තරු වළල්ල

ග‍්‍රහ පිහිටීමෙන් පේ‍්‍රමය අනියම් වෙයි

ලාංකේය සමාජය පැවැති යහනේ පවුල් සබඳතාවන් ක‍්‍රමයෙන් බිඳ වැටෙමින් පවතියි. බලහත්කාරයෙන් දේශීය චින්තනය තුළට ඔබ්බවන ලද බටහිර මානසිකත්වය බිඳ වැටීමට මූලිකම පදනම ලෙසින් දැකිය හැකිය.

පෙර සමාජයේ උත්තරීතර වූ විවාහ සංකල්පය තුළ සැමියා බිරිඳටත් බිරිඳ සැමියාටත් එකිනෙකා බැඳ ගන්නා තරමට ඒ බැඳීම සහ අන්‍යොන්‍ය ගරුත්වය ප‍්‍රධාන විය. ඒ තුළ ලිංගික පදනමක් දැකගත නොහැකි විය. අනියම් සබඳතා හෝ ලිංගික සබඳතා ගොඩ නැඟීම ඉතා අල්ප විය. එහෙත් බටහිර චින්තනය හා සමාජ රටාවල් තුළ ලිංගිකත්වය අරුමයක් බවට පත් කළ වත්මන් සමාජය තුළ විවාහයට පරිබාහිරව ගොඩනැෙඟන අනියම් සබඳතා ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතියි.

ගමේ ගොඬේ වදනින් පැවැසුවහොත් ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව තම අවශ්‍යතාව උදෙසා නිදහසේ කොටු පනිති. මෙය බොහෝ විට අවසන් වන්නේ විවාහය ඉරිතලා යෑමෙනි. එසේත් නැතිනම් මිනීමරා ගැනීමෙනි.

අනියම් සබඳතා ඇතිවීමට බලපානු ලබන ජ්‍යොතිෂ්‍ය පදනමක් ද පවතියි. අවශ්‍යතාවක් ඇති වූ පමණින්ම එය ඉටු නොවන අතර ඒ සඳහා තම කේන්ද්‍රය තුළින් සපයනු ලබන තල්ලූවක් ද අවශ්‍ය වෙයි. අනියම් සබඳතා පිළිබඳ කතා කිරීමට පෙර විවාහය යන්න ජ්‍යොතිෂ්‍යය තුළ විග‍්‍රහ කර ගැනීමට උත්සහ කරමු.

විවාහය යනු කුමක්ද?

‘‘එක් සූර්ය වර්ෂයක් ස්ත‍්‍රියක් හෝ පිරිමියෙක් එකිනෙකා කෙරෙහි පමණක් සිතමින් පවත්වාගෙන යනු ලබන සබඳතාව ” විවාහයක් ලෙස විග‍්‍රහ වෙයි.

මෙය උදෙසා කායික සබඳතා යන්න අත්‍යවශ්‍ය සාධකයක් නොවන අතර විරුද්ධ ලිංගිකයන් කෙරෙහි සිත් පහළ නොකර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.

විවාහය යනු මානසික බැඳීමක් බව මෙයින් ද පැහැදිලි වෙයි. විවාහය නීතිය ඉදිරියේ සිදුවුව ද ඊට සූර්යයා නොහොත් රවි සම්බන්ධ වෙයි. එයට හේතු වනුයේ ග‍්‍රහ මණ්ඩලයේ නීතිය නිවේදනය කරනු ලබන්නේ රවිගෙන් වීමයි. ඒ අනුව රවි ‘‘සාක්ෂි ගෝපාල්’’ ලෙස හඳුන්වයි. විවාහයට සිදුකරන වංචා රවිට හොරා සිදුකළ නොහැකි වෙයි. මක් නිසාද සෑම විවාහයකම සාක්ෂිකාරයා බවට රවි පත් වීමය.

