තරු වළල්ල

දරුවන් රජුන් කිරීමේ මවුපිය සිහිනයට බාධා ඇයි?

දරුවකු ඉපදීමත් සම`ගම මවුපියන් ඒ දරුවා මතින් ඉටුකර ගැනීමට දහසක් වූ බලාපොරොත්තු පොදි බඳිති. එහෙත් බොහෝ විට මවුපියන්ගේ සිහින ඉටුවන්නේ බොහෝ කලාතුරකිනි.

එයට හේතුවන්නේ කුමක්ද? මවුපිය අපේක්ෂාවන් කුමක් වුව ද දරුවකු යා යුතු මාර්ගය තීරණය වන්නේ එම ජන්මහිමියාගේ කර්ම ශක්තිය මතය.

මෙහිදී මවුපියන් කොපමණ මහන්සි වුවද මුදල් වැය කළ ද මවුපිය අභිමතාර්ථයන් ඉටුවන්නේ නැත. මේ හේතුවෙන් ඉටු නොවන ඉලක්කයන් පසුපස දරුවකු රැගෙන යමින් මවුපිය බලාපොරොත්තු මෙන්ම දරුවාගේ බලාපොරොත්තු බිඳ ගන්නවාට වඩා දරුවාට වඩා සුදුසු වන්නේ කුමක්ද? යන්න අවබෝධයෙන් දරුවාව මෙහෙයවීම වඩා යහපත්ය.

සෑම මනුෂයකුගේම ඉරණම ඉතා පැහැදිලි ලෙසම කේන්ද්‍රයක් තුළ සටහන්ව ඇති බැවින් මෙය අවබෝධ කරගැනීම එතරම් අපහසු කාර්යයක් නොවෙයි.

ජන්ම පත‍්‍රයක අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී සම්බන්ධ වන ප‍්‍රධාන ස්ථාන නැතහොත් භාවයන් කිහිපයක් පවතියි. හතරවැන්න තුළින් අධ්‍යාපනය නිවේදනය වෙයි. පස්වැන්න තුළින් දැනුම හා ජන්මියා සතු ඉගෙනීමේ හැකියාව අවබෝධ කරගත හැකිවෙයි. නමවන භාවය තුළින් උසස් අධ්‍යාපනය හා උසස් දැනුම අවබෝධ කරගත හැකිවෙයි. ද්විතියික අධ්‍යාපන මට්ටම් මෙම මට්ටම් ලෙස ගත හැකිය. නමවැන්නෙන් හයවැන්න නැතහොත් කේන්ද්‍ර සටහනේ දෙවැන්න තෘතියික මට්ටම් නැතහොත් විශාරද හෝ ඉන් එහාට ගමන් කළ හැකි අධ්‍යාපන මට්ටම් නිවේදනය වෙයි. මෙම ස්ථානවල ස්වභාවයන් අවබෝධ කර ගැනීම හරහා දරුවකුට ගමන් කළ හැකි අධ්‍යාපනයේ ඉම කොතැනදැයි යන්න අවබෝධ කරගත හැකිවෙයි.

මෙහිදී වඩාත් වැදගත් වන කාරණය වන්නේ ඉහත තත්ත්වයන් කොපමණ යහපත් මට්ටමින් පැවැතියත් දරුවාගේ බුද්ධිමත්භාවය තීරණය කරන පළමු වන භාවය යම් ගැටලූසහගත තත්ත්වයක පවතී නම් එම දරුවාගේ අධ්‍යාපනය සාර්ථක නොවෙයි.

එයට හේතුව වනුයේ එම දරුවා තුළින් තාර්කික අධ්‍යාපන රටාවක් ඇති නොවීමයි. ඉහත සියලූ තත්ත්වයන් යම් යම් ගැටලූසහගත ස්වභාවයන් සහිතව පැවැතියද ලග්නාධිපතිගේ පිහිටීම මත එම දරුවා තුළ කිසිදු හැදෑරීමකින් තොරව එකිනෙක වෙනස් දැනුමෙන් පෝෂණය වෙයි. ඒ එම දරුවාට විශ්වයෙන් ලැබෙන ආශිර්වාදයයි.

කේන්ද්‍රයක දසවැන්නේ තැන්පත් ග‍්‍රහයා මත එක් වනම එම ජන්මියාට වඩා සාර්ථක වෘත්තිය අවබෝධ කරගත හැකිවෙයි.

එහිදී වැදගත් වන්නේ එම වෘත්තියට අදාළව දරුවා අධ්‍යාපන රටාවට පෙලඹ වීමයි. දස වැන්නේ රවි තැන්පත් නම් ඔහු දේශපාලන නැතහොත් අධිකාරි බලය සහිත රජයේ රැුකියාවකට යොමුවෙයි. එහි චන්ද්‍රයා තැන්පත්නම් ආහාර නිෂ්පාදනය හා දරුවන් සම්බන්ධ නිෂ්පාදනවල යෙදෙයි.

මෙහිදී ආදරය කරුණාව සම්බන්ධ වඩා සාර්ථක නිෂ්පාදනවල යෙදෙයි. දහවැන්නේ කුජ නම් ඔහු හමුදා අංශ තාක්ෂණික අංශයෙන් මෙන්ම පරිගණක ක්ෂේත‍්‍රයට යොමු වෙයි. ශල්‍ය වෛද්‍යවරුද මේ හරහා බිහිවෙයි.

