තරු වළල්ල

භද්‍ර යෝගයෙන් විප්ලවවාදියකු වූ චේ

දේශපාලනය පිළිබද වචනයක් හෝ නොදත් ලොව ලක්‍ෂ සංඛ්‍යාත තරුණ හදවත් තුළ තැන්පත් වූ ආදරණීය රුවක් ඇත.

ඒ තරුවක් සහිත බෙරට් තොප්පියක් දැමූ අවුල් වී ගිය තරමක් වැවුණු හිසකෙස් සහිත මිනිසෙකි. අදින් අඩ සියවසකට පමණ පෙර ජීවත් වූ මිනිසකු පරිගණක යුගයේ තරුණයන්ගේ සිත් තුළට පිවිසියේ කෙලෙසද?

පැරැණි යුගයට අයත් යැයි පවසා තම මව පියාවත් ගණන් නොගන්නා දරුවන් සිටින පරිසරයක් තුළ මේ මිනිසා ලොව දිනෙන් දින තාරුණ්‍යයට පා තබන තරුණ සිත් ග‍්‍රහණය කර ගැනීමට සමත්ය. ඇත්තෙන්ම ඔහු කවුරුන්ද?

අර්නස්ටෝ චේ ගුවේරා යනු ඔහුයි. ‘‘නොනවතින විප්ලවයේ රතු තරුව’’ ලෙසින් ලෝක සමාජවාදී කදවුරේ සිත් වස`ගයට ගත් මේ මිනිසා තම ජීවිතයම විප්ලවීය
සමාජවාදය වෙනුවෙන් කැප කළේය. අප අද සමාජවාදය ලෙසින් දකින පුහු සටන් පාඨ වෙනුවට සන්නද්ධ අරගලය තම ජීවිතය කරගත් චේ ගුවේරාව එම ත්ත්වයට රැගෙන ආ විශ්වීය බලය අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

සතරවැන්න නැතහොත් මොක්ෂ ත‍්‍රිකෝණයේ ප‍්‍රධානම භාවය මුල් කරගනිමින් ක‍්‍රියාත්මක වන පංච මහා පුරුෂ යෝග යක් වන භද්‍ර යෝගය විසින් හැදෑරීම් ඔස්සේ පීඩිත ජනතාවට විමුක්තිය නැහොත් මිදීම ළගා කර දීමට චේ ගුවේරාව විශ්වය විසින් මෙහෙයවනු ලබයි. මෝක්ෂ ත‍්‍රිකෝණය විසින් තම ජීවිතයට විමුක්තිය ලබා දීමට ජන්මියාව පොලඹවනු ලැබීම සාමාන්‍ය සිද්ධාන්තය වුවත් බුධ චේගේ බාධක ග‍්‍රහයා වීම හරහා තම නිවස තුළ ජීවත්වීමට ඔහුට අවස්ථාව ලබා නොදෙයි. එය ක‍්‍රියාත්මක වන අතරම බුධ විසින් ඇති කරන පුරුෂ යෝගය විසින් දුප්පත් ජනතාවට විමුක්තිය ලබාදීමට ඔහුව මෙහෙයවනු ලබයි.

1928 ජුනි 14 වනදා ආර්ජන්ටිනාවේ රොසයිරෝ නගරයේ උපත ලබන චේ ගුවේරා 1948 දී විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලබන අතර ඔහු එවිට සිකුරු මහ දශාවේ බුධ අතුරු දශාව ගත කරමින් සිටියේ ය. එහිදී ද බුධ විසින් තම අනාගත අරමුණ වෙනුවෙන් නව හැදෑරීම් උදෙසා ජන්මියාව මෙහෙයවනු ලබයි.

චේ ප‍්‍රථමවරට ජනප‍්‍රිය චරිතයක් බවට පත්වන්නේ ලතින් ඇමෙරිකාව වටා කිලෝ මීටර් 4,500ක් මෝටර් සයිකලයකින් ගමන් කළ චාරිකාවත් සමගය. ඔහුගේ මෙම චාරිකාව තුළින් ලතින් ඇමෙරිකාවේ බොහෝ ගැටලූ දැන ගැනීමට ඔහුට හැකි වෙයි. ඔහුගේ ජීවිතයේ පරිවර්තනය සිදුවන්නේ මෙම චාරිකාවත් සමගය.

1953 දී ගෝතමාලාවට පැමිණෙන චේ එහි යුනයිටඞ් ෆුට් සමාගම තුළ සේවය අරඹයි. එය සිදුවන්නේත් රවි මහ දශාවේ බුධ අතුරු දශාවක දී වීම විශේෂයකි. එසේ බලන කල නොනවතින සමාජවාදයක් නැතහොත් විශ්වීය නැගිටීමක් උදෙසා චේ තුළ ඇති කරනු ලබන පරිවර්තනය උදෙසා යළිත් වරක් භද්‍ර යෝගයම ක‍්‍රියාත්මක වෙයි.

ගෝතමාලාවේ එවකට ක‍්‍රියාත්මක වන විමුක්ති ව්‍යාපාරය උදෙසා අවශ්‍ය බෙහෙත් ප‍්‍රවාහනය උදෙසා යුනයිටඞ් ෆුට් සමාගමට අයත් භාණ්ඩ උපයෝගී කරගනු ලබයි. කෙසේ හෝ බුධ විසින් යළිත් වරක් චේ ගුවේරාව මෙක්සිකෝවට ගෙන යනු ලබයි.

එහි රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරන ඔහු ආචාර්යවරයකු ලෙස ද කටයුතු කරනු ලබයි. ඔහුගේ පළමු විවාහය සිදුවන්නේ ද මේ කාලයේ දීය.

