තරු වළල්ල

දරුවන්ට හරිමඟ කියාදීම දෙමාපියන් සතු කාර්යයකි.

අධ්‍යාපනයේ අත්පොත් තබද්දීම දරුවාට අනාගතයේ හිමිවන රුකියාව වෘර්ථිය නිසිලෙස හදුනා ගන්නේ නම් දරුවාගේ අධ්‍යාපනයේ දිශානතිය නිසි ලෙස පාලනය කරන්නට දෙමාපියන්ට හැකිවනු ඇත.

ඒ හරහාම දරුවන් රජුන් කිරිම සිහිනයක් නොවනු ඇත .

වැරදි ඉලක්කයන් පසුපස හබා ගොස් බිදවැටෙන තරුණ ජිවිත වලට හේතුවද මෙයයි. තමන්ට උරුම රුකියාව වෘර්ථිය නිසි ලෙස හදුනා ගන්නේ නම් දිගු කාලයක් තුළ ප‍්‍රතිඵල නොලබන හැකියාවන් ජිවිතයට පුරවා නොගෙන සිටින්නට අවස්ථාව උදාවෙයි. වත්මන් සමාජය තුළ දරුවන්ගේ ජිව දත්ත පත‍්‍රයේ පාඨමාලාවන් අසීමිතව පැවතියත් එම හැකියාවන් මුදල් කරන්නට ලැබෙන අවස්ථාවන් ඉතා අල්පය.

එසේනම් දරුවාගේ අනාගත ඉලක්කය හදුනා ගැනීම දෙමාපියන් සතු ප‍්‍රධානම යුතුකමකි. එ උදෙසා

1. උත්පත්ති කේන්දරයේ වක‍්‍ර ග‍්‍රහයන් හරහා පෙර ආත්මයේදී ඉටුකරගත නොහැකිවු හා මේ ආත්මයේදි කෙසේ හෝ ඉටුකර ගැනීමේ අදහසින් පැමිණි කාර්යයන් හදුනා ගත හැකි වෙයි. ඒ කාර්යයට දරුවා යොමු කිරිමෙන් සර්ථකත්වයට පත්විය හැකිය.

( උදා ගුරු වක‍්‍ර නම් දැණුම අලෙවි කිරිමට අවස්ථාව උදාවෙයි )

2. පෙර ආත්මයන් වලදී කරන ලද රුකියාව අවබෝධ කර ගැනීම හා මේ ආත්මයේදීත් එයම තෝරා ගැනීම තුළින් වේගවත්ව ජයගැනීම හා දියුණුව වෙත ලගාවීමට විශ්වයේ සහය ලැබිමේ අවස්ථාව උදාවෙයි.

( උදා පෙර ආත්මයෙදි ගුරුවරයෙකුනම් මේ ආත්මයේදි ගුරු වෘර්තිය තෝරා ගැනීමෙන් විදුහල්පතිවරයෙකු හෝ එයින් එහා ගිය අධ්‍යාපන පරිපාලන නිළදාරියෙකු විමේ අවස්ථා ඉතා පහසුවෙන් හිමිවෙයි )

3. දරුවා තුළ සැගවුන ආත්මීය ශක්තීන් හදුනා ගැනීම හා එවා මුවහත් කිරිම උදෙසා දරුවාට නිසි මග පෙන්වීම.

( උදා ආධ්‍යාත්මික / ඥාණ / විශේෂිත ශක්තීන් )

4. කේන්දරයේ ඇති ඉබේ ඵලදෙන හා උත්සහයෙන් පමණක් ක‍්‍රීයාත්මක කලයුතු රාජයෝග හදුනාගෙන දරුවාගේ රාජයෝග ක‍්‍රියාත්මක කරවීමේ වැඩපිලිවෙලකට හුරුකරවීම .

( උදා කේන්දරයේ 12 වන භාවයේ රාජයෝග පවතීනම් එයින් නිසි ඵල ලබන්නට භාෂා කිහිපයක් ඉගෙන ගැනීම අනිවාර්ය වෙයි )

5. රුකියාව හැකියාවන් හා ආදායම ඉලක්ක වු පෙර භවයේ සාපයන්ට නිසි පිලියම් යෙදවීම.

( උදා මිථුන ලග්නය වන ජන්මියෙකුට පුර්ව ආත්මියව උගත් පුද්ගලයෙකුගෙන් ඇතිවන සාපයක් පැවතියහොත් තමා උගත් දෙයට ගැලපෙන රුකියාවක් සොයා ගත නොහැකි වෙයි)

ඉහත ක‍්‍රමවේද ඔස්සේ තම දරුවාව නිසි ක‍්‍රමවේදයක් තුළට ගොනු කරන්නේ නම් දරුවා අධ්‍යාපනයෙන් සමු ගන්නා යොහොත තුළදීම ලෝකය දිනුවෙකු ලෙසින් සමාජ ගත වනු ඇත .එය දරුවාගේ පමණක් නොව දෙමාපියන්ගේද ජයග‍්‍රහණයකි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x