බුධ දසවැන්නේ නම් ඔහු අධ්‍යාපන අංශ හා ඉගැන්වීම් මෙන්ම නිරන්තර හැදෑරීම්වල යෙදෙනවා මෙන්ම රැුකියාවල ද යෙදෙයි. දසවැන්නේ ගුරු නම් ඔහු උපදේශාත්මක තනතුරුවල යෙදෙන අතර මිනිසුන්ව යහමග ගැනීම වෙනුවෙන් වෙහෙසෙයි. නීතිවේදීන් මේ ගණයට වැටෙයි.

දසවැන්නේ ශුක‍්‍ර නම් ඔහු කලාකාමී හා නිර්මාණශීලී අදහස් සහිත යම් මාධ්‍ය ක්ෂේත‍්‍රයන්ට යොමුවෙයි.

ශනි දසවැන්නේ නම් ඔහු කම්කරු ක්ෂේත‍්‍රයන් තුළ හෝ ගොවිතැනේ යෙදෙයි.

රාහු දසවැන්නේ නම් ඔහු කෘෂිරසායන, මත්වතුර අලෙවි කිරීම් හෝ විදේශ රැකියාවන්වල යෙදෙයි.

කේතු දසවැන්නේ නම් ඔහු ඉතා සූක්ෂ්ම ලෙස බුද්ධි අංශයන්හි සේවය කරනු ලබයි. ශල්‍ය වෛද්‍යවරු බිහිවන්නේ මේ හරහාය.

මෙලෙස බලන කල ඉහත තත්ත්වය අවබෝධ කරගැනීම හරහා එම දරුවාව මෙහෙය විය යුත්තේ එම අංශයදියුණු කර ගැනීම උදෙසාය.

කම්කරුවකු ලෙස කටයුතු කරන්නකු හට වෛද්‍යවරයකු කරවීමට අධික පීඩනයක් පැටවීමෙන් සිදුවන්නේ එම දරුවා මංමුළාවීමයි. ඒ හරහා එම දරුවා තුළ කම්කරුවා යන හැගීමද විසඳෙයි. කම්කරුවකු වන්නට ඉතා සාර්ථකව වෘත්තිය අධ්‍යාපනයක් ලබා දී එම දරුවා ඉදිරියට ගෙනෙයි නම් තමාගේම ව්‍යාපාරයක් තුළ තමා සේවය කරයි. නැතහොත් ලොව සාර්ථකම ඇඳුම් මසන්නා ආදී ලෙසින් ජනපි‍්‍රයත්වයට පත්වෙයි. ලොව හොඳම කම්කරුවන් බිහි නොවන්නේ මේ
බිඳවැටීම නිසාය.

වෛදික ජ්‍යොතිෂ්‍යයට අනුව අධ්‍යාපනයේ ඉලක්කයන් නිශ්චිතව ප‍්‍රකාශ කළ හැකි ක‍්‍රමවේදයක් වෙයි. එය ජන්ම කේන්ද්‍රය කොටස් විසි හතරකට සූක්ෂ්ම කිරීම හරහා ගොඩන`ගනු ලබන සිද්ධාංශ චක‍්‍රය ලෙස හඳුන්වයි. පෙර සඳහන් කළ පළමුවැන්න, හතරවැන්න, නමවැන්න හා දෙවැන්න මෙම චක‍්‍රය තුළින් විග‍්‍රහ කිරීම හරහා දරුවාගේ අධ්‍යාපනය කොතරම් ඉමකට ගමන් කරයිද යන්න ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරගත හැකිවේ.

සිද්ධාංශ චක‍්‍රයේ හෝ ජන්ම ලග්නයේ හතර වැන්නාධිපති යම් ස්ථානයක ශක්තිමත්ව තැන්පත්ව සිටී නම් ඔහුට ඉගෙනීම පිහිටනු ලබයි. එහෙත් යම් හෙයකින් ඉගෙනීමේ හැකියාවට අදාළ පස්වැන්නාධිපති යම් නීච හෝ පාප දෘෂ්ටි සහිත නම් අධ්‍යාපනය පවත්වාගෙන යාමට බාධා ඇති වන අතර සාමාන්‍ය පෙළ මට්ටමින් නතර වෙයි. එහෙත් පස්වැන්නාධිපතිද සුබ තත්ත්වයන් යටතේ සිටී නම් ඔහු උසස් පෙළට ළගා වෙයි. උසස් පෙළින් ජයගෙන විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට නම් නමවැන්නාධිපති යහපත්ව සිටිය යුතුය. එහෙත් විශ්ව විද්‍යාල උපාධිය හිමිවන්නේ නමවැන්නාට ඇති වන යහපත් දෘෂ්ටි හරහාය.

මෙසේ එම කඩුල්ල පැනගන්නා ශිෂ්‍යයා පශ්චාත් උපාධි හෝ විශාරද මට්ටම් වෙත ගමන් කරනුයේ දෙවැන්නෙන් ඇති වන යහපත් බලපෑම නිසාය.

වෛදික ජ්‍යොතිෂ්‍යයට අනුව ජන්මියා පෙර ආත්මයේදී කළ රැුකියාවම මෙම ආත්මයේදීද යළිත් කරගෙන යනු ලබන බව විශ්වාස කරන බැවින් එය අවබෝධ කොටගෙන ඊට උචිත ලෙස ජන්මියා තම අධ්‍යාපන රටාව සකස් කරගැනීම වඩා යහපත් ක‍්‍රමවේදයයි.

එහිදී පෙර ආත්මයේදී තමා අධ්‍යාපනය නතර කළ තැන සිට ඉදිරියට ගමන් කිරීම සිදුවෙයි. එලෙසම රැුකියාවද පෙර නැවතුණු තැන සිට මේ ආත්මයේදී ඉදිරියට යෑම සිදුවෙයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close