පළමු බිරිද වූ හිල්ඩා සමග ඔහුගේ විවාහ දිවිය පවතින්නේ වසර හතරකි. හිල්ඩා චේට වඩා වැඩිමහල් කාන්තාවක වූ අතර විවාහයට මරණය ගෙන දෙන උප පදයේ දෙවැන්න තුළද බුධ තැන්පත්ව සිටීමෙන් එම විවාහය නිමාවට පත් කරවයි.

1959 සිට චේ ගුවේරා දෙවන වරටත් විවාහ වන අතර දෙවන විවාහය පෙන්වන දෙවන උප පදයේ දහවැන්නේ තැන්පත්ව ඇත. එහිදී දෙවන විවාහයට බාධා ඇති නොවන අතර බුධගේ දෘෂ්ටියට පමණක් ලක්වෙයි. ඒ හරහා සිදුවනුයේ දෙදෙනා අතර සිදුවන දුරස්ථ භාවයයි. ගරිල්ලා භටයෙක් ලෙස ඔවුන් දෙදෙනා අතර විවාහ සබදතාවක් පැවැත්විය නොහැකිය.

එය සත්‍යයකි. පනහ දශකයේ මැද භාගයේදී කියුබානු සමාජවාදී ව්‍යාපාරයට දායක වන ඔහු කැස්ත්‍රෝ සමග ගරිල්ලා ව්‍යාපාරයට නව අර්ථ කථනයක් ගෙන ආවේය. සාම්ප‍්‍රදායික හමුදාවන් හි ආවරණ මෙහෙයුම් බිද දැමීම උදෙසා බුද්ධිය මෙහෙයවීම, රැුක සිට පහරදීම, සාර්ථක සැලසුම් සකස් කිරීමට චේ අතිදක්ෂයකු විය.

චේ බොහෝ අවස්ථාවල කුඩා ගරිල්ලා කණ්ඩායමකින් වුවද විශාල සන්නද්ධ හමුදාවක් හෝ බලකොටුවක් විනාශ කළ හැකි බව කියුබානු විප්ලවයේදී
ප‍්‍රදර්ශනය කළේය. මෙයට හේතු වූයේ ඔහුගේ කේන්ද්‍රය තුළ පැවැති ධර්ම කර්මාධිපති යෝගයයි. ඒ හරහා තම අරමුණ හෝ විශේෂ ඉලක්කයන් වේගවත්ව ජය ගැනීම උදෙසා විශ්වීය ඥානය හා බලය සපයනු ලබයි.

කියුබානු විප්ලවයේදී ෆිදෙල් කැස්ත්‍රෝගේ ප‍්‍රධාන සගයකු බවට චේ පත්වන්නේ ඒ හේතුවෙනි. කියුබානු විප්ලවය ජයග‍්‍රහණය කළද ෆිදෙල්ගේ රජයේ අමාත්‍යවරයකු ලෙස දිගින් දිගටම රැදෙමින් ගරු සම්මාන ලබන්නට ඔහු අකමැති වෙයි. එයට හේතු වන්නේ යළිත් වරක් බුධ බාධකයා ලෙස චේව නිවසින් එළවා දැමීමේ න්‍යායකි. විශ්වීය සමාජවාදයක් බිහි නොකළහොත් ප‍්‍රතිවිප්ලවය වැළැක්විය නොහැකි බව චේ දැන සිටියේ ය.

ඔහු චීනය, කොංගෝව තුළ ඇති වූ සමාජවාදී විප්ලව උදෙසා තම දායකත්වය ලබා දුන්නේය. අවසානයේ බොලීවියාවේ විප්ලවය වෙනුවෙන් ජාතික විමුක්ති හමුදාවට තම විප්ලවීය ඥානය බෙදාදීමට ඉදිරිපත් වෙයි. මෙහි අවසානයේදී සිදුවන්නේ කුජ මහා දශාවේ රාහු අතුරු දශාව තුළදී සීඅයිඒ ඔත්තුකාරියකගේ
දැලට හසුවන චේ බොලීවියානු හමුදාව අතින් මරණයට පත්වීමයි. එහෙත් චේ මියගොස් පනස් වසරක් ඉක්ම යද්දීත් ඔහුගේ කේන්ද්‍රය තුළ වූ භද්‍ර යෝගය මෙන්ම
දුරදර යෝගය හරහා ලොව ජනප‍්‍රියම පුද්ගලයා බවට ඔහුව පත් කර ඇත. තරුණ ජවය සැමවිටම නිරූපණය වන සංකේතය බවට චේ පත්වී අවසන්ය.

රජවරුන්ගෙ න් පවා ගරු සැලකිලි ලබන්නට තරම් ඔහුගේ කේන්ද්‍රය වූ පුරුෂ යෝගය ප‍්‍රබල විය.

අවුරුදු තිස් නවයක් ජීවත් වූ චේ ගුවේරා වීරයකු බවට පත් කරන ලද්දේ ගජ කේෂරී යෝගය හරහා ය.

විශ්වීය සමාජවාදී බල කදවුරක් අපේක්ෂා කළ චේ සමාජවාදයේ සංකල්ප රූපය බවට තමා පත් වේ යැයි කිසි දිනක නොසිතන්නට ඇත. එහෙත් විශ්වයේ අවශ්‍යතාව කැටි කළ භද්‍ර යෝගය විසින් චේ ගුවේරා නම් මිනිසාව අවශ්‍ය තැනට රැගෙන ආවේය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close