තරු වළල්ල

සීතල උඳුවප මෙච්චර නපුරු ඇයි

දෙසැම්බර් කියූ සැණින් අප සිතට නැෙඟනුයේ නත්තලයි.

ඒ සීත මහේ නත්තලේ මතකය පරයමින් ලාංකේය සිත් තුළ මතුවන බියකරු මතකයක් ද ඇත. ඒ ලක් පොළොව කළඹා ලූ මහා සුනාමි ව්‍යසනය යි.

සුනාමියත් සමඟම දෙසැම්බරය නැතහොත් වසර අවසානය පිළිබඳ සුන්දර මතකයට වඩා අසුන්දර මතකයක් අපේ සිත් තුළ ජනිත වන්නට විය. එයට බලපෑ තවත් බොහෝ හේතු සාධකයන් ද ඇත.

වසරේ අවසන් කාර්තුව දෙස බලනවිට ලොව පුරා ස්වභාවික විපත් මෙන්ම පුද්ගල මරණ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ යන බව පෙනීයයි.

පවුලේ වයස්ගත වැඩිමහල් පුද්ගලයන් මෙන්ම රටක ජනතාව ආදරය කරන යහපත් උපදේශකයන් ද බොහෝ ප‍්‍රමාණයක් වසරේ අවසන් කාර්තුව වනවිට ජනතාව වෙතින් නික්ම යෑම සිදුවන බව දැකගත හැකි කරුණකි.

අවසන් කාර්තුව තුළ පමණක් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකිද මේ පිළිබඳ වෛදික ජ්‍යොතිෂ්‍යය ඇසුරින් විග‍්‍රහ කිරීමට උත්සහදරමු.

ලෝකයත ජ්‍යොතිෂ්‍යයට අනුව වෘශ්චිකය අට වැනි රාශියයි. ලොව පාලනය කරනු ලබන නැතහොත් ලොව සියල්ල නිර්මාණය වී ඇති පංච
භූතයන්ගෙන් ජල ගණයට වැටෙන රාශියකි.

එසේම මෙය රජස් ගුණයෙන් එනම් නිරතුරුවම ක‍්‍රියාත්මක වීමට බලාපොරොත්තු සහගතව සිටින රාශියකි. රජස් භාවය යනු පාලකයකු තුළ පවතින ස්වභාවයයි.

වෘශ්චික රාශිය පිළිබඳ විග‍්‍රහ කිරීමට හේතු වනුයේ වසර අග සිදුවන විනාශකාරී සිදුවීම් හා වෘශ්චික රාශිය අතර ප‍්‍රබල සබඳතාවක් පැවැතීමයි.

එසේ වනුයේ කෙලෙසද?

සූර්යයා මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා යන ගමනේ දී වසර අවසාන කාලය ගත කරනුයේ වෘශ්චිකය තුළය.

රවි, වෘශ්චිකයට පිවිසීමත් සමඟ සිදුවනුයේ කුමක්ද?

ජලය හා ගින්දර එකට එක්වීමයි. රවි යනු අග්නියයි. එසේම රවි විසින් විශ්වයේ තේජෝ බලය පාලනය කරනු ලබයි. අට වැන්න තුළින් ක්ෂණික සිදුවීම් ඇතිවීම ක‍්‍රියාතමක කරන බැවින් ක්ෂණිකව සිදුවන සිදුවීම් හරහා ජලය හා අග්නිය එකිකෙනා පරයා නැඟී සිටීමට උත්සහ දරනු ලබයි. එය ලොව පුරා සැමටම එක ලෙස භුක්ති විඳීමට සිදුවෙයි.

වෘශ්චික රාශිය තුළින් කඳු හෙල් නියෝජනය වන බැවින් කඳු කඩා වැටීම නාය යෑම් මේ කාලය තුළ ඉහළ යෑම සිදුවෙයි. දෙසැම්බර් කිට්ටු වෙද්දී සුනාමි තත්ත්වයන් ඉහළ යෑමට හේතු වනුයේ ද මේ ජල රාශියේ සිදුවන කැළැඹීමයි. උස් ගොඩනැඟිලි කඩා වැටීම් ද බහුල විය හැකිය. එයට හේතුවනුයේ ද වෘශ්චික රාශිය උස් ගොඩනැඟිලි පාලනය කිරීමයි. මේ හරහා ගිනි ගැනීම්, ගොඩනැඟිලි කඩා වැටීම් බහුලවීම සිදුවෙයි.

