තරු වළල්ල

පලමු රුල්ල දෙවන රුල්ල සහ හෙල බිම

ලංකාවේ කොරෝනා පළමු රැල්ල පැමිණීමත් සමග මාස කිහිපයක් අප නිවෙස් තුළට වී සිටියෙමු. සොබාදහම අපට බොහෝ ආනන්දයක් සැපයූ බව ඔබට මතක ඇති.,

එතෙක් මල් නොපිපුණු ගස්වල මල් පිපුණි., ගෙඩි වලින් ගස් බර විය. වසර ගණනකින් නොදුටු කලාමැදිරියෝ රාත්‍රිය එළඹෙත්ම එහෙ මෙහෙ පියඹා යන අයුරු දැකගත හැකි විය.

පවුල් ප්‍රශ්න මදකට අමතක කර දුවා දරුවන් දෙමාපියන් එකම කැදැල්ලක් තුළ ලෝකයට කඩා පත් වු මහා ව්‍යසනයන් බේරෙන්නට එකට ගුලි වී සිටි බව මතක ඇති…

අලුත් කෑම ජාති හදන්න ද ඉගෙන ගත්තා වගේම අහුවෙන බාල්දි කැබැල්ලේ පවා පලක් ඇති ගසක් සිට වන්නට ඒ කාලය වෙන් වුණි. මාස කිහිපයකට සොබාදහමට ආදරය කරන්නට සොබාදහම රැක ගන්නට කැමති ජාතියක් බිහි විය.

උදාවු ප්‍රභාෂ්වරය අපට ආශීර්වාද කළේය. සොබා දහම අපව නිරෝගී කලෙහිය. දසත හමා යන සුළඟ එහි සැඟ වූ අමෘතය අප මත පතිත කොට අප නිරෝගී කළෙහිය. පරඬැල් පතක් මෙන් වියළී යන්නට ඉඩ නොදී අපව පෝෂණයෙන් පුරවා යළි අවදි කළෙහිය.

අවසන අප පළමු රැල්ල රැල්ලක් වන්නට ඉඩ නොදී නිසල සයුර බවට පත්ව ආනන්දයෙන් අවසානය කරා ගමන් කලෝය.

එදා උගත් සොබා දහමේ අගය අමතක කරලන්නට අපේ මිනිසුන්ට වැඩි දිනක් ගත වූයේ නැත.

ටින් කැබැලි වල සිට වූ ගස් වියළි යන විට ටින් කැබලි සමගින් කුණු වලට විසිකර දැමුවා මිස එය පෝෂණය කරන්නට මිනිසුන්ට සිත් පහළ වූයේ නැත. සොබාදහම රැකුණොත් අප රැකෙයි කියා එදා සිතා කටයුතු කළ මිනිසුන් කැලේ කපා පාරවල් තැනිය යුතු යැයි සිතන්නට තරම් පරිවර්තනයකට ලක් වන්නට ගතවූයේ කෙටි කලකි.

දෙවන රැල්ල හෙළ බිම් මතින් ඇදී යන්නට විය.

සොබාදහම තමන්ට අමතක වූ දෑ මතක් කරනු වෙනුවට අමතක කළ දෑ වෙනුවෙන් දඬුවම් දෙන්නට සූදානම් වන බව කිසිවකු තේරුම් නොගත්තේය.

පොළොව පරිවර්තනය වන්නට මාස කිහිපයක් සියල්ල වසා තැබූ ආකාරයෙන්ම මුහුද වෙනස්වන්නට කාලයක් දිය යුතු බව ස්වභාදහම තීරණය කර ඇත. ඒ සමගම අපට ද පාඩමක් උගන්වා ඇත.

සොබාදහම් වන්දය කියාදුන් ජාතියකට සත්ත්වයන් මත ආධිපත්‍යය පතුරුවා ලිම සාමාන්‍යකරණය වන්නට විය. චීනයට corona හැදෙද්දි ලංකාවේ කොත්තමල්ලි තැම්බූ මිනිසුන් තමන්ගේ රටේ ලෙඩ හැදෙද්දී බාර් ඉදිරියේ හිටගෙන සිටින්නට විය. මස් කඩයේ මාලු කඩයේ තෙරපෙන්නට විය.

මාස්ක් එකක් දාගෙන දුක් විඳිනවට වඩා කොරෝනා හැදී මැරෙන එක සැපයි කියන්නට තරම් මිනිසුන් වෙනස් විය.

මේවර මල් පිපී නැත. ගස් වල ගෙඩි හටගෙන ද නැත. පවුල් තුළ අලුත් කෑම හැදෙන්නේ ද නැත. එදා මෙන් එකට බැඳුණු පවුල් ද දක්නට නැත. එදා යන යන ලොරියෙන් කෑම බීම ගනිමින් රජවරු සේ සිටියායැයි කියු මිනිසුන්ට මෙවර උදාවී ඇත්තේ වෙනස්ම තත්වයකි.

එදා නොවුණු ආකාරයෙන් රෝගීන් නම් දක්නට ඇත.

වැරදුනු බව හැඟෙන විට හැරෙන්නට බැරි තරම් දුර අප පැමිණ අවසන් ය.

සියල්ලෝ වෙනුවෙන් සොබාදහමෙන් යළි යළිත් සමාව ඉල්ලනු මිස ගුරුවරයාට ද කරන්නට දෙයක් ඉතුරුව නැත.

එහෙත් මා ශාන්තිය පතමි….

” ශාන්ති අන්තරීක්ෂ:

ශාන්ති පෘථිවි:

ශාන්තිරාපා: ශාන්තිරෝෂධය:

ශාන්ති වනස්පතය:

ශාන්ති විශ්ව දේව:

ශාන්ති බ්‍රහ්ම ශාන්ති: සර්ව

ශාන්ති: ශාන්තිරේව

ශාන්ති: සා මා ශාන්තිරේධ “

අහස සුව සෙත සදත්වා

පොළව සුව සෙත සදත්වා

ගංගාවෝ සුව සෙත සදත්වා

වනාන්තර සුව සෙත සදත්වා

ගස් වැල් සුව සෙත සදත්වා

දිව්‍යම ආත්ම සුව සෙත සදත්වා

සියලු භෞතික හා ආධ්‍යාත්මික ලෝක වාසීහු සුව සෙත සදත්වා

අවසන අපට සදාකාලික වූ ආනන්දය ම ජනිත වෙත්වා.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close