බාධක ග‍්‍රහයා ජය ගැනීම යනු ජීවිතය ජය ගැනීමේ මාර්ගයට පිවිසීමයි.
මම පාරේ අයිනට වෙලා ගියේ, බ්රේක් නැති ත‍්‍රීවිල් එකක් ඇවිත් මාව හැප්පුවා. දැන් ඇවිද ගන්න බැහැ’
‘පුතා හොඳට හිටියා. එක පාරම ඔළුවේ කැක්කුමයි කිව්වා. දැන් සිහියක් නෑ. දොස්තරලා තවම ලෙඬේ සොයා ගත්තේ නෑ’
‘අවුරුදු ගාණක් යාළුවෙලා ඉඳලා අපි කසාද බැන්දා. අපි සතුටින් හිටියේ සතියයි. අපි දැන් වෙන්වෙලා’
මේ අපේ සමාජය තුළ අසන්නට ලැබෙන පොදු විඳවීම් කිහිපයකි.
මෙලෙස සිදුවන්නේ ඇයිද යන කරුණ පිළිබඳ අප සමාජයෙන් විමසූ විට ලැබෙන සරල උත්තරය ඔවුන්ගේ කර්මය නිසාය යන්නය.
එහි සත්‍යතාවක් නැතුවාම නොවේ.
වෛදික ජ්‍යොතිෂ්‍යයට අනුව අප මේ ආත්මයේ ගතකරන සෑම මොහොතක්ම නිර්මාණය වනුයේ, අපගේ පෙර ආත්මයන්හි ක‍්‍රියාකලාපයන් මතය.
මෙම කර්මයන් නිෂ් කර්මයන් ලෙස හැඳින්වෙයි.
මෙම කර්මයන් මත අපේ ජීවිතයේ ක‍්‍රියාකාරිත්වය නිර්මාණය වෙයි. නිෂ් කර්ම ප‍්‍රධාන කොටස් දෙකක් යටතේ අපේ ජීවිතයට දඬුවම් ගෙනෙනු ලබයි. ඉන් ප‍්‍රධානම ගැටලූව වනුයේ,
1. හඳුනාගත නොහැකි රෝගී තත්ත්වයන් හරහා අපේ ශරීරය පීඩාවට පත් කිරීමයි.
2. ගැටලූව හෝ ඇතිවන දිශාව අවබෝධ කරගත හැකි මනස ආශ‍්‍රිතව ඇතිවන ගැටලූ.
මෙම තත්ත්වයන් දෙක ක‍්‍රියාත්මක කරවීම උදෙසා ජන්මින්ගේ අශුභකාල සීමාවන් හේතුවෙයි.
එහිදී එම කාලසීමාවන්හිදී ජන්මියෙකුගේ කර්මය උදෙසා දඬුවම් ක‍්‍රියාත්මකවීමට දොළොස් විධ බාධක ක‍්‍රියාත්මක වන බව ‘හරිහරයන්ගේ ප‍්‍රශ්න මාර්ගයේ’ සඳහන් වෙයි.
බාධක ග‍්‍රහයාගේ බලපෑමෙන් මිදීමේ ක‍්‍රමවේදද වෛදික ජ්‍යොතිෂ්‍යය තුළ දක්වා ඇති අතර, එහිදී මූලික වශයෙන් කර්මයෙන් මිදීමේ ක‍්‍රම තුනක් පිළිබඳ සඳහන් වෙයි.
එහි පළමුවැන්න වනුයේ කර්මය පිළිබඳ දැනුවත් භාවයයි.
එනම් පෙර ආත්මයේදී කළ දෙය හා මේ ආත්මයේදී තමා විඳවන දෙය තේරුම් ගැනීමයි.
දෙවැන්න වනුයේ කැපවීමයි.
යම් ජ්‍යොතිෂමය ක‍්‍රමවේදයක් මත කැපවෙමින් ‘මම කර්මය වෙනස් කර ගනිමිය’ යනුවෙන් ක‍්‍රියාත්මක වීමයි.
තුන්වැන්න වනුයේ භක්තියයි.
මේ තුන එක්තැන්වූ කල තම පූර්ව කර්මය මෙන්ම බාධක ග‍්‍රහයාද පාලනය කළ හැකිවෙයි.
බාධක ග‍්‍රහයා ජය ගැනීම යනු ජීවිතය ජය ගැනීමේ මාර්ගයට පිවිසීමයි.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74