විවාහයට බාහිරින් ඇති කර ගනු ලබන සෑම අනියම් සබඳතාවකටම රවි විසින් දඬුවම් ලාබදීමට ඉදිරිපත් වෙයි. සෑම අනියම් සබඳතාවක් තුළම විනාශයක් පවතින්නේ එබැවිනි. කේන්ද්‍ර සටහනක දොළොස් වැන්නේ ආරූඪය ‘‘උපපදය’’ ලෙස හඳුන්වනු ලබයි. උපපදය මඟින් තමාගේ විවාහ සහකරු හෝ සහකාරිය නිවේදනය වෙයි. උපපදයේ පිහිටීම උපපදයට ග‍්‍රහයන්ගෙන් ලැබෙන දෘෂ්ටි මත විවාහය තීරණය වෙයි.

විවාහයක ලිංගික පදනම පිළිබඳ පමණක් සලකා බලයි නම් හත්වැන්නෙන් විග‍්‍රහ කරලිය හැකි වුවත් සම්පූර්ණ විවාහ ජීවිතය පිළිබඳ අවබෝධයක් ගැනීමට දාර පදය, සත්වැන්න සිකුරු හා උපපදය හේතුවෙයි.

විවාහයක් සාර්ථකව පවත්වාගෙන යෑමට කේන්ද්‍ර සටහනේ උපපදයෙන් දෙවැන්න ශක්තිමත්ව පැවැතිය යුතුය. උපපදයෙන් දෙවැන්න මඟින් විවාහයට අවශ්‍ය පෝෂණය සපයනු ලබයි. එමඟින් විවාහය සාර්ථකව පවත්වාගෙන යෑමට තම සැමියාගෙන් හෝ බිරිඳගෙන් තමාට ලැබිය යුතු දෙය අවබෝධ කර ගත හැකිවෙයි.

උදාහරණයක් ලෙස ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ කේන්ද්‍ර සටහන ගෙන බලමු.

කටක ලග්නයෙන් උපන් ඔහුගේ උපපදය දෙවැන්නේ තැන්පත්ය. උපපදයෙන් දෙවැන්න වන ක්‍යාවේ කුජ හා ශුක‍්‍ර තැන්පත්ව ඇත. මෙය අති ධාවනකාරී කාම යෝගයකි. විවාහය සාර්ථක වීමට නම් ඔහුගේ විවාහය තුළ ප‍්‍රබල කාම භෝගී සබඳතාවක් පැවැතිය යුතුය. එය බිඳ වැටේ නම් ජන්මියා බාහිර සබඳතා හරහා එය ඉටු කර ගැනීමට නිරායාසයෙන් තල්ලූ වෙයි.

විවාහයක් බිඳ වැටීම උදෙසා බලපානු ලබන අනියම් සබඳතා උදෙසා කේන්ද්‍රයකින් සපයන දායකත්වය අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

විවාහය බිඳ වැටීම මෛථුන්‍යයට අයත් රාශිය ලෙස හඳුන්වන්නේ මිථුන රාශියයි. කේන්ද්‍ර සටහනේ සිකුරු දෙවැන්නේ සිටියදී මිථුන රාශියේ සිටින කුජගේ දෘෂ්ටියට ලක්වීම අසම්මත සබඳතා සඳහා යොමු කරන ප‍්‍රබල පිහිටීමකි. නවාංශකයේ සඳුට ත‍්‍රිකෝණගතව බුධ පිහිටි විට විවාහයෙන් පරිබාහිරව මනස අයාලේ යෑම සිදුවෙයි. ගුරුගේ සබඳතාවක් ඇත්නම් එය ප‍්‍රබල වෙයි.

කේන්ද්‍රයේ සත් වැන්නේ රාහු උච්ච වීම හරහා තම චරිතය කිළිටි කර ගනිමින් බොහෝ සබඳතා ගොඩනඟා ගනියි. සිකුරු යම් කිසි කේන්ද්‍රයක දෙවැන්නේ සිටී නම් බොහෝ විට පවුල බිඳවැටෙයි. මේ සඳහා හේතුවනුයේ තම අයහපත් ආශාවන්ය. බුධ හත්වැන්නට කුමන හෝ සම්බන්ධයක් වේ නම් විරුද්ධ ලිංගික හැඟීම් මත තම විවාහය අසාර්ථක කර ගනු ලබයි.

