සංචාරය

මහා වැසි මැදින් සුභ ගිරි පබ්බතයට ...

සුභ ගිරි පබ්බතය හෙළ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයකි. ඉන්දීය ආක්‍රමණයන් ගෙන් හා උතුරු දෙසින් එන ආක්‍රමණික හමුදාවන්ගෙන් ආරක්ෂා වීම උදෙසා ගොඩනඟූ බලකොටු අතර සුවිශේෂීම බලකොටුවක් ලෙසින් සුභ ගිරි පබ්බතය හඳුන්වා දිය හැකිය.

වර්තමානයෙහි යාපහුව ලෙසින් අප හඳුන්වන මෙම රාජධානිය සුභ ගිරි පබ්බතය ලෙසින් හඳුන්වන්නට හේතුවන්නේ මෙම රාජධානියේ බිහිකිරීම සුභ නම් සෙනවිවරයෙක් විසින් කළ බව ජනප්‍රවාදයේ සඳහන් වීමයි.

සුභ සෙනෙවි යනු හත්වන විජයබාහු රජුගේ ප්‍රාදේශීය පාලකයෙකි.චෝල හා පාණ්ඩව හමුදාවන්ගේ පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම ප්‍රදේශය භාරව සිටියේ ඔහුය.

සුභ සෙනවි මෙම කඳු මුදුන කිසිදු සතුරෙකුට ළඟාවිය නොහැකි ඉතා ආරක්ෂිත ස්ථානයක් බව අවබෝධ කොටගෙන එහෙයින ඉතා අලංකාර ආලකමන්දාව හා සම වූ මාලිගාව ඉදිකල බව ිවිධ මූලාශ්‍රයන්හි සඳහන් වේ.

මෙවන් නිර්මාණයක් කිරීමට සුභ සෙනවියා පෙළඹෙනු ලබන්නේ ඔහු වනාන්තරයේ ඇවිදිමින් සිටින අවස්ථාවක දුටු දසුනක් නිසා යැයි ජනප්‍රවාදයේ වෙයි.

එක්තරා ගල් වඩුවෙකු කළුගල් පතුරක් මැටි පිඩක් මෙන් අනමින් බෙහෙත් ඔරුවක් සකස් කරන ආකාරය එම සෙනවි දැක ඇත. එම දර්ශනයත් සමග ඔහුගේ සිතට ආ සිතුවිල්ල වූයේ මෙම ආසන්නයේ වූ ගල් කඳු මුදුනේ කළු ගලින් මාලිගාවක් ඉදි කර ගැනීමේ ඇති හැකියාවයි.

කෙසේ වෙතත් යාපහුව පිළිබඳ මතවාදයන් බොහෝ පවතී. විජයබාහු රජු බුවනෙකබාහු රජු බෝසත් විජයබාහු රජු ෙන්ම එම රජු මරා රාජ්‍යත්වයට පත් මිත්ත සෙනෙවි ද සුභ ගිරි පර්වතය තුළ රාජ්‍ය විචාරීම උදෙසා සම්බන්ධ වී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

පසුකාලීන යුගයේදී ලියැවුණු කුරුණෑගල විස්තරය නම් පැරණි ග්‍රන්ථයේ ඳහන් වන ආකාරයට යාපහුව ඉදිකිරීම කළ ඇත්තේ පරාක්‍රමබාහු රජු විසිනි. මුලාචාරි වරු සීයයකගේ මගපෙන්වීම යටතේ ගල්වඩුවන් විසිදාහක් මෙම ඉදි කරීම් වලට දායක වූ බව එහි සඳහන් වේ.

අක්කර 5 ක පමණ වපසරියකින් යුත් කඳුමුදුනේ මහල් නවයකින් සමන්විත වූ ගොඩනැගිලි හතරකින් යුත් මාළිගා සංකීර්ණයක් පැවත ඇති බව මෙම ලිඛිත සාධකයන් තුළ දක්නට ලැබේ. එමෙන්ම කඳු පාමුල ද මහල් ගොඩනැගිලි හා කුඩා නිවාස පන්සියයක් පැවති බවත් අසූරියන් ගබඩාවක් හා සත් රියන් ලෝකඩ පවුරක් ද පැවති බව එහි සඳහන් වේ. නුවර පුරා රන් තොරන් රිදී තොරණ් හා රූප ආදියෙන් අලංකෘත ව පැවති බව එහි සඳහන්ය.

වර්තමානයේ දක්නට ඇති ගල් කැටයම් ඉතා සියුම්ව විමර්ශනය කර බලන විට අවබෝධ කරගත හැකි දෙයක් වනුයේ මෙම ශිලා ඉදිකිරීම් එකල ඉතා අලංකාර ලෙස වර්ණ ගන්වා තිබී ඇති බවය.

පැරණි රාජධානි අතරින් ඉතා අලංකාර හා ියුණු ඉදිකිරීම් ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් ඉදි වුණු රාජධානියක් ලෙසින් යාපහුව හඳුන්වා දිය හැකි වේ.

එකල සුභා ගිරි පබ්බතයේ පැවැති විශේෂත්වය වනුයේ උදේ කාලයේ එය එක් වර්ණයකින් දිස් වීමත් සවස් කාලයේ එය තවත් වර්ණයකින් දිස් වීමත්ය. එය හෙළ නිර්මාණකරුවාගේ සැඟවුණු දක්ෂතාවයන් ය.

සීගිරියට පමණක් දෙවැනි වන මෙම ඉදිකිරීම තුළ පූර්ණ ආරක්ෂාවට මුල්තැන දී ඇති බව පෙනී යන්නේ එහි මුල් පඩිපෙළ හා දෙවන පඩිපෙළ නිර්මාණය කර ඇති ආකාරය දෙස බැලීමෙනි.

සතුරු හමුදාවකට එක්වර ඇතුළුවිය නොහැකි වන ලෙස අසීරු නැග්මක් සහිත ව මෙම පඩි නිර්මාණය කර ඇත්තේ ඉතා කුඩා බලයක් යෙදූ යොදා හෝ ඊතල වලින් කරන පහරදීමකින් සතුරු හමුදාවේ වේගය පාලනය කළ හැකි වන ලෙසිනි.

මෙහි ඇති විශාල ශිලා මේ ඉදිකිරීම් අතර ඇත් රූප සිංහ රූප ව්‍යාඝ්‍ර රූප නාග රූප දේව රූප දක්නට ඇත.

දිය අගල් ආරක්ෂිත පවුරු වෙහෙර විහාර සහිතව අංගසම්පූර්ණ ආරක්ෂිත නගරයක් ලෙසින් ඉදි වී ඇති මෙම පුරවරය කොතරම් ආරක්ෂාකාරී ලෙස පැවතිය ද ෙහි රාජ්‍ය කාලය වසර දහයකට පමණ සීමා කරන්නට මාග හා චෝල සේනාවන්ට හැකි වුයේ මා තොටින් ගොඩ බට සතුරු හමුදාවන්ට සිහල බලමුළු කිහිපයක් එක් වීම නිසා බව ඉතිහාසයේ සඳහන් වේ.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close