු යැ යි ඉතිහාසවේදීන් මතුකර පෙන්වන එක් කරුණකි.

පොළොන්නරු පුරාවිද්‍යා භූමිය තුළ විශේෂිත කරුණු කිහිපයක් පවතී. ඉන් එකක් නම් පුරාවිද්‍යා භූමියට ඇතුලුවන ස්ථානයේ ම සටහන් කර ඇති සාංඝික දේ පරිහරණය කරන්නන් බල්ලන් කපුටන් වන බව සඳහන් ශිලාමය පුවරුවයි. එය වත්මන් දේශපාලකයන්ට රැගෙන ගොස් පෙන්විය යුතු කාරණාවකි.

අනෙක් සුවිශේෂම ස්ථානය වන්නේ රන්කොත් වෙහෙරයි. පොළොන්නරු රාජධානිය තුළ ඉදි වූ විශාලතම චෛත්‍යය සේ සැලකෙන්නේ රන්කොත් වෙහෙරයි. නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරන්නට ඇතැයි සැලකෙන මෙම චෛත්‍යයේ මුල් නම ලෙස සඳහන් වන්නේ රුවන්වැලි දාගැබයි. අනුරපුර මහා චෛත්‍ය ලෙස සැලකෙන රුවන්වැලි මහා සෑය ආකෘතියක් කොට මෙය ඉදිකරන්නට ඇතැයි යන්න පුරා විද්‍යාත්මක මතයයි.

නිශ්ශංකමල්ල රජුගෙ ගල්පොත ලෙස හඳුන්වන මහා ශිලා ලිපියේ සඳහන්ව ඇති ආකාරයට මෙම දාගැබ හා දෙමළ මහා සෑය ඉදි වී ඇත්තේ එකම කාලයකදී ය. නිශ්ශංකමල්ල රජු ගල් අසුනක වාඩිවී මෙම දාගැබ හා දෙමළ මහා සෑය ඉදිවන ආකාරය නැරඹූ බව එහි සඳහන්ව ඇත. එසේම නිශ්ශංකමල්ල රජු මෙහි කොත රනින් සකසා සවිකල බව එහි සඳහන් වේ. මෙම දාගැබ රත්නමාලි දාගැබ ලෙස ද සඳහන් වේ.

අනෙක් වැදගත් ස්ථානය වනුයේ ලංකාතිලක පිළිමගෙය යි. මහල් හතරක් හෝ පහක් ලෙස පැවති මෙම විහාර ගෙය ඉතා විශාල ගඩොල් බිත්තිවලින් සකසා ඇති පිළිම ගෙයකි. ප්‍රධාන පිවිසුමට අමතරව ආරක්ෂිත පිවිසුම් කිහිපයකින්ම මෙම විහාර මඩුව තුළට පිවිසිය හැකි ආකාරයෙන් මෙය සකසා ඇත. පුරාවිද්‍යාත්මක කියවීමට අනුව පරාක්‍රමබාහු රජු විසින් මෙම ලංකාතිලක පිළිමගෙය සකසා ඇත. එසේ වුවත් ජනප්‍රවාදයන්ට අනුව වන පරාක්‍රමබාහු රජු බලයට පත් වන විට ලංකාවට තිලකයක් බඳූ මෙම රජමාළිගය මෙම ස්ථානයේ පැවත ඇත. ලංකාවට එතරම් වැදගත් ස්ථානය වූ හෙයින් එය සංවර්ධනය කොට ඒ තුළ පරාක්‍රමබාහු රජ විසින් බුදු පිළිමයක් ස්ථාපිත කළ බව කියැවේ.

මෙම භූමිය හා මෙම චෛත්‍යය හෙළ යුගය හා බැඳුණු ස්ථානයක් ලෙස මා හඳුනා ගත් ස්ථානයකි. රාවණ රජුගේ ප්‍රධාන මාලිගා කිහිපය අතුරෙන් දෙවන මාළිගය ලෙසින් සැලකෙන්නේ වර්තමාන පිළිම ගෙයයි. පැරණි සම්ප්‍රදාය තුළ බුදුපිළිමයකට ඉහළින් මහල් තැනීම සිදු නොවුණු අතර මහල්  ආකාරයෙන් තනන ලද්දේ මාලිගාව හා වෙනත් කටයුතු වෙනුවෙන් සැකසූ ගොඩනැගිළිය.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ සමස්ත පුරාවිද්‍යාත්මක භූමිය පුරාම ඇති ගල් කැටයම් වල සියුම් බවයි. ලෝකයේ ගල් පිරිද්දුම් හා ගල් කැටයම් වල සියුම් බව පිළිබඳව වැඩිම කතා බහට ලක්වන පූමාපුංකු හි ඇති ගල් පිරිද්දුම් තාක්ෂණයන්ට ඉතා සමීප පිරිද්දුම් තාක්ෂණයක් මෙහි දැකගත හැකිවේ .

වටදාගෙය තුළ ඇති සංකීර්ණ ඉදිකිරීම ක්‍රමවේද මෙන්ම එහි කොරවක් ගල ඉතා සියුම්ව ඉදි කොට ඇති බව පෙනේ.

අනෙක් විශේෂිත ම ඉදි කිරීම වන්නේ පුරාවිද්‍යා භූමිය මධ්‍යයට වන්නට ඇති ගෙඩිගේ සම්ප්‍රදාය තුළ ඉදි කළ ශිව දෙවොලයි. මෙය ඉතා පැරණි ඉදිකිරීමක් බව එකණෙහිම අවබෝධ කොට ගත හැකිය.

ලංකාවේ පිරමීඩ නැහැ කියන අයට පෙන්නන්න ට ඇති පිරමීඩය තමයි මේ මේ පුරාවිද්‍යා භූමියේ ඊට පස්සේ ඇති වැදගත්ම දේ… ඒ තමයි සත්මහල් ප්‍රාසාදය. සත්මහල් ප්‍රාසාදය පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක නිගමනයකට එළඹිලා නෑ. මෙය ඉදි කරපු කාල වකවානුවක් පිළිබඳ ව හෝ ඉදි කළ රජෙක් පිළිබඳ නිශ්චිත සාධක නැහැ. මගේ විශ්වාසය මෙයා පුලස්ති යුගය හා සම්බන්ධ නිර්මාණයක් බවයි. මහල් හතකින් සමන්විත වෙලා තිබ්බ මේ ගොඩනැඟිල්ලේ සෑම තට්ටුවක ම මධ්‍ය යම් පිලිමයක් ස්ථානගත කොට  තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි යි. මේ හා සමානම ඉදිකිරීමක් තායිලන්තයේ පවතිනවා.

හෙළ යුගයේදී පුලස්ති ඍෂිවරයාගේ පාලන එකකය ලෙසින් හැඳින්වූ පුලතිසි පුරවරය තුළ බිහිවූ රජුන්ගෙන් යක්ෂ ගෝත්‍රික සහාය උපරිමයෙන් ලැබූ රජු ලෙසින් සැලකූයේ පරාක්‍රමබාහු රජු පමණි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close