විවාහයක් තුළ අනියම් පුරුෂයන් සොයා යන කාන්තාවන්ගේ කේන්ද්‍ර තුළ විශේෂ ග‍්‍රහ පිහිටීම් පවතියි. කේන්ද්‍ර සටහනේ රවි හතේ නම් ඇය කාම ධේනුවක් ලෙස සඳහන් වෙයි. ළාබාල තරුණයන් සොයා යයි. කුජ හතේ නම් විවාහයට පෙර සිටම ලිංගික සබඳතා ඇති අතර විවාහයෙන් පසුද එම සබඳතා පවත්වාගෙන යයි. ශනි හතේ නම් ස්වාමියාගේ ලිංගික ශක්තිය අහිමි බැවින් අනියම්ව ලිංගික සතුට ලබා ගනියි. සඳු කුජ එක්ව හත් වැන්නේ සිටී නම් බාල අවධියේ සිට කාමයට තදින් ඇලී සිටියි. විවාහය අසාර්ථක වෙයි.

මේ සියලූ පිහිටීම් හරහා සැමියා හෝ බිරිඳ අනියම් සබඳතාවක පැටලීම හරහා තම පවුල් බිඳ වැටෙයි. මේ හේතුවෙන් ලෝකයේ බොහෝ ජනප‍්‍රිය ව්‍යාපාරිකයන් හා දේශපාලන චරිත පවා විනාශයට පත්විය. රවිගේ ‘‘සාක්ෂි ගෝපාල්’’ යන කාර්යය හේතුවෙන් මෙම විනාශය බොහෝ විට ක‍්‍රියාත්මක වෙයි.

ලාංකේය සමාජය තුළ දී මෙම සබඳතා ගොඩනැඟීමෙන් පසු එම ජන්මියාට විනාශය ළඟාවීමට පිසාච බාධක යෝග තත්ත්වයක් ද බලපානු ලබයි. එයට හේතුවනුයේ ඈත අතීතයේ සිට ලාංකිකයා ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව පතිවෘත්තාව රැුක ගන්නා අතර එය බිඳ දැමීම හරහා තම මුතුන්මිත්තන්ගේ මළගිය ආත්මවල සාපයට මැදිවෙයි. එය වෛරී සාපයක් වන අතර එම ආත්ම හරහා තම ආර්ථිකය විනාශ කිරීම මෙන්ම ගැටලූ ඇති කරනු ලබයි.

කාම ධේනුවන් වන යෝග ස්ත‍්‍රී කේන්ද්‍රයක් තුළ නීච සඳු, රාහු සමඟ සබඳතා පවත්වයි නම් ඇය අභිසරු ලියක් බවට පත්වන අතර තම සැමියාට හොරෙන් තම ශරීරය විකුණා මුදල් උපයා ගනියි. එසේම කන්‍යා ලග්නය වී හත් වැන්නේ කුජ සිකුරු පිහිටීම මත ලිංගික සබඳතා උපයෝගී කර ගනිමින් ඉහළ තානාන්තර ලබයි. උසස් අයගේ ඇසුර තුළින් පුද්ගල රහස් එකිනෙකාට ලබා දීමද මොවුන් සිදුකරයි. හමුදා බුද්ධි අංශ මෙවැනි චරිත තොරතුරු ලබා ගැනීම සඳහා බහුල වශයෙන් යොදා ගනු ලබයි. කටක ලග්නය වී කුජ ශුක‍්‍ර හත්වැන්නේ සිටීම හරහා කිසිදින රූපය වෙනස් නොවන සුරූපී අභිසරු ලියක් ලෙස කටයුතු කරන්නියක බවට පත්වෙයි.

අනියම් සබඳතා යනු වින්දනීය විනාශයකි. විනාශය මිස ඉන් ලැබෙන වෙනත් දෙයක් නැත. ගණිකාවකට නම් එය මුදල් උපයන මාර්ගයක් වනු ඇත. එහෙත් එය වුවත් බොහෝ කෙටිකාලීන ආදායම් මාර්ගයක් පමණක් වනු ඇත.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close