සමස්තයක් ලෙස ගත් කළ අටවැනි භාවය තුළින් අත හැරීම හා දුෂ්ට පාපයන් ක‍්‍රියාත්මක වීම නිවේදනය කරනු ලබන බැවින් ස්වාභාවික මරණ වෙනුවට අහඹු හා ශෝකජනක මරණ මෙම කාල සීමාව තුළ ඉහළ යෑම සිදුවෙයි.

සාමාන්‍යයෙන් ගත්කල වසරේ අවසාන කාලය වන විට ජීවිතයේ සැඳෑසමය ගත කරමින් සිටින පිරිස රෝගී බවට පත් වීමත් වැඩි වශයෙන් ජීවිතය හැර යෑමත් දැකගත හැකි වෙයි. මෙයට හේතු වනුයේ අට වැනි භාවය තුළින් ‘‘නිජ දෝෂ’’ ක‍්‍රියාත්මක වීමයි. ‘‘නිජ දෝෂ’’ යනු නමුත් පූර්ව ආත්මයේ දී සිදුකරන ලද අයහපත් කර්ම උදෙසා මේ ආත්මයේ දී දඬුවම් ලැබීමයි.

අප එය දුෂ්ට පාපයන් ක‍්‍රියාත්මක වීම ලෙස ද හඳුන්වනු ලබයි. අටවැනි භාවය තුළින් තම ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය නියෝජනය කරනු ලබයි. එහි අධිපතියා වන කුජගෙන් තම රුධිරය නියෝජනය වීමත් සිදුවෙයි. ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ‘රුධිරය’ අග්නිය හා ජලය එකට එක්වීම හරහා සිදුවන මෙම අවුල් වියවුල් ස්වභාවය තුළ දහවල් කාලයේ දී පුද්ගල ශරීරයන් තුළ රුධිර සංසරණ වේගය ඉහළ යන අතර රාත‍්‍රි කාලයේ දී රුධිර ගණත්වය අඩුවීම සිදුවෙයි. මේ හේතුවෙන් අධි රුධිර පීඩනය මෙන්ම රුධිර පීඩනය අඩුවීම හරහා මරණ ප‍්‍රතිශතය ඉහළ යයි.

තම ශරීරයේ රෝගී තත්ත්වයන් පාලනය කර ගැනීම උදෙසා ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ක‍්‍රියාත්මක නොවීමත් සමඟම තරුණ ශරීරවලට වඩා වේගයෙන් දුබල ශරීර බිඳ වැටීම සිදුවෙයි. වසර අවසන් කාලයේ සිදුවන ස්වාභාවික මරණ ප‍්‍රමාණය ඉහළ යෑමට මෙය හේතු වෙයි.

වෘශ්චික රාශියේ අධිපතියා වන කුජ විසින් රුධිරය අපේක්ෂා කිරීම හා මිනිසුන්ගේ ලේ කෝප කරවීම හරහා රට රටවල අභ්‍යන්තර අවුල් වියවුල් වර්ධනය වීම ද වසර අවසානයත් සමඟම සිදුවන්නකි. ගින්දර අවි ආයුධ මෙන්ම බෝම්බ පිපිරීම් ද ඉහළ යෑමට මෙය හේතුවෙයි. ඒ සියල්ලටම වඩා රාහු වෘශ්චික රාශිගත වීම හරහා සෑම දෙයක් තුළම කැළැචිලිකාරී වේගයක් ඇතිකරනු ලබයි.

දෙසැම්බර් ආසන්නයේ දී සිදුවන වාතයේ ප‍්‍රචණ්ඩකාරී කැළැඹීම්වලට මෙම රාහුගේ සබඳතාවය ප‍්‍රබල ලෙසම හේතුවෙයි.

පෙර ආත්මයේ කළ අයහපත් නිජ කර්මයන් ඵලදීම මෙම කාලයේ දී සිදුවන බව තේරුම් ගැනීමට ඇති හොඳම නිදසුන සුනාමියේ දී විනාශ වූ පැරුලියේ දුම්රියයි. ලංකාවේ සතර දිග් භාගයෙන් පැමිණි ජනයා තම කර්මය ගෙවා දැමීමට මෙන් එකම දුම්රියක නැඟ මරණය සොයා යෑම විශ්ව දහමට පිටින් සිදුවිය නොහැක්කකි. එයත් සිදුවූයේ දෙසැම්බරයක දීය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x